Friday, May 31, 2013

අසිරිමත් දසුන් මවන සුන්දර ගිරි හිසක් ”මේ මලෛ කන්ද”

‘‘අසිරිමත් දසුන් මවන සුන්දර ගිරි හිසක් ”මේ මලෛ කන්ද”


 (සුන්දර මිනිසුන්ට ලස්සන කියන ඌවනමුණුකුළ කඳු පෙළෙහි පිහිටා ඇති මේමෙලෙකන්ද*
ලස්සන ශ‍්‍රී ලංකාවේ ඌව ද්‍රෝණිය සුරකින නාරංගොඩ කඳු වැටිය සහ නමුණකුල කඳු වැටි දුර සිට නරඹන සෑම මොහොතකම හදවත් පැහැර ගන්නා තරම් වශීකෘත කරයි. සැබැවින්ම ඊටත්වඩා වචනයෙන් කිව නොහැකි තරම් සෞන්දර්යයක් එ් හිස් මුදුන්වලට දැක ගත හැකි බව ඉඳුරාම පැවසිය යුතුයි.
වසන්තය උදා කළ රිවි කිරණ නමුණුකුළ කඳු පංති මුදුනේ සිට සිසිල් මද නළත් මුසුව රැුගෙන ආ පණිවිඩය රහසකි, සිහිනයක්ව තිබූ එ් රහස විඳගන්නට දායකත්වය සැපයූ මා මිත‍්‍ර බදුල්ලේ නාලකත්, ඥති සොහොයුරු, වැලිකේ මුල්ලේ කීර්තිත් ලබා දුන් සහය නොතිබෙන්නට එ් සිහිනයක් ම වෙයි.
තුරුලතා පිස ගෙන අශෝක, වැල් රෝස ආදී මල් සුවඳ තවරාගත් සිසිල් සුළං අපේ ගමන් වෙහෙස නිවා දැමීමට සමත් විය. සියොතුන් ගේ ගී රාවය දෙසවන් පිනවූ අතර එය ඉහළට කැඳවන්නට තරම් අපව, වශීකෘත කළහ. ඉහළ නමුණුකුල අතු පතර සොලවා බුකු බුකු හඬ පතුරවන වඳුරන් සුළු ශබ්දයකින් වුව වහා එකම දිසාවකට වේගයෙන් ඇදෙන රිලවුන්, තෙත බරිත නාස් කුහරයෙන් සුදු මී දුම පිඹින කුළු මීමුන්, අං පටලවා ගැනිමට වෙර දරන ගෝනුන් හෝ ඔබ මොබ පස් විසුරුවමින් හඬ තලන දල ඌරන් අප ගිය මග අවුරා නොසිටියහ. දෙපස එකිනෙකා පරයා යන තුරු අත් මත බර කරත්ත රෝද බඳුබඹර වද මත රැඳී,ඔවුන් සුපුරුදු ගී රාවය නංවමින් කරබාගෙන තම කටයුතුවලය.

බදුල්ල කඳන පාරේ තොරණ කපොල්ල හන්දියෙන් කෝට්ටගොඩ හරහා අපි ඉහළට ඇදෙද්දී නමුණුකුල රූපවාහිණී සම්පේ‍්‍රක්ෂණාගාර මාර්ගය ඔස්සේ මේමෙලෙ තේවත්තට පිවිසෙනවිට පෙරවරු 8.30 පමණ වී තිබිණි. අවට නරඹමින් තවත් ඉදිරියට යද්දී අප ඇස ගැටුණේ තේ දළු නෙලන යුවතියන් පිරිසකි අප ඔවුන් හා ෙදාඩමළුවීමට අමතක නොකළාය.
සිනහමුසුව අපව පිළිගත් ඔවුන් නිර්මලා දේවි, ජෙය ලක්ෂ්මී, චිත‍්‍රා, කල්‍යාණි, ආදි වශයෙන් හැඳින්විය.
”විස්තර අහන්ඩ කංකානිගෙන් ” එක් කාන්තාවක් පැවසුවේ නායකයාට අනුගත වෙමිනි.සිනහමුසුව අපහා එක් වූ ඔහු අපට පැවසුවේ,

  ”මම වී. රාජේන්ද්‍රන් ස්ප‍්‍රිංවැලි කොටස් 7 තියනව මේ වත්ත, මේක 6 කොටස දවස් 5කට සැරයක් දළු කඩන්නෙ,7.30 ට වැඩ පටන් ගන්නව සවස 4 වෙනකල් කඩනව, පැය බාගයක තේ විවේකයක් තියෙනව ලැයිම කිට්ටුව අයට දවල් කෑමට යනව අනිත් අයට ළඟට ගෙනත් දෙනව පැය එක හමාරක් වෙලාව දෙනව, කිලෝ 20 ට වැඩිය කැඩුවම වැඩි හැම කිලෝවකටම වෙනම ගෙවනව”
”කොහොමද අලූත් අවුරුද්ද සරුයිද”(මේ දල්ල තමයි කඩන්නෙ*

අවුරුද්ද හොඳයි අපි සතුටින් තමයි හිටියෙ, මගෙ නෝනත් වත්තෙ වැඩ කරනව, පුතා කොළඹ කඩයක වැඩ අපි අවුරුද්දට එකතුවෙලා සතුටින් තමයි හිටියෙ මගෙ නංගි රට ඉන්නෙ, පඩියට අමතරව බෝනස් එකකුයි තවත් දීමනාවකුයි ඔක්කොම රුපියල් දාහත්දහස්තුන්සිය පනහක් විතර.
”ලැයිමෙ ඔක්කොටම සරුයිද”


වැඩි දෙනෙකුට හොඳයි සියේට විසිපහක් විතර දුක් විදිනව කසිප්පු බොනව, ඒ වගෙ වැරදි නිසා වුවමනාවට දුක් විඳිනව, ටික දෙනෙක්

 ආගමික සිරිත් ගැනද විමසුවෙමි, කෝවිලට යනව උත්සව සමයට විශේෂයි, අපි ශිව සුබ‍්‍රමණියම්, ඝණ දෙවියන්, කාලි මෑනියන් තමයි අදහන්නෙ, නමුණුකුළ මුදුනෙ තමයි ශිව සුබ‍්‍රමණියම් වැඩ ඉන්නෙ, පායන කාලෙට අපි මුදුනට ගිහිල්ල පූජාව තියනව අපි එන්නෙ වැස්සෙන් තෙමිල තමයි. හොඳ වැඩ කරනකොට දෙවියන් අපිව බලා ගන්නව.

තේ දල්ල හා සබැඳි තවත් බොහෝ දෑ කතා බහ කළ අපි රාජේන්ද්‍රන්ගෙන් සමු ගතිමු,
මේමෙලෙ, පුදුමෙලෙ, නල්ලමෙලෙ මේ ආදී වතු රැුසක් මේමෙලෙ කන්දට සිමා වෙලා තවත් කිලෝ මීටර් 3 ක් පමණ ගිය විට අප සුළං කපොල්ලක් වගේ තැනකට ළඟා විය. එ් බෑවුම මීදුමෙන් වැසෙමින් තිබිණි.  මේ කඳු මුදුනෙ තමයි රූපවාහිණී ටවර්එක තියෙන්නෙ, දැන් අපි එ් ඉසව්වටයි ගමන් කරන්නෙ, පාර නම් හොඳටම අබලන් අපි ගිය ත‍්‍රී විලයට තියා පයින් යන්නත් අපහසු තරම් වැස්සනම් කොහෙත්ම යන්න බැහැ, දිවා ආහාරයට පෙර කැඩුන තේ දළු කිරන කංකානි කනගරාජා සමග එක්ව සිටියේ ප‍්‍රභා, මහේෂ්වරන්, සිවනාදන් යන අයයි. මේ තවත් කොටසක්, කණවරල්ල වත්ත කනගරාජාට එ් මොහොත වැඩ අධිකය. එතන හිටියෙ පිරිමි කණ්ඩායමක් එක කාන්තාවක් තමයි පෙනෙන සිමාවෙ හිටියෙ අපි සමු ගෙන පයින්ම ගියෙමු. කනගරාජා අපිට කිව්වෙ කිලෝමීටර් 2 ක් විතර කියල, එ් දුර අපිට එ් වගේ තුන් ගුණයකටත් වැඞී කියලයි දැනුනෙ.




 මේ පාරනම් හැදුවට පස්සෙ කිසිම නඩත්තු කිරීමක් කරල නැහැ. තැන තැන ගල් ගැලවී ගොස් වලවල්ය සෝදාපාලූවට ඔරොත්තු දෙන ආකාරයට යළි පිළිසකර කළයුතුය. පාර හොඳින් පවතින්නේ මේ මෙලෙ ෆැක්ටරිය දක්වා පමණි. වතු සමාගම් මර්ගයෙන් ප‍්‍රයෝජන ගත්තත් පාර ගැන තැකිමක් නොකරන බවක් තමයි පෙනෙන්නෙ, අප සෙමෙන් සෙමෙන් ළඟා වන්නේ මේමෙලෙ කඳු මුදුනටය. වචන දහසකට වඩා එක් පිංතූරයක් පවසන බව අප අසා ඇත.

මේ පිංතූරවලින් පවසන්නේ, අවට පෙනෙන අසිරියයි.



 මේමෙලෙ ෆැක්ටරිය, මෙතනින් පස්සෙ තමයි පාර හොඳටම අබලන් වෙලා තිබෙන්නෙ.

                                      මේමෙලෙහි තේ ෆැක්ටරිය

කඳු මුදුනෙදි අපට මුලින්ම හමුවුනේ රූපවාහිණී සම්පේ‍්‍රක්ෂක සහායක ලෙස සේවය කරන නාලක අජිත් ගුණතිලකයි. නාලක අපව තේරුම් ගෙන අවට පරිසරය ගැන දන්නා දේ පවසමින් සහායක් දැක්වූ බව සතුටින් සිහිපත් කළ යුතුයි. අප මෙහි පවතින සුන්දරත්වය හා පිහිටීම වන සතුන් සිව්පාවුන්, කුරුල්ලන්, ගහ කොල ගැන විමසන්නට මිස මේ අයගේ රාජකාරිය හෝ අදාල ස්ථාන ගැන විමසන්නට උනන්දු නොවීමු. මන්ද ඊට අදාල අවසරපත‍්‍ර කොළඹින් ලබා ගෙන යායුතු බව අප දැනගත්තේ පසුව බැවිණි. අපේම ස්ථානයක් බැවින්, එය රැුක ගැනීමේ වගකීමද අප සතුව ඇති යුතුකමකි. කැපවීමෙන් හා වගකීමෙන් සේවා කටයුතු කරන නිලධාරීන් පිරිසක ගේ වටිනා සේවයට හා කැපවීමට හෘදයංගමව ශක්තිය හා ධෛර්ය ප‍්‍රාර්ථනා කළ අපි අජිත් ඇතුලූ පිරිස ගෙන් සමු ගත්තේ අපට හඳුන්වා දුන් ඈත ක්ෂිතිජයට මදක් ඔබ්බෙන් පිහිටි පිදුරුතලාගල කඳු මුදුන දෙස නෙත් දල්වාගෙනය.
මේමෙලෙ හිස මිනිසුන්ට කොතරම් ලෙන්ගතුද, පිරිසිදු ජල දෝතකින්  පවස නිවා ගතිමු

ශිව දෙවියන් යදින මෙවැනි ස්ථාන අප බොහොමයක් පසු කළ බවයි මේ. දළු නෙලන යුවතියන් තැන තැන අප දුටු සංචාරක කුරුල්ලන් ගේ අව පැහැය මෙම කාලසීමාවට අයත් සංචාරක වර්ගයන් ගේ ස්වභාවය ලෙයසි දැනගැනීමට ලැබුණේ. රතුනළල් කොට්ටෝරුවා, පීතකන් කොණ්ඩයා, ගිරා මලිත්තා ආදී කඳුකර කුරුල්ලන් ගේ නාදය ඔස්සේ වළාකුළු වනාන්තරය පුරා ඇවිදයාමට තරම් සිත් පහළවුවද එය එතරම් පහසු නැති එක්ක බවත් අපට අවබෝධවිය.

මේ පාර හදල දෙනවනම් එහි වෙසෙන ජනයාට මෙන්ම                        ඉහළ සිට දුර දසුනක්
සංචරකයින්ටඅගනා දෙයකි

ඔවුන්ගෙ එකම දැනුවත් කිරීම ” මේ පාර හදල දෙනව නම් ලොකු දෙයක් ” යන්නයි, ලොකු ලොකු කොම්පැණි රැුසක් අනුග‍්‍රහය ලබන අතර වතු සමාගමක්ද ඊට ඇතුලත්. එ්ත් මේ මාර්ගයට පණ තිබුණනම් කෑගහල කියයි අනේ මාත් කාපට් කරන්නකො කියල. අපි බලධාරීන්ට කියමු මේ මාර්ගයත් පිළිසකර කර දෙන්න කියල
කංකානි කනගරාජා කිරන තේ දළු පරීක්ෂාකර කිරමින් සටහන් කර ගනී󂖰:2012ග04ග21*
අපි පහළට එන්න පටන් ගන්නකොට සවස 3 පහුවෙලා උස් කඳු මුදුන් සිසාරා මිහිදුම් රැුජින සළු පිළි දවටමින් සිටින අයුරු දැක ගතිමි.

පහළට එන අතර තවත් තවත් බැලියයුතු තැන් කිහිපයකි, සීතල දිය පිරි ඊඛ්ක්‍න ඡුදදක, පොකුණ, ලී පාලම, රජමහ විහාරය

මෙහෙම ගියොත් අපිට පාර සොයා ගන්නත් බැරිවෙයි,ඉක්මන් කරමු.පහළට ඇදී එන මිහිදුමෙ චමත්කාරය, සිනමා පටයකවත් දකින්න ලැබෙන්නෙ නෑ කිව්වේ අපේ කීර්තිරත්න(පොඩිමල්ලි* ඇත්තම තමයි. එ් අසිරිය බලන්න යන්නම  ඕන.

                ස්ප‍්‍රිංවැලි ලීපාලමේ දසුනක්
කෝවිල ලඟ වාහනය නවතා එතන ෙදාඩං ගහෙන් ගෙඩියක් දෙකක් කාල පූල් එකට ගිහිල්ල නාන්න පුළුවන්

 මේඔබ දකින්නේ මේ ගමනේදී වෙහෙස නිවාලන සොබාදහම් රැුජින ගේ තවත් මනරම් දසුනකි. මේ අසල්වාසී දමිළ සහ සිංහල ජනයා මේ පරිසරයට සැබැවින්ම ආදරය කරති එහෙත් අවාසනාවක මහිම මෙහි මිහිරියාව විඳින්නට යන ඇතැම් උදවිය ගේ නරක ආදර්ශයන් ගෙන් බිඳක් තමයි මේ පහළ සේයාරුව තුළ පෙනෙන්නේ. (ඡුායාරූපය අපද්‍රව්‍ය එකතවකි මොනවාද හොඳින් බලන්න මේවාට ඉඩ නොදෙන්න. මිතුරන් දැනුවත් කරන්න. ලස්සන ශ‍්‍රී ලංකාව රැුකගන්න රන්බිමත් සමග එකතු වෙන්න* යන්න සතුට සොයා ලස්සන තැන් කරා

ලස්සන ශ‍්‍රී ලංකා සංචාරයේ තවත් එක් පියවරක් අවසන් කරන්නට මත්තෙන් උදව් උපකාර කළ හැමට ස්තුති කරමි.

වන මංපෙත් ඔස්සේ යන්නට හුරු පුරුදු ගමන් සගයින්

මේමෙලෙ වත්තේ දී, අප දුටු නියමිත නෙරය බලා ඇදෙන දළු නෙලන යුවතියක් මේ

ශීත ක`දුකරය හැඩ කරන වැල් රෝස

අත්දැකීම් හා ජනශ‍්‍රැති ගැන අපහා කතා කළ අජිත්

මීදුම්අප වසා ගන්නට සැරසෙයි
(වළාකුළු වනාන්තරයමීදුමින් වැසී යමින්*
2012.04.21 ප.ව. 3.00

  ”රශ්මිදහරා, මීදුම, වර්ෂාව, සහ කඳු මුදුන් සිට පරිසරය සිසාරා හමා යන සිසිලසින් ලබන ජීවය, ඉහළ සිට ඇදහැලෙන රිදී පැහැ දිය ඇලි, කොල පැහැ ගත් තුරු වියනට උඩින් එබී බලන මහරත්මල්, රෝස පොකුරු, මේ මෙලෙ කන්දේ සිට නරඹන අවට නමුණුකුළවැටියේ වළාකුළු වනාන්තර සැබැවින්ම විචිත‍්‍රවත් කරයි”

නමුණුකුළ කඳු වැටිය, දතනියගල කන්දද සමග පිහිටි මිටි කඳු පංතිය මීහිදුමින් වැසී ඇති ආකාරයයි මේ

නාරංගොඩ ක`දු වැටිය සහ පිදුරුතලාගල, සමණල ක`දු ඈත දිස්වෙයි

සේයාරූ සහ සටහන
සුනිල් කුමාරසිංහ අතුකෝරල