Monday, August 19, 2013


මාංචු


පදික වේදිකාව දෙසින් ඇවිදගෙන ආ භෙතෙම වටපිට බලා පාර පැන ගත්තේය.  නාදුණන මිනිභෙකු ලෙස ඔහු නරගයේ ජිවිතය ආරම්භ කර මේ වනවිට සතියක් පමණ ගතවී තිබුණි.  රාත‍්‍රි නවාතැන  මණිබඩුකාරයා ගේ කඩ බක්කියයි.  එය පළතුරු වෙළෙන්දාගේත් , පත්තර සඟරා  විකුණන්නාගේත් බක්කිවලට මැදිවන්නට තාවකාලිකව අටවා තිබුණි.
    වසර දාහතක් හිර ගෙදර ජිවිතය පිළිබඳ කල්පනා කළ ඔහු උපන්දා සිට වතුවල පිහිටි මුර ගෙවල්වල ගත කළ ජීවිතය, පේව්මන්ට් ජිවිතය හා බැඳුන අත්දැකීම් ජීවිතය අලුතින් සිතන්නට හුරුකර තිබිණ,  කොයි දෙය වුවද ටික දිනක් ගත වන විට ජීවිතයට හුරුවන බව තේරුම් ගැනීමට ඔහුට අපහසුවක් නොවුණි.
    කටුකිතුල වත්තේ මුර රස්සාව කරගෙන ජිවත් වූ පවුලක කන්දයියා උපත ලබා තිබුණි. දිනක් දඩයමේ ගිය ඔහු ගේ පියා වල් ඌරෙකු ගේ දළ පහරකට හසු වීµමන් මියගියේ ය. වත්තට යාබද ආණ්ඩුවෙ කැළෑ ඉඩමට අයත් දිවියාගල නමින් ප‍්‍රකට මහ ගල කැඩීමට දේශපාලන හයිය අරගෙන  කොළඹීන් පැමිණි ව්‍යාපාරිකයා මරා වත්තතේ අගළකට විසිකරදමා තිබුණි. මව කෙරෙහි පැතිර තිබු දූෂමාණ ආරංචි ද හේතුවෙන් නීතිය ඔහු පසු පස ළුහු බැදීම සිදුවිය. අවසානයේ කන්දයියාට සිපිරි ගෙය උරුම විය.
    දුක් ගැහැට වලට මුලික හේතුව අනුන් කෙරෙහි බලාපොරොත්තු තැබීම පමණක් නොවන බව පසක් කළ සිතුවිළි සිර සිරකඳවුරේ ගත කළ කාලය පුරාම  ඔහු ගේ සිත තුළ යුදවැදී තිබුණ කරුණක් විය.
    හිරු නැගෙන්නට කලින් නගරයෙන් පිටවිය යුතු යැයි කලින්ම කළ තීරණය වෙනසකට හැරෙන්නට තිබූ ඉඩ කඩ යටි සිත මනාව අහුරා තිබුණි.
    කිසි කෙනෙක් තමා විශ්වාස නොකළේ යැයි කන්දයියා ගේ සිතට කෝපය සමග වෛරය මුසු කළේය. කෝවිලේ පූසාරියයි  පන්සලේ හාමුදුරුවොයි ඒ විදියටම  හිතන්න ඇති, අතීතය මතක සිතුවිළි සූරමින් වරින්වර ,සිත දවාලන්නට විය. කඩ බක්කිකාරයො ළඟ තියෙන්නෙ පුදුම දහමක්, එභෙම තමයි. උන්ගෙ කරුණාව, බඩු ගන්න උදවිය ළඟ උන්ගෙ හිත් නතර වෙනව , නොදන්න කෙනෙක් පාරක් ඇහුවත් අහිංසක මිනිභෙක් අහුවුනොත් ඉණ ඉහ අතගාගන්නව , හිරකාරයෙක් හින්ද වගේම දෙමළෙක් හින්ද ඔළුව ගහගෙන හිටිය.  පළතුරු කාරය ගෙ වැඩ ටික පිරිසිදුයි.ඌ ළඟ අනුකම්පාව දයාව තිබුණ, ඌත් අවුරුදු දහයකට ඉස්සර හිරෙන් නිදහස්වුණ එකෙක් නෙ, කන්දයියා තනිවම සිතන්නට විය.
    හිරේ ඉන්න හැම මිනිභෙකුම පිටුපස සැබෑ කථාවක් විය. දරු පවුල ජිවත් කරන්න ගිහිල්ල හිරේට ආව මිනිභෙකුට ඒ පවුලම නැතිවෙලා ගිහිල්ල, බලන්නවත් එන්න කෙනෙක් නෑ, එභෙම මිනිභෙකුගේ ඉල්ලීමක් ගැන උනන්දු නොවීම අපරාධයකැයි කන්දයියාට සිතුණි.   බලපුවහම ඒක කෝවිලේ පූජා සියයක් තියෙනවට වඩා පිං සිද්ධවෙන කාරණයක් ,පස්සරට ගිහිල්ල ලුණුගල වත්තට යන්න වෙනව,  ඒත්  මිනිහ ලියල දුන්න විස්තර කඩදහිය නැතිවෙලා ,13 වැනි කොටසෙයි  ඉන්නව කිව්වේ ,ඒක හොඳට මතකයි.  මම හිරේට නියම වුණෙත් 13 වැනිද දවසකනේ, මතකය  යළි යළිත් අවදි කරන්නට විය.
    මිනිස්සු ජිවිතේ නරක ද අත්විඳිය යුතුය.  ජිවිතවලට නිදහසේ ගලන ආලෝකය අඳුරකින් වසා දමන්න මාන බලන ලෝකයක් මේක ,සැබෑ වැරදි කාරයො අතර නිවැරදි කාරයින් කී දෙනෙකුට   සිපිරිගෙය උරුම වෙනවද, µදෙවය හරස්වෙන ජීවිත ගැන  කි‍්‍රෂ්ණ දෙවියන් ම බලාගත්තාවෙ.ඔහු ගේ සිත දැවි දැවි පෙළන්නට විය.
    මහ මඟ තමා පසුකර යන්නන් දෙස විටින් විට බැලු ඔහුට හැඟී ගියේ, අවලස්සන මිනිභෙකු හිඟමන් යදිනවා යනුවෙන් දකින සිත් කුහරවලින් භෙබි මහේ ශාක්‍ය දෙවිවරුන්ය.  අනුකම්පාව හිඟා කනවට වැඩිය හොඳයි  ඈත පළාතකට ගිහිල්ල ජීවත්වෙන එක, හිත පිරෙන්ඩ හුස්මක් ගන්ඩ පුළුවන් ද මේ කොළඹ ඒ විතරක්යැ, ඇඳිරි වැටුණට  පස්සේ වෙනම ලෝකයක්, ව්‍යාජ මිනිස්සු , නොදකින් විතරක් , ඔහුට පරිසරය තිත්ත වී තිබිණි.
    ලෙන්ගතුකම අතින් ස්පර්ශ කළ නොහැක.  එය ගැටීම්වලට පවා තුඩුදෙමින් අභියෝගාත්මකටව ජිවිතය දෙස බලාසිටී. පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පලට පැමිණි කන්දයියා කතරගම බස් නැවතුම සොයන්නට යුහුසුළු විය.  ඒ අතර ඉඩ පහසුව ඇති මුල්ලක වාඩි වී පිළිවෙළකට තට්ටුවකට සාර විට අසුරණ මිනිසා හඳුනා ගැනීමට කන්දයියාට එතරම් අපහසු නොවුණි. සෙµමන් ඔහු වෙත කිට්ටු විය.  මේ හිර ගෙදරදී එකට හිටපු ගංජ සිල්ව නෙ, මාවතේ ජිවිතේ නමින් එක් අතක කොටා තිබුණ පච්චය කැපී පෙණෙන්නට තිබුණි. හිරෙන් නිදහස් වෙලා ආවට පස්සේ අනෙක් අතේද පච්චයක් දුටු කන්දයියා මහ මග දිවියේ ඇති සතුට ප‍්‍රදර්ශණය කරන ආකාරය ගැන µමනෙහි කරමින් ඔහු මග හැර යාමට බලකරන සිතුවිළි සමග මිනිසුන් අතරට එක්විය.
    සමාජය දෙසට ඇඟිල්ල දිගු කරන්නට තරම් සිතුවිලි සංකිරීණ වී තිබුණි. පාලනය නොවුණ සිතුවිලි රාත‍්‍රිය බිහිසුණු කළ ආකාරය සිතට වද දෙවමින් තිබිිණි.  නියඟය  පැමිණි කල ළිං පතුල තව තවත් ගැඹුරු කිරීµමන් මතුවන උල්පතක දිය බිඳු µමන් තව තවත් සිතුවිළි උණන්නට විය.  නෛයිපොන්ගල් භෙට නොවෙයි,  අනිද්ද, අද රූ කතරගම ඉඳුල භෙට පස්සරට යනවා.  ඒ රාත්තිරිය අපුරුවට ඇති,  සිත අවුල් කරන සිතුවිලි අතරට එවැනි හැඟීම් ප‍්‍රහර්ශය ගෙනාවේ කාටත් රහසිනි.
    කතරගම බලා පිටත්වෙන බස්රියකට නැගි අඳුරින් වෙළුකවා සිටි මිනිසා සිය µමවළම් බෑගය සිරුරටත් රථයේ බඳටත් හිර වනසේ තබාගත්තේය. අකමැත්තෙන් වුවද සිය හිස් වැසුම ගලවාගත් භෙතෙම හාත්පස සිසාරා බැල්මක් භෙළුවේ බරක් සැහැල්ලු කර ගන්නට µමනි.
    වේගයෙන් ඉදිරියට ඇදෙන බස් රථය කොම්පîු්îු වීදියට අවතීර්ණය වෙත්ම කන්දයියා ගේ දෑස් ඉවතට ඇදී ගියේය. පල්ලිය වටා ඉදිකර ඇති තාප්පයට පිටතින් පිහිටි කඩ බක්කි µමන්ම විරුද්ධ දෙසින් පිහිටි කඩවල් ද ඒ වන විටත් විවෘත ව නොතිබුණි. පළතුරු බක්කිය පිහිටි තැන ආවරණය වන ලෙස සෙනග පිරී සිටී. බසයේ සිටි මිනිසුන් හිස් ඇතුලට නොගෙන වචන පිට කරයි. ළමයින්ද සිය මුහුණු එළියට දැමීමට පොරකන්නට විය. පණ ලැබුණ බසය ඉදිරියට ඇදුනි.
    ටවුµම හිටපු පරණම හිඟන්න මැරිල, මිනිස්සු කියන්නෙ කව්රු හරි මරල කියලයි, ටවුµම කඩ කාරයින්ටත් පොළියට සල්ලි දෙනවලු, බොහෝ දෙනෙකු හිඟන්නන් ගැන කථා කරන්නට විය.
    ඇයි අර පසුගිය දවස්වල පිට කොටුවෙ බෝගහ ළඟ මැරිල හිටිය හිඟන්න ළඟ රුපියල් ලක්ෂයක් තිබුණ කියල පත්තරවල තිබුණෙ, කෙනෙකු ගේ වදන් කන්දයියා ගේ දෙසවන් පසාරු කළේය. හරි බරි ගැසී වාඩිවු භෙතෙම හදවතේ සිතුවිළි මරා දමන්නට වෙභෙසුණි.
    ගව් ගණන් දුර ඉගිළ සැනසුම සොයන සිතකට නිදහසේ පාවී යන්නට කුදුමහත් ලෝකය ඉඩ නොදෙන්නාක් µමන් ඔහුට දැනෙන්නට විය.  අපරාධ කාරයින්ට නින්ද යන්නේ නැහැ කියල හිර කාරයො කියන කතා කන්දයියාට මහක් විය.  තම අසුන ලඟ කවුළුව විවර කර ගත් භෙතෙම වියළි බොල් සුලඟේ පහස විඳ ගන්නේ අභ්‍යන්තරයට රහසින්ය.  තම වම් අත ඉදිරි සීට් ඇන්ද මත තබා හිස පහත් කර ගත්තේ දවා අළු කරන්නට තරම් වෑයම් කරන සිතකට සැනසීම සොයා යන්නට අවකාශය ඉඩ දෙන්නට µමනි.
    කතරගම දේවාලයට ගිහිල්ල පස්සර යා යුතු යැයි ඔහු තීරණය කර තිබිණ.  මිනිහ කිව්ව විදිහට නම් හිරේට එනකොට ගෑණිට දෙවෙනි එකා හම්බවෙලා නෑ.  ඒ වුණාට තමුන්ගේ මිනිහ හිරේ වැටුණහම බලන්ට එන්නැති ගෑණිගෙන් වැඩක් කියනවද, ඒත් ඒ මිනිහගෙ බැගෑපත්වීම කොහොම ප‍්‍රතික්ෂේප කරන්නද සල්ලි ටිකක්දීලා පිටත් කරන්ඩත් වෙයිද කියන එක විශ්වාස කරන්ඩත් අමාරුයි .ඒ වුණාට මගෙ යුතුකම කළයුතුයි .  ළමයිනුත් එක්කල ජීවත් වෙනවා කියන එක හිරේ ඉන්න මිනිහ සැනසිමට ගොතන සිතුවිළි වෙන්ඩ පුළුවන්,   මිනිස්සු හුගක් වෙලාවට එක පැත්තක් විතරයි හිතන්නේ.  මේ මනුස්සයා හිර ගෙදරදී කී පාරක් ගෙදර මතක් වෙලා කල්පනා කරනවද, කන්දයියා ගේ සිතුවිලි පෙරළි කරන්නට විය. ළෙන්ගතු කම මිනිස්සු එකට ගැට ගසන ලණුවක් වගෙයි , දැස් පියවි තිබුණත් සිත අවදියෙන් බව කිසිවෙකු නොදන්නා වග කන්දයියාට සිතෙන්නට තරම් සිත දුර ඉගිළ ගොසිණි.
    මුහුද දෙසින් හමා ආ සිසිලස රථයේ කවුළු වලින් ඇතුල් වෙද්දී, බසයේ සමහර මිනිස්සු වීදුරු වසා දැමීමට යුහුසුළු වුයේ කිසිවෙකු ගේ බලපෑමක් ලැබුණු කළ µමනි. ළඟ වාඩිගෙන සිටි තරබාරු කාන්තාව දොඹකරයක් µමන් උරහිස මතට පාත්වෙයි.  නැවත ඍජුව සිරුර තබා ගැනීමට වෙභෙසෙයි.  වැඩි දෙනෙකු නිදිි සුව ලබමින්ය.  මග දිගට පසුකරන බෝඩ් ලෑලි සහ බස්වල බෝඩ් කියවන කන්දයියාට සිංහල අකුරක් අකුරක් පාසාම වාගේ පන්සලේ ලොකු හාමුදුරුවන් සිහිවිය.
    "උඹල දන්නෙ නැතුවට ඉස්සර අපේ රටේ දෙමළ සොල්දාදුවන්, ආරක්ෂකයින් රට ජාතිය විතරක් නෙµමයි බුදු දහම රැක ගන්ඩත් මහ රජවරුන් යටතෙ සේවය කෙරුව" දුම්රක්ගල නායක හාමුදුරුවො අකුරු කියන කොට කියල දුන්නෙ, ඒ පරිසරය මට නැතිවුණේ තාත්තගෙ මරණය නිසා නෙ ,හැඟීම් මිනිස්සු ජීවත් කරන්නට සමත් වන බව කන්දයියාට පසක්විය.
    වේගයෙන් ඉදිරියට ඇදෙමින් තිබු බස් රථය තුළ සිටියවුන් හළහප්පවමින්  එක්වරම තිරිංග තද විය.  එය කිසියම් විධානයකට සිදු වු බව මොහොතකින් තහවුරුවිය. "පොලිසියෙන් " කොන්දොස්තරවට එකවරම කියැවිණි.
    නිල කබායේ උරමත තරු පෙළක් රැදි නිලධාරියාට පිටුපසින් සිටි මිනිසා එක්වරම කන්දයියාට හඳුනා ගැනීමට අපහසු නොවුණි. දෙයියනේ , පළතුරු කාරයනෙ මේ, කන්දයියා ගේ වචන ගිලි ගියේය.  මාංචු දමා තිබු ඔහු ගේ දෑත් විසින් දෙපයේ අඩි සීරු මාරු කර තිබිණි.  පිටුපස දොරින් ඉදිරියට පැමිණි නිලධාරියා අත රැදි මාංචු කුට්ටම සීට් ඇන්දක වැදීµමන් මතුකළ බොල් හඬ, මගීන් ගේ කුතුහලය වහා භීතියකට හැරවිය.
    කන්දයියා ගේ දිළිභෙමින් තිබුණ දෑස් නතර වන්නට තැනක් සොයමින් සෑම තැනකම දුවමින් තිබිණි.

සතුට උපදවා ගතයුතු දෙයක් මිස, ජීවිත සොයමින් ළුහුබැඳ නොඑනු ඇත. කෝපය, බිය, ආදරය මානව සන්තානයේ වැතිර සිතුවිළි සමග  සටන් කර ජයග‍්‍රහණය අත්කර ගන්නේ, හදවතට අනුව  ද එසේ නැත්නම් සිතුවිළි වලට යටත්ව ද යන්න විමසිය යුතුය.

සුනිල් කුමාරසිංහ අතුකෝරල
කළගෙඩිහේන





ඇවිල්ල, ඇවිල්ලා, ‘සිංහල  අවුරුද්ද’ ඇවිල්ලා 




අවුරුද්ද යනු ‘වෙසෙසි දවස’ යි, ‘වර’ යනු සිංහලයෙහි දවසට නමකි, ‘බර’ ම බරතු - බුරුතු වන්නාසේ ‘වර’ම ‘වරතු’ වුරුදු බවට හැරෙයි. ‘වර’ ස්වාර්ථ තද්ධිත ‘ත’ ප‍්‍රත්‍ය ගැන්මෙන් ‘වරතු’ වී පරස්වර සාම්‍යයෙන් ‘වුරුතු’ වීමෙනි. ‘වෙසෙසි’ අරුත්හි ‘අ’ උපසර්ගය ගැන්මෙන් එය අවුරුතු බවටත් ඝෝෂාදේශයෙන්  තු - දු බවටත් හැරී ගොස් ‘අවුරුදු’ බවට පත්වෙයි.  ( අරිසෙන් අහුබුදු *
 ආගම සමග ජාතිත්වය බැඳී ඇති අඛන්ඩ සබඳතාව මැනවින් ප‍්‍රකට කරන  බක් මාසය හෙවත් අපේ‍්‍රල් මාසයෙහි දී, මෙම උත්සවය අප පමණක් නොව ඇතැම් ආසියාතික ප‍්‍රජාවන්ගේ ද පිළිගැනීමට ලක්ව ඇති බව සඳහන් කළ යුතුය. රාශි ගතව සමාජ මෙහෙවරකට ප‍්‍රජාව යොමු කරන සූර්යයා හා බැඳෙන මෙම සිරිත් පිළිබඳව මහාචාර්ය තිස්ස කාරියවසම් ශූරීන් පෙන්වා දෙන්නේ,
මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය වන සූර්යයා ඇත්තටම සිදු කරන්නේ කුමක්ද, මීන යනු දෙමළෙන් මාළුවාය මේෂ යනු පුෂ්ටිමත් එළුවාය. මත්ස්‍යාගෙන් එළුවාට වන මෙම සංක‍්‍රමණය කිම. මීනය ගෙවී යන්නේ නිවසක ලිපෙහි අවසාන ගිනි දැල්ල නිවී යාමත් සමගය. අනතුරුව ලැබෙන පුණ්‍ය කාලය හෙවත් නොනගතය කාලය කිසිදු වැඩක පලක නොයෙදෙන ලිපි ගිනි නොමලවන, කිසිදු ගනු දෙනුවක් නොකරන සමය යි. මෙහි වැරදි අර්ථකථනයක් දැන් ව්‍යවහාරයේ පවතීයි. එනම් නැකතක් නැති අවස්ථාව නොනගතය නම් වන බවයි. මෙය ජ්‍යොතිෂය ගැන අවබෝධයක් නොමැතිව කරන මිත්‍යා ප‍්‍රකාශයකි. නැකත් නැතැයි කියන කතාව අර්ථ විරහිතය. මෙම පුණ්‍ය කාලය මහජනයා ගත කරන්නේ, පන්සල් යමින් වෙහෙර විහාර වඳිමින් බණ අසමින් සංඝයා වහන්සේට නමස්කාර කරමින් ආගමික වතාවත්වල යෙදෙමිනි. නැවත සූර්යයා මේෂ රාශියට සම්ප‍්‍රාප්ත වීමත් සමගම ලිප ගිනි දල්වා වැඩ අල්ලා ගනු දෙනු කිරීම් කරති. ලිප ගිනි මෙලවීම වන්නේ, නිවා තිබුණ ලිපෙහිම හෝ අළුතින් තනා ගත් ලිපක හෝ විය හැකිය. එහෙත් මෙහි විශේෂත්වය නම් අළුත් වස්ත‍්‍රාභරණයෙන් සැරසීමයි. එ් එ් වර්ෂයෙහි ඇඳිය යුතු වර්ෂවල වර්ණය ද නියම කර ඇත. මෙම කාලය තුළ කෙරෙන තවත් දේ අතර, ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීමත්, සඳ බැලීමත්, නානු ගා නෑමත් වෙයි.” මෙම සංසිද්ධි සමගින් මිනිසා නව පරිච්ෙඡ්දයක් අරඹන ආකාරයත් මනාව ප‍්‍රකට වන බව කිව යුතුය.         

 සිරිත් විරිත් පිළිබඳව සමාජ අවධානය ලක්ව ඇති යුගයක් මෙතරම් ඉතිහාසයේ දී අපට හමු නොවන තරම්ය. වර්තමානයේ, සිරිත් විරිත් පිළිබඳ කරන සාකච්ඡුාවක දී අපේ ඓතිහාසික තත්ත්වයන් පිළිබඳව අපට කිසිසේත් අමතක කළ නොහැක. ශ‍්‍රී ලංකාව ජනාවාස වීමේ ඓතිහාසික කාරණාවන් විමසන පුරා හා මානව විද්‍යාඥයින් ගේ පර්යේෂණයන් අනුවත්, වංශ කථා සහ පුරාවෘත අනුවත් අපේ රටට යාබද රට වන, භාරතීය සංස්කෘතියේ ආභාෂය ලැබුණ බව සත්‍ය කරුණකි. තත් යුගයේ පැවති භාරතීය වෛදික සංස්කෘතිය, අපේ ආදි වැසියන් ගේ සිරිත් විරිත් සහ බෞද්ධ සිරිත් විරිත් සමග පසු කාලයේ එන ද‍්‍රවිඩ සංස්කෘතියේ බලපෑමත්, පෘතුගීසි, ලන්දේසි හා ඉංග‍්‍රීසීන් ආදී ජනාගමනයේ බලපෑමත් අපේ සංස්කෘතිය කෙරෙහි යම් යම් වෙනස් කම් වගේම නව එකතු කිරිම් හා බැහැර කිරීම් වලට බලපා ඇති බව කිවයුතුය.
සෑම වසරකම එළඹෙන දුරුතු, බක්, වෙසක්, පොසොන්, උඳුවප් වැනි සිංහල මාස සමග සිංහල බෞදධ ජනයා ගේ විශේෂ වූ බැඳීම් ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. එයින් මාතෘකා ගත කරුණට අනුව බක් මාසය එළඹෙත් දී, පරිසරය සොබාදහම මගින් ඔපවත් කරමින් කොවුල් නදින් දෙසවන් හා එ් ප’වුඩය සමීප කරන්නට සමත් වෙයි.
සෑම නිවෙසක්ම හා හාත්පස පරිසරයන් ශුද්ධ පවිත‍්‍ර කර නව වසර පිළිගැනීමට සූදානම් වීම ලක් වාසී බෞද්ධ හා හින්දු ජනයා ගේ සිරිතය. මේ කාලසීමාව වනවිට අස්වනු ගෙට ගන්නා ගොවියාට ද මද විවේක කාලයකි. හිරු ද තම රශ්මි ධාරා ලක් පොළොවට සිරස්ව මුදා හරිමින් උණුසුම ද සැපයීමට අමතක නොකරයි.
ශුභ මුහුර්තීන් හා ජීවන ක‍්‍රියාවන් සම්බන්ධ කරන වෙනත් උත්සවයක් නැති තරම් වූ සිංහල අලූත් අවුරුද්ද හින්දු සිරිත් විරිත් සමග ද සබඳ තා පවත්වමින් ලක්වාසීන් ගේ ජන ජීවිතයට නව අරුතක් සම්පාදනය කිරීමට සමත්ව ඇති බව අමතක කළ නොහැක.
නව සඳ බැලීමෙන් පටන් ගෙන, ස්නානය, වැඩ අත් හැරීම, ගිනි මෙළවීම, කෑම පිසීම, ආහාර අනුභවය, වැඩ ඇල්ලීම, ගනු දෙනු කිරීම, හිස තෙල් ගෑම, නව වසරේ රැුකියාව සඳහා පිටත්වීම ආදී විශේෂ කාරණාවලින් අප දැනුවත් කරන්නේ පාරම්පරික සිරිත් රැුසක පරමාදර්ශ සමගය.
මේ වාසනාව උදා කරන මොහොතේ විහාරවල ඝණ්ඨා නාදය පැතිර යද්දී අලූත් ඇඳුමින් සැරසී ජ්‍යොතිශඥයින් පෙන්වා දී ඇති පරිදි ශුභ වර්ණයෙන් සැරසී අනිකුත් කර්තව්‍යයන්හි යෙදෙමින් අලූත් අවුරුද්ද සතුටින් භාරගත් බව පසක් කරනු ලබයි.
සිංහල අවුරුද්ද මුල් කර ගනිමින් ක‍්‍රීඩා අංග රාශියක් ඉපිද ඇත. එනම් කට්ටි පැනීම, ඉරි පැනීම, චක්ගුඩු පැනීම, එල්ලේ ගැසීම, කඹ ඇදීම, පොරපොල් කෙළිය, අං කෙළිය, මේවර කෙළිය, ඔළිඳ කෙළිය, ඔංචිලි සෙල්ලම ආදී වශයෙන් වූ අතර වර්තමානයේ මේවා ගැමි සමාජයෙන් බැහැර වීමෙන් සමාජ එ්කාබද්ධතාවය කැඞී බිඳී ඇති ගොස් ඇති බව ද සඳහන් කළ යුතුය.
හින්දු චරිත‍්‍ර විධි අධ්‍යයනයට ලක් කළ ඇතැම් විද්වත්හු එය සිංහල සිරිත් හෙවත් චාරිත‍්‍ර හා සළකා බැලිමේ දී පරස්පර තාවයකින් යුතු බවට කරුණු හෙළි කළෝය. සිංහල සමාජයේ කෘෂිකාර්මික ජන ජීවිතය හා බැඳුන සිරිත් හා ආගමික චර්යාවන් සමාජයක ඉදිරි ගමනට දායකත්වයක් ලබා දෙන පරමාදර්ශ රැුසක් ඉන් සමාජ ගතවන බව එ් වෙනසයි.
මෙලෙස පෙරට ආ සිංහල අවුරුද්ද යටත් විජිත පාලන සමයෙන් පසු සිංහල දෙමළ කරනු ලැබූ බවට කරුණු දැක් වුව ද, කුමන සමාජයක වුව ද, වාර්ගිකත්වයකින් තොරව ජීවත් වෙන සමූහය සමසේ ප‍්‍රීති ප‍්‍රමෝදය විඳින්නට තරම් එකමුතු වන්නේ නම් එ් සමාජයට දියුණු වන්නට මෙන්ම දිගු ගමනක් යා හැකි බව ද, සත්‍යයකි.
සුනිල් කුමාරසිංහ අතුකෝරල