Tuesday, May 7, 2013

සොරබොර සංචාරක සටහන

මහියංගණ පුද බිම සහ සොරබොර, සංචාරක සටහන

         

     
කන්ද උඩින් පෑවේ          තාරකාවා 
නළා හඬින් පිම්බා වැනි     සොබාවා
සතරවරන් දෙවියන් කළ       උපාවා
මයියංගනේ වැඳලා යන්නට     ආවා

ඌව පළාතට පය ගහපු කෙනෙක් මයියංගනේ පුද බිමට නොයා වෙනත් කවර ගමනක්ද?,අපි චෛත්‍ය ඇතු`ථ පූජ්‍ය ස්ථාන කාලෙකට පස්සෙයි වන්දනා කර ගත්තෙ,
සාදු සාදු කළ පවු දුරු කරන්නයි

වැන්දේ සෑය සැමටම සෙත් ලබන්නයි
සසරේ කිසිම දවසක දුක් නොඑන්නයි
මව්පියො අපේ මතු බුදු බව ලබන්නයි


(සංගිලි පාළම දෙසින්, සොරබොර වැව දිස්වෙන ආකාරය*

එදා හරි සතුටු දිනයක්, ඌව හා එ්, අවට චාරිකා වලදි කවදත් අපිට හැම අතින්ම උපකාර කළේ අපේ ඥති සොහොයුරු ගුණදාස අයියා ඇතු`ථ පවුලේ උදවියයි, සංචාරයන්ට ත් හරිම කැමතී, එ් වගේම  භක්තිමත්, අපි සිත් සේ එ් පරිසරය වැඳගත්ත වගේම විඳගත්ත. විහාර භූමියෙ කෞතුක වස්තු එක් රැුස් කරල ප‍්‍රදර්ශණයට විවෘතයි. එහි යන හැමෝම එ්ක අගය කරන කාරණයක් බව මම දැක්ක. භාරව හිටපු නිලධාරීන් කාරුණිකයි. කෞතුක වස්තු ගැන විස්තර කරන නිලධාරියෙකුගෙ සේවය එතන ඇතුලටත් අවශ්‍යයි.

සොරබොර ගැන විවිධ ප‍්‍රවාද අපි අහළ තියෙනව, අතීත ශ‍්‍රී විභූතිය හෙළි කරන වැව, දා ගැබ, ගම, පන්සල එකටම ඉදි වී ඇති බවට හොඳ සාක්ෂියක් සොරබොර, බුලතා යෝධයා විහාර කර්මාන්තයට ගෙන ගිය පස් නිසා මෙම වැව නිර්මාණය වූ බව ප‍්‍රවාදවලින් අපි අහළ තියෙනව, මහියංගනය වගේම සොරබොරත් අයිති බින්තැන්නටයි. අපේ අතීත ගැමියා වැව දුටු අයුරු හියුබත් දිසානායක ශූරීන් මෙහෙම ලියල තියෙනව,

වැද්දන් සිටින්නේ සොරබොර වැව       ළඟිනේ
සොරබොර වැවට සත් ගව්වක් ඇත       යසිනේ
 නෙ`ථම් මලින් සොරබොර වැව    බබළන්නේ
වැවක් නො වෙයි මුහුදක් ලෙස    පෙනෙන්නේ


අපිත් සොරබොර වැව එ් විදියට විඳ ගත්ත, වැව් තාවුල්ලෙදි අපට මුන ගැහුනෙ, ඌරුවරිගේ සරා පොජ්ජ. අත් පොරවක් කරේ ලා ගෙන හිටිය. එ්ක සාම්ප‍්‍රදායික ලකුණක්, කරේ සුරයකුත් කොටි දතකුත් තිබුණ. මම අහළ තිබුණෙත් එහෙම තමයි ඔවුන් ගැන, සරා පොජ්ජ බොරු කිව්වෙ නෑ එ්ක බොට කඳාගෙ දත් කෑල්ලක් කියල කිව්ව. සරා අහිංසකයි, මම පොඩිකාලෙ වැදි මිනිස්සුන්ට බයයි. ඔවුන් කලාතුරකින් දැකල තියෙනව. එ් ත් විහාරෙ අවටදි වගේ තමයි. වැවදිහා බලා හිටියට ඇතිවීමක් නෑ වගෙයි, අපේ ගමනට බදුල්ලෙ කණුපැළැල්ලේ අපේ ඥතීන් පිරිසකුත් එකතුවුන නිසා ගමන තවත් ප‍්‍රීතිමත් වුණා. බුලතා යෝධයා සිනහමුසුව මතකයට නගන අපේ නඬේ ගුරු බදුල්ල (මහජන බැංකුවේ* ගුණදාස අයියා

වැව ඉස්මත්තෙ ටිකක් විවේක ගත්ත,

වෙනත් වැව් වගේ නොවෙයි සොරබොර, වැව වටා දකිනකැළය හරිම සුන්දරයි, ඉඳ හිට වැවට පාත්වෙන කුරුල්ලෙක් මා`ථවෙක් ඩැහැගෙනම වගේ තමයි ආපසු හැරුණෙ. ජන කවියක තියෙනව ‘ සොරබොර, වැවේ දිය පිට පීනති කොක්කු ’ කියල  මතකය දර්ශනය අවදි කළා.තනිගල පීල්ලක් කළ අපේ පැරැුණ්නන් කොතරම් විශ්මය ජනක ද. තව කොතෙක් නම් කලක් එ් ගැන කියාවිද. ජන කවියා අපේ සිත් කුහර තුළ ජීවත් වන්නේ අපත් නොදැණුවමය.

සොර බොර වැවේ වැව දෙගොඩම      වනන්තරේ
කපා ගල් කාණු දියවර වෙලට                    කළේ
නෙළා ගල් පහන් එනු දැල ගං                   තෙරේ
සොර බොර වැව නුදුටු ඇස් මොට ද පින්     කළේ

සරා පොජ්ජ ගැයුව දරු නැළවිල්ල හරිම අපූරුයි, ටිකයි මතක හිටියෙ,
නාඩන් පැට්ටුණිනාඩන්නේ  නාඩන් පැට්ටුණි නාඩන්නේ
නාඩන් පැට්ටුණි නාඩන්නේ
ගිරිතල නොබ්බිට නාඬන්නේ
වැව ළඟ බොහෝ වේලාවක් විවේක ගත් අපි, සංගිලි පාළම පැත්තට යන්න නැගිට්ට, කව්ද කිව්ව එ්ක, උත්පලවන්නා චිත‍්‍රපටියෙ තියෙන පාළම කියල, බන්ට් එකේ කෙළවරටම ගියා පාළම යටින් බුබු`ථ දම දමා වතුර ගලා බහිනව සිත් ගත් තැනක් විධිහට සිතේ සටහන් වුණා.



 (2* පාළමෙන් එගොඩකැලෑව දෙසට ඇත්තේ අඩි පාරකි. මද දුරක් ඇවිද ගියත් කිසිවක් නොදිටිමි. බැලූ බැලූ හැම තැනම  වනාන්තරයයි.

බදුල්ලෙ ඉඳලයි අපි ගමන පිටත් වුණේ, මීගහ කිවුල, දුංහිඳ ඇල්ල, දෙපස මහ වනය වගේම, ගොවි බිම් අපේ නෙත් සිත් පැහැර ගත්ත. ටිකක් විස්තර කිව්වේ නරඹන ඔබට ද යතුරක් වෙන්නයි.
නවීකරණයේ පුහු ආටෝපයෙන් නැහැනොවුණ ඌවේ බොහෝ පෙදෙස්වල ජනයා එ් සොඳුරු ගම් බිම්වලට ආලෝකය සපයන මිණි පහන් වැනිය.
වෙහෙස නිවා ගන්න වැව අද්දර බෙලි මල් වතුර, එ් වගෙම විවිධ ඖසධ බීම  ඕන තරම් තියනව, මී පැණි වගෙ දේවල් ගන්න නම් දඹානටම යන්න වෙනව, සරා පොජ්ජ අපිට අමතක නොවන චරිතයක් වුණා.
වැහැල වැහැල පායපු ගමන් සංචාරක පිරිස් වැඩි වෙලා, පාරවල් තැන තැන කැඩිල ගිහිං, අපිට සෑහෙන වෙලාවක් ගියා බදුල්ලෙ ඉඳල එන්න. එ්ත් දැන් නම් බිය විය යුතු නැහැ, අපි යනකොට තිවුණ ලොකු වලවල් එනකොටත් වහල , දුංහිඳ ළඟ වාහන පෝලිමක්,
මට ඉබේටම ගුණදාස අමරසේකර කවීන්ද්‍රයාගෙ  කවියක් මතක් වුණා,
සීත සුවඳ අදර දියෙන
දෑස පෙෙඟ්වා ලොසතුන
සෑම වැසි අවලස්සණ
දෑස දකීවා ලස්සණ
සැබැවින්ම නවමු මිහිරක් විඳින්නට නම්, හැන්දෑවක ඔබ ද වැව් ඉස්මත්තට යා යුතුය. එය වචනවලට නැගීමට අපහසුය.

  අමු, මෙනේරි, ආදී විවිධ දාන්‍ය වර්ග වගේම රස කැවිලි, විඩාබරින් සනසාලන්නට සූදානමින්, වැව ආසන්නයේ දීම මිළදී ගත හැක.



එමෙන්ම තම සංස්කෘතිය නැතිවීයන සොවින් කම්පාවට පත් අපේ අතීත ¥ පුතුන් වූ වැදි ජනයා අපගේ දේශීයත්වයේ පෞරාණික අගය සළකුණු කරන ජාතියක් ලෙස සටහන් තබමින් ඔබෙන් අදට සමු ගනිමි.
සොරබොර ගියොත් ඔවුන් ඔබටත් මුණගැහේවි, වගතුග අහළ කවි අහළ සතුටු වෙන්න පු`ථවන් ඔවුන් සමග.

මහියංගණය සිට අපි බදුල්ල බලා එන අතර මග පරිසර සුන්දරත්වය නරඹමින් පැමිණියෙමු.




අපි ආයෙත් හමුවෙමු තවත් සොඳුරු දසුන් සමගින්

සුනිල් කුමාසිංහ අතුකෝරල
2011 මැයි 07






4 comments:

  1. පර්යෙෂකයා ෆලෝවර් ලිස්ට් එක දාන්න.... Word verification අයින් කරල කමෙන්ටු එම්බෙඩඩ් මෝඩ් දාන්න..

    ReplyDelete
  2. ඔන්න දේශකයා පාර පෙන්නපු නිසා මේ පැත්තටත් ආවා.. නියමයි.. තවත් සංචාරක සටහන් ලියැවෙන බ්ලොගක්...සංචාර විතර මං ආස කරන වෙන දෙයක් නැති තරම්..
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  3. දේශකයාගේ ලින්කුවෙන් මේ පැත්තට ඕන් මාත් ආවෝ..... හොද විස්තරයක්.....

    ReplyDelete
  4. ඔන්න දේශකයා දාපු පාරෙන් මාත් ආවා. හොඳ සටහන් පෙළක් කියවන්න ලැබෙයි වගේ. මේ විදිහේ සංචාර විස්තර කියවීම මාත් ඉතා ප්‍රිය කරන දෙයක්.

    ReplyDelete