Wednesday, June 5, 2013

ජනශ්‍රැතිය සමාජය හා මානව ආධ්‍යාත්මික සංවර්ධනය

ජන ශ‍්‍රැතිය, ආධ්‍යාත්මික පෝෂණය උදෙසා පමණක් නොව, සංවර්ධන උපාය මාර්ගයක් වශයෙන් ද වැදගත් වෙයි. (සමාජවිද්‍යාත්මක හා සංස්කෘති අධ්‍යයනය විෂයක්ෂේත‍්‍රයන් ට අදාළව විමසුමක්*

 

 

    මුඛ පරම්පරාගතව පැවත එන (සම්භාවිත(genaration to genaration) )* මානව ඥාන සම්භාරය ජනශ‍්‍රැතිය යි. මිනිසාගේ දෛනික ජීවිතය තුළ ලද අත්දැකීම් මතින් ප‍්‍රභවය වී කටවහර ඔස්සේ තත් විෂය සමාජ ගතව ඇත. විවිධ කාරණා මුල් කර ගෙන යුරෝපීයයන්  ජනශ‍්‍රැතියට අයත් කරුණු එකතුකරන ලද අතර එකළ පුරාවස්තු මෙන්ම, මෙම විෂය ද (ජනශ‍්‍රැතිය* ඔවුන් ගේ එක්තරා ප‍්‍රිය ජනක සාහිත්‍යයක් වශයෙන් ප‍්‍රකට වූ බව ඉතිහාස සටහන් අනුව මනාව ප‍්‍රත්‍යක්ෂ වෙයි. ජනශ‍්‍රැතිය යන්න ඉංග‍්‍රීසි (folklore ^folk - lore) යන පද දෙකෙහි අරුත් විමසමින් තනා ගත් පාරිභාෂික වදනකි. විලියම් තෝමස් : (c.william thorms) විසින් (1846* ශබ්දකෝශ ගත කළ මෙම වචනය තුළින් අතීතයේ පැවති සිරිත් විරිත් වත් පිළිවෙත් මිථ්‍යා විශ්වාස සැහැලි (කවි කතා* ආදිය ජන ශ‍්‍රැතිය යන්නට ඇතුළත් වන බව, ඇතේනියන් ස`ගරාවට ලිපියක් ලියමින් පෙන්වා දී ඇත. ශික්ෂණයක් වශයෙන් අකාලිකව දියුණු වූ ජනශ‍්‍රැතිය ජනයාගේ ඥාන සම්භාරය වශයෙන් ද විවරණය කෙරෙයි.


සමාජ හා මානව විද්‍යාඥයින්, ඉතිහාසඥයින්, පුරා විද්‍යා ගවේෂකයින් පෙන්වා දෙන්නේ ඉතිහාසය යළි ගොඩනැගීමේ දී නැත්නම් පූර්ව සංස්කෘතීන් සොය යන ගමනේ දී තත් විෂය ඊට මනා පිටු බලයක් සපයන බවයි.  

‘‘පුරාණ මිනිසා සිය පරිසරය හ`දුනා ගැනීම ස`දහා අනුගමනය කළ අනුකරණය, භාවිතා කරන ලද සංඥා හා බස යොදා ගන්නා ලද මායා කර්ම, පවත්වන ලද නර්තන විධි හා වෙනත් එබ`දු දේ කෙරෙහි සිනා පහළ කිරීම විශාල වරදකි. එමෙන්ම මෙසේ සොබාදහමේ නියාම ධර්මයන් හ`දුනා ගැනීමට වෙහෙස ගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස මානවයා සිය පරිසරය ජය ගත්තේය.’’ (‘අර්නස්ට් පිෂර්’*

    සංස්කෘති අධ්‍යයන විෂය ක්ෂේත‍්‍රයෙහි දී, හැදෑරිමට ප‍්‍රයෝජනවත් වන මෙම විෂය (ජනශ‍්‍රැතිය* ක්ෂේත‍්‍රය ම`ගින් එකිනෙකට වෙනස් සංස්කෘතික සමූහයන් හි පවතින ජනශ‍්‍රැති අංගෝපාංග සන්සන්දනය කිරිම පමණක් නොව මානව වංශකතාවේ සීමා මායිම් ඉක්මවා මෙහෙයුම් කිරිමට දක්වන උපකාරීත්වය ද අගේ කළ යුතු ය. පෙරදිග හා අපරදිග වශයෙන් අධ්‍යයන කළ හැකි මෙම විෂය ක්ෂේත‍්‍රය අත්‍යන්තයෙන්ම සොබාදහම සම`ග අත්වැල් බැ`ද ගත්තකි.
කලාව, මිනිසාගේ සහජ මනෝභාවයක ප‍්‍රතිචාර වශයෙන් සමාජ ගත වන අතර එය මානව ශ‍්‍රම ශක්තියේ මල්පල ගැන්විමකි (කාර්ල් බ්‍යුකර්* සාමුහිකත්වය මත මිනිස් ශ‍්‍රමය ඵලදායී විමත් රිද්මානුකූල විමත් කලාවේ මූලයන් පිළිසි`දීමට හේතු වූ බව ප‍්‍රකට ය. රිද්මය ශ‍්‍රමයෙහි ඵලදායිත්වය සම`ග බිහිවන වැදගත් සාධකයකි. හේනේ, කුඹුරේ, කමතේ, මුහුදු වෙරළේ ධීවර සමූහයාගේ සාමුහිකත්වය, වෙහෙස, මහන්සිය, කාන්සිය


සංස්කරණ 2013.05.30 පස්වරු 07.10







 



No comments:

Post a Comment