Thursday, September 3, 2015



දේශපාලන නවකතාව සහ ලාංකීය ක්ෂුද්‍ර දේශපාලනයෙහි පිළිඹිබුව ‘‘අවලමා සහ ඇහැටුව’’  නවකතාව පිළිබඳ විමසුමක් ''

(අවලමා, :ාැකසබුමැබඑ* අපරාධකාරයා, අපචාරියා, යුතුකම් පැහැර හරින්නා, - ඇහැටුව,  :ච්ර්ිසඑැ * පරපෝෂිතයා, පිළිල, පරපුටු* ‘‘ගමට අවලමා ගහට ඇහැටුව’’ මෙනි.

‘‘දේශපාලනයෙන් ව්‍යුක්ත මිනිස් ජීවිතයක් කොතනකවත් ඇත්තේ නැත. එබැවින් දේශපාලනයෙන් මිදුණු සාහිත්‍යයක් පිළිබඳව ද, කිසිවක් කතාබහ කළ නොහැකිය. සාහිත්‍ය නිර්මාණයක දී පවා දේශපාලනික පසුබිම ඊට නිරායාසයෙන්ම ඇතුලූවේ. සාහිත්‍ය නිර්මාණය දේශපාලන පසුබිමෙන් මුදවා හුදෙකලා කළ නොහැකිය. එසේ හුදෙකලා කරනු ලැබූ නිර්මාණයක කාලීන අගය පිළිබඳ ගැටළු පවතී. එබැවින් දේශපාලනයෙන් තොර නිර්මාණ හුදෙකලා මිනිසුන් ගේ කලා කෘති බවට පත්වේ. ’’ (මහාචාර්ය  සෝමරත්න බාලසූරිය*

දේශපාලන නවකතාවක ප‍්‍රචාරාත්මක අරමුණක් අන්තර් ගත විය හැකි නමුදු, ඒ අරමුණ ඉස්මතු වුවහොත් සාර්ථකත්වය බිඳවැටෙණ බව පෙන්වා දෙන මහචාර්ය ඒ. වී. සුරවීර මහතා ‘‘දේශපාලනයද, සමාජයේම අංගයක් වන බැවින් එක් අතකින් දේශපාලන නවකතාව යනුවෙන් වෙනම නවකතා වර්ගයක් වෙන් කිරීම සාධාරණ නොවිය හැකි බවත් පෙන්වා දෙයි. එසේම, සමාජය හෝ මානව ක‍්‍රියාවලිය හෝ නොව රටක දේශපාලන ක්ෂේත‍්‍රය මුල් කර ගෙන හෝ දේශපාලන තතු කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් ලියවෙන නවකතාව මෙනමින් හැඳින්වෙන බවත්, මේ මගින් සාමාන්‍යයෙන් කෙරෙන්නේ යම් දේශපාලන පක්ෂයක් විවේචනය කිරීමක් නොව පොදු දේශපාලන තතු ඉදිරිපත් කිරීමක් බවත්, අවධාරණය කරයි.  
ලෝකය දියුණු ශිෂ්ටාචාරයක ලක්ෂණ අත්පත් කර ගෙන ඇති බව පැවසෙන නුමුදු, තමා ජීවත්වන සමාජය තුළ මානව ගරුත්වය කෙළෙසයි නම්, දේශපාලනය ¥ෂිත නම්, මාතෘත්වයට නිගා කරයි නම්. පාවාදීම්, බිය වැද්දීම්, මරා දැමීම් වැනි සමාජ අසාධාරණයන් හමුවේ නිතැතින්ම මිනිසා ව්‍යසනයෙන් පෙළෙයිනම්, එවන් වැරදි විවේචනය කිරීම ළඟ පමණක් නිර්මාණකරුවා නතර නොවියුතු බව, තම ලේඛණ රිති තුළින් ප‍්‍රකට කළ ලේඛකයින් රැුසක්  විශ්ව සාහිත්‍ය තුළ කලින් කළ ප‍්‍රකට වී ඇත.
ඇල්බෙයා කැමූ, ජැක් ලන්ඩන්, පියදෝර් දොස්තයෙවුස්කි, අර්නස්ට් හෙමිංග්වේ, ඇල්බර්ටෝ මොරාවියා, එමිලිසෝලා, කැතරින් මෑන්ස්පීල්ඩි, නිකොලොයි ඔස්ත්‍රොව්ස්කි, ඇනටෝල් ප‍්‍රාන්ස්, ඇලෙක්සැන්ඩර් ඩූමා, කූෂ්වන්ට් සිං, නිකොලොයි ගොගොල්,  අකුතගාවා  රියුනොසුකෙ, බෲනෝ ආපිට්ස්, මිගල් ද උන මූනෝ, ආදී නවකතා කරුවන් විශේෂ අත්හදා බැලීම් සිදුකළ අතර, නවකතා රීතීන් ගොඩ නැගූ ලේඛකයින් ලෙස විචාරක අවධානයට පාත‍්‍ර විය.

පැවේස් සෙයාර් (1908 - 1950* ඉතාලියේ පැසිස්ට්වාදී ඒකාධිපති පාලනයට විරුද්ධව ලියූ ලේඛකයෙකි. පැසිස්ට්වාදයට එරෙහිව යාමෙන් සිර ගතවූ හෙතෙම, ද පොලිටිකල් ප‍්‍රිසනර් සහ ද කොමරේඞ් යන නවකතා රචනා කරමින් තත්කාලින දේශපාලන වාතාවරණය සහ බන්ධනාගාර ජීවිතය පිළිබිඹු කළේය. බල්සාක් මිතරේ 1799-1850 ප‍්‍රංශ විප්ලවය පැවති යුගයේ ගොවීන් හා රිපබ්ලිකන්වරුන් අතර සිදුවූ ගැටුම කලාත්මකව විවරණයකරමින් ලියූ  ලෙස් චූස් 1829 සහ තත්කාලීන ප‍්‍රංශ සමාජය පිළිබිඹු කරමින් ලියූ  හ්‍යුමන් කමෙඩි 1834 කෘතියත් දේශපාලන නවකතා ලෙස ප‍්‍රකටය. යුරෝපයේ කාර්මික විප්ලවය සිදුවෙමින් පැවති යුගයේ එංගලන්තයේ නාගරික කම්කරුවන්ට පැය 16 ක් පමණ වැඩ කිරීමට සිදුව තිබීමේ හේතුවෙන් දුක්ඛිත කම්කරු ජීවිත පිළිබඳව චාල්ස් ඩිකන්ස් ගෙන් (1812-1870*, ටේල් ඔප් ටූ සිටීස් (1859* රචනා විය. තමා ජීවත්වන යුගයට වඩා වසර 75 ක පූර්ව ඉතිහාසයක් ප‍්‍රජාව ඉදිරියට ගෙන ඒමට ඩිකන්ස් ට එයින් හැකිවිය. 
හිට්ලර් ගේ නාසි වාදී පාලකයින් ට දන නොනැමූ මාන් තොමස් (1875-1953* ලේඛකයා වෙත මරණ තර්ජන එල්ලවීමෙන් පසු ප‍්‍රකට සාහිත්‍යකරුවෙකු වූ බර්ටෝල් බ්‍රෙෂ්ට් ද සමග ජර්මනියට ගොස් පණ බේරාගත්හ, ටෝනියෝ ක්රෝගර් 1903 සහ මැජික් මවුන්ටන් (1924* යන නවකතා ලිවීමෙන් සිය අත්දැකීම් ඔහුට සමාජයට දායාද කිරීමට හැකිවිය,

තින්ග්ස් පෝල් අ පාර්ට් (1958* රචනා කරමිින් යටත් විජිත යුගයේ යුරෝපයෙන් පැමිණි ප‍්‍රංශ ජාතික මිෂනාරි වරුන් අපි‍්‍රකානු ජන ජීවිතයේ වෙනස් කම් ඇති කිරීමට ගත් උත්සාහයන් සහ අප‍්‍රිකානු සමාජය කෙරෙහි එම පූජක වරුන් ගේ බල පෑම මනාව සමාජ ගත කිරීමට චිනුවා අචෙබි (1930* සමත් විය. එසේම මෙම ලේඛකයා අප‍්‍රිකානු ජනයා ගේ දැවෙන ප‍්‍රශ්ණ හා ගැටළු සාකච්ඡුාවට ලක් කරම්න් ඉන් නෝ ලෝන්ගර් ඇට් ඊසි (1960* රචනා කරමින් පාඨක ප‍්‍රසාදය දිනා ගත්හ. 
අප‍්‍රිකානු ලේඛක ජේම්ස් එන්ගුගි 1938 පෝලන්ත පාලනය දැඩි ලෙස විවේචනය කළේය. එලිසා කරෙස් කෝවා (1841-1910* විප්ලවකාරී අදහස් දරන ලේඛිකාවක් ලෙස ප‍්‍රචලිත වන අතර, පෝලන්තයේ වසන ලිතුෙවිනියන් ජනතාව ගේ ජන ජීවිතය පසුබිම් කර ගෙන රචනා කළ ඔන් ද බෑන්ක් ඔප් ද නීමන් (1888* කෘතිය රචනා කරන ලදි. 
සාර් පාලනයට විරුද්ධවීමෙන් පියදෝර් දොස්තයෙවුස්කි ට (1821-1881* සයිබීරියාවේ සිර කඳවුරුවල අමානුෂික වද හිංසා විඳීමට සිදුවිය. එම ස්වභාවය පදනම් කර ගෙන ඔහු විසින් 1881 දී හෝස් ඔප් ඩෙඞ් රචනා කළේය. 
බටහිර නවකතාවද යුරෝපීය සමාජය තුළ එතෙක් පැවති අද්භූත සම්ප‍්‍රදායෙන් මිදී කාර්මිකකරණය හේතුකොට ගෙන ඇතිවන සමාජ වෙනසත්, ආගමික බලපෑමෙහි සිදුවූ විචල්‍යයන් හා (ප්‍රොතෙස්තන්ත‍්‍රවාදී* ඒ තූළින් ඇතිවූ සමාජ පීඩනය ඞී. එච්. ලෝරන්ස් හා ඇල්බර්ටෝ මොරාවියා වැනි ලේඛකයන් සිය නිර්මාණ තූළින් මනාව පිළිබිඹු කළේය. ඞී. එච්. ලෝරන්ස් ‘‘සන්ස් ඇන්ඩි ලවර්ස් ’’,‘‘ලේඩි චැටලීස් ලවර්’’  සහ ඇල්බර්ටෝ මොරාවියා ගේ ‘‘ටූ විමෙන්’’ වැනි කෘතීන් හි යුද්ධය හා ඒ සමග එන කාර්මිකත්වයට හසුව මිරිකෙන අහිංසක මිනිස් හදවත් අනුකම්පාවේ ආලෝකය දකියි. ඔවුන් එලෙස අනුකම්පාවට භාජනය වන්නේ ඔවුන් ගේ චිත්ත සන්තානය අලූත් සමාජ ක‍්‍රමයක ගැටීම නිසා විඳින චිත්ත පීඩා හේතු කොට ගෙනය.
‘‘ ඔහුට විරෝධය පෑමට හැකියාවක් නැති බවත්, මා තව දුරටත් චරිතවත් ගැහැනියක් නොවන බවත් මට හැඟිණි. කොතෙක් කල්පනා කළ ද අවසානයේ සිතන්නට ඇත්තේ යුද්ධය හා සාගින්න හමුවේ සියල්ලට ඉඩදීමට සිදුව ඇති බවයි. ’’ (ටූ විමෙන් - ඇල්බටෝ මොරාවියා - පරිවර්තනය ගැහැනුන් දෙදෙනා,  අශෝක නිස්සංක- පිටු අංක 28*
බලය ලබා ගැනීමත් තව දුරටත් පවත්වාගන යාමත් වැනි කරුණු යුද්ධය උදෙසා කොතෙක් බලපාන්නේ ද යන්නත් සියල්ල දේශපාලනය මත සිදුවන ආකාරයත් ලෝකය කියවීමේ දී පසක් වෙයි. ජීවිත කැඞී බිඳී සුනු විසුණු වී යන ආකාරය මොරාවියා ලොවට පවසන්නේ මෙලෙසිණි,‘‘ගමන් කරමින් තිබෙනා කරත්තයකින් බිමට ඇද වැටුණ පෙට්ටියක් කුඩුපට්ටම් වී ගොස් එ් තුළ තිබූ සියලූ දේ මාවත පුරා සී සී කඩව විසිර ගියාක් ලෙසින් ජීවිතය කැබලිවලට කැඞී ගොස් ඇති බවක් මට දැනුණි ’’(පිටු අංක 30*
ආගම හා යුද්ධයෙන් බිහිවන යාන්ත‍්‍රික සමාජ ක‍්‍රමයේ ගැටීම මොරාවියා ‘‘ ටූ විමෙන් ’’ කෘතියේ හොඳින් නිරූපණය කරයි. ආගම සිය ජීවිතයේ කොටසක්ම ලෙස සැලකූ යුවතියක් පල්ලිය තුළදී සොල්දාදුවන් විසින් ඇගේ මව ඉදිරියේ දුෂණය කෙරෙයි. දුෂණයට ලක්වූ ඈ දෙවියන්ට පිටුපා ජීවිතයට මුහුණ දෙයි. යුද්ධයේ බිහිසුණු බවත් අගහිඟ කමේ සන්තාපයනුත් ඇය ඇතූළු පවුලට ඉන්පසු නොවීය. ඇය සිය ජීවිතය මුදලට කැප කළාය.
මෙය යාන්ත‍්‍රික සමාජය විසින් සකස් කරන ලද චරිතයන් හි පොදු චින්තන විලාසය බවට පත්විය. ලෝරන්ස් සිය ‘‘ලේඩි චැටලීස් ලවර්’’ නවකතාව තුළින් පවසන්නේ ද යුද්ධය විසින් අවනත කරන ලද මිනිස් යුවළක් සංකේතවත් කරමින් ගැහැණිය අතරේ ඇතිවන ගැටුමකි.
ඉරාකයේ දියණිය මයාඩා නැමැති කෘතියට එහි කතුවරයා වන ජීන් සැසන් පාදක කර ගන්නේ පුවත්පත් කලාවේදිනියක් වූ ඉරාකයේ සුන්නි මුස්ලිම් කාන්තාවක ගේ ජීවන ප‍්‍රවෘත්තියයි, ඒ තුළින් ඔහු අපට ඉරාක ඉරාන යුද්ධයේත් ගල්ෆ් යුද්ධයේත් බිහිසුණු බව මෙන්ම සදාම් හුසේන් ගේ ඒකාධිපති පාලනයේ කෲරත්වය මෙන්ම බිඳ වැටුණු ආර්ථිකයක ජීවත්වුණු අඳුරු මුහුණින් යුතු මිනිසුන් ගැන ද පවසයි,
‘‘ ඒ සතියේම රැුයක රහස් පොලිසිය ගෙදරට ආව. මහ ? හැම දෙනාම නිදාගෙන හිටියෙ. හාඩි දොර ළගට දිව්වෙ ඒ ආවෙ අයියා කියල හිතාගෙනයි, ඒත් අදත් ආවේ ඇඩෙල්ව අරගෙන ගිය රහස් පොලිසියෙ තුන් දෙනා. හාඩි ව තල්ලූ කරල ගෙට ඇතුළු වුණ පොලිස්කාරයො සාරාටයි අම්මටයි කුස්සියට වෙලා ඉන්න කියල හාඩිව අරගෙන කාමරයට ගිහින් ,,,, :ෘ්ඹඨ්‍යඔඍ ධත්‍ ෂඍ්ූ ඵ්ශ්ෘ්ලපරිවර්තනය චිත‍්‍රා අයි. පෙරේරා පිටුව 231*
ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයි විසින් රචිත ප‍්‍රථම නව කතාව, ද ගෝඩි ඔෆ් ස්මෝල් තින්ග්ස් 1997 (සුළු දෙය ඇසුරු කළ දෙවියා* කේරළයේ කුඩා නගරයක් වන අයමෙනම් හි ජන ජීවිතය තුළ පවතින සංකීර්ණතා මෙන්ම කුහක භාවයෙන් මඩනා ලද ක‍්‍රියාකාරකම් හා සදාචාරාත්මක මෙන්ම දේශපාලනික මතවාදත් ඇතුළු සිදුවීම් පෙන්වාදීමට සමත්වෙයි. සමකාලීන සමාජයෙහි ඇතැම් අඳුරු සහගත තැන් විමසුමට ලක් කළද, 30 අවුරුදු යුද්ධයක් පැවති අප භූමියෙහි ජන ජීවිතය හා දේශපාලනය පිළිබඳ සාහිත්‍යයක් මෙතෙක් බිහි නොවීම පිළිබඳ පැවසෙන විචාරක මත හා අදහස් බැහැර කළ නොහැක. විවිධ විකෘතීන් බිහිවුවද, ජවනවිඥානය පොහොසත් කිරීමෙහි ලා එය එතරම් පොහොසත් නොවුණි.  
සිංහල ජන සමාජයේ වෙනස් වීම, ධනවාදී ආර්ථික රටාවත් සමග නව දේශපාලන චින්තනයක් ගොඩනැගීමත් පිළිබදව අර්ථ ගැන්වීමට උත්සාහගත් මාර්ටින් වික‍්‍රමසිංහ මහතා, සමාජ සත්ථාව ප‍්‍රකට කරමින් ගම්පෙරලිය (1944* නව කතාවත්, සමකාලීන දේශපාලන තත්ත්වය පිළිබද මනා අවබෝධයකින් යුතුව කලියුගය (1957* හා යුගාන්තය ත් රචනා කරන ලදී.
යටත් විජිත දේශපාලන ක‍්‍රමය මෙන්ම වැඩවසම් සමාජ ලක්ෂණ ගිළිහීයාමෙන් සමාජය මතවාදී අර්ථ ක‍්‍රමයට නැඹුරුවන ආකාරය බටහිර සංස්කෘතික ලක්ෂණවලට ගැතිවී ඉහළසමාජයට පියමං කරන ස්වභාවයේ ගති ලක්ෂණ හා කුටුම්භය තුළින් පැන නගින සංස්කෘතික ඝට්ටනය සමාජය තුළින් ද පිළිබිඹුවන ආකාරය මෙම නව කථා ත‍්‍රිත්වය මනාව විශද කරයි. 
‘‘ගම්පෙරලිය’’ මේ, සමාජ ක‍්‍රමය පිළිගැනීමට ගැමි සමාජය සකස්වන අයුරු නිරූපණය කරයි. ගම්පෙරලිය ආදියට විෂය වී ඇත්තේ පොදු මිනිස් සමාජයෙහි අලූත් සම්ප‍්‍රදාය හා ගැටෙන පුද්ගලිකත්වය මැරීයන සම්ප‍්‍රදායකින් වෙන්වීමට ගන්නා වේදනාත්මක ප‍්‍රයත්නයයි. එය මෙහි මනාව නිරූපණය වෙයි, සාම්ප‍්‍රදායික සිතුම් පැතුම්වලට වහල් වී රෝගීවන පැරණි සමාජය (නන්දා* වාණිජත්වය විසින් ඔසවන ලද නූතන සමාජ ක‍්‍රමයේ වහලින් (පියල්* සුවපත් වෙයි. වර්තමාන සමාජය පිළිගත් මේ දර්ශනය නූතන ලේඛකයින් විසින් රචිත නවකථා තුළට ද පිවිස ඇත.
කරුණාසේන ජයලත් සිය නිර්මාණ තුළින්, පන්ති පරතරය, සූරාකෑම, සමාජ අසාධාරණය, විරැුකියාව, දැවැදි ක‍්‍රමය, වැනි මාතෘකා සමාජ අවධාරණයට ලක් කළ ලේඛකයෙකි. උදාහරණයක් ලෙස ‘‘පිරුණු හදක්’’ හි එන කුසුම්උගත් බුද්්ධිමත් තරුණියක් වුවත් ඇයට සුදුසුකම් අනුව රැුකියාවක් නොලැබෙයි. සමුපකාරයේ බිල් ලිවීම, බීඩි එතීම ජීවනෝපාය කර ගන්නා අතර දෑවැදි ප‍්‍රශ්ණය නිසා ඇගේ විවාහයට ද, තිත තැබෙයි. ‘‘මේ ක‍්‍රමය යටතේ තරුණ තරුණියන් මුළාවීම, අනාථවීම, සුළු දෙයක්, කුසුම් අපට කරන්න තියෙන්නෙ මේ වැරදි සමාජ ක‍්‍රමය, අධ්‍යාපන ක‍්‍රමය, වෙනස් කිරීමයි. නවතම වූත් ප‍්‍රීතිමත් වූත් සමාජ ක‍්‍රමයක් බිහිකිරීම අප සතු කාර්ය භාරයයි.’’ (පිරුණු හදක්*
  ‘‘ කොටින් කියතොත් හැම මිනිහටම ජීවත්වෙන්න අයිතියක් තියෙනවා, බඩගින්නෙ ඉන්නෙ, දුක් විඳින්නෙ, පීඩා විඳින්නෙ කොතැනක හරි අයුක්තියක්, අසාධාරණයක් වුණු නිසා ය, කියන අවබෝධය දී ගත්තොත්, මුලින් ඒ ටික ඇති. මේකරුණු පසුබිම හැටිියට තියාගෙන අපි මොනව හරි කරමු. ’’ (යහළු යෙහෙළි*
දේශපාලනය හා දේශපාලනයට සම්බන්ධ තේමාවන් නවකතා තුළින් පිළිබිඹු කළ ලේඛකයන් අතර සයිමන් නවගත්තේගම කැපී පෙණෙන ලේඛකයෙකි. 
ඔහු විසින් 1989 දී ලියා පළ කළ ක්ෂීර සාගරය කැළඹෙයි කෘතිය විචාරක අවධානයට ලක්වූ කෘති අතර විය. එහි දී ඔහු සැබෑ ලෝකය හා සිහින ලොව අතර ස්වභාවයන් පෙන්වමින් වැරදි කරන්නවුනට, දුෂිතයන්ට දඬුවම් පමුණුවන ආකාරයත්, අධි තාත්වික යථාර්ථවාදී ලක්ෂණ මතු කරමින් යක්ෂණියක, භික්ෂුවක්, අමාත්‍යයෙක් මනස් කරළිය තූළ පාඨක ග‍්‍රහණයට නතු කරවයි. සිංහල නවකතාව තුළින් පොදු ජනතාව මුහුණ දෙන ප‍්‍රශ්ණ ගැටළු පමණක් නොව, දේශපාලන සංස්ථාව, ගොවි ජනපද ව්‍යාපාර පිළිබඳව, ජනසතු ව්‍යාපාර, වගා සංග‍්‍රාම, පෞද්ගලිකකරණය, විවිධ දේශපාලන පෙරළි, පවුලේ සූරාකෑම ආදී වශයෙන් පාඨකයින් තුළත් විචාරකයින්ගේත් අවධානයට ලක්විය. 
ජයසේන ජයකොඩි - රන් දහඩිය 1974, ඒ. වී. සුරවීර - හෙයියන් මාරුව 1971, මඩවල එස්. රත්නායක - අලූත ගෙනා මනමාලි 1973, කේ. ජයතිලක - මතු සම්බන්ධයි 1975, රාජපක්ෂ වලව්ව 1980, එදිරිවීර සරච්චන්ද්‍ර - හෙට එච්චර කරුවල නෑ 1975, ගුණදාස අමරසේකර - කරුමක්කාරයෝ 1955, ගන්දබ්භ ආපදානය 1964, අසත්‍ය කතාවක් 1977, පේ‍්‍රමයේ සත්‍ය කතාවක් 1978, ටී. බී. ඉලංගරත්න - පෙරළිය 1972, සුගතපාල ද සිල්වා - බල්ලෝ බත් කති 1976, ශාන්ති දිසානායක - වරා මල 2007, චම්මින්ද වෙලගෙදර - යාය තුන 2004, කේ. ජයතිලක - පරාජිතයෝ 1960, දෙලොවම නැති අය 1964, ජයසේන ජයකොඩි - අස්වැන්න 1971, රන් දහඩිය 1974, චන්ද්‍රසේන මල්ලවආරච්චි - නියං කොබෙයියෝ 1975, එච්. ඒ. සෙනෙවිරත්න - එළිවෙනවා නොදැනේ 1978, අවසානය මෙය නොවේ 1976, මෙහෙම නොවීයන් කිසිදාක 1973, ගුණසේන විතාන - පමා වෙලා වැහැපන් වැහි වලාවේ 1974, විප්ලවයේ කැරලි කාරයෝ 1975, ඔරුවල බන්දු -වානේ සහ ගිනි කඳු  ගුණසිරි ජයවර්ධන, හයරියන් මිනිස්සු , යන නව කතාවන් මෙන්ම, 1980 න් පසු කාලයේ දේශපාලනය තේමා කරගත් නවකතා රචකයන් වශයෙන් සුනන්ද මහේන්ද්‍ර, සුමිත‍්‍රා රාහුබද්ධ, කුලසේන පොන්සේකා, ඇරැුව්වල නන්දිමිත‍්‍ර, අනුලා විජයරත්න මැණිකේ, ආචාර්ය පේ‍්‍රමචන්ද්‍ර මාගම්මන, ටෙනිසන් පෙරේරා, කමල් පෙරේරා, ශාන්ති දිසානායක, චම්මින්ද වෙළගෙදර, කීර්ති වැලිසරගේ යන ලේඛකයන් ගේ ඇතැම් කෘතීන් ද හඳුනා ගත හැකිය. සේන තෝරදෙනියගේ අටලොස් ගිරිදුදුළු, ලියනගේ අමරකීර්තිගේ අටවකපුත්තු, කුරුළුබැද්ද ආදි නවකතාවලින් මදක් වෙනස් කෘතියක් ලෙස පී. බී. ජයසේකරයන් ගේ අවලමා සහ ඇහැටුව සහෘදයාට සමීපවන්නට උත්සාහ දරයි.   
අප අවධානය යොමු කළ මෙම කෘතියෙහි ලේඛකයා යථාර්ථවාදී රීතියට අනුගත වෙමින්, මෑත කාලීන ලංකා සමාජයේ බෙහෙවින් විවේචනයට ලක්වන (ප‍්‍රාදේශීය* දේශපාලනය, ඔස්සේ, ජීවත්වීමේ අයිතිය උල්ලංඝනය කිරීම්, අහිංසක මිනිසුන්ට එරෙහිව කෙරෙන බිය ගැන්වීම් හා ප‍්‍රචණ්ඩත්වය පාවිව්චි කිරීම් ආදිය සමග දරිද්‍රතාවයෙන් හෙම්බත් කුටුම්භ ගත ජීවිිත, කෘෂි කර්මය මත යැපෙන ගැමි දිිවිය, දෙස්පාලනය ධනය ඉපැයීමේ මග කර ගත්, නොමිනිසුන් අකාර්යක්ෂම තාව නැමැති දුගඳ පැතිර ගිය පළාත් බද පොලීසිය ආදිය පාදක කර ගත් ‘‘අවලමා සහ ඇහැටුව’’  (2015* නවකතාව සමාජ පිළිඹිබුවක් වශයෙන් දේශපාලනය හා අත්‍යන්ත සබඳතාවක් ග‍්‍රහණය කරවයි. 
සිංහල නවකතාවේ ආකෘතික පක්ෂය සලකා බැලීමේ දී යුරෝපයේ සිටි විප්ලව වාදී ආකෘතිකවාදීන් කළ හැම අත්හදා බැලිමක් මත් සිංහල නවකථා කරුවන් භාවිතාකර ඇති අයුරු දැකිය හැකිය. (ආචාර්ය, කේ. ජයතිලක*
දරිද්‍රතාව නැමැති කටු ඔටුණු දරා ඉගෙනුම් ගිර තරණයෙහි යෙදෙන ගජමිනි සහ පොඞ්ඩි එකම ඉත්තක කැකුළු දෙකකි, පවුලේ වැඩිමලී මුතුමිණි පාපතරයෙකුගෙන් ¥ෂණයට ලක්වීමත්, එකී සිද්ධියෙන්ඇතිවන මනෝ ව්‍යාදිය නිසා, පියා බලවත් සේ රෝගාතුරවෙයි. පවුලේ නඩත්තුවට මව රබර් කිරි කැපීම, මල්ලි සහ නංගීගේ පාසල් ගමන අතර මග නතර වීම, මරණ බියෙන් ජීවත්වීමට සිදු වීම, ප‍්‍රාදේශීය සභා සභාපතිගේ අණසකින් තේජස්වූ වන්ගේ අමනකම්නිසා එගම ව්‍යසනයට පත්විය. දංකුට්ටා එහි ප‍්‍රකට පාපී මිනිසා ය. එක් රුදුරු මිනිසෙකුගේ කිසියම් අමන ක‍්‍රියාවක් නිසා වරදෙහි බැඳෙන නිවැරදි මිනිසුන් කොතෙක් නම් අප සමාජයේ වෙසෙත්ද, මෙවන් චරිත තුළින් ලේඛකයා ප‍්‍රකට කරන්නේ, සමාජයේ අර්බුධයෙහි අංශු මාත‍්‍රයක් නොවේද. 
ගම සංස්කෘතියේ කේන්ද්‍රස්ථානය යි. කෘෂි ආර්ථික රටාවට අනුගතවූ නිෂ්පාදන රටාවන් ඔස්සේ ගොඩනැගුනු සාරධර්ම, කලාශිල්ප, ආදී ජීවන ප‍්‍රවෘතියෙහි සෑම අංශයක්ම සැකසුනේ, හික්මවූයේ ගොඩ හා මඩ ගොවිතැන ප‍්‍රමුඛ කෘෂි ආර්ථිකයක් මගිනි. 19 වැනි සියවසේ සිට 20 වැනි සියවසේ මුල වන විට  පරම්පරා ගත වෙනස් කම් මූර්තිමත් වෙමින් යටත් විජිත උපක‍්‍රම තුළ සමාජය පැහැදිළි වෙනසකට පෙරළීම සිදු විය. 1948 න් පසු නව මුුණුවරක් ගත් සමාජය එළඹෙනුයේ, (1977 පමණ වන විට* මත්ද්‍රව්‍ය, පොදු දේපල සූරා කෑම ආදී ක‍්‍රම භාවිතාවන් මගින් දියුණුව අපේක්ෂා කළ සමාජයකි. වෘත්තාන්තය තුළ ස්පර්ශවන තත්කාලීන පරම්පරාව සමාජ අර්බුදය හරවත්ව නිරූපණය කරයි.
දෙස් විදෙස් බොහොමයක් නිර්මාණ කරුවන් තත්ත්කාලීන සමාජාර්ථික දේශපාලන කාරණා තම නිර්මාණ තුළින් සාකච්ඡුා කරමින් ජන විඥානය පොහොසත් කිරීමෙහි ලා සිදු කළ මෙහෙවර සමාජ සම්භාවනාවට පාත‍්‍ර වූ කරුණකි. 
      ‘අවලමා සහ ඇහැටුව’ නවකතාව ප‍්‍රධාන පරිච්ෙඡ්ද පහකින් සමන්විත නවකතාවකි. ආරක්ෂාව ප‍්‍රධානකොට බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වීමට හැකි නම් රුදහ ගින්න මිනිසෙකුට ඉවසිය හැකි බව සහෘද මනසට කාවද්දන මෙම නවකතාව බිහිසුනු ප‍්‍රචණ්ඩකාරී මිනිසුන් බලපුළුවන් කාරයින්ගේ රැුකවරණය යටතේ සිදු කරන අපචාරයන් නිසා කවර සමාජ පසුබිිමක් නිර්මාණය වන්නේද යන්නත්  ඕනෑම අපචාරයක් කිසිදු හිරිකිතයකින් තොරව සිදු කළ හැකි ගණයේ මිනිසුන් බිහිවීම පිළිබඳවත්, අවි ගත්තෝ අවියෙන් නසී යන කියමනද සනාථ කිරීමට කතුවරයා  සමත් වෙයි.
පේ‍්‍රමවන්තිය, රුදුරු පාපතරයෙකුගෙන් කෙළෙසී ඇත. සමාජයට මුහුණ දෙන්නේ කෙසේද. දෙදෙනාටම අඩු වැඩි වශයෙන් බලපාන ප‍්‍රශ්ණයකි. විවාහය දෙදෙනාට පමණක් වැදගත් වුවද, සම්ප‍්‍රදාය තුළ සමාජයට මුහුණ දෙන්නේ කෙසේද යන උභතෝකෝටිකයට තරුණ තරුණියන් මුහුණ දිය යුතුව ඇත.‘¥ෂණයට පාත‍්‍ර වූ එකියක යන්න මිතුරන්ගෙන් හෝ පවුලෙන් සදාකල් සඟවා තබා ගත නොහැකිය.’ ‘ථිර’ නිදිවර්ජිතව කල්පනා සයුරෙහි නිමග්නව සිටී. ’මුතුමිණි’ කෙරෙහි සහෘදයා තුළ ඇතිවන අනුකම්පාවත් පාපතරයා කෙරෙහි ඇතිවන කෝපයත් මානව සමාජය තුළ අපට අසන්නට ලැබෙන ඛේදනීය සිදුවීමක ඡුායාවකි.   
ලාංකිය සමාජයේ සිදුවූ අපමණ ඛේදවාචක අතර කතරගම රූමතිය, කොබෙයිගනේ තරුණිය වැනි චරිත සිහි ගන්වමින්, අප‍්‍රකටව සමාජය තුළ සිදුවන බොහෝ සිදුවීම් පිළිබඳ අනුවේදනීය සිදුවීම් සමුදායකින් යුතුව, නූතන සමාජ තතු විමසන කතුවරයා, මහමග, කුණු බක්කි තුළ, වැසිකිළි වළවල් තුළ දමායන බිළිඳුන් ගැන සහෘදයාට පසක් කරන්නේ ජීවත්වීම උදෙසා, කුසගින්න, දරුවන්ගේ අධ්‍යාපනය, වැනි අත්‍යාවශ්‍ය කරුණු මුල්කර ගෙන එතෙර හෝ මෙතෙර ජීවන ප‍්‍රවෘත්තිය තුළ සිරවී සිටින අපේම නෑයින් ගැන ය. ප‍්‍රාදේශීය දේශපාලනය වියවුලක් පමණක් නොව ප‍්‍රදේශයේ ජනතාව පෙළන සම්පත් නාස්ති කරන මහා ව්‍යසනයක් බවත් කතුවරයා ඉඟිකර සිටී. ඔහු ගේ ඉඟිති කාලාන්තරයක් තිස්සේ සමගිව විසූ ජන කොටසක් බේද බින්න කිරීම පිළිබඳ පමණක් නොව ඔවුන්ගේ ජීවිත කඩා ඉහිර වීම ගැන ද වෙයි. ‘‘ඇය, පාලනය කර ගත නොහැකි ලිංගික ආශාවන්ගෙන් භරිත වූ අයෙකුගේ ගොදුරක් බවට පත් වූයේ, ඇගේ වරදින් නොවේ. ඇය ගැබ් ගත්තේ එහෙයින. එතැනදී මතුවන ගැටලූව වනුයේ, එයින් මිදීමට මං තිබිය දී, ඊට ගොදුරු වනුයේ මක් නිසාද යන්නයි. දරුවෙකු බිහි කිරීම තරම් හොඳට හෝ නරකට හෝ හිටින තවත් දෙයක් මවකට තිබේද යන පිළිතුර කතුවරයා අපට පසක් කර සිටී. දරුවන් ලැබෙනවිට ගැහැනියකගේ ලේ ඇයට විෂ වේ. දරුවන් නැතිව සොවින් තැවෙන අපමණ පිරිස් ලොවේ වෙත්. දරුවකු ලැබීම නිසා අපහාසයට පත්ව අසරණ වන ගැහැනු ද බොහෝ වෙති. දරුවකු බිහි කිරීම සිරුරේ ඇට විස්සක් බිඳී යාම හා සරිවන තරමේ වේදනාවක් බැව් පැවසේ. එහෙත් ඒ වේදනාවෙන් කෑ ගසා මහත් දුක් විඳ බිහි කළ දරුවා මහ මග දමා යාමට, රහසේ වළලා දැමීමට තරම් ස්ත‍්‍රියකට තම අනාගතය, නම්බුව, විවාහය, යනාදී කරුණු යෙදෙන අවස්ථා ඇත. ’’  
කතුවරයා සිය ජීවන දර්ශනය ප‍්‍රකට කරන චරිතය තාත්තා ‘මුතුරත්න’ විය හැක. ස්ත‍්‍රීන්ට කෙනෙකු තක්සේරු කිරීමේ විසල් හැකියාව එම් ආර් අයි තාක්ෂණය මගින් විද්‍යාත්මකව තහවුරු කර ඇත. පොඞ්ඩිගේ චරිතය විකාශය වන ආකාරය තුළින් ඒ බව විශද වනු ඇත. අල්පේච්ඡුතාව දුක මිරිකා හරින්නට හීන් එකී (චරිතය* සමත් වෙයි. ගොඩ සහ මඩ ගොවිතැන් බතින් යැපෙන ගැමි සමාජයේ බස් වහර ආප්තෝපදේශ උචිතව යොදා ගන්නා ආකාරය කදිමය. සභාපතිගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත්වන ආකාරය ද ෙඖචිත්‍යය ආරක්ෂා කරයි. ජීවිතයේ පතුලට කිඳා බැස ඇති චරිතයක් වශයෙන් අම්මා ගේ චරිතය ප‍්‍රකට කරයි. ගොවිජනපදවල ජීවිතය, ගැමි සමාජය හා සමාජ විපර්යාසය යන ශානරයන් ඔස්සේ ප‍්‍රබලව ඉස්මතු කළ හැකි මෙම චරිත පිළිබඳව සංවේදීව හදවතින් විමසන්නට ලේඛකයා අපව යොමු කර ඇතත්, එම චරිතවලට සාධාරණයක් සිදු වී නොමැති බව පෙනේ.
මානව දයාව මිනිසා තුළ ගම්‍ය කරන අවස්ථා කිහිපයක්ම නිර්මාණය කරන කතුවරයා එයින් වඩා කැපී පෙනෙන සිද්ධියක් ලෙස‘ථිර’ තම අදෙරවන්තිය (මුතුමිණි* කෙරෙහි පෑ, සෙනෙහස සිය ප‍්‍රාණවත් සිතුවිළි දහර වේගයෙන් ගලා යන්නට සැලැස්වීම තුළ මනාව තීව‍්‍ර කර දක්වයි.  
‘‘කිසියම් පාදඩයෙකුගේ රාග දාහයට ගොදුරු වූ ඇයගේ පරිපීඩිත සිරුර ඔහු ගේ සිතේ නැගේ. එම රාගී පාදඩයා ඇය හා අදෙරයෙන් වෙලී ඇය හා ආදරබස් දොඩා ඇයට නොරිදෙන සේ ඇයගේ සිරුරේ වෙළුනා නොවේ. ඇයට තළා පෙළා ඇයට හිංසා කොට, ඇයට රිදවා තම ආශාව ඇය මතින් මුදාහළ ජඩයෙකි (දංකුට්ටා* ඔහු. ඇගේ මුහුණේ, ශේෂ වූ සැපුම් සීරුම් ඔහු දුටුවේය. ’’
දංකුට්ටා, ආමි ගුණේ, රණා, ගොළුවා, මුතුරත්න (තාත්තා* හීන් නගා, චූටි මැණිකේ, ගජමිණි අනපේක්ෂිතව මිහිමතින් සදා කාලිකව සමු ගනී. පාතාල කල්ලි බිහිවන නඩත්තුකෙරෙන සමාජයක සමාජ තතු පහදන්නට කතුවරයා දක්වන උනන්දුව මෙහි කැපීපෙනෙන ලක්ෂණයකි. 
මිනිසෙකු අපරාධ කරුවෙකු වන්නේ කෙසේද, යහපත් ජීවිතයක් ගත කිරීමේ අභියෝගය හමුවේ මව, පියා, දරුවා හෝ සොයුරිය සමාජයේ කිසියම් අසාධාරණයකට ලක්වුවහොත් ඊට පවුලේ අනෙකා දක්වන ප‍්‍රතිචාරය බොහෝ අවස්ථාවල එම පාත‍්‍ර වර්ගයා තුළින් තවත් දංකුට්ටෙකු බිහි කරවීමට හේතු වෙයි. වෘත්තාන්තය තුළ ඉවක් බවක් නොමැතිව අපරාධ සිදු කරන දංකුට්ටා දේශපාලනඥයා සහ පොලිස් නිලධාරීන්ගේ කුළුපග මිතුරෙකු වීම ව්‍යසනය උත්සන්න කිරීමට හේතු වෙයි. එහි ඵලයක් වශයෙන් සදෝෂ චිත්ත සහගත පරපීඩාකාමී කුහක චෛතසිකය අපරාධ කරුවා තුළින් ප‍්‍රකෝපකාරී ලෙස නැගීසිටින්නේ අවිහිංසක මුතුමිනි කෙරෙහිය. ඉඳුරන් පිනවීමට ලිංගික චර්යාවෙහි යෙදෙන ධනවතුන් දේශපාලනඥයන් පිළිබඳ ඉඟි කරන කතුවරයා, සභාපති නිවසේ කාමරයක ලැගුම් දී ඇති රූමතිය මගින් සංකේතවත් කරයි. මෙය. ධවල වර්ණයෙන් සැරසී කෙලෙස් තැවූ තවුසන් මෙන් සමාජයට මුහුණ දෙන්නන් හට කතුවරයා ගසන අතුල් පහරක් වැනිය.     
කවර යුගයක වුවද, සාහිත්‍ය ප‍්‍රවණතා පැන නැගීමට, යම් ගැටලූවක්, සමාජ සංසිද්ධියක්, දේශපාලනික ප‍්‍රවණතා, සාමාජික කාරණා ආදී කුමක් හෝ හේතු වන අතර 60 දශකයෙන් පසුව ලංකා සමාජයෙහි විවිධ කාල පරිච්ෙඡ්ද තුළ සිදු වූ පෙරළි සමාජයේ පන්ති භේදය, දේශපාලන චින්තනයේ ග‍්‍රාමීය සංක‍්‍රමණය, ¥ෂිත දේශපාලනය, ගම තුළ සිදුවුණු පරිවර්තනය, තරුණ අසහනය, වැනි තේමා පදනම් කර ගත් නවකතාවල ප‍්‍රවණතාවය 70 දශකයෙන් පසු වැඩි වූ බව පෙනෙයි. සමාජ විඥානය, දේශපාලන විඥානය, වඩවමින් පවුලේ ඛේදවාචකයක් සංකීර්ණ ආර්ථික සාමාජික හා දේශපාලනමය සබඳතා ජාලයක් ස්පර්ශ කරන නව කතා බොහොමයක්, සහෘදයන්ගේ හද දිනා ගැනීමට සමත් ව ඇති බව නොරහසකි. 
ධනය ඉපයීමටත් සල්ලාලකමටත් යොමුව ඇති ප‍්‍රාදේශීය දේශපාලනඥයාගේ ගේ කාමසුඛල්ලිකානු හරසුන් ගොරතර දිවියේ සෞන්ධර්යාත්මක පක්ෂය පවා ඊට සමගාමීීව ඉදිරිපත් කිරීම කෘතියෙහි ඒකාග‍්‍රතාව මනාව හැසිරවීමකි.  එනම්, නිල් චිත‍්‍රපට හා මත්පැන් මෙන්ම දඩමස් බුදීම ආදී කාරණා, සෘණාත්මක ලක්ෂණ අඩු වැඩි වශයෙන් ගමට සංක‍්‍රමණය වීමට ක්ෂුද්‍ර දේශපාලනය කොතෙක් බලපෑවේද යන්න තීව‍්‍ර කිරීම, කතුවරයා සිදු කරන අධ්‍යයනයක ඵලයක් මෙන් හැෙඟයි. ඔවුන් මුහුණ දුන් ව්‍යසනයන්ට විසඳුම් සොයා ගත හැකි කෙටි කාලීන මෙන් දිගු කාලීන මාර්ග සියල්ල ඈත නෙපෙනෙන ක්ෂිතිජ සීමාව ඉක්ම ගිය නොපෙනෙන ඉමක සැඟව ගොසිණි. පීඩාවේ අන්තයට පාත‍්‍රව සිටි ගජමිනි අසාධාරණ වස්තුව උපයෝගී කර ගෙන විවිධ ජයග‍්‍රහණ අත්පත් කර ගත් නමුදු, අවසානයේ අර්බුද රැුසකට මැදි විය. කෘතිය අවසන් වනුයේ වියැකී ගිය සොයුරු පෙම හමුවේවෙඩි දුමාරයේ දුගඳ මැද සිය දෑත්වලට මාංචු වැටීමත් සමගය. 
ඉතා කුඩා අපචාර සිදු කිරීම මගින් විශාල දේ නොපැකිලිව සිදුකරන්නට පෙළඹීම මෙන්ම විශාල අපරාධවලට යොමුවන ආකාරය එමිල් ඩූක්හයිම් වැනි සමාජ විද්‍යාඥයින්ගේ විග‍්‍රහයන් තුළ කියවෙයි. මැදියම් රැුයේ යාබද නිවසට කුඩා ගල් කැබලි විසිකරන මිනිසාගේ කුඩා දරුවන් පසු කලෙක අනෙකාට හිරිහැර කිරීමෙන් විශාල සතුටක් ලබන්නට පුරුදු වෙයි. ඔවුන්ගේ දරුවන් පවා සොරකම, ඊර්ෂ්‍යාව කුහකකම වැන්ි ව්‍යසනයන් ජීවිතයට ඇවැසි දෙය ලෙස වටහා ගනී. මිනිසුන් මුදලට අලෙවි වීම, විරුද්ධ වාදීන් පෝශණය කිරීම  වැනි හීන දීන ලක්ෂණ පක්ෂ දේශපාලනය තුළ ගම්‍ය වන සමාජ ව්‍යසනයක් වශයෙන් ප‍්‍රකට කරයි.     
නාගරික දේශපාලනය ගමට බලපෑ අයුරු හෙළි කරන්නට දරන උත්සාහය තුළ, කතුවරයා කෘතිය තුළ ශපත කරන, බලය, සමාජය ප‍්‍රතික්ෂේප කරන දේ සඳහා කුප‍්‍රකට ලෙස භාවිතා කරන ප‍්‍රාදේශීය දේශපාලනඥයා, පමණක් නොව මිනිසා තුළ තිබෙන කෲරත්වය, ම්ලේච්ඡුත්වය මෙන්ම ඔවුන්ගේ උප අවිඥානයද හෙළි දරව් කිරීමේ වගකීමෙන් මිදී ඒ සඳහා ප‍්‍රබල උත්සාහයක් ගෙන නොමැති වීම අඩුපාඩුවකි. සම්ප‍්‍රදායට අනුගතව ජීවත්වන ගැමි ජනයා සංකේතවත් කරන මුතුරත්න ගේ චරිතය වෘත්තාන්තය තුළ ප‍්‍රබල ඉස්මතු කිරීමක් කර නොමැත. නවකතාවේ අවසානය විසල් ඛේදවාචකයක් දක්වා ගෙන එයි.  ජයසේන, සහ පොඞ්ඩි ඉදිරියේ ගජමිනි තමා ගැන පාපොච්ඡුාරණයක් සිදු කරයි. මව සියල්ල දරා ගෙන ජීවත් වන ආකාරය මෙන්ම මුතුමිණි සහ පොඞ්ඩි සංස්කෘතිය ආරක්ෂා කරමින් ඉදිරියට ගමන් කරයි. මව සහ පියා චරිත ඉස්මතු කරන ආකාරයත් ආමි ගුණේ සිද්ධියකට දෙකකට පමණක් ලඝු කිරිමත් කතුවරයාගේ සංවේදිත්වයේ ඉම පටු තැනකින් නතර වී ඇති සෙයක් පෙන්නුම් කරයි. ‘ථිර’ ගේ මරණය සිදු වීම සහෘදයාට දැනවීමට කතුවරයා එතරම් යත්න දරා නැත. මෙම නවකතාවෙහි ලිංගිකත්වය මෙන්ම මිනීමැරුම් බහුලව ඉස්මතු කර තිබීම සහෘද මනසට යම් අපුලක් දනවන්නේද යන පැනය යමෙකුට හැඟීමට ඇති ඉඩ කඩ ද බොහෝ ය.    
නූතන ඇතැම් නිර්මාණයන් තුළ අනුරාගය දනවන ලිංගික කාරණා කිසියම් අපුලක් දනවන ආකාරයෙන් කියවීමට ලැබෙන අවස්ථා එමටය. මෙම කෘතියෙහි එන සභාපති සහ සහචරයන් එක්ව නිරුවත් වීඩියෝ දර්ශන නරඹන අවස්ථාවේ කෙරෙන විග‍්‍රහ කිරීම අමු ගතියක් දනවයි. එහි සෘංගාර රසයක් ඉස්මතු නොකිරීම ඒ චරිතයන්හි  අධ්‍යාත්මය පිරිසිඳීමකි. නිර්මාණකරුවා සිය චරිත විකාශයේදී නිර්මාණය තුළට ලිංගික කාරණා බලහත් කාරයෙන් ඇතුල් කිරීම එහි රසයට බාධාවක් මෙන්ම පාඨකයා කෘතියෙන් ඈත් කරවීමට ද බලපානු ඇත. 
ලිංගිකත්වය හා දුස්චරිත පිළිබඳව විවාහ සංස්ථාව හෙළාදකින තහනම් සබඳතා සාමාන්‍ය ලෙස නොසැළකියයුතුය යන අදහස පශ්චාත් නූතනවාදීන් නොසළකා හරින අතර නූතන බොහෝ නවකතා තුළ බහුලව ස්පර්ශව ඇති දෙයකි.  ‘‘හැම නවකතා කරුවෙක්ම එයාගේ නිර්මාණවලට සෙක්ස් ඇතුළත් කරනවා. එහෙම නැත්නම් එයාගේ ෆික්ෂන්ස් ලියවිල්ලෙ තේරුමක් නෑ. ලිංගිකත්වය කියන කාරණය මිනිස් ජීවිතය තුළ වැදගත්ම දෙයක් ඒ නිසා ඒ ගැන ලියන එකෙන් වැළකෙන්න පුළුවන් කමක් නෑ. මූලික වශයෙන් මානව සම්බන්ධතා සෘජුවම මෙහෙයවන්නේ ලිංගිකත්වයට තියෙන කැමැත්ත උඩයි. ’’ (කුෂ්වාන්ත් සිං*
දේශපාලන නවකතාවක චරිත, සමාජ දේශපාලන සංදර්භයක් ඔස්සේ විකාශය වන චරිත වෙති, සම්ප‍්‍රදාය අනුව පෙරට පැමිණි ගම අර්බුදයට ලක්වන ආකාරය පිළිබඳ කතිකාවකට මුල පිරුවද අවසානය රහස් පරික්ෂක නාට්‍යයක් මෙන් නිමා කර තිබීම, මානව ජීවිත, ආදරය ප‍්‍රචණ්ඩත්වය, සෘංගාරය පමණක් නොව දේශපාලනය පිළිබඳ අරුතක් ද මූර්තිමත් කරන්නට යත්න දරන කතුවරයා තුළ දකින එක් දුබල තාවක් ලෙස පෙන්නුම් කරයි. එක් ගැටුමක් තවත් ගැටුම් රාශියකට හේතුවන අයුරු මෙන්ම සාමයෙන් සමගියෙන් ජිවත් වූ ගමක අර්බුද රැුසක් නිර්මාණය වූ ආකාරයත් ප‍්‍රාදේශීය දේශපාලනය අදෘශ්‍යමාන හස්තයක් ලෙස ක‍්‍රියා කරන ආකාරයත් ගැඹුරින් විමසිය යතු කරුණු වෙයි. ප‍්‍රාදේශීය දේශපාලනඥයාගේ ගමන  මත් ද්‍රව්‍ය, පුරාවස්තු කොල්ල කෑම ආදියෙන් විස්ථාපනය වූ එකකි. පොදුවේ ආගමික හා කෘෂි ජීවිතයෙන් ශික්ෂණය වූ සමාජයක් උඩු යටිකුරු වන ආකාරය අවලමා සහ අරටුව තුළින් කතුවරයා සාකච්ඡුා කිරීමට උත්සාහ දරයි. කොතෙක් දුෂ්කර දෙයට මුහුණ දෙන්නේ නමුදු ජීවිතය, හැර නොයා යුතු දෙයක් ලෙසත්, පයට වළ ගොඩැලි සහ ගල් බොරළු සහිත රිදුම් දෙන මාවතක වද විඳ විඳ පා නගන පීඩිතයින් ගේ හෙට දවස ද, මිරිඟුවක් සේ පෙනි පෙනී මේ ජීවිත අත් විඳින්නේ හරසුන් හා බොල් බවින් පිරි සමාජමය හරයන්ම නොවේද. යන්න පසක් කරන ලේඛකයා මිනිසාගේ සහජාසාවන් ශිෂ්ටත්වය නැමැති පෙනේරයෙන් පෙරා ගත් කළ සමාජයට හානිකර නොවන ආකාරයක් දනවමින් පශ්චාත් ලිබරල් සමාජ ආකෘතියක සළකුණු ලකුණු කරමින් පොඞ්ඩි සහ ගජමිණි මහ උළු ගෙදරට යැවෙයි. අනෙකා දෙස අව්‍යාජව බැලීමටත් පීඩාව දුරලීමටත් ඉතිහාසය ලබා දී ඇති පාඩම් පිළිබඳව කතුවරයා අපට සිහිපත් කරවයි. 
තේමා කිහිපයකින් යුතු වෘත්තාන්තයක් ලෙස පී. බි. ජයසේකරයන් ‘අවලමා සහ ඇහැටුව’ පාඨකයාට සමීප කරමින් කාන්තාව කායික, මානසික හා ලිංගික වශයෙන් හිංසනයට පත්වන ආකාරයත් සමාජයක පුරුෂයන්ගේ චර්යාව මත කාන්තාවගේ සමාජතත්ත්වය තීරණයවන ආකාරයත් දේශපාලනය අදෘශ්‍යමාන හස්තයක් ලෙස යටි බිම් ගතව දියත්වන ආකාරයත් විශද කරවීමට කතුවරයා වැයම් කර ඇත. 
කාන්තාව පීඩනයට පත් කිරීමත්, ඊට ගොදුරු වීමට හේතු යුක්ත වූ සියළු පීඩනයන් ගේ ඇරඹුම සිදු වූයේත් මානව සමාජයේ ම්ලේච්ඡුම අවධියේ ය. ‘‘ප්‍රෙඞ්රික්ස් එංගල්ස් ’’ 

සුනිල් කුමාරසිංහ අතුකෝරල