Thursday, September 12, 2013

සම්මාන දෙනව නම්ත මෙන්න නවකතාෟ - අමරෙගේ පොත් විචාර

මේ වනා හී ඵෙතිහාසික නවකතාව වල් වැදුණු යුගයෙකිග ඇතැම් මහාචාර්යවරු මේ ක්ෂේත්රකයට අත ගසා ත ඉතිහාසය අමු -අමුවේ විකෘති කරතිග රජවරුන් බොළඳ පෙම්වතුන්ට හා විකටයන්ට අන්දතිග මේ අපරාධයෙන් සිංහල ඵෙතිහාසික නවකතාව බේරාගැනීමට දෝ සුසන්ත මහඋල්පත මාහැඟි ඵෙතිහාසික නව කතාවක් ලියා තිබේග ඔහු ඉතිහාසයත් රැකගෙන සිත්ගන්නාසුලු නවකතාවක් ද ලියා තිබේග


දීර්ඝ කාලයකට පසුත සිංහලෙන් රචනා වූ පරිපූර්ණ නවකාතවක රස - භාව විඳින්නට ලැබිණිග පරිපූර්ණ යන්නෙන් මා අදහස් කරනුයේ එහි අන්තර්ගතයේ වැදගත්කම හා ශිල්පීය පක්ෂයෙහි සාධනීය භාවය යිග මේ අංශ දෙක ම තුලනාත්මක ලෙස සලකා ප්ර බන්ධය රචනා වී ඇතග නවකතාව  ර්‍ණපර්ජන්යාල” නම් වේග ඒ නම පවා විවිධාර්ථවත් යග කතුවරයා කැලණිය විශ්වවිද්යාාලයයෙහි සිංහල අංශයෙහි මහාචාර්ය සුසන්ත මහඋල්පත යග ඔහු මේ කෘතියෙහි ප්රධබන්ධකරණය සඳහා දීර්ඝ පර්යේෂණයක නිරත වී ඇති බව දල බරපතළ නිර්මාණ අභ්යා සයක යෙදී ඇති බව දල ඒ සඳහා සැලැකිය යුතු කාලයක් මිඩංගු කර ඇති බව ද පෙනී යයිග
ඓතිහාසික නවකතා ගණයෙහි ලා සැලැකිය හැකි මේ ප්රසබන්ධය එම ක්ෂේත්රකයට හඳුන්වා දිය හැකි නියාමන කෘතියක් සේ හැඳීන්වීම යුක්ති සහගත යග මා එසේ කියනුයේ තර්ක දෙකක් මුල්කරගෙන යග පළමුවන්න ඓතිහාසික සංසිද්ධීන් ප්රයතිනිර්මාණය සඳහා සුසන්ත මහඋල්පත තෝරාගෙන ඇති නිවැරැදි ක්රනමවේදය යිග ඔහු ඉතිහාසය විකෘති කරන්නේ නැතග ඓතිහාසික චරිතවල ගෞරවයල විශ්වාසය හා අනන්යිතාව බිඳ දමන්නේ ද නැතග දෙවන්න නව ප්රඳබන්ධයක ඇති ප්ර්හර්ෂය උපරිම ලෙස තහවුරු කිරීමට කතුවරයා සමත්වීම යග මෙය දුෂ්කර ව්යාපයාමයෙකිග ඉතිහාසයේ කථාන්දරවලට යටවීමෙන් නවකතාවේ අංගප්රරත්යංලග බිඳී යා හැකි යග නවකතාවේ ශිල්පීය අංශයට යට වීමෙන් ඓතිහාසික සංසිද්ධීන් විකෘති ලෙස නිරූපණය විය හැකි යග මේ ද්වි ගැටුමට මැදි ව සාර්ථක ප්රූබන්ධයක් ගෙතීමට මහඋල්පත සමත් වේග එය බරපතළ ජයග්රිහණයක් සේ සලකන්නට පුළුවනග
ඓතිහාසික කතා වස්තු මුල්කොට මෑතක දී පළ කරන ලද බොහෝ නවකතා පල්හෑලි ලෙස සලකා ඉවත දැමිය යුතු යග එම පොත්ගෙඩි විසින් ඓතිහාසික සංසිද්ධීන් අමු -අමුවේ විකෘති කරනු ලැබේග එලෙස ම අපගේ අභිමානයට හා වීරත්වයට හේතු වූ බලසම්පන්න චරිත විහිළුකාරයන් හා රූකඩ බවට පත් කරනු ලැබේග මේ වනාහී අපරාධයෙකිග එම කතුවරුනට එරෙහි ව නඩු පැවරීම වුව යුක්ති සහගත යග සුසන්ත මහඋල්පත මෙබඳු සන්දර්භයක් තුළ සිය නිර්මාණය ඉදිරිපත් කරන බැවින් එහි අගය තීව්රක වන බව කිව යුතු යග
කථා වින්‍යාස ගොඩනැඟීමල සිද්ධි නිරූපණයල චරිත නිරූපණයග සංකේත භාවිතයල භාෂා පරිහරණයල බඳු ශිල්පීය අංශ මනාව ගළපමින් දේශීය සිංහල කියැවීම් රටාවට උචිත ආඛ්යාිනයක් පෙළගැස්වීමට මහඋල්පත සමත් වේග එම ආඛ්යාආනයට අවශ්යප පදනම උකහාගෙන ඇත්තේ සම්භාව්යත ගද්යම සාහිත්යඛයෙනිග අපට හැඟෙන පරිදි ඓතිහාසික නවකතාවට ගැළපෙන නිර්මාණාත්මක භාෂාවට හා සංයමයට කදිම ආදර්ශයක් ලෙස  ර්‍ණපර්ජන්යා ” නවකතාව පෙන්වා දිය හැකි යග
 ර්‍ණමහා භාරතය නමින් හඳුන්වනු ලබන මේ සුවිශේෂී වූ දේශයේ උතුරින් මහා ආරක්ෂක පවුරු වළල්ල ලෙසින් තුංග හිමාල කඳුවැටිය විරාජමාන වෙයිග එයින් උපත ලබන ශුද්ධ ජලභාරයන් ගෙන යනු ලබන ගංගා - යමුනා දෙගංගාවෝ දෙපස තැනිතලාවන් සශ්රී ක කරමින් සුවිශාල භූමි භාගයක සාංස්කෘතික පරිස්ථිතිය ද පෝෂණය කරතිග උතුරින් හිමාලය ද දකුණින් වින්ධ්යාද කඳුවැටිය ද හිම්කොට ගන්නා උත්තරාපථයල ඊසාන දෙසින් ගාන්ධාරය දක්වා ම දිව යයිග බටහිර සීමාව පන්ජාබයේ ඈත කෙළවර දක්වා විහිදෙයි”

:නීල ධම්මිල්ල - 1 පරිච්ඡේදය*

නවකතාව ආරම්භ වන්නේ ජවසම්පන්න වර්ණනාවක් සමඟ යග මහා භාරතය හෙවත් ඉන්දියාව පිළිබඳ පුළුල් හා ගැඹුරු චිත්රඟයක් මේ ඔස්සේ මැවී යයිග එතෙකින් නොනැවතී කතා විකාශනයට අවශ්යේ කුහුල හා ප්රයහර්ෂය ද මේ මගින් ඇති කරනු ලැබේග මෙහි යටි පෙළ වන්නේ මතුවට එන අන්තර්ගතයෙහි ගැඹුරද සංකේතවත් ව ඉදිරිපත් කිරීම යග
නවකතාවට පාදක කරගත් ඓතිහාසික පුවත වන්නේ දන්ත ධාතූන් වහන්සේ ශ්රීක ලංකාද්වීපයට වැඩම කරවීම යග බුදුන් පිරිනිවීමෙන් ඉක්බිති බ්රකහ්මදත්ත රජුගේ පූජා භාණ්ඩයක් සේ වන්දනාමානයට ලක් වූ දළදාව පසු ව කාලිංග වංශික ගුහසීව රජු භාරයට පත් වේග ධාතූන් මුල්කොට කාලිංග හා පාණ්ඩ්යත පෙළපත් අතර මතුවන ගැටුම් හේතුකොට එහි මතු ආරක්ෂාව පතා ශ්රීය ලංකාවට වැඩම කරනු ලැබේග සුදන්ත කුමරු හා හේමමාලා කුමරිය ධාතූන් ප්රීවාහනයට මුල් වූහග මේ සිදුවීම පිළිබඳ විවිධ කියැවීම් බෞද්ධයා සතු යග මහා වංශයල පූජාවලියල දීඝ නිකායල දළදා පූජාවලියල දාඨාවංශයල සුළු රාජාවලියල එළුඅත්තනගලුවංශය එකී මූලාශ්රාවලින් කිහිපයකිග
කතුවරයා මේ සියලු කියැවීම්වල සම්පිණ්ඩනයක් ගෙන නිවැරැදි අවස්ථා නිරූපණයක නිරතවේග වඩාත් වැදගත් වන්නේ එදා භාරතය ගැනත්ත එදා ශ්රී් ලංකාව ගැනත් විචිත්රභ පසුබිමක් කතුවරයා අතින් ප්ර ති නිර්මාණය වීමයග මේ මූලික සිදුවීම පසුපසින් ඇති සමාජ ආර්ථික සාධක මෙන් ම දාර්ශනික පසුතල ද කතුවරයා විසින් මැනැවින් නිරූපණය කරනු ලැබේග ඉතිහාසකාරයා නොදුටු මනුෂ්යනත්වය නවකතාකරුවා ග්රැහණයකොට තිබේග ඒ හැරෙන්නට මනුෂ්‍ය ජීවිතය හා ආත්මය පිළිබඳ දාර්ශනික කියැවීමක් ද නවකතාවට ඇතුළත් යග
එම දාර්ශනික කියැවීම නිරූපණය කැරෙනුයේ පජ්ජුන්න හා මේඝභාරා යන චරිත ඔස්සේ යග
 ර්‍ණසිහිවටනයක් සේ ඔබේ තනි භාරයට දිය නොහැකි එක ම දෙයක් පමණයි මේ කාලිංග දේශයේ තිබෙන්නේද”
කුමරිය වහා පිළිතුරු දුන්නා යග ඇගේ ව්යං්ගාලාපය පරමෝත්කෘෂ්ට අනුපමයන් පිළිබඳ ව බව කුමරාට අනුමාන කොට ගත හැකි වියග
 ර්‍ණපිය රජතුමන්ට අනු දන්වා හෝ ලබාගත නොහැකිවේ ද කුමරිය?”
 ර්‍ණමා අදහස් කරන වස්තුව නම් නො හැකියි”
 ර්‍ණඔබ අදහස් කරන කාරණය නො වේග නො වටිනා ලෙසින් ඔහේ දමා ඇති දෙයක්”
කුමරාගේ අදහස තේරුම්ගත නොහැකි ව ඇය හාත්පස බැලුවා යග
 ර්‍ණඔබේ පාමුල දමා ඇති දෙයක්”
කුමරා ඇයට සහාය වියග
කාරණය අවබෝධ කරගත් කුමරියගේ වතෙහි පිර හායංකර සිනහවක් පැතිර ගියේ යග
 ර්‍ණගැහැනියකගේ නො වටිනා කෙස් කළඹක් ඔබට කුමට ද?”

සැබවින් ම ගැහැනියක ගේ වරලසක් තමාට නිෂ්ප්රමයෝජන යග ඇය හමුවේ එවැනි ප්රිකාශයක් කිරීම තමාට තරම් නො වේග
 ර්‍ණකුමරිය සමාවන්නල නභෝ ගර්භයේ නීල වලාවක් වර්ෂාව ලෙසින් බිම පතිත විය හැකි යග මේත් එවැනි ක්රිවයාදාමයක් ද?
:7 පරිච්ඡේදය - 161 - 162 පිටු*
මෙහි එන පජ්ජුන්න යනු අප දන්නා සුදන්ත කුමරු යග මේඝභාරා යනු හේමමාලා කුමරිය යිග දෙදෙනා අතර ඇත්තේ අධ්යායත්මික ප්රේ මයෙකිග ඔවුන්ගේ අරමුණු හා ඉලක්ක ඇත්තේ හුදු ජීවිත මානයෙන් ඔබ්බෙහි යග එහෙත් වරින් - වර නැගී - බිඳෙන මනුෂ්යක හැඟීම් - දැනීම් මේ කතුවරයා අතින් නිරූපණය වනුයේ අතිශය චමත්කාර ලෙස යග ඉහත සංවාදය භාවපූර්ණ ද? එය කෙතරම් සංයමයකින් ඉදිරිපත් කෙරේ ද?
 ර්‍ණමේඝභාරා පෙනුමෙන් අටළොස් වියැති කුමරියක සේ පෙනේග මෙතරම් කලක් ඇය සරණබන්ධනයක නොගොසින් සිිටියේ මන්දැ’යි යන්න කුමරා වටහාගෙන සිටියේ යග ඇය ද තමා මෙන් ම තුනුරුවන කෙරෙහි සරණ ගිය නිසා යග”
:7 - පරිච්ඡේදය -177 පිටුව*
රාගයෙන් තොර ආදරයක් කොහිදැ’යි යන මෝඩ ප්රිශ්නය මේ පසුබිමට අදාළ නො වේග භගවත්ගීතාවෙහි ඊට අදාළ පාඨයක් මෙසේ යග
 ර්‍ණකෙනකුට සමාජයේ ඕනෑම තත්ත්වයක සිට ක්රි්යා කළ හැකි යග නමුත් ඔහු තත්ත්වයට ගැළපෙන නීති හා රෙගුලාසි අනුගමනය කරන්නේ නම්ත තම පැවැත්ම පිරිසුදු කර ගැනීමේ ක්රකමානුකූල ප්ර්ගතියක් ඔහුට ඇතිකර ගත හැකි යග නමුත් යෝගියකු ලෙස ප්ර්දර්ශනය වෙමින් ඇත්තෙන් ම ඉන්ද්රි යයන් පිනවීමේ දේවල් ගැන සොයන අයෙකු මහා වංචනිකයකු ලෙස හැඳින් වේග
:ගීතෝපනිෂද් – භගවත්ගීතා – සිංහල පරිවර්තනය
ආචාර්ය කේග ගුණරත්න - පිටුව - 127*
පර්ජන්යාේ කෘතිය ප්රභධාන කියැවීම් ධාරා දෙකක් ඔස්සේ පරිහරණය කළ හැකි යග එක් ධාරාවක් වන්නේ භාරතීය දර්ශනයල ඉතිහාසය හා එම සංස්කෘතික හැදෑරීම් ඔස්සේ මේ කෘතිය ආස්වාදය කිරීම යග අනෙක් ධාරාව වන්නේ ප්රේබන්ධ කථාවේ හුදු ශිල්පීය අංශ කෙරෙහි අවධානය යොදමින් සරල කතා රසයක් විඳීම යග මේ කොයි ධාරාව දිගේ ගමන් කළ ද පර්ජන්යාන අපූරු නවකතාවකිග එහෙත් පර්ජන්යාදහි මුළු සාරය උරා ගැනීමට නම්ත පළමු ධාරාවෙහි ශික්ෂණයකින් යුතුව ගමන් කළ යුතු යග පර්ජන්යාත නැවත-නැවත කියවන විට අලුත් අලුත් අර්ථ ප්රයකාශ වේග
හර්මන් හෙසගේ සිද්ධාර්ථ කියවන කල දල ගාමිණී සුමනසේකරගේ වඳිමි සිදුහත් කියවන කල දල ජීවිතය හා ආත්මය පිළිබඳ අලුත් අර්ථකථනවලින් අපේ මනස පිරීයයිගිආනා කැරනිනා” කියවන කල ද :ටොල්ස්ටෝයි*ිසන් ඔල්සෝ රයිසස්” කියවන කල ද ප්රේුමය පිළිබඳ නව නිර්වචන අපේ සිතට ගලා එයිග ජාතක පොතල මහා භාරතයල වැනි කෘති කියවන කළ ජීවිතය පිළිබඳ මහා ගැඹුරක් අප සිතට නැඟී එයිග එබඳු කියැවීම් ලතාවක් පර්ජන්යාග ඔස්සේ ද ගොඩනඟා ගත හැකියග මේ කෘතිය යළි - යළිත් වින්දනය කළ හැකි යග එක් අතෙකින් එය ජීවිතය හා පරමාශ්වාදය පිළිබඳ අලුත් අත්හදාබැලීමක් සේ ගත හැකි යග
කතුවරයා කියන ලෙස මේ කතාවේ ආරම්මණය වන්න් උදයභද්ද ජාතකයයිග සුරන්ද නම් නුවර කසී රජුගේ පුත්රභ උදයභද්ද කුමරාගේ හා උදයභද්රාක කුමරියගේ කතාව ඊට ඇතුළත් යග දෙදෙනා වෛවාහික ජීවිතයට ඇතුළුවන්නේ වුවත ඔවුන’තර කායික බැඳීමක් හෝ සන්තර්පණයක් හෝ නැතග ඔවුන්ගේ අරමුණු ජීවිත සීමාවෙන් ඔබ්බට ගොසිනිග අවුරුදු හත්සියයකට පසු කුමරා මිය ගොස් ශාක්රනයාව උපදීග පසුව උදයභද්රු කුමරියගේ බ්රාහ්මචාරී බව පරීක්ෂාව කරනු වස් ශක්රි දෙවිඳු වෙනත් වේෂයක් මවාගෙන රන් මසු ද ගෙන කුමරිය මුණ ගැසේග ඇය ළඟ රාගනිඞශිත බැල්මක්වත් නැතග නැවත - නැවත පරීක්ෂාව කළ ද ප්රගතිඵලය එක ම වේග මේ කතාවේ වැදගත් ම නිරූපණය වන්නේ ජීවිතයේ අනිත්යප බව හා නිස්සාරත්වය සංකේතාත්මකව ඉදිරිපත් කිරීම යග උදයභද්ද ජාතකයේ මෙන් ම පර්ජන්යාා නවකතාවේ යටිපෙළ වන්නේ ද අප ගෙවන භෞතික ජීවිතයේ යථාර්ථය පසක් කිරීම යග පර්ජන්යා  ධාතු වැඩමවීමේ සංසිද්ධියට ඔබ්බෙන් තැබිය හැක්කේ ඒ නිසා යග
 ර්‍ණකෂාය වස්ත්රඅධාරී වීම මේඝ භාරාගේ සිතට කිසිදා නො පැමිණි අදහසකිග තමා බොහෝ සේ ඇලුම් කරන ශ්වේත වස්ත්රැය විමුක්ති මාර්ගය ආවරණය කරන්නකැ’යි ඇයට නොසිතේග”
 ර්‍ණකීරවැල්ලේ පදිංචියෙන් පසු පජ්ජුන්න වැඩි වශයෙන් ගත කරනු ඇත්තේ විවේකී ලෙන් කුටියේ බව සිතාගත හැකි යග ඔහුගේ අරමුණ සාක්ෂාත් කිරීම වෙනුවෙන් පුර්ණ සහයෝගය ලබාදීමට මේඝභාරා අදිටන් කොටගෙන සිටියිග උදයභද්දාවට මෙන් දිව්යු ලෝකයට යෑමේ වුවමනාවක් ඇයට නැතග බුදුන් දේශනා කළ සදාකාලික දුකින් මිදීමේ මාර්ගයක් දිව්යන ලෝකයේ නැති බව ඇය දනීග
:20 -පරිච්ඡේදයල සන්සිඳීම - 463 පිටුව*
කතුවරයා සිය පාඨක සමුහයා සෙමෙන් සෙමෙන් රැගෙන යන්නේ එක් නිශ්චිත අරමුණක් වෙත යග එය බෞද්ධ දර්ශනයට එකඟ යග අපගේ ජන විශ්වාසයට උචිත යග
මේ කතාව කියැවීමෙන් විශාල මානසික අස්වැසිල්ලක් ද ලැබේග පර්ජන්යාක යනු කලකට පසු සිංහලෙන් පළ වු ප්රේශස්ත නවකතාවකිග

රන්ජන් අමරරත්න