Thursday, October 23, 2014


බටදොඹ ලෙන

ශ්‍රී ලංකාවේ ප්රා ග් ඓතිහාසික මානව ජීවිත විමසන පුරා හා මානව විද්යාටඥයින්ට ලංකාවේ එලිමහන් හා ලෙන් වාසස්ථානවලින් ලැබී ඇති සාධක එයල අදින් වසර 1ල25ල000 ක් පමණ දුරාතීතයකට අපව කැඳවනු ඇතග ඓතිහාසික ස්ථාන පිළිබඳ විමසීමේ දී ඉන් වැඩිම ප්ර්මාණයක් සබරගමු පළාතට අයත්ව ඇති බවත් එයිනුත් සබරගමුව ගල් ලෙන්වලට සුවිශේෂී බවක් ලැබෙන බවත් පුරාහා මානව විද්යා්ඥයින් මේ වන විට තහවුරු කර ඇතග
මිනිස් අවයව පොසිලල ශිලා අවි ආයුධල සත්ව ඇටකටුවලින් තැනූ උපකරනල සිප්පි කටු මාලල මෙම ලෙන් කැණීම්වලින් සොයාගෙන ඇති අතර පුරා හා මානව විද්යා  පර්යේෂණවලට අනුව නූතන මිනිසා ලක්දිව විවිධ ප්රෙඇද්ශවල අදින් වසර 38 දහසක පමණ කාලයක සිට ජීවත්වන බව තහවුරැ කර ඇතග :ආචාර්ය සේපාල සමරසිංහල මානව විද්යාල අංශයල ජයවර්ධනපුර සරසවිය*
ශ්රිය ලංකාවේ ප්රාහග් ඓතිහාසික මිනිසා ලොව පුරා විසූ අනිකුත් මානවයින් සමග අවම වශයෙන් අදින් වසර 250000 කට පෙර සිට අඛණ්ඩව වසර 5000 ක පමණ කාලයක් වර්ධනය වි ඇති බවට නිරික්ෂණයට ලක්ව ඇතග බලන්ගොඩ මානවයාගේ පරිණාම අවදිය ක්රිඇගපූග125000 පමණ කාලයේ සිට ක්රිදගපූග700 පමණ දක්වා සිදුව ඇතැයි අනුරාධපුර සල්ගස්වත්ත කැණීමෙන් සනාථවන කරන මහාචාර්ය එස්ගයූදැරණියගල මහතා වර්තමාන වැදි ජනයා බලන්ගොඩ මානවයාගෙන් පැවත එන ජන කොටසක් වශයෙන් අදහස් දක්වයිග
බලන්ගොඩ මානවයා සම්බන්ධයෙන් හඳුන්වන්නට මූලික පදනම වන්නේල 1940 වර්ෂයේ ඇරඹි රත්නපුර මැණික් පතළයකින් ලැබෙන සත්ව අවශේෂ පරීක්ෂා කිරීමේ හා විශ්ලේෂණය කිරීමේ ප්රපතිඵලයක් වශයෙන් හා බෙල්ලන්බැඳිපැලැස්ස මානව හිස්කබල හමුවීමත් සමගයග ඉන්පසු 1956ල 1957ල 1958ල 1960ල 1963 :1986 පාහියන්ගලල හිස්කබල් 03 නූතන මිනිසා* දකුණේ බූන්දල පතිරාජවෙලල කිතුල්ගල බෙලිලෙනල කෑගල්ල දොරවක ලෙනල :නූතන මිනිසාගේ පොසිල සාධක* වලවේ නිම්නයේ බෙල්ලන්බැඳි පැලැස්ස මේ ස්ථානවල සිදු කරන ලද කැණීම් වලින් නූතන මිනිසා අදින වසර 29000 සිට 11000 දක්වා කාලයක් මරිණාමීය වශයෙන් වාසය කර ඇතග මොවුන්ගේ මුල්ම හා වැඩිපුරම සාධක තහවුරු කරන්නේල සබරගමුව ආශ්රෙකයණිග වර්ෂවල  බෙල්ලන්බැඳිපැලැස්සල රාවණාඇල්ලල බඹරගලග උඩුපියන්ගල්ගේල සමග බටදොඹලෙන ආදි ස්ථානවල ගවේෂණයන්හි ප්රසතිඵලයක් වශයෙන් අති පැරණි පාෂාණ භූත මානවයා බලන්ගොඩ මානවයා ලෙස ප්රපකට වියග
මානව පරිණාමයේ එන හෝමෝ හැබිලිස්ට පසුව ප්රකකට වු හෝමෝ ඉරෙක්ටස්ට නැකම් කියන බලන්ගොඩ මානවයා චීනයෙන් ප්ර කට වූ පිකිං:ගින්දර සොයාගත් මානවයා*ල ජාවා දූපත්වලින් ලද පොසිල අනුව ජාවා හි ඔරසපසක සහ ී්බටසර්බ යන ප්රවදේශවලින් ලැබුණ ජාවා මිනිසා  මෙන්ම නියැන්ඩතාල් :වසර දශ ලක්ෂයේ සිට වසර 35000 දක්වා කාළය තුළ ජීවමානව සිටි*ල කොමෑණියන්ල අප්රිරකන්ල ආදී මානව වර්ග සමග බලන්ගොඩ මානවයාද මානව පරිණාම මාවතේ ස්ථානගත වෙමින් ලෝක ඉතිහාසයේ මානව නාමාවලියට එක්ව සිටීග එහි ගෞරවය හිමිවනුයේ මහාචාර්ය පීගඊගපීගදැරණියගල සූරීන්ට බව මෙහිලා සඳහන් කළ යුතුයග
බලන්ගොඩ මානවයා නමින් එම මානවයා හැඳින් වෙන්නේ: එම කලාපයේ බොහෝ කැණීම්වලින් එක සමාන ක්රිමයාකාරකම් සහිත මානව කණ්ඩායම් සිටි බව ප්ර ත්යුක්ෂවිම නිසා ී්චසැබි ඊ්ක්බටදා්ැබිසි*ල එම කලාපයේ බොහෝ කැණීම්වලින් එක සමාන ක්රි යාකාරකම් සහිත මානව කණ්ඩායම් සිටි බවට ප්ර ත්‍යක්ෂ කරන සාධක නිසා බව කිවයුතුයග
බලන්ගොඩ මානවයාගේ ශරීර ලක්ෂණ වාර්තා කරන මහාචාර්ය පීගඊගපීග දැරණියගල සූරීන් උස අඩි 05 අඟල් 10ල ඉදිරියට නෙරා ඇති පටු නළල් තලයල ඝන දිගටි හිස් කබලල ඉදිරියට නෙරා ඇති විශාල දත්ල නාසයත් උඩු ඇන්දත් අතර ඇති උඩු රැවුල වැවෙන ප්රරදේශයේ ඇති පුළුල් පරතරයල මුක්කන් :ඇතුළට එබුන* නාසය යන ලක්ෂණ පෙන්වා දී ඇතග
,බලන්ගොඩ මානවයා ලුණු ගැන දැනීමක් ඇතිවල මුහුදේ ජලය සමග සෘජු සම්බන්ධතාවයක් තිබුණු බවත් අපට කියන්න පුළුවන්,  :පුරා විද්යාව දෙපාර්තමේන්තුවේ කැණීම් පිලිබඳ අධ්යකක්ෂ ආචාර්ය නිමල් පෙරේරා*
ඒ අතරින් අලුතින්ම හමු වූ බලන්ගොඩ මානවයාගේ සම්පූර්ණ ඇටසැකිල්ල වසර දොළොස් දහසකට වඩා පැරණි බව ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසයිග ඇටසැකිල්ල හැරුණු විට බලන්ගොඩ මානවයා විසින් භාවිතා කරන ලද ගල් ආයුධල ඔහු කෑමට ගත් සතුන්ගේ ශේෂ සහ ගස් බෙල්ලන් සහ දිය වැනි ඔහු හුවමාරු කරගත් භාණ්ඩද මෙම කැනීමේදී හමු වී ඇතග :ආචාර්ය නිමල් පෙරේරා* ,ඇත්ත වශයෙන්ම මේ බලන්ගොඩ මානවයා ලුණු ගැන දැනීමක් ඇතිවල මුහුදේ ජලය සමග සෘජු සම්බන්ධතාවයක් තිබුණු බවත් අපට කියන්න පුළුවන්ග මුහුදු බෙලි කටුත් හම්බ වෙලා තියෙනවාග ඒ මුහුදු බෙලිකටු අතරේ තියෙනනවා ලුණු බෙල්ලන් කියන කුඩා බෙල්ලන්ගේ කටුත්, ඔහු වැඩිදුරටත් සඳහන් කරයිග

සුනිල්කුමාරසිංහ අතුකෝරල
්එයමනදර්ක්128?ටප්සකගජදප
ප්රිඑමාටා ගෝත්රදය හා මානවයාගේ විකාශනය

මානව පරිණාම මාවතේ මුල්ම ප්රිඩමාටාවන් ගෙන් වසර මිලියන 65 – 54 කාලයකදී සිදුවන පරිණාමයෙන් නූතන වඳුරන් සහ පැරණිලොව වඳුරන් :මහාද්වීප වෙන්වයාම නිසා* පැරණිලොව වඳුරාගෙන් මුල්ම වානර පූර්වජයා බිහිවිමත් ඉන්පසුව මයෝසීන වාරනයාගෙන් මෙලෙස පූර්වජයන් වශයෙන් දිගටම සිදුවන පරිණාම ක්රිපයාවලිය තුළින් ශිවපිතකස්ල රාමපිතකස්ල හොමිනින් පූර්වජයා ආචිපිතකස් භූමිවානරයාල ඔස්ට්රොසලොපිතකස් :සමකාලින සිපැන්ත්රෝකපස්:හැඩිදැඩි* පැරැන්ත්රෝීපස්* ගෙන් ලුසී මානවයාත්ල ඇපරෙන්සීස්ල ඇප්රිෝකානීස් වශයෙන් පරිණාමයවී හෝමෝහැබිලිස් :මුල්ම මානවයා* පරිණාමය වී ඇතග ප්ලයිස්ටොසීන යුගයේ එනම් අදින් වසර මිලියන 1ග8 – 0ග011 කාලයේ නියැන්ඩතාලයන් මුළුමණින්ම වඳවී ප්රානග් නූතන හෝමෝසේපියන්ල හෝමෝසේපියන්ල සේපියන් සේපියන් පරිණාමය වී මිනිසා බිහිවියග මේ වකවානුව තුළ පෙරට ගමන්කළ සත්ව කොට්ඨාස ද අපට අමතක කළ නොහැකග ප්රියමාටා අවදියේ සිට උණහපුළුවාල ලොරිස්ල ටාසියන් මෙන්ම වඳුරු ගහන යුගයේ සිට කපුචින්ලහූවඳුරාල බැබුන්ල ලැන්ගර් මුල්ම වානර පුර්වජයාගේ සිට ගිබන්ල ගොරිල්ලාල චිම්පන්සිල ඔරං උටං:ඔලිගොසීන යුගය වසර මිලියන 34 – 24 *නූතන මානවයා මෙම සත්ව කොට්ඨාස සමග මිහිමත දිවි ගෙවතිග

ආශ්රී්ය කෘතිථ-
x මානව විද්යා  මූලධර්ම - ආචාර්යල සේපාල සමරසේකර්‍
x මිනිසා සත්වයෙකිල කතිකාචාරිණීල කුලතිලක සමන්ති
x මානව අතීතයල 2001ල කතිකාචාරිණීල කුලතිලක සමන්ති
x මානව අතීතයල 2004ල කතිකාචාරිණීල කුලතිලක සමන්ති
x මානව සංහතියේ වරිගල 1999ල නෙස්තූර්
x මනුෂ්යං පරිණාමය පිළිබඳ අදහස් විකාශනයල වෛද්යෙකස්කර ලක්ෂ්මන්ල2002
x පරිණාමයට අයත් මෙවලම් හා කෘතකල මහාචාර්ය නන්දසේන රත්නපාල
x මිනිසාගේ සම්භවයල නෙස්තූර්
x ලෙනින්ගේ තෝරාගත් කෘති වෙළුම 01ල ප්රනගති ප්රකකාශන






































Friday, October 10, 2014

ජනාවාසකරණය,සංස්කෘතිය සහ සන්නිවේදනය කෘතිය 2014.09.13 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී දොරට වඩින ලදී



Saturday, October 4, 2014

මහනුවර නගරයේ සිට ගලහ දක්වා දිවෙන හන්තාන
කඳු වැටිය

.











සංස්කරණය කළේ :- සුනිල් කුමාරසිංහ අතුකෝරල
මහනුවර නගරයේ සිට ගලහ දක්වා දිවෙන
හන්තාන කඳු වැටිය
ශ්‍රි ලංකාවේ මධ්‍යම කඳුකරයේ මහනුවර නගරයට ආසන්නයේ පිහිටා අති හන්තාන කඳුවැටිය ශ්‍රි ලංකාවේ සුන්දරම කඳුවැටියකි. මහවෑලි ගඟේ අතු ගංගා නිම්න වලින් වෙන්වීඈති මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 1240 දක්ව විහිදි ඈත. මෙය මහවෑලි ගඟේ ජල පෝෂක ප්‍රදේශයකි. කඳුවැටිය හරහා ගලා බසින ගැරඬි ඔය, මහ ඔය,ගොල්ල ඔය, දොඩම් ඔය, කුඩා ඔය වැනි අතු ගංගා රෑසකට ජලය ලබා දේ. මෙම කඳුවැටියට ඈතුලු වීම සදහා මර්ග හතරක් ඈත.
·         ශ්‍රි ලංකාගුවන් විදුලි සංස්ථා විකාශනාගාරයට පිවිසෙන මාර්ගය
·         උඩවලව හන්තාන් තේ වත්ත හරහා වෑටී ඈති මාර්ගය
·         මහකන්ද සරසවිගම හරහා වැටී ඇති මාර්ගය
·         පේරාදෙනිය හරහා වෑටී ඈති ගලහ -දෙල්තොට මාර්ගයයේ දෙල්තොට නගරයෙන්ද ඈතුලුවිය හෑක

හන්තාන කඳුවැටිය මධ්‍ය කඳුකරයේ අතර මැදි තෙත් කලාපයට අයත්ය,මිලි මීටර් 2000 ක්‌ පමණවන වාර්ෂික වර්ෂා පතනය වසර පුරා.නිරිත දිගාහා ඊසාන දිග මෝසම් මගින් පෝෂණය ලබයි. ඒ නිසා සෙල්සියස්‌ අංශක 23 ත් 25 අතර උෂ්ණත්වයක් ඇත.

සුන්දර කඳුවැටියක්‌ ලෙස දිස්‌වන හන්තාන කඳුවැටිය මහනුවර නගරයේ සිට ගලහ නගරය දක්‌වා දිවෙන පරිසර පද්ධතියයි.

මුහුදු මට්‌ටමේ සිට මීටර් 1240 ක්‌ පමණ උපරිම උසකින් පිහිටි මෙම කඳුවැටිය එකිනෙකට වෙන්වී ඇත්තේ මහවැලි ගඟේ අතු ගංගා නිම්න වලිනි.

සුන්දර ශ්‍රී ලංකාවේ රමණීය කඳුවැටි අතර අතීතයේදීත්, පරිසර විනාශයකට ගොදුරුවූවත් වර්තමානයේදීත් සුන්දර කඳුවැටියක්‌ ලෙස දිස්‌වන හන්තාන කඳුවැටිය මහනුවර නගරයේ සිට ගලහ නගරය දක්‌වා දිවෙන පරිසර පද්ධතියයි.

මෙම පරිසර පද්ධති ගඟවට පාතහේවාහැට, උඩපලාත සහ දෙල්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස වලට අයත්වෙයි. මහවැලි ගඟේ ඉතාමත් වැදගත් ජලපෝෂක ප්‍රදේශයලෙ කඳුවැටියේ  බටහිර බෑවුම් ක්‍රියාකරයි.

මුහුදු මට්‌ටමේ සිට මීටර් 1240 ක්‌ පමණ උපරිම උසකින් පිහිටි මෙම කඳුවැටිය එකිනෙකට වෙන්වී ඇත්තේ මහවැලි ගඟේ අතු ගංගා නිම්න වලිනි.

මහවැලි ගඟේ ජලපෝෂක ප්‍රදේශයක්‌ බැවින් මෙම කඳුවැටිය මුල්කර මහඔය, ගැරඬිඔය, දොඩම් ගොල්ල ඔය, කුඩා ඔය වැනි අතුගංගා හා ඇළමාර්ග රැසක්‌ ගලාබසී.

බ්‍රිතාන්‍ය පාලන සමයට පෙර රමණීය වන ගහණයක්‌ව පැවැති හන්තාන කඳුවැටිය බ්‍රිතාන්‍ය පාලන සමයේදී තේ, කෝපි, රබර් වැනි බෝග වගා සඳහා වනාන්තර හෙළි කිරීම් නිසා නැවත ගොඩනැගිය නොහැකි පරිසර හානියකට ලක්‌විය. ඉන්පසු කාලවලදී මෙම වගාබිම් වලින් බොහොමයක්‌ අතහැර දැමීම හේතුවෙන් නැවත ගොඩනැඟිය නොහැකි පරිසර හානියකට ලක්‌වූවා පමණක්‌ නොව මුඩුබිම් බවට හැරුණු ප්‍රදේශද අදත් දක්‌නට ලැබේ.

එහෙත් දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ සිත්ගත් පරිසර පද්ධතියක්‌ වන හන්තාන කඳු වැටිය තරණය කළ හැකි ප්‍රධාන මාර්ග 4 කි.

මහනුවරට පිවිසෙන්නෙකුට උඩවෙල ප්‍රදේශයේ හන්තාන් තේ වත්ත මැදින් හන්තාන කඳු තරණය කළ හැකිය. ඒ හැරුණුකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලය මැදින් විහිදී ඇති පැරණි ගුවන් විදුලි මධ්‍යස්‌ථාන මාර්ගය ඔස්‌සේද හන්තාන කන්ද තරණය කළ හැකිය.

මහකන්ද සරසවිගම ප්‍රදේශය හරහා වැටී ඇති පාර ඔස්‌සේත් දෙල්තොට ප්‍රදේශය ඔස්‌සේත් හන්තාන වැටිය තරණය කළ හැකිය.

දේශගුණය

මධ්‍ය කඳුකරයේ අතර මැදි තෙත් කලාපයට අයත්වන හන්තාන කඳුවැටියේ වාර්ෂික වර්ෂා පතනය මිලි මීටර් 2000 ක්‌ පමණ වෙයි. ඊසාන දිග හා නිරිත දිග මෝසම් මගින් වසරේ වැඩි කලක්‌ වර්ෂාව ලැබෙයි. එබැවින් පරිසර උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 23 ත් 25 අතර පරාසයක වෙනස්‌කමක්‌ දක්‌නට ලැබෙයි. වසරේ ජනවාරි සිට මාර්තු අතර කාලය වියළි දේශගුණික තත්ත්වයක්‌ පවතින අතර කඳු මුඳුන් නිතරම මීදුමෙන් වැසී තිබීම සුවිශේෂී ලක්‍ෂණයකි.

ශාක ගහණය

හන්තාන කඳුවැටියේ පහළ ප්‍රදේශයෙන් හෙක්‌ටයාර 432 ක්පමණ, වර්ෂ 1939 දී එවකට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය එනම් අද පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පවරාගත් අතර. ඉතිරි බිම් ප්‍රමාණය. වර්ෂ 1952 දී මැයි, මාර, ඇල්බීසියා සහ ඉයුක්‌ලිපිටස්‌ වැනි දේශීය නොවන ශාක සිටුවීම සඳහා යොදාගෙන ඇත. වර්ෂ 1980 දී පමණ පයිනස්‌ වැනි විදෙAශීය ශාක වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව කඳුවැටියේ ඉහළ සීමාව දක්‌වා වගාකර ඇත. අද මෙම වතු වගා තැනින් තැන දක්‌නට ලැබේ.

කඳුවැටියේ ඉහළ සීමාවේ පතන තෘණ භූමි වලින් ආවරණය වී ඇති අතර සැබෑ ස්‌වාධීන වනාන්තර තැනින් තැන දක්‌නට ලැබේ. පැඟිරිමානා (Cymbopogon
nardus),
ඉලුක්‌ (Imperata cylindrica), පිණිබරු (Themada tremula)ල ගිනිතණ (Panicum maximum) වැනි තෘණ වර්ග වලින් පහත්බිම් ආවරණය වී තිබේ. ස්‌වාභාවික වනාන්තර කට්‌ටිවල නුග, දඹ බදුල්ල, වනසපු, කළු ඔබරුවැල්, හවරිනුග, දිවිකඳුරු, දේතුලු, කටබොඩ කටු ඉඹුල්, ගල්ගොරක, මකුළු බිතුර, නෙල්ලි, දවුල් කුරුඳු, මදටිය, වතුරාජ, වල නැඳුන්, කළුමදූව, හල්බෙඩිය, කටකළු බෝවිටියා, මහා බෝවිටියා, ගම්මාලු, කොස්‌, බොද, බැදිදෙල්, එළනුග, මාවේවැල් වැනි ශාක විශේෂ 200 ක්‌ මෙසේ හන්තාන කඳුකර පරිසරයේ දක්‌නට ලැබේ. මේ හැරුණුකොට වගා කළ තේ සහ අතහැර දමන ලද ඉඩම්වල තේ පඳුරු තැනින් තැන දක්‌නට ලැබේ.

මෙම ශාක විශේෂ වියන් ස්‌ථරය, උප වියන් ස්‌ථරය සහ බිම් ස්‌ථරය ඔස්‌සේ පැතිරී ඇත. පාරිසරික වශයෙන් ගැටලු රැසක්‌ ඇති කරන ආක්‍රමණික ශාක විශේෂ වන යෝධ නිදිකුම්බා, ගල්ගොරක සහ හවරිනුග මෙන්ම ගිනිකණ වැනි ශාක විශේෂ මෙම පරිසර පද්ධතිය තුළ ව්‍යාප්ත වී ඇත. ඩවැඩියා විශේෂ රැසක්‌ හමුවන හන්තාන කඳුවැටියේ පර්නාංග ශාක විශේෂ රාශියක්‌ ද දක්‌නට ලැබේ. මේ සියලුම ශාක විශේෂ පිළිබඳව විමසීමේදී මෙම ශාක විශේෂ 200 අතුරින් ශාක විශේෂ 17 ක්‌ පමණ ශ්‍රී ලංකාවට ආවේනික වන අතර ශාක විශේෂ 6 ක්‌ තර්ජනයට ලක්‌වී ඇත.

සත්ත්ව විවිධත්වය

බැලූ බැල්මට සතුන්ට විවිධත්වයක්‌ දක්‌නට නොලැබුණත් වටිනා සත්ත්ව විවිධත්වයකට හිමිකම් කියන හන්තාන කඳුවැටියේ පක්‍ෂීන් විශේෂ 120 කින් පමණ වර්තා වෙයි. මෙම පක්‍ෂි විශේෂ අතර හිස කළු කොන්ඩයා, පුංචි දෙමළිච්චා, නීල කොබෙයියා, හිස දුඹුරු දෙමළිච්චා, හිස දුඹුරු කෑරලා, පොදු දෙමළිච්චා, වතු පොල්කිච්චා, සැළලිහිණියා, ලබු ගිරවා, කඳුකර මයිලගොයා, සර්ප රාජාලියා, අටුවැහි කිහිණියා වැනි පක්‍ෂි විශේෂ අයත්වෙයි. ශ්‍රී ලංකා වලි කුකුලා, හිස දුඹුරු දෙමළිච්චා, රත් මුහුණත් කොට්‌ටෝරුවා, ශ්‍රී ලංකා සැළලිහිණියා වැනි පක්‍ෂි විශේෂ ශ්‍රී ලංකාවට ආවේනික වෙයි.

හඳුන් දිවියා, හාවා, මී මින්නා, මුගටියා, හෝතුඩුවා. වල්ඌරා, තරියා, ඉත්තෑවා, ලේනා, රිලවා වැනි ක්‍ෂීරපායි සත්ත්ව විශේෂ කීපයක්‌ පමණක්‌ දක්‌නට ලැබේ. සමනල් විශේෂ 95 ක්‌ පමණ හන්තාන කඳුවැටියෙන් වාර්තාවන අතර එයින් මහ කුරුළු පැපිලිය (Common Bird Wing or Ceylon Bird Wing),
 
හිල්කැලෑ කොලයා ((Blue Oke Leaf)) යන විශේෂ ආවේනික වන අතර නිල් පැපිලියා (Blue Bottle)ල ඉරිතැඹිලි කොටිනියා, පඳුරු බොරුළුවා (Jawny Coster), පොදු අලංකාරිකයා, රතු පඳුරු නීලයා (Red Pierrot), මොනර අලංකාරිකයා (Peacock Pansy)ල පොදු රෝස පැපිලියා (Common Rose))ල කළු පැපිලියා (Common Morman) යන ආවේනික නොවන සමනල් විශේෂ ගණනාවක්‌ හන්තාන කඳු පරිසරයෙන් හමුවෙයි. උරග විශේෂ ගැන විමසීමේදී පිඹුරා, පොළොං විශේෂ, ගැරඬියා වැනි සර්ප විශේෂ තේවතු ආශ්‍රිතව හමුවන අවස්‌ථාද ඇත.

පරිසර හානිය

දිගු කලක සිට හන්තාන කඳුවැටිය, සිදුවන විවිධ පරිසර හානිකර ක්‍රියා හේතුවෙන් කිව නොහැකි පරිසර හානියකට ලක්‌වූ ප්‍රදේශයක්‌ බවට පත්වී ඇත. වසරේ පෙබරවාරි, මාර්තු යන කාල සීමාවල දී සිදුවන ගිනි ගැනීම්, එනම් වියළි කාලය පැමිණීමත් සමග අවට පදිංචිකරුවන් විසින් වල් ඌරන් හා හාවුන් දඩයම් කිරීමේ අරමුණින් සිදුකරනු ලබන කැලෑ ගිනි තැබීම්, අනෙකුත් සත්ත්ව විශේෂ වලටත් පොදුවේ භූ ශාක විශේෂ වලටත් සිදුකරන හානිය අසීමිත වෙයි. මේ හේතුවෙන් පයිනස්‌ වගාවේ ව්‍යාප්තිය වේගවත් වීම තවත් පරිසර හානියක්‌ වී ඇත. ගිනි ගැනීමෙන් පසුව ඉතාමත් සරුවට වැවෙන ගිනි කුණ සහ මානා මෙම කඳුකරය පහත් බිම් බවට පත්කර ඇත.

පාංශු ඛාදනය තවත් පරිසර හානියකි. පෞද්ගලික ඉඩම් හිමියන්ගේ ඉඩම්වල සිදුකරන සංවර්ධන කටයුතුත් ස්‌වාධීන වනාන්තරය එළි කිරීමෙන් මෙම පාංශු ඛාදනයට හේතුවකි. විශේෂයෙන් පෞද්ගලික ඉඩම් ජලමාර්ග අවහිර කර සිදුකරන ඉදිකිරීම් හා විවිධ අපද්‍රව්‍ය ඇළ මාර්ග වලට දැමීම ද ප්‍රබල පරිසර ගැටලු රැසක්‌ ඇතිකිරීමට සමත්වී තිබේ. මෙවන් තත්ත්ව හමුවේ හන්තාන කඳුවැටියේ මහනුවර නගරය ආශ්‍රිත හීරුස්‌සගල ප්‍රදේශය නාය යැමේ අවදානමකට ලක්‌වූ ප්‍රදේශයක්‌ ලෙසට හඳුනාගෙන ඇත. මෙහි ඉඩම් බොහොමයක්‌ ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිසමට අයත් වන අතර මෙවැනි දැඩි බෑවුම් ප්‍රදේශ වෙයි. මෙම දැඩි බෑවුම් ප්‍රදේශවල පෞද්ගලික ඉඩම් හිමියන්ට බෙදා දීම හේතුවෙන් පසු සිදුකල සිදුකෙරෙන අක්‍රමවත් ඉදිකිරීම් පාංශු ඛාදනයටත් හා නාය යැමටත් අවදානම් තත්ත්වයක්‌ උදාකර ඇත.

හන්තාන කඳුකරයේ වත්මන් තත්ත්වය සොයා මෙම ලියුම්කරු විසින් කරන ලද සංචාරයේදී මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍ය පලාත බාර අධ්‍යක්‍ෂ තිලක්‌ කිරිඇල්ල මහතා අදහස්‌ දැක්‌වූයේ මේ අයුරුණි.

හන්තාන කියන්නේ මහනුවර වටා තිබෙන ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක්‌. නිතරම මීදුමෙන් වැහිල තිබෙන සුන්දර පරිසර පද්ධතියක්‌. මීදුම ශාක අතුවල ගැටිල හටගන්නා කුඩා ජල බිංදු නිසා ඇතිවන දිය සීරාව තමයි ඇළ මාර්ග ඔස්‌සේ පහළට ගලා බසින්නේ. මේ ජලය තවත් පැත්තකින් කඳුවැටියේ පසට උරාගෙන ස්‌පන්ජියක්‌  ලෙස ජලය රඳවාගෙන ටිකෙන් ටික මුදා හැරීමක්‌ සිදුකරන නිසා භූගත ජල මට්‌ටම ස්‌ථාවර මට්‌ටමක තබා ගැනීමට හේතුවී තිබෙනවා.

පරිසර අධිකාරිය හැටියට අපි මේ කරන්න හදන්නේ මෙම වැඩිපිළිවෙළ සවිමත් කිරීමට නීතිමය ආවරණයක්‌ ලබා දීමටයි. දැනට වසර පහක පමණ කාලයක සිට හන්තාන ආරක්‍ෂා කිරීමේ වැඩකටයුතු රාශියක්‌ සිදුකළා. මෙහිද විවිධ ප්‍රශ්න ඇතිවුණා. හන්තාන කඳුවැටිය සංරක්‍ෂණය කළ යුතුයි කියන අය එදත් සිටියා. අදත් ඉන්නව. ඒ වගේම මහනුවර නගරයට ආසන්නයේ පිහිටන නිසා සංවර්ධනය කළ යුතුයි කියන අයත් ඉන්නවා. එදත් හිටියා. මේ දෙක අතර තිබෙන අරගලයට තමයි නීති සම්පාදනය කළ යුත්තේ.

1980
අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 24 ඇ සහ 24 ඈ යන වගන්ති වලට අනුව හන්තාන පරිසරය ආරක්‍ෂක ප්‍රදේශයක්‌ ලෙසට නම් කලා. මෙහිදී තිවයුතු දෙයක්‌ තමයි වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වගේ සම්පූර්ණ ආරක්‍ෂාවක්‌ සිදු කරන්නේ නෑ. මෙහිදී සිදු කරන්නේ භූමියේ අයිතිය, පෞද්ගලික අයටත් අනෙකුත් ආයතන වලටත් තිබෙන අන්දමට ලබාදීමක්‌ පමණයි. එහෙත් ඒ ඒ කලාපවල ස්‌වාභාවික තත්ත්ව වලට සිදුවන හානිය අවම කිරීමේ ක්‍රමවේද ක්‍රියාත්මක කරනවා. අනවශ්‍ය ක්‍රියාකාරකම් තහනම් කර තිබෙනවා.

අපේ උත්සාහය තමයි ස්‌වාභාවික වටිනාකම් වගේම අවට ජීවත්වන මිනිසුන්ගේ වානිජමය වටිනාකම් ලබාදී සංවර්ධනය කිරීම. මෙහිදී අපි මිනිසුන්ව ඒ ඒ සංවර්ධන කටයුතු සඳහා යොමු කිරීමක්‌ සිදුකරනවා.

හන්තාන කඳුවැටිය සංවර්ධනය කරන්නේ කවර ක්‍රමවේදයකටද යන්නත් එහි ස්‌වභාවය කුමක්‌ද යන්නත් පිළිබඳව කිරිඇල්ල මහතා පැහැදිලි කළේ මේ අයුරිනි.

මේ කඳුවැටිය කලාප තුනකට අනුවයි සංවර්ධනය හා සංරක්‍ෂණය කරන්නේ. කඳුවැටියේ මුහුණු ඒ කියන්නේ අඩි 3000 න් ඉහළ සීමාව සම්පූර්ණයෙන්ම වතු ආවරණයක්‌ බවට පත්කරන්න සැළසුම් කර තිබෙනවා. ඉන් පහළ කොටස ඒ කියන්නේ අඩි 2500 ක්‌ 3000 ක්‌ අතර සීමාව හෙවත් මිනිසුන් වෙසෙන සීමාව. මේ සීමාවේ වෙසෙන මිනිසුන්ගේ ජීවන අවශ්‍යතා මුදුන් පත්කරවා ගන්න ඉඩ හැර තිබෙනවා.

එහෙත් මෙහි සිදුකරන සංවර්ධන වැඩ අපේ කමිටුව තීරණය අනුවයි සිදුකරන්නේ. මෙයින් අදහස්‌ කරන්නේ කන්ද මුදුනේ සංරක්‍ෂණ කලාපයක්‌ ව්‍යාප්ත කරන්නයි. මෙහි අපි කරන්නේ පනතින් මෙන්ම කළමනාකරණ සැළැස්‌මකට අනුවයි. මෙහිදී අපි ඉතාමත් බුද්ධිමත් විය යුතුයි. මහනුවර නගරය ඉඩ මදිවෙනකොට මිනිසුන් කන්ද මුදුණ ආක්‍රමණය කිරීමට උත්සාහ කරනවා.

මේනිසා මීටර් 2500 ක්‌ 3000 ක්‌ අතර සිතුවම ඉතාමත් නිවැරදි කළමනාකරණයක්‌ අවශ්‍ය වෙනවා. අපේ ප්‍රධාන කාර්යයක්‌ තමයි මේ අර්බුදය නිවැරදිව මිනිසුන්ට අවබෝධ කරල දීම. සංවර්ධනය ප්‍රජාවන්ගේ හැසිරීම මත සිදුවන දෙයක්‌. සංවර්ධන කටයුතු හැකි තරම් පරිසර හිතකාමි විය යුතුයි. ඒ වගේම සංරක්‍ෂණ ක්‍රියාවලියට පිටිවහලක්‌ විය යුතුයි.

ශ්‍රී ලංකාවේ ජනතාව පරිසර සංරක්‍ෂණයට බොහොම හිතවත් අය. අපිට මේක බුදු දහමෙන් ලැබුණු දෙයක්‌. අපි විදෙස්‌ රටවල සංවාරය කරනකොට දකින්නට ලැබෙන දෙයක්‌ තමයි. දැඩි නීති වතුවල මිනිසුන්ව සංරක්‍ෂණයට කොටුකරල තිබීම. අපේ රටේ එදත් එහෙම නෑ අදත් එහෙම නෑ. අපට වැරදුනේ අපේ දේ අතහැරල සුද්දාගේ නීතිය ගෙඩිපිටින් පරිසරයට ඈ¹ ගැනීම.

ඉහළ හන්තාන ප්‍රදේශය හා වතු වගා ඇතුළත් ප්‍රදේශ සංරක්‍ෂණ කලාපයක්‌ ලෙස නම් කර එය විධිමත් රාජ්‍ය ආයතනයකට පැවරීම කළ යුතුවෙයි. අඩි 2000 කට වඩා ඉහළ බිම් ප්‍රදේශවල ජනාවාස ව්‍යාප්තිය නැවැත්විය යුතුයි. ඉඩම් කට්‌ටි කරන්නේ නම් හා ගොඩනැඟිලි ඉදිකරන්නේ නම් ඒවා විධිමත් ක්‍රියා පටිපාටියකට අනුව නිවැරැදි තාක්‍ෂණ ක්‍රමවේද වලට අනුව සිදුවිය යුතුයි. පෞද්ගලික හා රක්‍ෂිත ඉඩම්වල පාංශු සංරක්‍ෂණ ක්‍රමවේද යොදවා පයිනස්‌ වැනි දේශීය නොවන ශාක ක්‍රමයෙන් ඉවත්කර ප්‍රදේශයට ගැලපෙන දේශීය ශාක රෝපණය කිරීම. ජල මූලාශ්‍ර සංරක්‍ෂණය හා ඇළ මාර්ග අවහිර වීම වැළැක්‌වීම. වාර්ෂිකව සිදුකරන ගිනිතැබීම් වැළැක්‌වීමට පියවර ගැනීම හා ගිනි තැබීම් වැළැක්‌වීමට ගිනි බාධක හෙවත් ගිනි පටි (Fසරු ඊeකඑ) යොදා ප්‍රජාව දැනුවත් කිරීම. මේ ක්‍රම හැරුණු කොට තවත් ප්‍රධාන කරුණු දෙකක්‌ පිළිබඳව වැඩි අවදානයක්‌ යොමු කළ යුතුවෙයි. එයින් පළමු කරුණ හන්තාන ප්‍රදේශයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස සියල්ල එක්‌කර ඒකාබද්ධ සංරක්‍ෂණ ව්‍යාපාරයක්‌ ක්‍රියාත්මක කළ යුතු අතර දෙවැන්න දෙස්‌ විදෙස්‌ සංචාරකයන් සඳහා විධිමත් වැඩ පිළිවෙළක්‌ සකස්‌ කිරීම වෙයි.

මෙම සංරක්‍ෂණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය අංශය ප්‍රදේශයේ ජනතාවගේ පූර්ණ සහාය ලබාගැනීමට ක්‍රමවේද සකස්‌ කළ යුතු අතර, ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධාන වල සහායද විධිමත්ම ලබා ගැනීම සාර්ථක සංවර්ධනයකට සංරක්‍ෂණයකට හේතුවක්‌ වෙයි. කෙසේ වෙතත් හන්තාන යනු ලක්‌ වැසියන්ට සොබාදහමින් ලැබුණු දායාදයක්‌ වැනිය. එය රැකගැනීම අප කාගෙනත් යුතුකමක්‌ වෙයි.

(විශේෂ ස්‌තුතිය මධ්‍යම පරිසර අධිකාරියට)



හන්තාන නම ගැන ප්‍රවාදයක්
සෙංකඩගලපුර නොහොත් මහනුවර පුරවරය ගැන කතාකරනවිට හන්තාන කඳුවැටිය පිළිබඳ කථා නොකරම බැරිතරමට හන්තාන කඳුපන්තිය මහනුවර නගරයට සමීපය.
හන්තාන කන්දට ඒ නම ලැබීමේ පසුබිමේ ඇත්තේ අපූරු කථාපුවතකි. ශ්‍රී‍්‍ර වික්‍රම රාජසිංහ සමයේ වැඩිහිටි මහ නාහිමිනමක් වූ වැලිවිට අසරණ සරණ සරණංකර හිමියෝ අවුරුදු 16දී පැවිදි වුවත් අවුරුදු 50 වනතුරු උපසම්පදා ලැබීමට නොහැකි වූයේ පරසතුරු උවදුරු හේතුකොටගෙනය.
සරණංකර හිමියන්ට පරසතුරන්ගෙන් විදීමට විවිධ ස්ථානවල සැඟවී සිටීමට සිදුවූ අතර, ඒ සැඟවුණ ස්ථාන පිළිබඳ වෙනම ලිවිය යුතු කාරණයකි.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සමයේ දෙවැනි වතාවට උපසම්පදා කර්මය සඳහා බුරුම රටෙන් (වත්මන් මියන්මාර්) භික්‍ෂූන්වහන්සෙ සයනමක් වැඩම කළ අතර එම පිරිසේ නායක හිමියන් හැඳින්වූයේ සන්තාන, සන්තානා, සංතුර් යන නම්වලින්ය.
මල්වතු විහාරවාසී භික්‍ෂූන්වහන්සේට උපසම්පදාව ප්‍රදානය කළ භික්‍ෂු පිරිසේ නායක සන්තානා හිමි මධ්‍යම කඳුකරයේ පරිසරය භාවනායෝගිව සිටීම කදිම ස්ථානයක් යැයි සනිටුහන් කොට ගෙන රජුගේ අවසරය ලබා මහනුවර ආසන්නයේ ඇති කඳු මුදුනකට වැඩම කර ඇත. කන්දේ ගල්ලෙන් ගනනාවක් භාවිත කළ ඒ හිමියෝ උරාගල නමින් හඳුන්වන ඉහළ කඳු මුදුනේ ගල් ගුහාවක සිටියදී මාර්ගඵල ලැබීමෙන් පසු පහළ ගම්මානවල ගම්වැසියා සන්තානා හිමි වැදීමට පිදීමට කඳු මුදුනට තරණය කළේය.
සන්තාන හිමි වදින්න යනවා කියමින් වන්දනාවට ගිය බැතිමතුන්ගේ, ව්‍යවහාරය අනුව මේ කඳුමුදුන සන්තානා කන්ද නමින් නම්වී පසුව හන්තාන කන්ද විය.
මාර්ගඵල ලැබූ රහත්වූ සන්තානා හිමියෝ සෘර්දි බලයෙන් සිය මව්රටට වැඩම කළේ කලුරිය කිරීමට බව වත්මන් මුඛ පරම්පරාගත කථාවල සඳහන් ය.
සන්තානා හිමියන්ට පසුව වැලිවිට සරණංකර සඟරාජ හිමියන්ද මේ ගල් ගුහාවල වැඩවාසය කොට ඇති අතර, මේ කඳුපන්තියේ ගල් ගුහාවල නිට්ටැවන් නමින් හැදින්වූ මනුෂයන්ට සමාන කුරු මිනිසුන් ජීවත්ව සිටි බවද මුඛ පරම්පරාගත කථාවල ඇත. (1960 දශකයේ එම මනුෂ්‍ය කොටස් දෑසින් දැක්ක පුද්ගලයන් මෑතකදී මියගිය බව දැනගැනීමට ලැබිණ)
කන්දේ පහළ කොටසේ ගල්ගුහාවක් සාමාන්‍ය මට්ටමට ප්‍රතිසංස්කරණය කොට අර්ධයක් ගල් ලෙනක අර්ධයක් නවීකරණය කළ ආවාසයක වර්තමානයේ හිමිනමක් ඉතා දුෂ්කරව වුවත් භාවනා යෝගිව වැඩවසයි.
අත්තනගල්ලේ උප්පත්තිය ලැබූ කොන්ගස්දෙනියේ සද්ධාසිරි හිමියෝ දැනට පහළ උඩුවල, හන්තාන හතරකණුව, පහේකණුව, ගම්මානවල ද්‍රවිඩ හා සිංහල ජනතාවගේ ඇප උපස්ථාන ලබමින් ඔවුන්ට ධර්මය දේශනා කරමින් වැඩවාසය කරති.
ඉතාම දුෂ්කර ගමන් මාර්ගයකින් පසුව මේ සිද්ධස්ථානයට ළඟාවිය හැකි අතර, අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිදුන්ගේ ශාඛාවක් රෝපණය කොට ඇත. ඉහළ කඳුමුදුනේ සන්තාන හිමි වැඩසිටි ගල්ලෙනේ ටිකකලක් භාවනායෝගිව සිටි බව කියන සද්ධාසිර හිමියෝ දුඹුරුපාට පුල්ලි සහිත දිවිදෙනක් තමන් වහන්සේ භාවනා කරන ගල් ලෙන අභියස සිටීමට පුරුදුවී සිටි අතර, එම දිවි දෙන පහළ ගම්මානවල වහු පැටවුන්, සුනඛයන් මරා කැලයට ඇදගෙන ගියත්, තමන් වහන්සේට කරදරයක් නොකළ බව කීහ.
විහාරස්ථානයේ බෝධියට බෝධිපූජා පැවැත්වීමට පැමිණෙන විශාල පිරිසක් මේ විහාරස්ථානයේ ඇති අනුහස් පිළිබඳව දිනමිණට සිය අත්දැකීම් විස්තර කළහ.
උපතින් කථාකිරීමට නොහැකිව සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු මේ බෝධියට භාරහාරවීමෙන් අනතුරුව කථා කිරීමට හැකිවී ඇත. ඇවිදීමට නොහැකි අය, බටහිර
වෛද්‍යවරුන්ට සුවකිරීමට නොහැකි යයි ප්‍රකාශ කළ විවිධ රෝග පීඩා ඉතා විශ්මජනක ලෙස සුවපත් වූ බව උඩුවෙල උඩගම ඩබ්. ඥානවතී මහත්මියත්, ඇගේ දියණියක වන උඩුවෙල බෞද්ධ විද්‍යාලයේ අධ්‍යාපන ලබන ඩබ්. ඩී. එරන්දිකා සිසුවියත් දිනමිණ හා පැවසුවාය.
සන්තානා හිමියන් හා වැලිවිට සරණංකර හිමියන් වැඩ සිටි උරාගල ඉහළ ගල්ගුහාවලට යන මාර්ගය හා පහළ කොටසට පැමිණීමට ඇති මාර්ගය සකස්කර ගැනීමට බුද්ධ සාසන ඇමැතිවරයාගේ අවධානය යොමුකරදෙන ලෙස ඉල්ලා සිටින ඒ හිමියෝ දැනට හන්තාන තේ වත්තට අයත් කොටසක පිහිටි සිද්ධස්ථාන භූමිය විහාරස්ථානයට නිත්‍යානුකූලව ලබාදෙන ලෙසද ඉල්ලා සිටියහ.
ඉතා අනුහස් ඇති බෝධින් වහන්සේ තමන් සිටින මේ ඉපැරැණි වටිනා සිද්ධස්ථානය බෞද්ධ අබෞද්ධ ජනතාවගේ වන්දනාමානයට සුදුසු ලෙස වැඩිදියුණු කරගැනීම සද්ධාසිරි හිමියන්ගේ ප්‍රධාන අරමුණයි.
ශාන්ති කර්ම කවිවල හන්තාන සඳහන් වන්නේ එලෙසිනි. මුහුදු මට්ටමේ සිට අඩි 1400 ක මට්ටමේ සිට ඉහළ නඟින මෙම කඳුවැටියේ ඉහළම මුදුන අඩි 3720 උසින් යුක්ත ය. මේ ඉහළ උන්නතාංශය නිසා කඳු මුදුන් ආශි‍්‍රතව ඉතා සිසිල් දේශගුණයක් දැකගත හැකි ය.
මහනුවරට යන ඔබ නගරයට එපිටින් හරිත ප්‍රාකාරයක් සේ දිස් වන හන්තාන කඳුවැටිය නොයෙක් වර දකින්නට ඇති බව නිසැක ය. මහනුවර සුන්දරත්වය ඔපවත් කරනා මෙම කඳුවැටිය ඔබට ඉතා පහසුවෙන් ළඟා විය හැකි ඉසව්වකි. පේරාදෙණිය ගලහ පාර ඔස්සේ ගොස් විශ්වවිද්‍යාලය අසලින් මෙන් ම මහනුවර රෝහල අසලින් ඇති උඩවෙල 4 කණුව දක්වා දිවෙන මාර්ගයෙන් ද හන්තාන අඩවියට පිවිසිය හැකි ය.
උඩවෙල මාර්ගයේ යන්නේ නම් උඩවෙල හෝ 4 කණුව බස් රථයෙන් ගොස් හන්තාන වතුයාය අසලින් බැස කන්ද තරණය කළ හැකිය. එමෙන්ම හන්තාන කන්දේ උඩවෙල මාර්ගයේ යන විට හමු වන තේ කෞතුකාගාරයක් ද ඔබට අපූරු අත්දැකීමක් ලබාගත හැකි ස්ථානයකි.
උඩරට රාජධානි යුගයේ දී නගරයේ ආරක්ෂාව සඳහා හරිත පවුරක් සේ මෙම කඳුවැටිය උපකාරී වී ඇත. රාජධානි සමයේ දී මෙය ආරක්ෂිත වනයක් ලෙස සැලකුණු බව ජෝන් ඩේව් සඳහන් කරයි. එකල ජනතාවට අවසර ලැබී ඇත්තේ මින් දර සහ වේවැල් ආදිය ගෙනයාමට පමණි. වනය හෙළි කිරීම සහ ජනාවාස ඉදිකිරීම් තහනම් කොට තිබුණි. මේ නිසා එකල මෙම වනය වන සතුන්ගෙන් ගහණ ඝන වනයක් වූවාට සැකයක් නැත.
1815 දී ඉංගී‍්‍රසින්ට උඩරට යටත් වූ පසුව නගරය අවට මෙම වනබිම්වල විනාශය ආරම්භ විය. පළමුව කෝපි සහ පසුව තේ වගාව සඳහාත් ගොඩනැගිලි සහ යුද කඳවුරු ඉදිකිරීමටත් හන්තාන කන්ද එළි කෙරිණි. එකල ආරම්භ වූ තේ වතු අදටත් මෙහි බොහෝ දුරට පැතිර තිබේ. තවත් සමහරක් ප්‍රදේශ කෝපි සහ තේ වගාවෙන් පසුව මුඩුබිම් බවට පත්ව ඇති අයුරු ඔබට දැකගත හැකි ය.
මෙම කඳුවැටියේ උපත ලබනා ඇළ මාර්ග කිහිපයක්ම මහවැලි නදියට එක්වේ. එහෙත් අද ඒවායේ දැකගත හැක්කේ අඩු ජල ප්‍රමාණයකි. හල් ඔය ඇල්ලේවල ඇළ ඇළගොල්ල ඇළ මැද ඇළට එක්වී ගන්නෝරුව අසලින් මහවැලියට එක්වේ. බෝවල ප්‍රදේශය හරහා ගලා එන ඌරාවල ඇළ හා සියඹලන්ගෙකුඹුර ඇළ ද මැද ඇළට එක් වී මහවැලිය පෝෂණය කරයි. මහඔය ගැරඬි ඔය යන ජල ධාරා ද මෙයින් උපත ලබා මහවැලියට එක් වන ජල ධාරා කිහිපයකි.
හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම්
ඒ ගීත රචකයකු හන්තාන දුටු අන්දමයි.
හන්තාන, පෙම්වතුන්ගේ පාරාදීසයක්. පේරාදෙණිය සරසවි සිසුහු හන්තාන තරණයට දැඩි ඇල්මක් දක්වති. අප කැලණිය සරසවියේ ඉගෙන ගන්නා අවදියේ දී මේ වෙත වාර්ෂික චාරිකාවක් පැමිණියා මතක ය.
1946 දී එහි ඉදිකිරීම් ආරම්භ වූයේ හන්තාන වතුයායේ පහළ බෑවුමේ ය. හන්තානෙන් ඉඩම් අක්කර 1080 ක් පේරාදෙණිය සරසවියට අයත් ය. කඳු මුදුන අවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අක්කර 500 ක පයිනස් වගාවක් තිබේ. ඉංගී‍්‍රසින් එකල මේ ප්‍රදේශ හඳුන්වා ඇත්තේ මට්න් බට්න් (මත්තන පතන) යනුවෙනි.
අපි මෝටර් බයිසිකලයකින් උඩවෙල මාර්ගයේ ඉදිරියට ගමන් කරමින් සිටියෙමු. තේ වතු අතරින් මාර්ගය කඳු බෑවුම තරණය කරයි. වම් පසින් දිස් වූයේ තේ වත්තක් මැද පිහිටි තේ කෞතුකාගාරයයි. තේ කම්හලක් කෞතුකාගාරය බවට පත් කර ඇති ඉන් අප රටේ තේ වගාව පිළිබඳ තොරතුරු රැසක් ලබාගත හැකි ය.
කිලෝ මීටර හතරක් පමණ ගමන් කළ අපි මෝටර් බයිසිකලය මාර්ගය අද්දර නවතා පා ගමනින් කන්ද තරණය කරන්නට වූයෙමු. තේ වගාවන් අවට පැතිර තිබේ. මහනුවර සානුව පහළින් දිස් වේ. එයට ඔබ්බෙන් දුම්බර කඳුවැටිය සහ හුන්නස්ගිරිය නීල වර්ණයෙන් අවකාශය සරසයි. සර්ප උකුස්සකු අහසේ සරන්නේ ගොදුරකට ඉව අල්ලමිනි. ඌ එක්වරම පහතට ආවේ ගොදුරක් දුටු නිසා විය හැකි ය. සැබෑවකි. ඌ යළිත් ඉහළ නැංඟේ කටුස්සකු ද හොටෙන් ගෙන බව බයිනෝකියුලරයෙන් අපට දැකගත හැකි විය.
මාර්ගය අවට පයිනස් වන වගා සහ තැන තැන ඇති වන වදුලු දැකගත හැකි ය. විශාල පෙදෙසක පැතිර ඇත්තේ මානා සහ ඉලුක් තණ තලාවකි. ඉඳහිට මහ ගසක් හමුවන්නේ අතීත වනය පිළිබඳව ඉඟියක් කරමිනි. ඉහළින් කඳු මුදුනේ පිහිටා ඇත්තේ රූපවාහිනී විකාශන කුලුනයි. ඒ දක්වා අඩි පාරක් දිව යයි.
අද තේ වගාවක් නැතත් ඉංගී‍්‍රසි පාලන සමයේ තේ දලු කඳු මුදුනේ සිට පහළට ප්‍රවාහනය කිරීමට තැනූ කම්බි මාර්ග තවමත් ඉතිරිව පවතී. හවරිනුග, වෙරලු, ගැඩුඹ, කිතුල්, කැන්ද, දැං හිඟුරු, ඇල්බීසියා, ඇඹුල් පේර වැනි ශාක අවට දැක ගැනීමට ලැබේ. බිනර සහ උඩවැඩියා විශේෂ ද මෙහි සුළු වශයෙන් පැතිර තිබේ.
කොළ දිවියා - මීමින්නා - වල් ඌරා - නරියා - හාවා - රිළවා - දඬුලේනා මෙන්ම කොටියා ද හන්තානෙන් වාර්තා වේ. මහනුවර අවට වනගතව කොටි කිහිපදෙනකු සිටින බවට වාර්තා වී ඇති අතර උන් හන්තානේ සහ ඊට යාබද දුනුමඩලාව රක්ෂිතයේ දිවි ගෙවන බව සැලකේ.
ගවයෝ කිහිප දෙනෙක් කඳු බෑවුමක තණ කති. ඈතින් උන් බලාගන්නා ගොපලු දරුවා ගල් පව්වක් මත ඇන තියාගෙන සිටී. හන්තානේ පරිසරයට ප්‍රධාන ගැටලුවකි, වියළි සමයේ දී තණබිම් ගිනි තැබීම. අවට ප්‍රදේශවාසීහු තම ගව සහ එළු රංචුවලට අවශ්‍ය ලා තණ ලබා ගැනීමට වනය ගිනි තබති.
ගමන තරමක් දුෂ්කර ය. ඒ බෑවුම දැඩි වන නිසා ය. කඳු මුදුනේ පිහිටා ඇත්තේ රූපවාහිනී ඇන්ටෙනා කුලුනයි. ඒ වෙත දිවෙන අඩි පාර ඔස්සේ අපි ඉදිරියට ගමන් කළෙමු. රූපවාහිනි විකාශනාගාරයේ සේවක තරුණයෙක් ජල කෑන් එකක් රැගෙන පහළට එයි.
ඔහු අප හා සිනාසුණි. ජලය රැගෙන යාමට පැමිණි බව ඔහුගෙන් පැවසුණි. කඳු මුදුනට පිවිසෙන විට වේගවත් සුළඟ හමා යන්නේ අප ඉවතට වීසි කරන්නට තරම් බලවත් ආකාරයකිනි.
හාත්පස භූ විෂමතාව කඳු මුදුනට රමණීය අයුරින් දර්ශනය වේ. පේරාදෙණිය ප්‍රදේශය හරහා හරිත රුක් පෙළ අතරින් මහවැලි නදිය මතුව පෙනේ. අරණායක ප්‍රදේශයේ දොළොස්බාගේ කඳු ඇතුළු සබරගමු කඳුකරය ද මෙහි සිට අපූරුවට දැක බලාගත හැකි ය.
හන්තාන පුරාණ විහාරය
හන්තාන කන්දේ සුන්දරත්වය විඳි අප ඊළඟට ගමන් කළේ මහනුවර පිහිටි විහාරස්ථාන අතරින් ඉහළම උසකින් පිහිටා ඇති හන්තාන විහාරය වෙත ය. උඩුවෙල මාර්ගයේ යන්නේ නම් මහනුවර නගරයේ සිට විහාරයට දුර කි මී 10 ක් පමණ වේ.
කඳු වටකර ගත් තැනි බිමක පිහිටා ඇති හන්තාන විහාර භූමියට පිවිසෙන ඔබට මුලින් ම දැක ගැනීමට ලැබෙන්නේ් දාගැබ සහ විහාර මන්දිරයයි. ඒ අසලම පැරණි සංඝාරාම ගොඩනැගිල්ල ද පිහිටා තිබේ. වනවදුලින් ගහණ සහ කඳුවලින් වටවූ නිතර සුළං හමන මෙම වටපිටාව බවුන් වැඩීමට කදිම භූමියකි.
මෙම විහාරය මුලින්ම කරවා ඇත්තේ්ද ආරණ්‍යයක් වශයෙනි. එය හන්තාන ආරණ්‍යය නමින් හැඳින්විණි. වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් විවේකීව වැඩ සිටීමට පි‍්‍රය කළ ස්ථානයක් වශයෙන් මෙම ආරණ්‍ය සඳහන් වේ. මෙය මුලින්ම කරවා පූජා කර ඇත්තේ කහවත්තේ වනරතන හිමියන් බව පැවසේ.
1778 වර්ෂයේ ඇසළ පෝදා සරණංකර හිමියන් දන් වළඳා හන්තාන ආරණ්‍යය වෙත ගමන් කර වස් කාලය ගතකිරීමේ අදහසින් වැඩිය ද උන් වහන්සේට අසනීප ස්වභාවයක් ඇති විය. යළිත් ලැගුම් ගෙට වඩින අතර අපවත් වූහ.
සංඝරාජ හිමියන්ගෙන් පසු හන්තාන ආරණ්‍යයේ කුටි ගරා වැටී එය ජරාවාස වී යන්නට ඇති බව පෙනේ. ගරා වැටුණු ආරණ්‍යය යළිත් කටුකොහොල් හරවා විහාරස්ථානයක් බවට පත් කර ගල්බොඩ අදිකාරම විසින් සංඝාරාමයක් කරවා ඉඩමලුගොඩ ධම්මාරාම අනුනායක හිමියන්ට පූජා කළ බව පැවසේ. මෙහි විහාර මන්දිරයේ පසුකාලීන ඉදිකිරීමකි.
සංඝාවාසය මහනුවර යුගයට අයත් ගොඩනැගිල්ලකි. එය මැද මිදුලක් වටා දිවෙන කුටිවලින් සමන්විත ය. කවුළු තබා ඇත්තේ බිත්තියේ ඉහළ මට්ටමිනි. ඇතුළත පිහිටි දැව උළුවහු චන්ද්‍රවංකය සහිත ය.
මෙම ගොඩනැගිල්ල ද දිරාපත්වීම නිසා පසුකාලීන ප්‍රතිසංස්කරණවලට ලක්ව තිබෙන බව පෙනේ. දුෂ්කර ස්ථානයක පිහිටීම නිසා මහනුවරට පැමිණෙන වැඩි දෙනෙක් මෙම පුදබිම වෙත නොපැමිණෙති. එහෙත් එය දැකබලාගෙන සිත් පහන් කරගත යුතු ස්ථානයකි.

හන්තාන දෙසින් එන  මුදු සිත සුළං රැළි
හන්තාන දෙසින් එන
මුදු සිත සුළං රැළි
ඔබ තාම හොඳින්
හඳුනනවානම් මේ පහන ඔබේ
සුරතින් දැල්වූ
මම බොහොම ප්‍රෙව්ශම් කර ගන්නම්
සංසාර පුරුද්දටදෝ මන්දා

ගංගාව ශෝකයෙන් වැළපෙනවා
මංතාම මහාවැලි ගං ඉවුරේ
වැලිපාර දිගේ හවසට යනවා
තනිවි අද මා මේ වැව රවුමේ
දළදා පෙරහැර සිරි නරඹනවා

මහ සෙනඟ අතර ඔබ කොතැනකහෝ
එහි ඉඳිනු ඇතැයි නිකමට සිතිලා
මහ සෙනඟ අතර ඔබ කොතැනකහෝ
එහි ඉඳිනු ඇතැයි නිකමට සිතිලා..........
ගංගාව ශෝකයෙන් වැළපෙනවා
මංතාම මහාවැලි ගං ඉවුරේ
වැලිපාර දිගේ හවසට යනවා
තනිවි අද මා මේ වැව රවුමේ
දළදා පෙරහැර සිරි නරඹනවා





















සටහන්