Thursday, May 14, 2015





 මානව විද්‍යාව (2*

ආරය,  පරිසරය, පරිණාමය හා මිනිසා ශිෂ්ටාචාරගතවීම.

(මානව විද්‍යාව 01 කොටස සදහා, බදාදා දිවයින අතිරේකය බලන්න)
                          


     ජීවීන්, තුරුලතා වැනි සජීවී වස්තූන් ගේ පැවැත්ම පිළිබඳ ජීව විද්‍යාත්මකව ගවේෂණය කිරීම ප‍්‍රවේණිය නැත්නම් ආරය වටහා ගැනීමයි. දුරාතීතය පිරික්ෂිමෙන් ආරය, පරිසරය, සහජාත්මකබව වැනි කාරණා වවිමසුමට ලක් කිරීමේ ප‍්‍රවණතාව පිළිබඳ උනන්දුවක් දැක්වීමේ ඉතිහාසය අද ඊයේ සිදුවීමකට ලඝු කළ නොහැක. බැබිලෝනියාවෙන් සොයා ගත් පුවරුවක පරම්පරා පහක් පුරා විහිද ගිය තුරඟ පරපුරක සටහන් පර්යේෂකයන් පෙන්වා දුන්නේ, ක‍්‍රි. පූ. 4000 ක් පමණ ඉතිහාසයකට උරුම කම් කියන බවයි. එමෙන්ම රට ඉඳි වගාව මුහුන් කළ අන්දම පිළිබඳ දැක්වෙන වාර්තා පුවරුවක් අධ්‍යයනය කිරිමෙන් ද, වසර 6000 ටත් එපිට යුගයක වෘක්ෂ ලතාවන්හි ප‍්‍රජනනය පිළිබඳ අධ්‍යයනය කළ බවට සාක්ෂි ඉදිරිපත් කෙරෙයි. මෙම සිද්ධාන්ත ඔස්සේ චීන දේශිකයෝ වී වගාව කෙරෙහි තම භාවිතයන් දියුණු කර ගත් බවත් ඉතිහාස සටහන් විශද කරයි. ප‍්‍රවේණි විද්‍යාව පිළිබඳ වරින් වර සමාජ ගතව ඇති මති මතාන්තර පිළිබඳ මදක් විමසුවහොත්, ක‍්‍රි. පූ. 500 දී පමණ පයිතගරස් ප‍්‍රකාශ කළේ, ස්ත‍්‍රී පුරුෂ සම්භෝගයේ දී පුරුෂයාගේ මොළය, ස්නායු සහ අනිකුත් අවයව වලින් පිටවන කිසියම් වායුවක් මගින් ස්ත‍්‍රී ගර්භාෂයේ කලලයක් හට ගන්නා බවයි. ඉන් වසර 200 ට පමණ පසු ‘ඇරිස්ටෝටල්’ප‍්‍රකාශ කළේ, පුරුෂ රුධිරයෙන් නිර්මල ශුක‍්‍ර නිපදවන බවත් එමඟින් කලලයට ජීවය ලැබෙන බවත් ස්ත‍්‍රී අර්තානුව අපවිත‍්‍ර නිසා කළලය සැකසීමට ඉන් අමුද්‍රව්‍ය පමණක් සැපයෙන බවයි. ‘විලියම් හාඩි’ ට අනුව යකඩයක් කාන්දම් කැබැල්ලක් සමග ගැටීමෙන් එහි ද, කාන්දම් බලයක් ඇතිවන්නාක් මෙන් සම්භෝගය තුළින් ගර්භාෂය තුළ කලලයක් ඇතිවීමට කාන්දම් වැනි බලයක් ලැබෙන බවයි. අන්වීක්ෂයක් තුළින් විවිධ සතුන්ගේ ශුක‍්‍ර තරළ පරීක්ෂා කළ ඇනතනී ලියුවෙන්හෝක් ප‍්‍රකාශ කළේ කලලයට ජීවය සපයා දෙන්නේ පුරුෂයා බවයි. ලන්දේශි ජාතික ‘‘රෙග් නියර් ද ග‍්‍රාෆ්’’ සඳහන් කළේ ‘ආරයේ බලපෑම මවගෙන් ලැබෙන බවය.’ මොරේව් ද මෝව් පවියස් ප‍්‍රකාශ කළේ, සම්භෝගයේදී එක්වන සියුම් කොටස්වලින් කලලයේ අංග සැකසෙන බවයි. සෑම ශෛලයක්ම පටකයක්ම අනෙකුත් සෑම අවයවයක්ම ප‍්‍රවේණ්‍යානු උපදවන බවත්, රුධිර ධාවනය මගින් ඒවා සිරුර පුරා යැවෙන බවත් ඒ මඟින් ආරයේ ගුණ ලැබෙන බවත් පරිණාම වාදයේ පියා වශයෙන් සැලකෙන ‘චාල්ස් ඩාවින් ’ ප‍්‍රකාශ කළේය.  ඕස්ටි‍්‍රයානු ජාතික ‘ග්‍රෙගර් මෙන්ඩල් ’ නම් පූජක වරයෙකු අටවසරක් තිස්සේ  පර්යේෂණ පවත්වමින් නූතන ජීව විද්‍යාත්මක අදහස් ඉදිරිපත් කර ඇත. ‘‘මවගේ ඩිම්භ කෝෂයෙන් එන ඩිම්භයකුත් පියාගේ ශුක‍්‍රාණුවකුත් එක්ව සකස් වෙන යුක්තානුවකින් කවරෙකු ගේ වුවද ජීවය හට ගන්නා අතර මුළු ලොවම ජීවත්වන ජනයා ඇති වීමට යුක්තානු මුල් වූ බවත්, එම යුක්තානු අප දිය පානය කරන කුඩා වීදුරු දුසිමකට දැමිය හැකි තරම් කුඩා බවත් ය.’’ ආරයේ ගුණ පිහිටියේ මෙම එක් එක් යුක්තානුව තුළ අඩංගු ‘ක්‍රෝමසෝම’ (යුගල 23, ස්ත‍්‍රී ංං පුරුෂ ංහනමින් මෙන් 22ං 22 හ වශයෙන්ද පිහිටීම තුළින් ජන්මියා ගේ ලිංඟ බේදය පිළිබඳ වටහා ගැනේ* නම් වර්ණ දේහ වලයි. ප‍්‍රථමයෙන් ඒක ශෛලවන යුක්තානුවක් ද්විගුණ වී දෙක, හතර, අට, දහසය වී කෝටි ප‍්‍රමාණයක් වී සම්පූර්ණ සිරුරක් වැඬේ. මේ හැම ශෛලයකම න්‍යෂ්ටියක් ඇත. වෙන්ව යන සැම ශෛලයකම මූලික න්‍යෂ්ටියේ කොටසක්ද වෙයි. පිළිසිඳ ගැනීමේදී ඇතිවන මූලික න්‍යෂ්ටියේ ලක්ෂණ සිරුරේ ඇති කෝටි ප‍්‍රකෝටි ශෛලවලද ඇත. ආරයේ ගුණාංග පුද්ගලයාගේ මුළුමහත් පෞරුෂයේම පවතින්නේ මේ අයුරිනි. (කේ.ඩබ්.ඒ. ජයවර්ධන, 1972* 
ආරය හා පරිසර (්‍යැරසාසඑහ ්බා ෑබඩසරදබපැබඑ* අධ්‍යයනයන් මඟින් ප‍්‍රවේණි විද්‍යාව :ටැබැඑසජි* ඔස්සේ සම්ප‍්‍රදායාත්මකව ජීවය හෙවත් ජාන හඳුනා ගැනීමේ විද්‍යාත්මක ගවේෂණයන් තුළින් මව්පිය ගති ලක්ෂණ දරුවන්ට උරුමවන බව ප‍්‍රත්‍යක්ෂකර ඇති කරුණකි. ‘‘ ප‍්‍රවේණි විද්‍යාව පිළිබඳ සම්ප‍්‍රදායන් දෙකක් තිබෙනවා. ‘‘මෙන්ඩල් සහ මෝර්ගන් ’’ විසින් ඉදිර්පත් කළ සම්‍යක් ව්‍යවහාරික සම්ප‍්‍රදාය සහ ලයිසෙන්කෝ නමින් එය ඉදිරිපත් කළ සම්ප‍්‍රදාය වශයෙන්, මෙන්ඩලියාන් සම්ප‍්‍රදාය අනුව, ජාන හඳුනා ගන්නා අතර ජීවියකු තුළ පවත්නා ප‍්‍රවේණිය පිළිබඳ ප‍්‍රපංච ප‍්‍රවේණිගත ජාන සම්පේ‍්‍රෂණයේ මූල ස්වභාවය, දෙමාපියන්ගේ ගති ලක්ෂණ දරුවන්ට උරුම කරන බවත් පිළිගන්නවා ෙසෙල න්‍යෂ්ටියේ වර්ණදේහ තුළ නියමිත පිළිවෙළකට සැකසී ඇති ජාන ප‍්‍රවේණි ලක්ෂණ සම්පේ‍්‍රෂණයේදී නිශ්චිත ක‍්‍රමයක් අනුගමනය කරනවා. ජෛව රසායන විද්‍යාව සහ අණුක ජීව විද්‍යාවේ නූතන පර්යේෂණ මගින් මෙය සනාථ කොට තිබෙනවා. අණුක ජීව විද්‍යාව මගින් පෙන්වා ඇති ආකාරයට ඞී. එන්. ඒ. අණුවක සංකීර්ණ ආකෘතිය පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා.’’ (දයිසෙකු ඉකෙදා - 1928* මේ සම්බන්ධව තව දුරටත් කරුණු දක්වන ‘දයිසෙකු ඉකෙදා’ පවසන්නේ, ‘‘කිසියම් දේශපාලන මතවාදයකට අනුව විද්‍යාව විකෘති කරනු ලැබුවහොත් එයට සාමාන්‍ය ආකාරයට වර්ධනය විය නොහැක’’ යනුවෙනි. ‘‘රුසියානු විද්‍යාඥයන් කියා සිටින්නේ සජීවී වස්තුවල පරිවර්තීය රටාවේ කොටසක් ලෙස ආරය පිළිගතයුතු බවයි. ආරය පිළිබඳ සංසිද්ධියේ පරිසර සම්බන්ධතාව පිළිබඳ දෘෂ්ටිකෝණයෙන් බලන විට ලයිසෙන්කෝගේ එළඹුම කෙරෙහි සෑහෙන අවධානයක් යොමුවිය යුතුය’’ මාක්ස්වාදයට අනුව ජානවල පැවැත්ම නොසලකා හැරීම විවේචනයට ලක්කරන දයිසෙකු ඉකෙදා මහතා ‘ලයිසෙන්කෝ’ හෙළා දැකීම විවේචනයට ලක් කරයි. ‘‘ස්ටාලින්ගේ මරණයෙන් පසුව ප‍්‍රව්ඩා පුවත්පත මගින් ලයිසෙන්කෝ හෙළා දැක්කා, ඔහුගේ සිද්ධාන්ත සම්‍යක් ව්‍යවහාරික සිද්ධාන්ත ජීව විද්‍යාවේ වර්ධන මාර්ගයට බාධාවක් හැටියට සලකනු ලැබුවා’’ යනුවෙනි. 

මේ සම්බන්ධයෙන්, කරුණු විමසන ලද ජාත්‍යන්තර විද්වතෙකු වූ මහාචාර්ය ආර්නෝල්ඞ් ටොයින්බී මහතා (1889 - 1975* සඳහන් කරන්නේ, ආරය හා පරිසරය යන දෙක බෙදීම යථාර්ථයක් වශයෙන් නොකළ හැකි හෙයින් ඔවුන්ගේ සීමාවන් තුළ එය තේරුම් ගැනීම ඔවුන්ට ප‍්‍රශ්නයක් වි ඇති බවයි, ස්වභාව ධර්මය විස්තර කිරීමට ගන්නා  ඕනෑම උත්සාහයක දී ජාන සහ පරිසරය සැලකිල්ලට ගත යුතුයි. එය අඩු තරමින් විකාසයේ හා නිර්මාණයේ ක‍්‍රියා පිළිවෙත යන සංකල්ප දෙක අතර කුමන සමීපතාවක් ඇතත් වෙනස්වීමේ යථාර්ථය පැහැදිලි කිරීමට එය අවශ්‍ය වෙනවා. හැම සත්ව විශේෂයකම නිදර්ශකය මියයනවා එහෙත් ස්ථාවරවූ පුනර් නිෂ්පාදන යාන්ත‍්‍රණය හේතු කොට ගෙන ජාන වර්ග මගින් අනුයායී සත්ත්ව විශේෂවල ඇති වීම සිදු කරන නමුත් නිදර්ශක සත්ව විශේෂ වඳ වී යනවා. මෙම පෘථිවිය ආරම්භයත් සමග ඇති වූ සත්ත්ව විශේෂවලින් බොහොමයක් ම වඳ වී ගොසින්, ඉතිරි වී ඇති සත්ත්ව විශේෂ සත්තකින්ම සුළුතරයක්. එසේ වෙතත් කිසියම් සත්ව විශේෂයක නිදර්ශක ජීවීන් ඔවුන් ජීවත්ව සිටි ස්වල්ප කාලයක් තුළ විශ්වීය වශයෙන් එතරම් වැදගත් නැතත් සත්‍ය වශයෙන් ම ඔවුන් සමස්ත විශ්වය සමග සහජීවනයෙන් ජීවත් වුණා යනුවෙනි.
පරිසරය යනුවෙන් අධ්‍යයනය කරන්නේ, පිළිසිඳ ගැනීමෙන් පසු මව් කුස හා ඉන් පසුව පුද්ගලයා කෙරෙහි බලපාන සෑම සාධකයක්ම ය. සහජ බලපෑම් මානවයා කෙරෙහි බල නොපාන අතර පරිසරය තෝරා ගැනීමෙන් එය තෝරා ගත හැකිය. මේ මඟින් ප‍්‍රජාව කෙරෙහි සදාචාර වගකීම් පිළිබඳ හැඟිම් උපදින බවත් තම හැසිරීම්වලට තමා වග කිව යුතු වන්නේ මේ නිසාත් වන බව ප‍්‍රත්‍යක්ෂ කරයි.             
  භෞතික වාදය මෙන්ම විඤ්ඤාණවාදය ඔස්සේ ද  ලොව විවිධ දාර්ශනික  මතවාදයන්ට අනුව පරිණාමය පිළිබඳව මිනිස් මනසට අවබෝධ කරගන්නට දැරු තැත යථාර්ථයට සමීපය. ආගමික හරයන් මෙන්ම දේශපාලන හා සමාජමය විෂය ක්ෂේත‍්‍ර විසින් ඒ සම්බන්ධව ගොනු කර ඇති හා කරනු ලබන විවිධ මත අදහස් හා මිත්‍යාවන් හි ස්වභාවය අවබෝධ කර ලීමට සමත් වෙයි.
පරිණාමය පිළිබඳව පර්යේෂණයන්හි දී, මානවකල්ප වානරයින් හා පහත් වඳුරන් පරික්ෂණවලට භාජනය කරමින් මානව විද්‍යාඥයින් ඔවුන්ගේ උසස් ස්නායු ක‍්‍රියාකාරිත්වය පිළිබඳ කරුණු අධ්‍යයනය කළහ. ප‍්‍රිමාටයින් අනිකුත් ක්ෂීරපායි සතුන් හා මිනිසා සමග සංසන්දනය කළ ‘පාව්ලව්’ සඳහන් කළේ, වඳුරන්ට අත් දෙකක් පමණක් නොව ‘අත් හතරක්ම ඇති බවයි’ එම හේතුව නිසා තමා අවට ඇති වස්තූන් සමග සංකීර්ණ සම්බන්ධකම් ඇති කර ගත හැකි ය. උගේ මොලයේ බාහිකවල ඇති ඉතා උසස් ලෙස වර්ධනයවූ විශ්ලේෂක සංස්ලේෂක ක‍්‍රියාදාමයන්  විශේෂ වූවක් බවයි. වඳුරාගේ මස්තිස්ක අර්ධ ගෝළය වෙනත් සතුන්ට වඩා එයට අනුරූපී ලෙස වර්ධනය වී අති අතර චාලක ක‍්‍රියාවල විවිධත්වය අනුව වර්ධනය වී ඇත. මිනිසාට අත්වල විවිධ ක‍්‍රියාකාරිත්වයට අමතරව භාෂණ ක‍්‍රියාකාරිත්වයේ සංකීර්ණ පද්ධතියක් ද වෙයි.  
‘‘මිනිසා ගේ සම්භවය හා පරිණාමය පිළිබඳව නිවැරදි වූ ද, විද්‍යානුකූල වූ ද, න්‍යායක් ඉදිරිපත් කරන ලද්දේ, චාර්ල්ස් ඩාවින් ය. කෘතිම වරණ මූලධර්මය උපයෝගී කර ගනිමින් මිනිසාගේ බලපෑම යටතේ සතුන් හා පැලෑටි වර්ග වෙනස් කළ හැකි යයි ඔහු කීය. ප‍්‍රකෘතියෙන් සත්ව හා පැලෑටි විශේෂ පරිවර්තනය වන බවත් එය නොබිඳෙන සේ පරිණාමය හා ආවේනිය සමග බැඳී ඇති බවත් පෙන්වා දෙමින් ‘‘ස්වාභාවික වරණය’’ඉදිරිපත් කිරීම ඔහුගේ ශ්‍රේෂ්ට තම සේවය විය.’’ (ඒ. ලගමුව*

මානව විද්‍යාව (3*

පරිණාම වාදය සහ චාල්ස් ඩාවින් -

1836 දී බීගල් නැමැති නෞකාවෙන් ලොව වටා යමින් කරුණු අධ්‍යයන කළ චාල්ස් ඩාවින් ඓතිහාසික වශයෙන් වැදගත් මෙහෙවරක් කැපවීමකින් ඉටු කළ කීර්තිමත් මානව විද්‍යාඥයෙකි. සිය අධ්‍යයනවලදී ගැලබාස් ¥පත් ඇතුලූ විවිධ ස්ථාන හා ¥පත්වල  වසර 20 ක් පමණ කාලයක්  සිදු කළ පර්යේෂණයන් හි ප‍්‍රතිඵලයක් වශයෙන් සිය    ‘‘ ධබ එයැ ධරසටසබ ධෙ  ීචැජසැි” කෘතිය සම්පාදනය කරමින් ‘‘ස්වභාවික වරණයෙන් සත්ත්ව පරිණාමය සිදු වන බව හෙවත් විවිධ සත්ව  කොට්ඨාසයන් ඒ ඒ පරිසරවලට හැඩ ගැසෙමින් සාර්ථකව දිවි ගෙවන ආකාරයත් විග‍්‍රහ කරමින් පරිණාමවාදය ලොවට දායාද කළේය.
පොළොව මත ඇවිද ගිය ක්ෂීරපායි ගනයේ සත්ව කොට්ඨාසයක් රුක්වැසි ජීවිතයකට අනුවර්තනය වී අදින් වසර මිලියන 65 කට අධික කාලයක භූ විද්‍යාත්මක වශයෙන් ආරම්භක අවධියේ (සිනොසොයික අවධියේ ක්‍ැබ‘දසජ ෑර ්* මුලින්ම සඳහන් කළ පරිදි, ප‍්‍රිමාටා (ලෙමූර්* ගෝත‍්‍රය බිහිවී ඇති බව නිරීක්ෂණය කරයි. මුල්ම ප‍්‍රිමාටාවන් වූයේ පාරිසරික අනුවර්තයන්ට මුහුණදී රුක් වැසි දිවියක් ගත කළ ක්ෂීරපායි සත්ව විශේෂයක් බවත් මෙලෙස ප‍්‍රකට වූ ප‍්‍රිමාටාවන් අතුරින් එක් සත්වයෙකුගෙන් වඳුරන්ගේ පූර්වජයා බිහි ව ඇති බවත්, වසර මිලියන 28 ක් වනතුරු වඳුරු ගහනය ඉතා විශාලව පැතිර ගිය බවත්, මහාද්වීපික ප්ලාවිත කල්පිතය හෙවත් ලොව රටවල් හි පිහිටීම වෙනස් වීම අනුව මෙම සත්ව ගහනය ද වෙන් වී වෙනස්වීමකට භාජනය වී ඇති ආකාරයත් විශ්වාස කෙරෙයි. (අප‍්‍රිකානු සහ ඇමරිකානු මහාද්වීප වෙන්වීම* කල් ගත වීමත් අනුව ශාරීරික ලක්ෂණ අතින් වෙනස් වඳුරු ගහන සකස්වීමෙන් මෙම මහාද්වීප දෙකෙහි වඳුරන් නව ලොව හා පැරණි ලොව වඳුරන් වශයෙන් මානව විද්‍යාවේදී අධ්‍යයනය කරයි. මොවුන් උසස් ප‍්‍රිමාටාවන් වශයෙන් ප‍්‍රකට වූ අතර, මෙහි දිගුවක් වශයෙන් පැරණි ලොව වඳුරන් ගෙන් හොමිනොයිඞ් නමින් හ\ුන්වන උපරිකුලයේ පූර්වජයින් හෙවත් වානරයින් බිහිව ඇත. 
(පැරණි ලෝකයේ බටහිර අප‍්‍රිකාවේ සිට ගිනිකොණ දිග ආසියාව දක්වා වානරයන්ගේ ව්‍යාප්තිය සිදු වූ අතර නූතන අප‍්‍රිකානු චිම්පන්සියා සහ ගොරිල්ලාත් ආසියානු ගිබන් සහ ඔරං ඔටං යන සත්ව කොට්ඨාස මෙම වර්ධනයේ නෂ්ටාවශේෂ වශයෙන් සත්ව විද්‍යාඥයින් පෙන්වා දෙති.* (ඔයැ භ්නැා ්චැග ෘැිපදබා පදරරසි*  
වඳුරන්ට වඩා වෙනස් කම් පෙන්වන වානරයින් වලිගයක් රහිතව අර්ධ සෘජු ලෙස අතුවල එල්ලී යමින් ගසින් ගසට මාරුවී ගමන් කරයි. වඳුරන්ට සාපේක්ෂව විශාල මොළයකින් සමන්විත වානරයින් අයත් හොමිනොයිඞ් කුලයට චිම්පන්සි, ගොරිල්ලා, ගිබන් සහ ඔරං උටන්, අදින් වසර මිලියන 35 කට පෙර මිහිමත ඇවිද ගිය අපේ පූර්වජයින් වශයෙන් පුරා හා ජීවවිද්‍යාඥයින්, හා මානව විද්‍යාඥයින්ගේ පර්යේෂණ තුළින් තහවුරු කර සිටී.  
ප‍්‍රිමාටාවරුන් ගෙන් ප‍්‍රභවය වූ (කපාල ධාරිතාව 380 - 500* මානව මොළයේ වර්ධනය නිසා අදින්වසර මිලියන හතරකට 04 පමණ පෙර මිනිස් පරිණාමයේ මූලික අවස්ථාව ඇති වූ බව විද්‍යාත්මක විද්‍යාත්මකව පිළි ගත් මතයයි. 
මිනිසාගේ සම්භවය පිළිබඳ විමසීමේ දී, ඔස්ට්‍රොලෝපිතකස් නැමැති ප‍්‍රිමාටාවරුන්ගෙන් අදින්වසර මිලියන හතරකට 04 පමණ පෙර හෝමෝ සාපියන්ගේ මුල්ම අවධිය පෙන්නුම් කරයි. (ඔස්ට්‍රොලෝපිතකස්, ඔස්ට්‍රොලෝපිතකස් ඇපෙරන්සිස්, ඔස්ට්‍රොලෝපිතකස් රොබට්සස්, වශයෙන් පෙරට ගමන් කර හෝමෝ හැබිලිස් නිර්මාණය වන්නේ අදින් වසර මිලියන 2.4 ට පමණ පෙර යුගයක දී වන අතර ශිලා ආයුධ නිපදවමින් සංස්කෘතියක් ආරම්භ කිරීමට මුල පුරන ලදී. අනතුරුව මිනිස් පරිණාමය පිළිබඳ සුවිශේෂි අවස්ථා ප‍්‍රකට කරමින් හෝමෝ ඉරෙක්ටස් මානවයා දෙපයින් සිටගෙන ඇවිද ගිය අතර ගින්දර සොයාගැනීමත්, ඇසිලියානු අත් පොරව සම්පාදනය කර ගැනීමත් මගින් සංස්කෘතිකමය වශයෙන් නව පියවරක් පෙරට තැබීය. (ප‍්‍රංශයේ ශාන්ත ඇශ‍්‍රැල් ප‍්‍රදේශයෙන් සොයාගත් ගලින් නිමකළ අත් පොරවක හැඩය ගත් ආයුධය, මන්නයක ආකාර ගත් පැතලි තලය, ගල් පතුරු ්ජයමකස්බ ඔදදක ඔර්ාසඑසදබ වශයෙන් නම් කර ඇත.* 
මෙලෙස තාක්ෂණය හා කලාවන් ප‍්‍රකට කරමින් භාෂාවක් සහ අක්ෂර නිර්මාණය කර ගැනීමත් ක‍්‍රමික වර්ධනයක සිදුවීම් පෙළක් ලෙස විද්‍යාත්මකව විවරණය කෙරෙයි.  හෝමෝ ඉරෙක්ටස්ට පසුව එනම් අදින් වසර ලක්ෂයකට පමණ ඉහත දී හෝමෝ සාපියන් නියැන්ඩතාල් හා වසර 40000 දී පටන් හෝමෝ සාපියන් සාපියන් (්‍යදපද ී්චසැබි ී්චසැබි* හෙවත් නූතන මානවයාගේ වර්ධනීය අවස්ථාව ප‍්‍රකට කර ඇත. නියැන්ඩතාල් වර්ග කීපයකට අයත් මිනිසුන් පැරණි ලෝකය පුරා ජීවත්වූ බවට ආසියාවේ අස්ථි නශ්ටාවශේෂවලින් පෙනේ. අග්නිදිග ආසියාවේ මිනිසාගේ පරිණාමය විස්තර කිරීමට ජාවා දිවයිනින් හමුවු නෂ්ටාවශේෂ වැදගත්ය. 1922 දී  ඕලන්ද ජාතින භූ විද්‍යාඥ ටෙන් හාර් පිතකොන්ත්‍රෝපස් සොයාගත් ස්ථානය වන ටි‍්‍රනිල්වලට කිලෝ මීටර් 30 ක් ඈතින් පිහිටි සෝලෝ ගං ඉවුර කැණීමෙන් මුවන්ගේ ඌරන්ගේ හිපපොටේමස් සතුන් ගේ කිඹුලන්ගේ ඇටකටු බොහොමයක්ම සොයා ගන්නා ලදී.  සත්ව ලෝකයේ සාමාජිකයින් ක‍්‍රමානුකූලව වර්ගීකරණය කරමින් ීහිඑැප් භ්එමර්ැ කෘතිය රචනා කළ ලින්නේයස් නැමැති ස්වාභාවික විද්‍යාඥයා (1736 - 1758*  හෝමෝ සේපියන් නමින් නූතන මානවයාට නම් තැබීය. භාෂාවන් හැසිරවීම පමණක් නොව අක්ෂර සංකේතද නිපදවා ගැනීම විශේෂයෙන් සඳහන් කළ හැකිය. 
ප‍්‍රථමයෙන්ම හෝමෝ ඉරෙක්ටස් සහ නියැන්ඩතාලයන් රූපයෙන් රූපය තේරුම් ගැනීමත් අනතුරුව නියැන්ඩතාල් සහ හෝමෝ සාපියන් රූපයෙන් අදහස තේරුම් ගත් අතර මානව පරිණාමයේදී සිදුවූ සුවිශේෂී අක්ෂර නිෂ්පාදනයේ ඉදිරි පියවර රූපයේ අදහස ඉක්මවා අක්ෂර සංකේත නිෂ්පාදනය වීම බව ප‍්‍රාග්ලේඛන සංස්කෘතිය විමසමින් ප‍්‍රාමාණික බුද්ධිමතුන් ඒ බව මනාව ප‍්‍රකට කර ඇත. ඩෙනිෂ් බෙෂරෝට් නැමැති විද්වතාට අනුව, සූමේරියන් ශිෂ්ටාචාරයේ කැණීම් තුළින් මතු කර ගත් මැටි පුවරු සලාක වශයෙන් ඔහු හැඳින්වූ බවත්, එය මානවයා ගේ පෞද්ගලිකත්වය වර්ධනය වීමේ අදහස පෙන්නුම් කරන්නක් ලෙසත්ය. (ප්ලයිස්ටොසීන යුගයෙන් පසු නියෝලිතිකය ආරම්භවීමත් සමග මානවයා ස්ථාවර ජනාවාස ක‍්‍රමයට හුරු විය - ක‍්‍රි. පූ. 1200 පමණ නිවර්තන කලාපයේ සෞම්‍ය දේශගුණය එළැඹීම* එක්තැන්වූ මිනිසා අතිරික්ත ඉපැයුමත් සමග සලාක සංකේත ලිවීමත් ක‍්‍රමයෙන් අක්ෂර භාවිතයට පැමිණි බවත් පර්යේෂකයින් පෙන්වා දෙති. 
අතීත සත්ව හා මානව වර්ගයා පිළිබඳ තොරතුරු සෙවීමට පුරා හා මානව විද්‍යාඥයින් සත්ව විද්‍යාඥයින්, උද්භිද විද්‍යාඥයින්, රසායන විද්‍යාඥයින්, න්‍යෂ්ටික විද්‍යාඥයින්, භූගෝල විද්‍යාඥයින්, පාංශු විද්‍යාඥයින්, ප‍්‍රවේණිවිද්‍යාඥයින්, පරිසර විද්‍යාඥයින්, පරාග විද්‍යාඥයින් විසින් භූමියෙන් ලැබෙන කෞතුකයන් , පොසිල, පරාග, හා වෙනත් විවිධ වස්තූන්, භූ විද්‍යාව අනුව පාශාණ වැනි දේ සකස්කර ගත් ආයුධ, පරාග විද්‍යාවට අනුව සත්ව හා මානව අපද්‍රව්‍ය, වායුගෝලීය හෝ වෙනත් ග‍්‍රහ වස්තුවලින් ලබා ගන්නාලද ඛනිජ ශාඛ සම්පත්, පස් ආදිය උපයෝගී කර ගනිමින් නිරන්තරව පර්යේෂණ කටයුතු සිදු කිරීම, මිනිසාගේ නොනිමි පරිණාමය සොයා යන වෙහෙසකර ගමනක් නොවේද.    
ප‍්‍රිමාටා විශේෂයක් අතුරින් එක් පූර්වජයෙකු ගෙන් ආරම්භ වූ මානව පරිණාමය අදින් වසර මිලියන 06 කට පමණ පූර්වයේහිදී ඇරඹුණ බව ප‍්‍රකට වන අතර දෙපයින් ඇවිද යාම ගින්දර භාවිතයත් සමග ආහාර ගන්නා ආකාරයෙහි වෙනස් වීම (අමු ආහාර වෙනුවට සකස් කර ගැනීම* මෘදුවූ ආහාර ඉක්මණින් දිරවීමද නිසා පැවති විශාල දත්වල මෙන්ම අතුනු බහන් සඳහා දිගු කාලයක් අවශ්‍ය නොවීමත් නිසා සහ තත්කාලීන මිනිසා ගින්දර පාලනයක් සහිතව භාවිතා කිරීම නිසා බිහිසුණු සතුන් ගෙන් ආරක්ෂාව ලැබීමත් හේතුවෙන් ශක්තිය උපයෝගී කර ගෙන මොළය වර්ධනය වීමට ඉඩ හසර පාදක කර ගැනීමත් පොෂ්‍යදායී ආහාරයක් වශයෙන් මාංශ භක්ෂණයත් හෝමෝ ඉරෙක්ටස් පරිණාමයට බලපාන්නට ඇති බව නිරීක්ෂණය කරයි. (හෝමෝ ඉරෙක්ටස් මෙන්ම නියැන්ඩතාලයන් ද මාංශ අනුභවයට රුසියන් සේම දඩයමට ද, දක්ෂ බව තහවුරු කරති. ඉරෙක්ටස් සතුන් හඹා ගොස් යමකින් දමා ගැසීමේ දක්ෂතාවය පැවතීම, දඩයම් කිරීමට දක්ෂ වීම පුළුල් දෙවුර මෙන්ම බාහු වල පිහිටීමත් විය හැකිය* ඉරෙක්ටස් මානව සාධකයන්ට අනුව ‘ජෝර්ජියා භූමියෙන් හමු වූ පාෂාණ පරීක්ෂා කිරීමෙන් දුර සිට සතෙකු මරා ගැනීම ඔවුනට හැකි වන්නට ඇතැයි පෙන්වා දෙයි. මේ සම්බන්ධව උපකල්පනයක යෙදෙන කැලිෆෝනියානු සරසවියේ ‘ක‍්‍රිස්ටෝපර් බොහොම්’ කල්පනා කරන්නේ, සිරුරෙන් තරමක් දුර්වල වුවද, තත් යුගයේ ජීවත්වූ මානවයින්ට දමා ගැසීමේ සහජ දක්ෂාවක් පවතින්නට ඇති බවය. 
මානව විද්‍යාව (4*


පරිණාමීය ලක්ෂණ තහවුරු කරන පොසිල සාධක:- 

පොසිල වාර්තාවලට අනුව හැම මානව විශේෂයක්ම සාමාන්‍යයෙන් වසර මිලියනයක් ගතවීමට පෙර මිහිපිටින් සමුගෙන අති අතර යුරෝපීය ප‍්‍රාග් නූතන හෝමො නියැන්ඩතාල් අදින් වසර 40,000 දක්වා මිහිමත ජීවත්වී ඇත. හෝමො සේපියන් සේපියන් මානව විශේෂය වශයෙන් වත්මන් මානවයා තවම ගත කර ඇත්තේ වසර 20,000 ක් පමණ කාලයකි. නූතන මිනිසාගේ ව්‍යාප්තිය අතරතුර එනම් අදින් වසර 60,000 ත් 40,000 ත් අතර කාලයේ හෝමො නියැන්ඩතාල් සීඝ‍්‍ර වඳ වීමකට ලක්ව ඇත. දැනටමත් සංඛ්‍යාවෙන් බිලියන 6.5 ක් ඉක්මවා ඇති වත්මන් මානව පරපුර මින් පෙර කිසිදු සමූහයකට වඩා වැඩි වෙන බවත් පෙන්වා දෙන විද්වතුන් 2013 පමණක් අපේ ජන ගහණය මිලියන 80 කින් වැඩි වූ බවත් මේ දෑවැන්ත වැඩිවීම පාලනය කර ගත නොහැකි වීම මානව පැවැත්මට මහත් තර්ජනයක් වන බවත් අධ්‍යයන වාර්තා ප‍්‍රකට කරයි.  
ටැන්සානියාවේ ඔල්ඩුවායි ගෝජ්වලින් සොයාගත් මානව හිස් කබල් පරික්ෂා කරන ලූවිස් ලිකී මානව විද්‍යාඥයා (නැගෙනහිර අප‍්‍රිකාවෙහි ඔල්ඩුවායි සහ තුර්කානා විලෙන් * 
‘ලූවිස් ලිකී’ මානව විද්‍යාඥයා, සිය අත්දැකීම් හකුලමින් සඳහන් කරන්නේ, ආදි මානව විශේෂ කිහිපයක්ම එකම කාලයේ විසූ බවත් විෂයානු බද්ධ වත්මන් දැනුම මුළුමනින්ම පාහේ ගොඩ නැගී ඇත්තේ, පොසිල ද්‍රව්‍ය මත බවත් ය. ඒ, සම්බන්ධයෙන් අප‍්‍රිකාවට අයත් කෙන්යාවේ තුර්කානා විල අසබඩින් සොයාගත් පොසිල අධ්‍යයනය කරමින් එය අදින් වසර මිලියන දෙකකට පමණ පෙර ජීවත් වූ හෝමෝ ‘ඉරෙක්ටස්’ මානවයාගේ බව තහවුරු කර සිටී. මේ අනුව එකම කාලයේ ආදි මානව මුතුන්මිත්තන් කිහිප දෙනෙකුම (මානව විශේෂ* විසූ බව ප‍්‍රකට කරයි. ටුර්කානා දරුවා නමින් ප‍්‍රකට ඇට සැකිල්ලේ හිමිකාරයා ගැන අදහස් දක්වන (මොහුගේ දියණියවන* ‘ලිකී’ මානව විද්‍යඥවරිය සඳහන් කරන්නේ, ‘‘ මගේ දෙමව්පියන් කෙන්යාවේ ටුර්කානා විල අසල ආදි මානවයින්ගේ පොසිල සොයන අවධියේ ඔවුන් සමගමයි මා ඇති දැඩි වුණේ. මට වයස අවුරුදු 12 ක් වෙන කොට මගේ දෙමව්පියන්ට හොමෝ ඉරෙක්ටස්වර්ගයේ ළමයෙකුගේ සම්පූර්ණ ඇට සැකිල්ලක් පාදා ගැනීමට හැකිවුණා, ලොව පුරා මානව විද්‍යාඥයින් අමන්දානන්දයට පත් කළ ‘ටුර්කානා දරුවා’ නමින් හැඳින්වුණු ඒ ඇට සැකිල්ලේ හිමිකාරයා වුණේ මගේ වයසේම සිටි හෝමෝ ඉරෙක්ටස් වර්ගයේ ළමයෙක් යනුවෙනි.‘‘  එම මානවයා යම් අනතුරකට ලක්ව ඇති බව ඔහුගේ කොඳු ඇටයකට අනුව නිරීක්ෂණය වන බවත් කිසියම් ආකාරයක වැටීමක් පිළිබිඹු කරන බවත් ඉන් ගොඩවීමට නොහැකිව මියැදෙන්නට ඇති බවත් පර්යේෂණ මගින් තහවුරු කර ඇත. ‘‘ මගේ පියා පැවසූ ආකාරයට අප වනාහි සත්ව විශේෂයක් වශයෙන් අපේ පැවැත්මට අහිතකර දේවල් සවිඥානිකව තෝරා ගන්නා එකම සත්ව වර්ගයයි. ’’ (ලූවිස් ලිකී* 
පරාග විද්‍යාව ඇසුරින් පරිණාමය සොයා යාම

පරාගයෙන් පුරාවිද්‍යාත්මකව අතීතය විමසීම නුතන තාක්ෂණික ක‍්‍රම අධ්‍යයනයෙහි සුවිශේෂී කඩඉමකි. පොළොවයට වූ අවසාධිත තත්ත්වයන් තුළ පරාගයේ පිටත ආවරණය වී නිර්මාණය වී ඇති ස්පොරොපොලිනීන් නම් ප‍්‍රතිරෝධී කාබනික සුරක්ෂිතවීමේ ප‍්‍රවණතාව නිසා සල්ෆියුරික්, හයිඩ්‍රොෆ්ලොරික් ආදී සාන්ද්‍ර ආම්ලික තත්වයකදී වුවද විනාශ නොවීමේ අවකාශ පවතින බව විද්‍යාත්මක සොයා ගැනීමයි.
පොළොව අභ්‍යන්තරය, ගැඹුරු මුහුදු හා ජල පතුල්, හෙල්, ප‍්‍රපාත, විල්, මඩ වගුරු, අවසාධිත පාෂාණ. පොසිල තත්ත්වවලින් ලබා ගන්නා පරාග අධ්‍යයන මගින් මිනිසා සහ පරිසරය සම්බන්ධව මෙතෙක් අනාවරණය නොවූ තොරතුරු විනිවිදීමේ සඛ්‍යතාව පවතින අතර භූගර්භ තත්ත්ව තුළ ඇති ක්ෂුද්‍ර පුරාවිද්‍යාත්මක ද්‍රව්‍යයන්හි සුවිශේෂී සුරක්ෂිත බව නිසා පුරාවිද්‍යාත්මක වශයෙන් ඇකඩමික් භූගර්භ ලේඛනාගාර වශයෙන් නාමකරණයට ලක්ව අත. මේ අනුව පරාග රූප විද්‍යාව හෙවත් පොලන් මෝර්පර්ලොජි විෂය තුළින් වෘක්ෂලතාවල ඉතිහාසය. දේශගුණික ඉතිහාසය, භූවිෂමතාවය, කෘෂිකර්මයේ ආරම්භය, සතුන් හා ශාක හීලෑ කිරීම, මිනිසා භාවිතා කළ තාක්ෂණයන්, මිනිසාගේ යැපීම් ක‍්‍රම, ආහාර භාවිතාව වෙනස්වීම, අභිචාරක‍්‍රම, ශිෂ්ටාචාර ගොඩනැගීම ආදිය සම්බන්ධව තියුණු තොරතුරු යථාර්ථමය කර ගැනීමට විද්‍යාඥයින් සමත්ව ඇත. පර්යේෂකයින් හා විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. මානව හා සමාජ විද්‍යාත්මක නැඹුරුවකින් අතීත මානව ක‍්‍රියාකාරකම්, චර්යා රටාවන් හා චින්තනයන් සම්බන්ධව නිවරදි තොරතුරු ලබා ගත හැකි බවයි. පාරිසරික පුරා විද්‍යා විෂය සහ පෞරාණික පාරිසරික විද්‍යා විෂය ධාරා තුළින් මිනිසාගේ බිහිවීමේ සිට පුරා වසර මිලියන දෙකක තරම් කාලයක් සහ මිනිසා බිහිවීමට පෙර පාරිසරික හා දේශගුණික තත්ත්වයන් පිළිබඳ සිදු කරන හෙළිදරව් කිරීම තුළින් ලොව පවතින මාතෝප පරාග විද්‍යාව, වායව පරාග විද්‍යාව වශයෙන් විමසන විද්වතුන් සත්ත්ව වසුරුවල අන්තර්ගත පරාග විමසීමෙන් සත්ව භෝජන රටාවන්ගේ විවිධත්වය හෙළි කර ගන්නා අතර ප‍්‍රංශයේ නියැන්ඩතාල් මානවයාගේ මළ ද්‍රව්‍ය පරාග අධ්‍යයනයේදී වසර පනස්දහසේ සිට හැත්තැදහස අතර පාරිසරික තත්ත්ව හෙළි පෙහෙළි වූ අතර ඇමරිකාවේ මැක්සාස්හි කැණීමක් තුළින් හමුවූ සත්ව මළ පරාග තුළින් ක‍්‍රි. පූ. 1300 - ක‍්‍රි.ව. 800 කාලයේ වෘක්ෂලතා හා සම්බන්ධ අපූර්ව තොරතුරු හෙළි කර ගැනීමට විද්‍යාඥයින් සමත්ව ඇත. වායව පරාග විද්‍යාව තුළින් වායුගෝලයේ පාවෙන දහස් සංඛ්‍යාත පරාග සහ බීජානු පිළිබඳ අධ්‍යයනය කරයි. බැක්ටීරියා, වෛරස ඇල්ගී බීජානු, ලයිකන, ප්‍රොටොසෝවා. පාසි බීජානු, මීවන බීජානු,  පරාග කණිකා, කෘමීන්ගේ බිත්තර ආදිය පදනම්ව පරිසරයේ උස්ණත්වය, තෙතමනය, සුළඟ, ආර්ද්‍රතාවය, පිළිබඳ අධ්‍යයනය කරයි. එමෙන්ම වෛද්‍ය විද්‍යාව, අපරාධ විද්‍යාව, පරපෝෂිත වේදය, කෘෂිකර්ම විද්‍යාව, වන විද්‍යාව ආදි විෂයන් සඳහාද භාවිතාවන බව නිරීක්ෂණය කරයි. ලක්දිව ඉහළ කඳුකර ප‍්‍රදේශ අධයයන වාර්තා ප‍්‍රකට කරන්නේ, වසර විසිපන්දහසක පමණ දේශගුණික ඉතිහාසයක් විමර්ශනයට භාජනය වන බවයි. හෝර්ටන් තැන්න ආශ‍්‍රිත වෘක්ෂලතාවල ඉතිහාසය, මේ ප‍්‍රදේශය වාස භූමි කර ගෙන විසූ මානවයා සම්බන්ධ තොරතුරු මෙන්ම මෙයින් වසර 25000 සිට 18500 ක කාලය කාන්තාර දේශගුණික තත්ත්වයන් මෙරට පැවති බවත් එය වසර 17500 ක සිට ඉදිරියට යහපත් තත්ත්වයක් දක්වා වෙනස්වී ඇති බවත් හෝර්ටන් තැන්න පර්යේෂණ කරගෙන මීටර් 06 ගැඹුරට කැණීම් කර ලබා ගන්නා පස් සාම්පල් රැුසක් ඔස්සේ හමුවී ඇති පොසිල පරාග අධ්‍යයන වාර්තා විද්‍යාත්මකව ප‍්‍රකට කර ඇත. මෙම පොසිල පරාග පර්යේෂණවල ගෞරවය ක්ෂුද්‍ර පුරාවිද්‍යාව ප‍්‍රථමයෙන්ම මෙරට පුරාවිදු පර්යේෂණ සඳහා භාවිතා කළ කැලණි සරසවියේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ  පාරිසරික පුරා විද්‍යා පර්යේෂණ සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන ආචාර්ය ටී. ආර්. පේ‍්‍රමතිලක ශූරීන් වෙත ය. 

කෘෂිකර්මය සම්බන්ධයෙන් ආර්යාවතරණයට පෙරාතුව වසර දෙදහස්පන්සියය ඉක්මවා ඉන්දියින මූලයෙන් ඔබ්බට ගොස් ලාංකීය කෘෂි ඉතිහාසය වසර 13000 ක් ඈතට ගමන් කරන බව හෝර්ටන්තැන්න ආශි‍්‍රිතව කළ පර්යේෂණ තුළින් ආචාර්ය පේ‍්‍රමතිලක මහතා පෙන්වා දෙයි. කෘෂිකර්මයට උචිත පාරිසරික හා දේශගුණික යෝග්‍යතා සහිත ස්වරූප අධ්‍යයනය කරන පර්යේෂකයින් පවසන්නේ එම තත්්ත්වය මුල්වරට ඇතිවන්නේ, ආසියාව ප‍්‍රමුඛ නැගෙනහිර කලාපයේ බවයි. මධ්‍ය ආසියාවේ චීනයේ යැංෂිකියැං, බටහිර ආසියාවේ, යුප‍්‍රටීස් ටයිග‍්‍රීස්, අග්නිදිග ආසියාවේ, පැපුවා නිව්ගිනියා. දකුණු ආසියාවේ උතුරු ඉන්දියා ගංගා නිම්න ප‍්‍රදේශය සහ ලංකාවේ හෝර්ටන් තැනිතලාවයි. 
මුළුමහත් පෘථිවිය වසර 1500 ක පමණ කාලයක් හදිසි සීතල වියළි (යන්ගර්ඩයස්* දේශගුණික ස්වභාවයක් පැවති බව පුරාවිද්‍යාත්මකව තහවුරු කර ඇත. එමෙන්ම ශතවර්ෂ තුනක් ක්ෂණිකව උනුසුම්ව පැවති අතර ප‍්‍රාග් මූලාරම්භ කෘෂිකර්මයට (ඉන්සිපියන්ට් ඇග‍්‍රිකල්චර්* මානවයා යොමු වීමට මෙම දේශගුණික තත්ත්ව ඉවහල්වී ඇත. නව ශිලා යුගයේ පුනරුද සමය ලෙස හැඳින්වෙන මෙම කාල පරාසය ග‍්‍රාමීය සංස්කෘතියක් කරා මානවයා නැඹුරුවූ මූලික අවස්ථාව වශයෙන් හා ප‍්‍රාග් මූලික කෘෂිකර්මයේ මුල්ම සාධක ඊශ‍්‍රායලය, පලස්තීනය, සිරියාව, ඉරානය (ලෙවාන් කලාපය * යන ප‍්‍රදේශ සමග ශ‍්‍රී ලංකාවේ හෝර්ටන් තැන්න සමගාමී වන බව ක්ෂුද්‍රපුරාවිද්‍යාව අධ්‍යයනය කරයි. (දිවයින බදාදා අතිරේකය 2014.10.15* 
කිසිදු පුරාවිද්‍යාතමක සොයා ගැනීමක් මත ඓතිහාසික පුද්ගලයින්හෝ ඓතිහාසික සිද්ධි සමපාත කිරීම න්‍යාය විරෝධී බව පවසමින් විග‍්‍රහයක් කරන මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසන්නේ, අතීත සමාජවලට අයත් ද්‍රව්‍යාත්මක සමුච්ච විග‍්‍රහ කිරීමෙන් අඛණ්ඩතාව (ජදබඑසබමසඑසැි* යන සංකල්පය (ද්‍රව්‍යමය වස්තූන්වල පවතින ශෛලීය නිරූපණය මගින් හෝ තාක්ෂණික ඉදිරිපත්කිරීම මගින් ප‍්‍රකාශවන ගුණය* සහ විපර්යාසය :ජය්බටැ* (පුරාවිද්‍යඥයා විග‍්‍රහාත්මක තලයේ දී ගනුදෙනු කරන්නේ, ද්‍රව්‍යාත්මක අවශේෂ සමග වන බැවින් ග‍්‍රහණය කර ගත හැක්කේ මෙම ලක්ෂණ පමණක් බවය* කාලය මැනගැනීමේ ක‍්‍රම වේදය අනුව එකී අඛණ්ඩතා සහ විපර්යාසයන් කාලමානයක පිහිටුවා ගැනීමට සමත් වෙනවා. මෙහිදී ඉතිහාසය ගොඩනැංවීමට පුරාවිද්‍යාඥයා දායක වන්නේ, ඉතිහාසය තුළ පැවති ගම්‍යතා හඳුනාගෙන ඒවා විස්තර කිරීමෙන් එය සිදු කළ යුතු බවයි. (මහාචාර්ය රාජ් සෝමදේව* 

මානව විද්‍යාව (5*

මිනිසාගේ ශිෂ්ටාචාර ගත ලක්ෂණ :-

 ලතින් භාෂාවෙන් ක්‍සඩසිඝ ක්‍සඩසකසිැඝ යන වචනය ඉංග‍්‍රීසි භාෂාවෙන් ක්‍සඩසකස‘්එසදබ යනුවෙනුත් ක්‍සඩසකස‘ යන ග‍්‍රීක වචනයෙන්  ක්‍සඩසකස‘්එසදබ යන (ඉංග‍්‍රීසි භාෂාවට 18 වන ශතවර්ෂයේ සංක‍්‍රමණය වී ඇති* වචනය ව්‍යවහාරයට පැමිණ ඇතැයි ද, ක්‍සඑස‘ැබ යන වචනයෙන් ජන පදිකයා හෙවත් නාගරිකයා හනුවෙන් අරුත් ගැන්වෙන අතර ක්‍සඩසකසිැ යන වචනයෙන්ද එම අරුතම නිරූපනයකරයි. ක්‍සඩසකසඑ යන වචනය, නාගරිකයින්ගේ දේශපාලනික හා සාමාජික හැසිරීම් ස්වභාවය යන්න අරුත් ගන්වන අතර ක්‍සඩසකස‘ැ යන වචනයෙන් ශිෂ්ටාචාරය (සිංහල* පැමිණි බව අදහස් වෙයි. ක්‍සඩසකස‘්එසදබ යන වචනයෙන්  වනගත බවින් ඉවත්වීම, හොඳ සිරිත්, විරිත්, නීති, රීති විද්‍යාව හා කලාව පිළිබඳ හික්මීම යන අරුත් විග‍්‍රහ කෙරෙයි. 
ගින්දර සොයා ගැනීම, භාෂාව හා අක්ෂර සොයා ගැනීම (ලේඛන කලාව සොයා ගනු ලැබුවේ, ක‍්‍රි.පූ. 5000 ට ආසන්න යුගයේ දී* මිනිසාට පරිසරය ජය ගැනීමට ප‍්‍රබල දායකත්වයක් සැපයුණි. මානව සමාජය විවිධ අංග සංවර්ධනය වීම ක‍්‍රමයෙන් සිදු විය. ශිෂ්ටාචාරයේ වර්ධනයසඳහා පරිසරයෙන් සිදු වූ ප‍්‍රබල බලපෑම, සොබාදහම කෙරෙහි මිනිසා තුළ පැවති ආකල්ප මෙන්ම ශිෂ්ටාචාර පහළවීමෙන් (නුතන ශිෂ්ටාචාරයේ ප‍්‍රභවය ක‍්‍රි.පූ. 5000 පමණ සිදු වූ බව පැවසෙයි* පසු පරිසරයේ වෙනස් වීම් සමාජ වර්ධනය කෙරෙහි සිදු වූ බලපෑම මාතෘකා ගත කරුණ විමසීමට ප‍්‍රයොජනවත් වෙනු ඇත.  
ක‍්‍රි.පූ. 30000 සිට 10000 දක්වා කාළය පැලියෝලොතික් නොහොත් පුරාණ පාෂාණ යුගයයි. මෙම කාල පරිච්ෙඡ්දය ප‍්‍රාග් ඓතිහාසික යුගය මෙන් සතර ගුණයක් දිගු වෙයි. ‘‘මරසිලියානෝ’’ (1879* විසින් ස්පාඤ්ඤයේ උතුරු වෙරළබඩ තීරයෙහි ඇක්සිලානා ඩෙල්මාර්හි ඇල්තිමීරා ගුහාවෙන් සොයාගත් අශ්ව, ගව, සිතුවම් ලොව ඉපැරණිම චිත‍්‍ර වශයෙන්, 1902 දී ඇබ් ප‍්‍රියුසිල් පුරාවිද්‍යාඥයා විසින් මෙම ගුහාව කැණීමෙන් සොයා ලත් සත්ව පොසිල එම සතුන්ගේ විය හැකි බවට අනුමාන කරන ලදී. ඉන්පසුව 1940 දි ප‍්‍රංශයෙන් හමුවන විශාල ගෝනෙකුගේ සිතුවමක් සහිත ලෙන පරික්ෂාවට ලක්කිරීමේදී එහි අශ්වයින්, පිහිනන මුව රංචුවක්, හිපපොටේමස් වර්ගයට හා කඟවේනෙකුගේ රූපයක් සමග මිනිස් රූ හමුවීම පර්යේෂකයින්ගේ උද්යෝගය වැඩි කරන්නට හේතු වූවා පමණක් නොව, එහි සත්ව රූ මෙන් නොව දුර්වල මිනිස් රූප පිළිබඳව ද අවධානය යොමු විය. රේඩියෝ කාබන් පරීක්ෂණ අනුව මෙම ලෙන් සිතුවම් ක‍්‍රි. පූ. 30000 ටත් 20000 ටත් අතර කාලයක් තුළ වරින් වර අඳින ලද ඒවා බව පළ කෙරුණි. මෙම චිත‍්‍රවල ප‍්‍රමාණය නිවැරදි බවටත් වඳ වී ගිය ආදි කාලීන සතුන්ගේ කාය විච්ෙඡ්දන විද්‍යා සටහන්වලට සත්ව විද්‍යාඥයින්ගේ පෙළඹවීම ඇතිවූයේ මෙම පූර්වාදර්ශයන් ගේ හේතු වෙන් බවට අදහස් ප‍්‍රකට විය. මේ සම්බන්ධ පර්යේෂණවලට අනුව තත්කාලීන පැලියොතික් යුගයේ සිත්තරුන් ආලේපන සකසාගෙන ඇත්තේ සත්ව මාංශ, යපස් ආදිය භාවිතා කරමින් බව ය. ප‍්‍රංශයේ නිරිත දිග ප‍්‍රදේශයේ ‘ලිමියු ඉල්කින්’’ ලෙන්වලින් සොයාගත් චිත‍්‍ර ගල්පුවරු පරීක්ෂාකළ පුරා විද්‍යාඥයින් පවසා සිටියේ  එම භූමිය සිතුවම් කර්මාන්තය පිළිබඳ ඔවුන්ගේ පුහුණු මධ්‍යස්ථානයක් වශයෙන් තත් යුගයේ පැවත ඇති බව ය. ක‍්‍රි. පූ. 10000 දී පමණ අයිස් යුගය අවසාන වී ග්ලැසියර දියවී යාමත් සමග පුරාණ පාෂාණ යුගයේ අවසානය එළැඹීමෙන් උනුසුම වැඩිවීමත් සමග ආදි මානවයින් ගල්ලෙන්වලින් බැහැරට ගොස් දැවයෙන් තනා ගත් නිවාසවලට පිවිස ජලාශ‍්‍රිත පරිසරයකට හුරුවීමත් සමග කෘෂිකාර්මික නව යුගයක ආරම්භ්‍යක් සටහන් කරමින් වනසතුන් හීලෑ කොට පාලනය කිරීමත් දඩයම් යුගය වෙනස්වීමකට ලක්වීමත් නිසා ලොව එතෙක් පැවති ගල් ලෙන් පුරා වසර 12000 ට අධික කාලයක් අප‍්‍රකටව සැඟව ඇති බව අධ්‍යයන කෙරෙයි. 

 ‘‘විද්‍යාත්මක හා කාර්මික දැනීමත් ඒ අනුව ස්වභාවික තත්ත්වයන් පාලනය කිරීමේ බලයත් ශිෂ්ටාචාරය වශයෙන් අරුත් ගැන්වෙයි’’ ‘ඇල්ප‍්‍රඞ් වේබර්’, මිනිසා දඩයම් යුගයෙන් ඉවත්ව සංක‍්‍රමණය අතහැර ස්ථිර වාසස්ථාන බිහි කර ගැනීමත්, කණ්ඩායම් වශයෙන් හෙවත් ‘‘සමාජ කොටස්’’ වශයෙන් ජීවත් වීමත් සමගම ශිෂ්ටාචාර බිහි වූ බව, ග‍්‍රීක, රෝම, මොහෙන්දජාරෝ, හරප්පා ශිෂ්ටාචාර උදාහරණ වශයෙන් දක්වමින් මානව විද්‍යාඥයින් කරුණු දක්වති. මිනිසා ගැන හැදෑරීමේ විද්‍යානුකූල පදනම ‘අන්ද්‍රෙයස් වේසාලියස් සහ විලියම් හාවි යන විද්වතුන් ගේ පර්යේෂනයන් ගෙන් පසුව ඇරඹුණි. අපගේ යාබද රට වූ ඉන්දියාවේ ගෝත‍්‍රික සමාජ පිළිබඳ අධ්‍යයනය කළ ඞී. ඞී. කෝසම්බි පෙන්වා දුන්නේ, ‘අර්ධද්වීපික ඉන්දියාවේ ගෝත‍්‍රික සමාජ, ඉන්දියාවේ ජීවමාන ප‍්‍රාග් ඉතිහාසය බව ය. අෂූර්වරුන්ගේ සමාජ අධ්‍යයනය කළ වේරියර් එල්වේ පෙන්වා දුන්නේ, ඔවුන්ගේ සංචාරක දිවිය පෞරාණික මානව සිරිතක් වශයෙන් නිරීක්ෂණය වන බව ය.    
අදින් වසර පන්ලක්ෂයකට පෙර සිට එන මුල්ම මිනිසුන් ආහාර සපයා ගෙන ඇත්තේ, අනෙකුත් සතුන් මෙන් වනාන්තර ආශ‍්‍රයෙනි. ඒ සඳහා පළතුරු, පළ වර්ග වැනි ආහාරයට සුදුසු දේ එකතු කර ගන්නට ඇත. කාළයාගේ ඇවෑමෙන් සතුන් දඩයම් කර ගැනීමට ද ඔවුහු පුරුදු වන්නට ඇති බව පිළිගැනේ. ඒ සඳහා තද පාෂාණ මෙවලම් තනා ගන ඇති බව පුරා හා මානව විද්‍යාඥයින්ගේ නිරීක්ෂණයට හසුව ඇත. මේ අනුව වන මුල් පලාපලවලින් මෙන්ම සත්ව දඩයමින් ආහාර සොයා ගැනීමේ ජීවන ක‍්‍රමය මානව ඉතිහාසයේ දීර්ඝ කාළයක් තුළ පැවති බව නිරීක්ෂණය වෙනු ඇත. දඩයම් සොයා යාමේදී පෙරළා සතුන්ට බිලිවීමද සිදුවන්නට ඇත. දඩයම් සොයා ගිය මිනිසා ජයග‍්‍රහණ මෙන්ම පරාජයන් අත්විඳීම ද නව බිම් සොයා යාම ද ජීවන ක‍්‍රියාවලිය තුළ සුදුව ඇති බව පුරා හා මානව විද්‍යාඥයින් ගේ පර්යේෂණ තුළින් ප‍්‍රකට කර ඇත.    
කාලයත් සමග මෙම තැන තැන ගොස් ආහාර සොයා ගැනීමේ ක‍්‍රියාවලිය සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති අතර ස්ථිර වාස භූමි වෙනුවට ගල්ගුහා වැනි ස්වාභාවික ස්ථානවල ආරක්ෂාව ලබා තාවකාලික ජීවිත ගත කරන්නට ඇත. සතුන් ලූහු බැඳ ගොස් මරාගෙන ආහාර සකස් කර ගත් මිනිසා කල්යාමේදී ආහාර පිණිස සතුන් ඇති කොට ඒ මගින් ආහාර පිළියෙළ කර ගැනීම වඩා පහසු ක‍්‍රමයක් බව සිතන්නට ඇත. ඒ අනුව අතීත මිනිසා එළු, බැටළු, ගව ආදී සතුන් හීලෑ කොට තම පාලනයට නතු කර ගෙන ඇති බව ප‍්‍රත්‍යක්ෂය. පිරිමි පක්ෂය දඩයම කරා යොමු වීම ද, ආහාර පිණිස අල මුල් පළතුරු සොයා ගිය කාන්තාවන් ද පසු කාලයේ තමා ජීවත්වන පරිසරය අවට ඒවා වගා කරන්නට ද පෙළඹෙන්නට ඇත. මේ අනුව පූර්වජයින් ක‍්‍රමයෙන් ගෘහාස්ශ‍්‍රිත ජීවිතයට පෙළඹෙන්නට ඇති බව විශ්වාස කළ හැකිය. 

ප්ලයිස්ටොසීන අවධිය වන විට අවි ආයුධ හා උපකරණ භාවිතයට මිනිසා පුරුදු විය. භූමි හා කැලෑවලට ගැලපෙන අවි නිපදවා ගත් අප‍්‍රිකානු මානවයා මුල්ම යුගයේ ප‍්‍රාථමික ගණයේ අවි නිපදවා ගත්තත් පසුව තියුණු ලෙස සකස් කර ගත් අවි වලින් සිය අවශ්‍යතා ඉටු කර ගත් බව පුරා   විද්‍යාත්මක සාධක තහවුරු කරයි. මේ අනුව මෙවලම් භාවිතය හා නිපදවීම සභ්‍යත්වය පරිණාමය වීමේ දී මූලික විය. 

සතුන් හීලෑ කොට ඇති කිරීම මගින් මස් කිරි වැනි දේ පරිභෝජනයට පුරුදු වූ මොවුන් කාලීනව ගැටුම්වලට ද මුහුණ දිමට සිදුව ඇති අතර ආහාර ජලය වැනි සම්පත් හිග වීමත් ලෙඩ රෝගවලට ගොදුරු වීමත් ආදි කරුණු නිසා විවිධ ගැටලූවලට පිළිතුරු සෙවීම නිරායාසයෙන්ම ඔවුනට සිදු වන්නට ඇත. සතුන් සමඟ තැන තැන යන අවස්ථාවේ ස්ථිරවාසස්ථාන පිළිබඳ අදහසක් ප‍්‍රකට නොකළ ඔවුන් ශීතල, උනුසුම පතා හෝ මැසිමදුරු උවදුරින් වැළකීමට ශරීරාවරණය පිළිබඳ උනන්දුව හේතුවෙන් කෙළ අතු, ගස් පට්ටා, සත්ව හම් වැනි දේ භාවිතාවට හුරු පුරුදු වන්නට ඇත. ඉන්පසුව නවාතැන් පිළියෙළ කර ගනු වස් සංචාරක එෙඬ්ර ජීවිතය අවසන් කර සත්ව පාලනය සිදු කරමින් ආහාරයට සුදුසු ධාන්‍ය වර්ග, අල වර්ග හා පළතුරු වර්ග ආදිය වගා කර ගැනීමටත් මස් හා කිරි ලබා ගැනීමටත් සතුන් ඇති කරගැනීමටත් පෙළඹෙන්නට ඇත.
කෘෂිකර්මාන්තය උදෙසා භෝග වර්ග කෙරෙහි කළ බලපෑම හේතුවෙන් ගංගා නිම්නයන්හි සරු බිම් සොයා ඇවිද ගිය අපේ පූර්වජයා ස්ථිර වාසස්ථාන ගොඩ නගා ගත් බව මානව හා පුරාවිද්‍යාත්මක නිරීක්ෂණ තහවුරු කරයි. ඒ  අදින් වසර දස දහසක තරම් කාළයකට ප‍්‍රථම, මෙය සිදුව ඇති බවය. මුලින්ම හඳුනා ගෙන ඇති තිරිඟු, ඉරිඟු, බාර්ලි වි වැනි ධාන්‍ය වර්ග වගා කිරීමේ දී කාලගුණ විපර්යාසයන්ට මුහුණ දීම වීම වැනි කාරණා නිසා අතිරික්තය සුරක්ෂිත කර ගැනීමට ද පෙළඹෙන්නට ඇත. අතිරික්තය ගබඩා කර ගෙන බුක්ති විඳි සමය ඔවුන්ගේ විවේක බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීමේ අවස්ථාව එළැඹීම තුළින් තම ජීවන කාර්යයන් පහසුවෙන් කර ගැනීම පිළිබඳ කල්පනා කරන්නට ඇත. ඔවුහු අස්වනු කැපීමට දෑකැත්ත, සීසෑමට නගුල, එහා මෙහා ගෙන යාමට රෝදය සහිත කරත්තය නිර්මාණය කර ගත්හ. ධාන්‍ය ඇඹරීමට, ඇඹරුම් ගලත්, සුරක්ෂිත කර ගැනීමට ධාන්‍ය බිස්සත් වාසය කිරීමට කටු මැටි බිත්ති සහිත ගෙවලූත් සරල ගෘහ උපකරණත් ස්ථිර නිවාස ක‍්‍රමය යනාදියත් ඔවුන් අත්පත් කර ගත් ජයග‍්‍රහණ බව නිසැකය. මෙලෙස ගංගාධාරයන්හි ස්ථිරව පදිංචි වීමත් කෘෂි කර්මය මගින් අහර සපයා ගැනීමත්, පාලන සංවිධානයන් ගොඩනගා ගැනීමත්, ඒ තුළ ක‍්‍රියාත්මක වීමත්, නීති රීති පද්ධතියකට අවනත වීමත්, ආරක්ෂාව සඳහා සංවිධාන ගොඩ නගා ගැනීමත්, අදහස් ප‍්‍රකාශ කිරීම සඳහා භාෂාවක් සහ ලේඛන ක‍්‍රමයක් භාවිතයත්, ආගමික විශ්වාස පිළිගැනීම හා අභ්‍යන්තර මෙන්ම බාහිර සබඳතා පවත්වා ගෙන යමින් සාමූහිකත්වයක් ප‍්‍රකට කිරිම ආදී කර්තව්‍යයන් රාශියක් සමග පුර්වජයින් ශිෂ්ටාචාර ගතවූ බව සඳහන් කළ හැකිය. 

මෙවැනි ලක්ෂණ සහිත ශිෂ්ටාචාර ලොව මුලින්ම ආරම්භ වුනැයි සැලකෙන ප‍්‍රධාන ගංගා නිම්න 04 ක් පුරා හා මානව විද්‍යාඥයින් සමග ඉතිහාසඥයින් ගේ ගැඹුරු අවධානයකට ලක්ව ඇත. එනම් මෙසපොතේමියානු හෙවත්, වර්තමාන මැද පෙරදිග පිහිටි යුප‍්‍රටීස් ටයිග‍්‍රීස් ගංගා නිම්නය, චීනයේ හොවැංහෝ ගංගා නිම්නය, මිසරය හෙවත් ඊජිප්තුවේ නයිල් ගංගා නිම්නය හා ඉන්දියාවේ සින්ධු ගංගා නිම්නය යන කලාපයන් ය. මානව ශිෂ්ටාචාරයේ මුල්ම අවදිය සොයා ගිය පුරා හා මානව විද්‍යාඥයින් ගංගා නිම්න ආශ‍්‍රිතව ඇරඹි මෙම ශිෂ්ටාචාර අදින් වසර 5000 කට (පන්දහසකට* පෙරාතුව පටන් ගන්නට ඇතැයි පර්යේෂණ මගින් තහවුරු කර ඇත. 
ඔවුන්ගේ චරියාවන් මෙන්ම පරිහරණයන් පිළිබඳ විමසීමේදී ඒ ඒ ශිෂ්ටාචාර අතර හුවමාරු වෙමින් නවීකරණයට ලක්ව, නූතන පරම්පරාව කෙරෙහි අනුගතවන්නට ඇති බව පිළිගැනීමට පාත‍්‍රවන අතර, කාලයේ වැලි තලාවන් ගෙන් වැසී ගිය පූර්ව යුගයේ කෞතුකයන් ප‍්‍රාමාණික වියතුන් ගේ අප‍්‍රතිහත ධෛර්යය නිසා මෙම ශිෂ්ටාචාරවල පැවති දේශපාලන, ආගමික. ආර්ථික හා සංස්කෘතික තොරතුරු මතු කර ගැනීමට හැකිවී ඇති බව පෙනෙයි. 
මෙසපොතේමියානු ශිෂ්ටාචාරය බිහිවී ඇත්තේ යුප‍්‍රටීස් ටයිග‍්‍රීස් ගංගාධාරයේ මධ්‍යම හා පහළ කොටස් ආශ‍්‍රිතවය. මෙසපොතේමියා (ග‍්‍රීක භාෂාව අනුව, මෙසෝ + පොතෙමස් * යනුවෙන් හෙවත් ‘‘ගංගා මැද’’ යන අරුත දනවයි. (ක‍්‍රි. පූ. 4000 ක පමණ කාලයකට උරුම කම් කියන සිරියාවේ ටෙල් බැක් ප‍්‍රදේශයෙන් ලැබෙන මැටි පුවරු, ලොව පැරණිම අක්ෂර වශයෙන් හඳුනා ගෙන ඇත*
එකම මානව සමූහයක් සිය ජයග‍්‍රහණ අත් පත් කර ගනිමින් සිදු කළ මේ ගමන් ඇරඹුම පසුව භූගෝලීයමය සමාජාර්ථික කරුණු හේතුවෙන් කෘෂි හා පශු වශයෙන් දෙකොටසකට බෙදී ව්‍යාප්ත වන්නට ඇති බව ඇතැම් වියතුන් ගේ අදහස විය.  ක‍්‍රි. පූ. 12000 දී පමණ සිදුවන්නට ඇතැයි විශ්වාස කරන මානව සංවර්ධනයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් වශයෙන් සැළකෙන කෘෂිකාර්මික ජන ව්‍යාප්තියත් පශු පාලනය සමග ඇතිවන ජන ව්‍යාප්තියත් අතර වෙනස පැහැදිලි කරන ආචාර්ය කේ. එච්. එම්. සුමතිපාල ශූරීන් (1978 විද්වත් කථිකාව* සඳහන් කළේ, පැලෑටි හා සතුන් හීලෑ කිරීම සිදුවන්නට පටන්  ගත්තේ,  ක‍්‍රි. පූ. 12000 දී පමණ බවත්, මධ්‍යධරණී මුහුදේ නැගෙනහිර භාගය මානව සංවර්ධනයේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර නැගෙනහිර භාගයට දකුණින් හා අග්නිදිගින් පිහිටි මිසරය සහ බැබිලෝනියාව මුලින්ම කෘෂිකර්මයට නැඹුරු වන්නට බලපාන්නට ඇති බව හා උතුරින් හා වයඹ දිගින් පිහිටි ග‍්‍රීසිය හා ජර්මනිය පශුපාලනය ඇති වූ ප‍්‍රදේශ වශයෙනුත් ප‍්‍රකට කරන බවය. මේ බෙදීම පිළිබඳව ව්‍යක්තව කරුණු සාකච්ඡුා කරන ආචාර්ය සුමතිපාල ශූරීන් මෙම වෙන් කිරීම සුර හා අසුර යන නාම කරණයට හේතු වූ බවට කරුණු දක්වයි. මෙය සර - අසර විය යුතු බවත් සුර අසුර වූයේ ශබ්ද කිරීමේ පහසුව නිසා හෝ නැතහොත් වැරදි අවබෝධය නිසා හෝ වන්නට ඇති බවය. සර = ඇවිදීම =හැසිරීම =එෙඬ්ර යන අරුත් දෙන බවත් පාදය = සර = දෙපයින් කෙරෙන කාර්යය, අත = කර = දෑතින් කෙරෙන කාර්යයි. බොහෝ වැඩ කටයුතු ඇති පුද්ගලයා කාර්ය බහුල අයෙකි. බොහෝ ගමන් බිමන් ඇති පුද්ගලයා සාර්ය බහුල අයෙකි. සාර්ය = හාර්ය = ආර්ය වශයෙන් පෙරළෙන්නට හැකි බව හෙතෙම පවසයි. (සුරා =සර =සාර්ය = ආර්ය ගණය -පශු පාලනයේ යැපුණ බවත් අසුර = අසර - කෘෂිකර්මයෙන් යැපුණ බවත්, සැමිටික් = හැමිටික් =ගැමිටික් - යුදෙව් අදේව් කෘෂිකාර්මිකයි. සමිටික් =සමිතික, කැටිව, ගොඬේ වාසය කරන අරුත් සපයන බවත් සුර අසුර දෙවර්ගය මිනිස් වර්ග දෙකක් නොවන බවත් රැුකියා දෙවර්ගයක යෙදුණු එකම මිනිස් වර්ගය හැඳින්වූ නම් දෙකක් බවත් හෙතෙම සඳහන් කර ඇත. 

මුල්ම මානවයා අප‍්‍රිකා භූමියෙන් බිහිවී ලොව පුරා විසිර ගිය අතර තත් යුගයේ සිටම (ස්ථිර වාසස්ථාන පිහිටුවා ගැනිම සිදු කළත් පසු කාලීනව ද* විසිර ජීවත් වූ බවට ඇති සාධක අපමණය. මේ සඳහා බලපාන ලද විවිධ හේතූන් වෙයි. යාබද රට වූ ඉන්දියාවට ඈත අතීතයෙහි පැමිණි පැරණිම මනුෂ්‍ය වර්ගයා වශයෙන් ‘නිග‍්‍රිටෝවරු’ සඳහන් කෙරෙයි. අනතුරුව ‘ඔස්ත‍්‍රලොයිඞ් වර්ගයාත්, ඉන්පසු බටහිර දේශාන්තරයෙන් මධ්‍යධරණී වර්ගයාත් පූර්ව යුගයේ නැගෙනහිර මුහුදු තීරයෙන් එහා කොදෙව්වල විසූ මොන්ගල් වරුද, මැලනීසියන්වරුද, පොලිනීසියන් වරුද, ඉන්දියාවට සංක‍්‍රමණය වූ බව අනුමාන කෙරෙන අතර අවසන් වශයෙන් එහි පැමිණියේ ආර්යයන් වෙයි.  
තුරාණ යනු අනාර්ය යන අර්ථයයි. සිමිටික් සහ ආර්ය භාෂාවලට අයිති නැති අවශේෂ සියලූ භාෂාවලට තුරාණ යන නාමය දී තිබෙතත් ඒ භාෂා එකම මූලයකින් උපදින්නට ඇතැයි නොසැලකිය යුතුයි. මොන්ගෝලීය ද්‍රවිඩ ආදී එකිනෙකට වෙනස් වූ භාෂා බොහෝ ගණනක් ඊට අයිති වේ. මාගධි මූල භාෂාවක් වශයෙන් කිසිකෙනෙක් නොසලකති (ඍැඩගඔයැදාදරු ටග ඡුැරු ර ්1945* මේ පිළිබඳව විවිධ අදහස් හා මතවාද ඉදිරිපත්ව ඇති අතර ආර්යයන් යනු මිනිස් වර්ගයක් නොවන බවත් සුර අසුර යන දෙකොට්ඨාසය සම්බන්ධයෙන්ද පරස්පර අදහස් ඉදිරිපත්ව ඇති බව නිරික්ෂණය වන බව ද පැවසිය යුතුය. කෘෂිකර්මය පදනම් කර ගත් ජන කායක් හැඳින්වීමට ආර්ය නාමය පට බැඳි බවටද අදහස් ඉදිරිපත්ව ඇති බව ප‍්‍රකටය. 

‘‘ආර්ය යන්න උත්තමාර්ථයෙහි වැටේ. පර්සියා දේශයට ඉරාණ (ඓරන්* යන නාමය දෙන ලද්දේ ඒ ආර්යයන්ගේ මුල් වාස භූමිය වූ හෙයිනි. ඔවුහු කෘෂිකර්මයෙහි නියුක්තවූ හෙයින් ආර්ය යන නාමය ලදහයි කිසිකෙනෙක් සලකති. ලතින් භාෂාවෙහි ‘‘අරාරෙ’’යනු සීසෑමයි.’’( ඍැඩගඔයැදාදරු ටග ඡුැරු ර ්1945*     
ඓතිහාසික තත්ත්වයන් විමසීමේ දී කෘෂිකර්මය සහ පශු පාලනය පදනම් කර ගත් මානව පිරිස් ඔවුන් ගේ චර්යාවන් සහ සංස්කෘතීන් අනුව පැහැදිලි වෙනස් කම් ප‍්‍රකට කළ බව මනාව පැහැදිලි වෙයි. ආචාර්ය සුමතිපාල ශූරීන් පවසන පරිදි කෘෂි පාලනය මධ්‍යගත ක‍්‍රමයකිනුත් පශුපාලනය විමධ්‍ය ගත ආකාරයකිනුත් සමාජ ගතව ඇති අතර කෘෂි සමාජය ඒකාකාරී ජිවන රටාවකට හුරු පුරුදුවූ භාවාත්මකව කටයුතු කළ ගස් පට්ටා ඇඳි ආහාරය අතින් කාර්බෝහයිඞ්රෙඞ් ප‍්‍රධාන තැනක් ගත් සාමූහිකව කටයුතු කළ කණ්ඩායමක් වශයෙනුත් පශු සමාජය තුළ සතුන් සමග හුදකලා වූ මිනිසා භූගෝලීය වශයෙන් හා සෞන්දර්යාත්මකව ද පරිසරය පිළිබඳ මනා අවබෝධයක් ලැබ ගී ගැයීම වැනි දේ හුරු පුරුදු වූ ප්‍රෝටීන් සහිත ආහාර අනුභව කළ සත්ව හම් ඇඳුම් වශයෙන් භාවිතා කළ නිර්මාණ අගය කිරීම මෙන්ම සතුන් ආහාර ගන්නා කාලය තුළ ලැබුණ විවේක කාලය බුද්ධිමය විවේකයකට ඉඩ හසර පෑදීම අභියෝගවලට මුහුණ දීමට හැකියාවක් ලැබීම මෙන්ම අද්දැකීම් බහුල ජීවන ප‍්‍රවෘතියකට ඔවුන් උරුම කම් ලැබීය. නූතන ලෝකය දෙස විමසා බැලීමෙන්ද තාක්ෂණය අතින් නිපුණත්වයක් ලබන කලාපීය රටවල් සහ කෘෂි නිෂ්පාදන අතින් දියුණුවක් පෙන්වන රටවල් හි ඓතිහාසික සටහන් සහ කෞතුකයන් තුළින් ද විශද වනුයේ යථෝකථ වෙනස් කම් අනුව තාක්ෂණය අතින් වඩා දියුණුවක් පශු සමාජය පසු කාලීනව ප‍්‍රකට කළ අතර කෘෂි සමාජය සාමූහිකව සහ භාවාත්මකව නිදහස් චින්තනය වෙනුවට කිසියම් රාමුගත ඒකාකාරී ජීවන ක‍්‍රමයකට හුරුව පෙරට ආ බවයි. ලාංකිය භූ විෂමතා ලක්ෂණ මෙන්ම ශිෂ්ටාචාරය හා කාන්තාව මැයෙන් පැවති විද්වත් සාකච්ඡුාවකදී මහාචාර්ය වාඩියා මහතා පෙන්වා දුන්නේ මධ්‍ය කඳුකරයේ පවතින ඇතැම් සීඝ‍්‍ර බෑවුම් ඇතිවන්නට හේතුවක් වශයෙන් තියුණු ආයුධ සකස් කර ගැනීම සඳහා තද පාශාන අවශ්‍යවු බැවින් තත්කාලීන මානවයින් ඒ සඳහා සිදු කර ඇති කැණීම්වල ප‍්‍රතිඵලයක් විය හැකි බවයි. (ශෛලමය ආයුධ එතරම් තද දේවල් (ගස් වැනි* කැපීමට, ඉරා ගැනීමට ප‍්‍රමාණවත් නොවූ හෙයින් මැණික් ආදී පාශාන ඒ සඳහා භාවිත කළ බව අනුමාන කරයි* ආහාර වශයෙන් දඩයම් කර ගත් සතුන්ගේ හම්වලින් ඇඳුම් සකස් කර ගත් බවට වාර්තා වී ඇති තොරතුරු අතර, රුසියාවේ හිම ප‍්‍රදේශවලින් සොයා ගත් හිම කබායත් පා ආවරණ මෙවලම් පරික්ෂාවට භාජනය කළ පුරා හා මානව විද්‍යාඥයින් සඳහන් කළේ ඒවා අදින් වසර 70000 ටත් 40000 ත් අතර කාල පරාසයක දී ‘නියැන්ඩතාල් මානවයාට අයත් ඇඳුම් කට්ටලයක් බවයි. අධික ශීතලෙන් යුතු කාල වකවානුවල දී ප‍්‍රථමයෙන් ම මානවයන් ඇඳුම් ඇඳීමට පටන් ගත් බව පැහැදිලි (මාලිංග අමර සිංහ* වන අතර ප‍්‍රාග් යුගය දක්වා ඈතට ඇඳුම් භාවිතය ගමන් කරන බව ද, අධ්‍යයනයන් තුළින් පැහැදිලිය. 

‘‘ අවට රටවල් සමඟ ලංකාව ඒකාබද්ධව පැවති කාලයක දී වර්ග කීපයකට අයිති මිනිසුන් පයින් ගමන් කොට මෙහි පැමිණෙන්නට ඇති බව සිතීමට යම්තමින් කරුණු තිබේ. පෙර කාලවල දී නිතරම පාහේ ඉන්දියාව ඔස්සේ හෝ ඉන්දියාව හරහා හෝ මිනිස් වර්ගයා මෙහි පැමිණෙන්ට ඇතත් ඊට පසු අවදියක ලංකාවට නැගෙනහිරින් පවා යම් යම් මිනිස් කොටස් දකුණු ප‍්‍රදේශය පසුකොට පැමිණි බව සිතන්නට ඇත. මලය ප‍්‍රදේශයෙහි දක්නට ලැබෙන පාෂාණ ආයුධයන්ට සමාන ආයුධ දකුණු ලංකාවේ ගිනිකොන දෙස පිහිටි මිනිහාගල්කන්ද නැමැති ප‍්‍රදේශයෙන් පෙනෙන්ට තිබේ. මැලනීසියන් හා පොලිනීසියන් වර්ගයා ලක්දිවට පැමිණි බවට ස්ථිර සාක්ෂි නැතත් ඔවුන්ට අයිති සංස්කෘතික ලක්ෂණ යම්තමින්වත් මෙහි දකින්නට තිබෙන බව සඳහන් කළයුතුයි. එනම් උඩරට තට්ටු ගොවිතැන, පොල්ගස, කොල්ලෑව සහිත ඔරුව හා උරහිස සහිත නියන් තලය යි. අප‍්‍රිකා දේශයෙන් ද ආදිම යුගයන්හි මිනිස් වර්ගයා ඉන්දියාවට නොපැමිණියේ යැයි කිව නොහැක. ඇතැම් පාෂාණ ආයුධවලට සමාන පැරණි ගල් ආයුධ අප‍්‍රිකාවේත් ලංකාවේත් පෙනෙන්ට ඇත. ලක්දිව ඈත මිනිසුන් ගැන නියම තත්ත්වය පහදා ගන්නට නම් ඉන්දියාවේ වාසය කළ ආදි මිනිසුන් ගැන ප‍්‍රථමයෙන් සිතා බැලිය යුතුයි. ගොඩින් හෝ මුහුදින් යමෙක් මෙහි පැමිණියා නම් ඔවුන් එන්නට ඇත්තේ දකුණු ඉන්දියාව හරහායි. මේ ගැන සිතන්නට දැන් නම් බොහෝමයක් කරුණු ඉන්දියාවෙන් සොයාගෙන තිබේ. පුරාණ පාෂාණ යුගයට අයත් මනුෂ්‍ය වාසස්ථාන කීපයක් සොයා ගෙන ඇතත් ඒ සමයෙහි විසූ මිනිසුන් ගේ හිස් කබල්, ඇට සැකිලි හෝ ඇට කටු මෙතෙක් ලැබී නැත. එමෙන්ම මධ්‍යම පාෂාණ යුගයට හෝ අව පාෂාණ යුගයට හෝ, අර්ධ පාෂාණ යුගයට හෝ අයත් මිනිසුන්ගේ ඇට සැකිල්ලක් සොයා ගන්නට පවා මෙතෙක් භාග්‍ය ලැබී නොමැත. වාසනාවකට මෙන් ක‍්‍රි. ව. ට පෙර 3000 ට පමණ ආර්ය වර්ගයාට පෙර කාලයෙහි ඉන්දු ගංගා භූමියෙහි විසූ මිනිසුන්ගේ ඇට සැකිලි කීපයක් මොහැන්ජෝදාරෝ හා හරප්පා තගරවල නෂ්ටාවශේෂ අතර තිබී හමුවී තිබේ. ඒවා පරීක්ෂා කිරීමෙන් ඉහත සඳහන් පාෂාණ යුගවල ජීවත්වුණු මනුෂ්‍ය වර්ගයාගෙන් පැවත එන්නන් එකල විසූ බවට ප‍්‍රමාණවත් සාක්ෂ්‍ය ලැබ ඇත. මේ සාක්ෂි සමඟ ම දැනට ඉන්දීය වනාන්තරයන්හි වසන තවමත් නොදියුණු තත්ත්වයක ජීවිතයක් ගත කරන මිනිස් වර්ගයා විභාග කොට බලන කල මොවුන් වනාහි පෙර සිට පැවත එන මිනිසුන්ගේ ජීවමාන රූප හා සමාන කම් ඇති අය බව සිතන්නට කරුණු තිබේ. ’’ (ආචාර්ය නන්දදේව විජේසේකර, 1987*  

ප‍්‍රත්‍යක්ෂ කළ කරුණු අනුව, පරිසරය ජීවයේ සම්භවයට කොතෙක් වැදගත් වීද යන්නත්, පරිසරය යනුවෙන් විග‍්‍රහ කෙරෙන වපසරියෙහි පෘථුල භාවයත්, පොසිල විද්‍යාව සමග මානව පරිණාමය පිළිබඳව ප‍්‍රත්‍යක්ෂ කරන දැනුම හා අවබෝධයත්, මිනිසා අඛණ්ඩව පරිණාමයට මුහුණ දෙන සත්වයෙකු ලෙසත් ප‍්‍රත්‍යක්ෂ කරන අතර, වර්තමානයේ, මනුෂ්‍ය සංහතිය විසින්ම විනාසය තුමූ වෙත ළඟා කර ගන්නා වෙනත් සත්ව කොට්ඨාසයක් මනුෂ්‍යයා තරම් නොවන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවනු ඇතැයි විශ්වාස කරමි.

(පිංතූරය සහ සටහන)    

සුනිල් කුමාරසිංහ අතුකෝරල

athukorala128@gmail.com

ආශ‍්‍රීය කෘති සහ ලේඛන -

  මානව විද්‍යා මූලධර්ම - ශ‍්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය     
                                           සේපාල සමරසේකර මහතා 

  භාෂා අධ්‍යයනයෙහි නව ප‍්‍රවණතා - කොළඹ විශ්ව විද්‍යාලය 2012 
  පරිණාමයේ සිහිවටන - මහාචාර්ය ලක්ෂවන් වෛද්‍යසේකර
  සිංහල භාෂාව - තියඩෝර් ජී පෙරේරා පියනම
  ආචාර්ය කේ.එම්.එච්. සුමතිපාල මහතා විසින් 1978 කොළඹ දිපවත්වන ලද දේශණයක වාර්තා සටහන
  1980 - ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ, ලද රූපණ වැඩ සටහන් මාලාව
  මානව විද්‍යා හා සමාජ විද්‍යා ප‍්‍රවේශය - මහාචාර්ය බී.ඒ.ටෙනිසන්පෙරේරා
  නිර්මාණවාදය සහ ජීවයේ සම්භවය
  බුද්ධාගම හා ජාති ප‍්‍රශ්නය 
  මිනිසා සහ පාරිසරික චක‍්‍ර න්‍යාය
  චාල්ස්ඩාවින් – පරිණාමවාදය දායාද කළ අපූරු චරිතය
  දිවයින බදාදා අතිරේක
  ඉරිදා රාවය පුවත්පත
  නිරුවත් වානරයා, ඩෙස්මන්ඞ් මොරිස්
        පරිවර්තනය සරු දිවියකට සම්භාෂණයක්, මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු        
        පල්ලියගුරු
  මිනිසාගේ සම්භවය, මහාචාර්ය එම්. නෙස්තූර්හ් 
  ප‍්‍රායෝගික ක්ෂේත‍්‍ර පුරා විද්‍යාව, ඒ. ලගමුව
  රසවාහිනි, 1972 – මාර්තු අපේ‍්‍රල් 9 කලාපය
  විශ්වකෝශය 11 කාණ්ඩය
  වෛද්‍ය මානව විද්‍යාව – ආචාර්ය ජයන්ත පිනිකහන
  මානව ගමන – නීල් සිරිවීර 
  පැරණි ලක්දිව වස්ත‍්‍රාභරණ, මාලිංග අමරසිංහ 2007
  බින්තැන්නේ වැද්දෝ, සඳරුවන් ලොකුහේවා





2 comments:

  1. මානව විද්‍යාව 01 කොටස පළවූ දිනය සදහන් කල හැකිද?

    ReplyDelete
  2. හොද විග්‍රහයක්..

    ReplyDelete