Tuesday, May 14, 2013

දේශපාලනය තේමා කර ගත් නවකතා - ‘ හයරියන් මිනිස්සු' නවකතා විචාරය

දේශපාලනය තේමා කරගත් සිංහල නව කතාව, බටහිර නව කතාව

 සහ ‘හයරියන් මිනිස්සු’ නව කතාව 



දේශපාලනයෙන් ව්‍යුක්ත මිනිස් ජීවිතයක් කොතනකවත් ඇත්තේ නැත.  එබැවින් දේශපාලනයෙන් මිදුණු සාහිත්‍යයක් පිළිබඳව ද කිසිවක් කතාබහ කළ නොහැකිය. සාහිත්‍ය නිර්මාණයක දි පවා දේශපාලනික පසුබිම ඊට නිරායාසයෙන්ම ඇතුලූවේ. සාහිත්‍ය නිර්මාණය දේශපාලන පසුබිමෙන් මුදවා හුදෙකලා කළ නොහැකිය. එසේ හුදෙකලා කරනු ලැබූ නිර්මාණයක කාලීන අගය පිළිබඳ ගැටළු පවතී. එබැවින් දේශපාලනයෙන් තොර නිර්මාණ හුදෙකලා මිනිසුන් ගේ කලා කෘති බවට පත්වේ.
                    ( මහාචාර්ය  සෝමරත්න බාලසූරිය *
)
       
නවකතාව වනාහි සත්‍යයක් සේ පෙනෙන කල්පිතයකි. එය කල්පිතයක් සේ පෙනෙන සත්‍යයක් ද වෙයි. ලේඛකයා ස්වකීය පරිකල්පනා ශක්තිය අනුව මවන අපූර්ව වස්තුව සත්‍යයක් ලෙසම පෙන්වීමට නිරන්තරයෙන් යත්න දරයි. සත්‍යයක් සේ නොපෙනුණ හොත් පාඨකයාට ඒ ලෝකය තුළට පිවිස ගැඹුරු වින්දනයක් ලැබිය නොහැකි හෙයිනි. නව කතාව සත්‍යයක් වන්නේ එහි එන චරිත සිද්ධි ආදිය සැබෑ ඒවා නිසා නොව ඒ පසුබිම තුළ අවශ්‍යයෙන්ම සිදුවිය හැකි දේ පදනම් කර ගෙන එය නිර්මාණය කර ඇති නිසාය.
 ( මහාචාර්ය  ඒ වී සුරවීර *

      සිංහල නවකතාවේ ආකෘතික පක්ෂය සලකා බැලීමේ දී යුරෝපයේ සිටි විප්ලව වාදී ආකෘතිකවාදීන් කළ හැම අත්හදා බැලිමක් මත් සිංහල නවකථා කරුවන් භාවිතාකර ඇති අයුරු දැකිය හැකිය.  ( ආචාර්ය , කේ. ජයතිලක *

    දේශපාලනය හා දේශපාලනය තේමා කර ගත් නව කතා බිිහි වීම ආරම්භ වනුයේ ජන ජිවිතයේ සෑම අංශයකටම දේශපාලනයෙහි බලපෑම  ආරම්භ වීමත් සමග යැයි කිව හැකිය.

    කලා කරුවා ගේ පරමාර්ථය කුමක් ද යනුවෙන් විවිධ නිර්්වචන පෙරට ආවේ ද සමාජ විපර්යාසයත් සමගමය. යටත් විජිත සමයේ සිංහල සමාජයට අවශ්‍ය වී තිබුණේ නිදහස් ජීවිතයක් ගත කිරීමේ වුවමනාවයි.  1948 දී බි‍්‍රතාන්‍යයන් ගෙන් නිදහස ලබා ගැනීමත් සමග සිංහල ජනයා ලද ප‍්‍රබෝධය ඔවුන් තුළ නව අදහස් ලියලන්නට හේතුවිය.

සෑම සාහිත්‍යාංගයක්ම සුවිශේෂ ලක්ෂණයන් ගෙන් සමන්විත වන්නේය. එසේ නොමැති නම් එක් එක් සාහිත්‍යාංගයේ විශේෂතා හඳුනා ගැනිමට දුෂ්කර වනු ඇත. නවකථාවේ විශේෂත්වය හඳුනාගත හැකි වන්නේ එය යථාර්ථය හා සම්බන්ධවන ආකාරය හා ප‍්‍රමාණය අනුවය. (ග්?හැම්හප් (1966* සාහිත්‍ය විචාර රචනා මහාචාර්ය ඒ. වී. සුරවීර පරිවර්තනය*

නිදහසින් පසුව ජනතාව තුළ දැල්වුණ නව අදහස් දේශපාලන අවබෝධය සමග තව තවත් තීව‍්‍ර විය. මේ අනුව 1960 දශකයේ ආරම්භයත් සමගම දේශපාලන නව කතාව ද ඇරඹිණි.

රට තුළ දේශපාලන පක්ෂ බිගිවීම සමාජවාදී අදහස් පැතිර යෑම, කර්මාන්තශාලා බිහිවීම, කම්කරු පන්තියේ පිබිදීම ආදිය සමාජය තුළ පැවති ස්වභාවය වෙනස් වීමට බලපා ඇත.

සිංහල ජන සමාජයේ වෙනස් වීම, ධනවාදී ආර්ථික රටාවත් සමග නව දේශපාලන චින්තනයක් ගොඩනැගීමත් පිළිබදව අර්ථ ගැන්වීමට උත්සාහගත් වික‍්‍රමසිංහ මහතා සමාජ සත්ථාව ප‍්‍රකට කරමින් ගම්පෙරලිය (1944* නව කතාවත්, සමකාලීන දේශපාලන තත්ත්වය පිළිබද මනා අවබෝධයකින් යුතුව කලියුගය (1957* හා යුගාන්තය ත් රචනා කරන ලදී.

යටත් විජිත දේශපාලන ක‍්‍රමය මෙන්ම වැඩවසම් සමාජ ලක්ෂණ ගිළිහීයාමෙන් සමාජය මතවාදී අර්ථ ක‍්‍රමයට නැඹුරුවන ආකාරය බටහිර සංස්කෘතික ලක්ෂණවලට ගැතිවී ඉහල සමාජයට පියමං කරන ස්වභාවයේ ගති ලක්ෂණ හා කුටුම්භය තුළින්ම පැන නගින සංස්කෘතික ඝට්ටනය සමාජය තුළින් ද පිළිබිඹුවන ආකාරය මෙම නව කථා ත‍්‍රිත්වය මනාව විශද කරයි.

ඬඬගම්පෙරලිය මේ සමාජ ක‍්‍රමය පිළිගැනීමට ගැමි සමාජය සකස්වන අයුරු නිරූපණය කරයි. ගම්පෙරලිය ආදියට විෂය වී ඇත්තේ පොදු මිනිස් සමාජයෙහි අලූත් සම්ප‍්‍රදාය හා ගැටෙන පුද්ගලිකත්වය මැරීයන සම්ප‍්‍රදායකින් වෙන්වීමට ගන්නා වේදනාත්මක ප‍්‍රයත්නය මෙහි හොදින් නිරූපණය වෙයි, සාම්ප‍්‍රදායික සිතුම් පැතුම්වලට වහල් වී රෝගීවන පැරණි සමාජය ( නන්දා* වාණිජත්වය විසින් ඔසවන ලද නූතන සමාජ ක‍්‍රමයේ වහලින් ( පියල්* සුවපත් වෙයි. වර්තමාන සමාජය පිළිගත් මේ දර්ශනය නූතන ලේඛකයින් විසින් රචිත නවකථා තුළට ද පිවිස ඇත.
‘‘පෙර ඉතා විසිතුරු ලෙස ඇද පැළඳගෙන ගමන් බිමන් ගිය නන්දා මසුරු ගැහැනියක සේ අර පරිස්සම් කරතියි පියල් ගේ මව කිසි විටක නොසිතුවාය. නන්දා ගේ මේ ගති ගුණ වඩාත් හොඳින් දැන ගත් පියල් ගේ මව වඩාත් සන්තෝශවූයේ තම පුතා ගේ බිරිද තමා සිතුවාටත් වඩා දස ගුණයකින් හොඳ ගෘහණියක් බව ප‍්‍රත්‍යක්ෂ වූ හෙයිනි. නන්දා ගේ මේ ඇබිබැහිකම මසුරු සිතක ලකුණු නොවන බව පියල් ගේ මව නොදනියි. ඈට මේ අර පිරි මැසිල්ල පුරුදු වූණේ තම පියා ගේ මරණයෙන් පසු නිතරම අග හිග වලින් මිරිකෙමින් ජීවත් වූ බැවිණි. ගතින් හා සිතින් ද නන්දා මහගෙදර ජීවත් වූයේ ධනවත් පවුලක කූල කතක ලෙස වුව ද ගේ දොර කටයුතු කළේ ඉතාම දිළිඳු ගැහැනියක ලෙසිනි. ඔවුන් ක‍්‍රමයෙන් දිළිඳු වූයේ ආදායම අඩු නිසාම නොව අලූත් සිරිත් විරිත් ගම්වල පැතිරයාමේ ප‍්‍රතිඵලයක් ද වශයෙනි. නගරයෙන් පැතිරෙන අලූත් සිරිත් විරිත් වලටත් ඇඳුම්පැළඳුම්වලටත් පළමුව ගොදුරු වන්නෝ ගම්වල ඉහළ පවුල්වල කුල කාන්තාවෝය. ඒ සිරිත් වලට ගොදුරුවිම නිසා ඔවුහු වැඩි වියදමට පුරුදුවෙති. වතු පිටිවලින් ලැබෙන ආදායම මේ ජීවිතයට ප‍්‍රමාණවත් වුවත් අලූත් සිරිත් නිසා කළයුතු මේ වැඩි වියදමට ප‍්‍රමාණ නොවන හෙයින් ඔවුහු නොදැනිම ටිකින් ටික දිළිඳු වෙති. පියල් ගේ මව තුළ නන්දාට කලින් ඇතිවුණ ආදරය ඇගේ පෙර නොදත් විරූ ගති ගුණ දැකීමෙන් වැඩි විය. එහෙත් ඒ ගති ගුණයෙනුත් කරුණාවෙනුත් වැසුණු නන්දා ගේ දැඩි සිත හා කුල මානය ද පියල් ගේ මව නොදන්නීය.’' ( ගම්පෙරලිය පිටු අංක 154 *

යටත් විජිත යුගයේ ශ‍්‍රී ලංකාවේ පැවති දේශපාලන තත්ත්වය පිළිබදව තම නිර්මාණවලින් සාකච්ඡා කළ පැරණි ලේඛකයන් අතර, පියදාස සිරිසේන සුරීන් (1875 - 1946*) අපට අමතක කළ නොහැක. ඔහු ගේ ඇතැම් නව කතාවන් මගින් එය නිරූපණය විය. පුරාණ ලක්දිව සමාජ තතු පිළිබඳව විමසන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සූරීන් වරක් සදහන් කළේ ‘‘ එකළ දුප්පත් ගැමියා ගේ ජිවිතය කිසිසේත් සුඛිත ජීවිතයක් නොවූ බව ඇස් ඇර ගෙන සිංහල ගද්‍ය පොත්පත් කියවන්නෙකුට එක හෙළා පෙනෙනු නිසැකය. රදළ ක‍්‍රමය පැවති පැරණි ලංකාවෙහි ඉඩම් හිමියන් දුප්පත් ගොවියා තළා පෙළා ඔහු ගෙන් වැඩ ගෙන, ඔහු උපයන ධනයෙන් වැඩි කොටසක් උදුරාගෙන, මහළු වියට පැමිණි විට ඔහු අසරණ හිඟමන් ජීවිතයකට කැප කොට, තමා ඈත් වී සිටි සැටි පූජාවලිය සද්ධර්මාලංකාරය යනාදියෙහි එන සමහර කථා පුවත් වලින් හෙළිවන බවයි’' 
විසි වන සිය වසේ මුල සිටම තත් කාලින සමාජ තතු ගැන කථා කළ ලේඛකයන් අතුරින් දේශපාලනය තේමා කර ගත් නව කථා රචකයින් ලෙස කේ. ජයතිලක, ගුණදාස අමරසේකර, එදිරිවීර සරච්චන්ද්‍ර, එච්. ඒ. සෙනෙවිරත්න, සයිමන් නවගත්තේගම, ගුණසේන විතාන යන නිර්මාණ කරුවන් කැපි පෙනෙයි.

යටත් විජිත පාලනයටත්, මිෂනාරි ආගමටත්, සංස්කෘතියටත් පහර දීමට සිය කථා කලාව යොදා ගත් පියදාස සිරිසේන මහතා සිංහල සමාජය තුළ පැතිර ගිය සියලූ නරක සිරිත් බටහිර සංස්කෘතියේ බලපෑම්වල ප‍්‍රතිඵලයකැයි චෝදනා කළේය.

මේ අතර ගුණදාස අමරසේකර ශූරීන් පෙන්වා දෙන්නේ ඬඬ 19 වන සියවසේ අග භාගයේ සිට මේ රටේ ගම් නියම් ගම් තුළින් බිහිවී 20 වන සියවස තුළ සීඝ‍්‍රයෙන් වැඩුණු සිංහල මැද පන්තියේ පරිණාමය ගැන මෙතෙක් කිසිදු ලේඛකයෙකු ලියා නැහැී යි යනුවෙනි.

සිදුවෙමින් පැවති සමාජ වෙනස පිළිබඳව සෘජුවම බටහිරට චෝදනා නොනැගූ මාර්ටින් වික‍්‍රමසිංහ මහතා සමාජ පරිණාමය හා සංස්කෘතික ගැටුම මැනවින් පාඨක ග‍්‍රහණයට හසු කර වන ලදී. එහෙත් මිරිගුව රචනා කරමින් හෙතෙම සිංහල සමාජය තුළ බිහි වූ නව ධනපති පන්තියේ නිස්සාර භාවය ප‍්‍රකට කරන ලදී. එසේම සිය යුගාන්තය නව කතාව තුළින් ලාංකීය සමාජය තුළ දේශපාලනය වැදගත් සංස්ථාවක් ලෙස පැවති අයුරු සාකච්ඡුාවට ලක් කරයි.

පළමු වන ලෝක සංගුාමයෙන් පසු ආගම බැහැර කළ බටහිර ලේඛකයෝ ලෝකයත් ජිවිතයත් ජීවිතයත් දේශපාලකයනුත් නිසා කළකිරුණෝය. පැරණි ගුරු වහර නිසා තමන් සිතින් මවා ගත් විසිතුරු ලෝකය මිරිගුවක් සේ ඔවුහු දුටහ. ඔවුන් ගේ මේ දෘෂ්ටිය පැරණි බෞද්ධ ලේඛකයන් ගේ දෘෂ්ටියට මදක් සමාන වෙයි. ඇතැම් ජාතක වස්තු වලට පිටිපසින් සිටින කලාව අර බටහිර ලේඛකයන් ගේ කථා කලාවට ළං වන්නේ එහෙයින් යැයි සිතමි. ( වහල්ලූ සංඥාපනය 1951 මාර්ටින් වික‍්‍රමසිංහ*

ඉතා සරලව සඳහන් කරන්නේ නම් ලක්දිව පුර්ව රාජාණ්ඩු සමයේ දක්ෂිණ ලංකාවේ පවතින්නට ඇතැයි සිතිය හැකි ඉඩකඩම් භුක්ති විඳි ප‍්‍රභූ පිරිසත්, සාමාන්‍ය ජනයාත් යන කාණ්ඩ දෙක පසු කාලීනව සිදුවන සමාජ වෙනස්වීම හා එහි වේගය ගම්පෙරලිය 1944 නව කථාවෙනුත් 1949 දී යුගාන්තයෙන් හා  1957 කලියුගයෙනුත් එම සමාජයේ තවත් අවස්ථා දෙකක් නිරූපණය කරණු ලබයි.

සමාජ ක‍්‍රියා කාරිත්වය තුළ සිදුවන දෑ පිළිබඳව සාහිත්‍යවේදින් ජනමාධ්‍යවේදීන් දේශපාලනය ආදී විවිධ ක්ෂේත‍්‍රවලට අයත් හා පොදු මහා ජනතාව විවිධ අයුරින් අත් විඳිනු ඇත. මුල්ම යුගයේ ශ‍්‍රී ලංකාව තුළ පැවති ස්වභාවයේ වෙනස්වීම කෝල්බෲක් කැමරන් යෝජනා ආදි කරණකොට ගෙන අමුතු සමාජයක බිහිවීම නොවැලැක්විය හැකි විය. 1948 දී අර්ථවත් කරන්නට උත්සාහ දැරූ මානව නිදහස තුළ සිදුවන තත්ත්වයන් විවිධ දේශපාලන දෘෂ්ඨීන් හමුවේ විවිධ අරුත් ගත් බව ප‍්‍රකටය.

මාර්ටින් වික‍්‍රමසිංහ මහතා තම තුන් ඈඳුතු නව කතාවෙහි දෙවන තැන හිමි කර දෙන්නේ කලියුගයටය. එහෙත් යුගාන්තය ඊට ප‍්‍රථමයෙන් ලිවීමට පොළඹවන්නේ මෙරට වාමාංශික හා දක්ෂිණාංශික දේශපාලන ව්‍යාපාරයන් අතර ඇතිවූ මතවාද හා ගැටුම් මෙන්ම වාමාංශිකයින් බෙදී ඔවුනොවුන් සමග ගැටුම් පැවතීම නිසා යැයි කරුණු පෙන්වා දෙයි.

ඬඬ ලංකාවේ ලොකුම ආදායම ලැබෙන වතු රාශියක් සුද්දන් ගේ. අනිත් ටික මේ රටේ පොහොසත් මිනිසුන් ටික දෙනෙකු ගේ අතේ. දොස්තරලාත් සිවිල් නිලධාරිනුත් ආණ්ඩුවේ මුදලින් කොටසක් පඩි වශයෙන් ගන්නවා. වෙළඳාම මිනී මෝරුන් වැනි පිටරට ධනවතුන් අතේ. ( යුගාන්තය පිටු අංක 83*

1930 දශකයේ ලාංකීය සමාජය තුළ පැන නැගි බුද්ධිමතුන් හා ඔවුන් ගේ අනුගාමිකයින් ගෙන් සමන්විත ඉහළ පංතියේ ක‍්‍රියාදාමයන්ට එරෙහිව සමාජ බලවේග ඉදිරියට පැමිණීමේ ප‍්‍රවණතාවයක් පෙන්නුම් කරයි. බටහිර අධ්‍යාපනය විසින් හික්ම වූ ඉහළ පංතියේ තරුණ බුද්ධිමතුන් ගේ මෙහෙයවීමෙන් ක‍්‍රියාත්මක වන එම සමාජ බලවේගය සංකේතවත් කරන්නේ යුගාන්තයේ මාලින් ගේ චරිතයයි.

ඬඬ මාලින් හා ඔහු ගේ පියා ද අතර හට ගත් භේදය දවසින් දවස දියුණු විය. ඔහු දැන් පියා ගේ කන්තොරුවේ වැඩට නොයයි. කළමනාකාරයන් කම්කරුවන්ට පීඩා කරනු දුටු හැම විටම මාලින් විරුද්ධ වූයේය. ඔහු කම්කරුවන් උදෙසා හටන් කළේය. කළමනාකාරයන් කළ පැමිණිලි අසා කබලාන මාලින්ට තරවටු කළෙන් ඔහු අස් වූයේය. ඔහු තම පියාට විරුද්ධකම් නොකරතත් කම්කරුවන් ගේ පක්ෂය ගෙන ඔවුන් උදෙසා වැඩ කරන්නෙකි.ී ( යුගාන්තය පිටු අංක 128 *

සාහිත්‍යමය අරුතින් විමසන විට හේතුඵල සබඳතාවය ගොඩ නගන චරිත සජීවී කරණය කරණු ලබයි. දේශපාලනමය අරුතින් ඇති වන සමාජ ඝට්ටනය කම්කරු පන්තිය අසාධාරණය හමුවෙහි නැගී සිටීම, අතිරික්තය හෙවත් ලාභය ලෙස සමාජවාදී සමාජයක කම්කරුවන් යටතේ ශ‍්‍රමයේ ශක්තිය ලෙස මාලින් ගේ විශ්වාසය නිරූපනය කරන්නට කතු වරයා සමත් වෙයි.

මෙලෙස යුගාන්තය තුළ ගොඩ නැගෙන චරිත තුළින් සම කාලින සමාජ තතු  කම්කරු ව්‍යාපාර මෙන්ම නැගී එන බළ මුළු යථාවාදී ලෙස ගොඩ නැගීම තුළින් යුගාන්තය මගින් පැවති සමාජය සාකච්ඡුාවට භාජනය කිරිමටත් අතීතය අනාගතය හමුවේ දිග හැරීමටත් වික‍්‍රමසිංහ මහතා සමත් වෙයි.

යුගාන්තයෙහි අරවින්ද ගේ චරිතය මධ්‍යම පන්තිය නිරූපණය කරනු ලබයි. එනම් ධනේශ්වර පංතිය කම්කරු පන්තිය අතර සිය වෘත්තීය හෝ සුළු පරිමාණ ඉඩම් හිමි ව්‍යාපාරවලට හිමිකම් කියුවෝ ලෙසටය.

වෙහෙස මහන්සියෙන් මුදල් උපයා ගෙන ධනවතකු වන අරවින්ද ගේ පියා පාරම්පරික සංස්කෘතික ලක්ෂණ ප‍්‍රකට කරන සිය පුතණුවන් වන අරවින්ද ඉහළ සමාජයේ වැදගතකු කිරීමට වෙහෙස වෙයි. එංගලන්තයේ අධ්‍යාපනය ලබා එන අරවින්ද විදෙස් මානසිකත්වයෙන් ලංකාවේ ද කටයුතු කරයි.

එමෙන්ම ශ‍්‍රී ලංකාව තුළ බිහිවන ප‍්‍රාග්ධනය කර්මාන්ත යන්ත්‍රෝපකරණ අමුද්‍රව්‍ය හිමි ධනේශ්වර පංතිය පිළිබිඹු කරන සවිමන් කබලාන තම වුවමනාව මත මුදල් පසුපස හඹා යන ක‍්‍රමය, එමෙන්ම අධික ලාභය උදෙසා කටයුතු කිරීම, කම්කරුවන් ගේ එකමුතු කම විනාශ කිරිමට වෑයම් කිරීම පිළිබිඹු කිරීමෙන් තත් කාලීන සමාජ තතු පාඨකයා වෙත ගෙන එයි.

පර පීඩනයෙන් සතුටක් ලබන යුගාන්තයේ තිස්ස සමාජයේ හොඳ නරක දෙකින්ම ඵල ප‍්‍රයෝජන ලබයි. කතුවරයා මේ චරිතය පරාජය කිරීමෙන් සමාජය වඩා යහපත් තැනකට ගෙන ඒමට වෙර දරන්නේ සිය හද පතුළේ නිදන් ගත ව තිබූ සමාජවාදී සමාජ ලක්ෂණ ඉස්මතු කිරීමට දරන ප‍්‍රයත්නය නිසා විය හැකිය.
 
සාහිත්‍යයේ පරමාර්ථය කුමක් ද යන ලිපියෙන් ගුණදාස අමරසේකර මහතා (1952* පවසා සිටියේ, ඬඬමධ්‍යම පංතිය අළලා කථා ලිවීම ගැන වික‍්‍රමසිංහ මහතාට දොස් නැගීම අහේතුක ක‍්‍රියාවක් බවත්, යමෙකු මට කම්කරුවන් හා ගොවීන් ගැන කථා ලිවීමට කියන්නේ නම් එවිට මට ව්‍යාජ සාහිත්‍ය කරුවෙකු වීමට සිදුවනු ඇතිබවයිී

ඓතිහාසික කරුණු මුල්කර ගෙන ලියැවුන නවකතා අතර 1987 රාජ්‍ය සම්මාන හිමි කර ගත් ලේඛකයෙකු වූ පියදාස වැලිකන්නගේ විසින් රචිත සුදු සෙවණැලි (1986* තුළින් 1848 පැවති අධිරාජ්‍ය විරෝධී ජාතික විමුක්ති අරගලය සහ බටහිිර ආධිපත්‍ය විසින් ලාංකීය ජන ජීවිතය සීඝ‍්‍ර පරිවර්තනයකට ලක් කිරීමේ සංසිද්ධිය පාඨකයා ඉදිරියට පමුණුවනු ලබයි.

‘‘ විමුක්ති ගමනේ යෙදී උන්නු කාලෙ අපට හිමින් ගමන් තිබුණේ නැ, දවාලක් රැුයක් තිබුණේ නෑ, අව්වක් වැස්සක් තිබුණේ නෑ, මම ඔය කොයි දේත් ටික ටික හුරුවුණා ඒ කාලෙී (සුදු සෙවණැලි පිටුව 135*
‘‘ සුද්ද මැරුණ කෝපි ගස් ගලවා ඒ වෙනුවට තේ හිටවද්දි, තමා මැරුණ කෝපි ගස් ගලවා පොල් හිට වන්න යෑම ලොකු උන් සමග සම ලෙස කටයුතු කරන්නට වෙර දැරීමක් සේ අන්‍යයන් සිතනු ඇතැයි ඔහු සිතුවේය’ ( සුදු සෙවණැලි පිටුව 299 *

එක් අනුවේදනීය කතාවක්, රත්තරන් මිනිස්සු, මුරුගසන් වරුසාවක්, ෂැඩෝව්ස් ඔෆ් වයට් ආදී නිර්මාණ තුළින් විවෘත ආර්ථිකයේ ඵල විපාක මෙන්ම භීෂණයේ දෝංකාරය පිළිබඳ සමාජ පරිකල්පනය අවදි කරනු ලබයි.
‘‘තරුණ දු පුතුන් කොයි මොහොතේ අත් අඩංගුවට ගනීවිදැයි කිසිම මවකට හෝ පියෙකුට කිසිසේත් සිතා ගත නොහැකි විය. දහවල් කාලයේ මෙන්ම රාත‍්‍රි කාලයේද ගෙවල් වලට පනින හමුදා භටයෝ මව්පියන් සහෝදර සහෝදරියන් හා සෙසු නෑ දෑ හිතවතුන් හඞා වැළපෙද්දී තරුණ තරුණියන් බලහත්කාරයෙන් ජීප් රථවලට දමාගෙන ගියහ. එසේ ගෙන යන්නවුනට කඳවුරු තුළ දී අමානුෂික ලෙස වද දෙති යැයි ද බොහෝ දෙනෙක් කීහී
‘‘ ලොකු පුතේ රටේ තත්ත්වය හරිම භයානකයි එහේ  මෙහේ තනියම යන්න එපාී  ( මුරුගසන් වරුසාව, පිටු අංක 191 *)
1956 න් පසුව ඇතිවූ සමාජ වෙනස්කම් සහ වාමාංශික දේශපාලන ව්‍යාපාර සම්බන්ධ සංසිද්ධි පිළිබඳ නිරූපණය කරමින් සුගතපාල ද සිල්වා රචනාකළ බල්ලෝ බත් කති නවකතාව ද සමාජයේ සාකච්ඡා වට බඳුන් වූ කෘතියකි.

කරුණාසේන ජයලත් සිංහල නවකතාව නව ආරකට යොමුකළ ලේඛකයෙක් වශයෙන්් සමාජ අවධානයට යොමුවිය. ආදරය සහ සෞන්දර්ය සමග තරුණ හදවත් තුළට පිවිසි ඔහු සමානාත්මතාවය යුක්ති ගරුක බව ආදිය කැටිකර සමාජවාදී අදහස් තරුණ හදවත් තුළ රෝපණය කරන්නට සමත් වූ ලේඛකයෙකි. සමාජය වෙනස් විය යුතුයි යන්න ඔහු ගේ සිතුවිළි අතර රැුව් දුන් අතර ඒවා අනාගත පෙර නිමිති ලෙස තරුණ හදවත් තුළ සටහන් කළේය.

දේශපාලනය හා දේශපාලනයට සම්බන්ධ තේමාවන් නවකතා තුළින් පිළිබිඹු කළ ලේඛකයන් අතර සයිමන් නවගත්තේගම කැපී පෙණෙන ලේඛකයෙකි. ඔහු විසින් 1989 දී ලියා පළ කළ ක්ෂීර සාගරය කැළඹෙයි කෘතිය විචාරක අවධානයට ලක්වූ කෘති අතර විය.

එහි දී ඔහු සැබෑ ලෝකය හා සිහින ලොව අතර ස්වභාවයන් පෙන්වමින් වැරදි කරන්නවුනට, දුෂිතයන්ට දඞුවම් පමුණුවන ආකාරයත්, අධි තාත්වික යථාර්ථවාදී ලක්ෂණ මතු කරමින් යක්ෂණියක, භික්ෂුවක්, අමාත්‍යයෙක් මනස් කරළිය තූළ පාඨක ග‍්‍රහණයට නතු කරවයි. විවිධ වූ විචාරක අදහස් සමාජ ගත කළ මෙම නව කතාව, 1971 ජනතා විමුක්ති පෙරමුණේ ක‍්‍රියාකාරකම් පදනම්ී කර ගත් දේශපාලන විග‍්‍රහයක් වශයෙන් ද හැඳින්වින.

සිංහල නවකතාව තුළින් පොදු ජනතාව මුහුණ දෙන ප‍්‍රශ්ණ ගැටළු පමණක් නොව දේශපාලන සංස්ථාව, ගොවි ජනපද ව්‍යාපාර පිළිබඳව, ජනසතු ව්‍යාපාර, වගා සංග‍්‍රාම, පෞද්ගලිකකරණය, විවිධ දේශපාලන පෙරළි, පවුලේ සූරාකෑම ආදී වශයෙන් පාඨකයින් තූළත් විචාරකයින්ගේත් අවධානයට ලක්විය.
   
තත්කාලීන සමාජ තතු නිරූපණය කළ කෘතීන් අතර අත්ත බිඳෙයි පය බුරුලෙන් යන නව කතාව තුළින් මහාචාර්ය ඒ. වී. සුරවීර සූරීන් විසින් විශ්ව විද්‍යාල පසුබිම තුළ පවතින යථාර්ථය නිරූපණය කරන්නට යත්න දරා ඇති බව පැහැදිළිය.
‘‘ දේශපාලනය තමයි සර් අපේ රටයි විශ්ව විද්‍යාලයයි කෑවෙ. නැත්තං ඉස්සර මේ ළමයින්ට කථා කරල අනේ ළමයිනේ  ඕක හොඳ නැත කියාපුවම අහනව, ගහල කිව්වත් ඔලූුව අතගාල කිව්වත් දෙකම එකයි. දැන් ඉන්නෙ කිසි අණක් ගුණක් නැති දඩබ්බරයො. මේ ගොල්ලනේ හෙට අනිද්්ද රටේ අනාගතය බාර ගන්න ඉන්න නායකයො. ඒකයි මට තියන කැක්කුම.ී (අත්ත බිඳෙයි පය බුරුලෙන් පිටු අංක 74 *

ජයසේන ජයකොඩි - රන් දහඩිය 1974, ඒ. වී. සුරවීර - හෙයියන් මාරුව 1971, මඩවල එස්. රත්නායක - අලූත ගෙනා මනමාලි 1973, කේ. ජයතිලක - මතු සම්බන්ධයි 1975, රාජපක්ෂ වලව්ව 1980, එදිරිවීර සරච්චන්ද්‍ර - හෙට එච්චර කරුවල නෑ 1975, ගුණදාස අමරසේකර - කරුමක්කාරයෝ 1955, ගන්දබ්භ ආපදානය 1964, අසත්‍ය කතාවක් 1977, පේ‍්‍රමයේ සත්‍ය කතාවක් 1978, ටී. බී. ඉලංගරත්න - පෙරළිය 1972, සුගතපාල ද සිල්වා - බල්ලෝ බත් කති 1976, ශාන්ති දිසානායක - වරා මල 2007, චම්මින්ද වෙලගෙදර - යාය තුන 2004, කේ. ජයතිලක - පරාජිතයෝ 1960, දෙලොවම නැති අය 1964, ජයසේන ජයකොඩි - අස්වැන්න 1971, රන් දහඩිය 1974, චන්ද්‍රසේන මල්ලවආරච්චි - නියං කොබෙයියෝ 1975, එච්. ඒ. සෙනෙවිරත්න - එළිවෙනවා නොදැනේ 1978, අවසානය මෙය නොවේ 1976, මෙහෙම නොවීයන් කිසිදාක 1973, ගුණසේන විතාන - පමා වෙලා වැහැපන් වැහි වලාවේ 1974, විප්ලවයේ කැරලි කාරයෝ 1975, ඔරුවල බන්දු -වානේ සහ ගිනි කඳු  යන නව කතාවන් මෙන්ම, 1980 න් පසු කාලයේ දේශපාලනය තේමා කරගත් නවකතා රචකයන් වශයෙන් සුනන්ද මහේන්ද්‍ර, සුමිත‍්‍රා රාහුබද්ධ, කුලසේන පොන්සේකා, ඇරැුව්වල නන්දිමිත‍්‍ර, අනුලා විජයරත්න මැණිකේ, ආචාර්ය පේ‍්‍රමචන්ද්‍ර මාගම්මන, ටෙනිසන් පෙරේරා, කමල් පෙරේරා, ශාන්ති දිසානායක, චම්මින්ද වෙළගෙදර, කීර්ති වැලිසරගේ යන ලේඛකයන් ගේ ඇතැම් කෘතීන් ද හඳුනා ගත හැකිය.
‘‘ ඉංග‍්‍රීසි නවකතාකරුවන් නව ආකෘතීන් සොයා යද්දී පවා ඔවුන් අනුගමනය කළ ආකෘතියෙන් බැහැර ආකෘතියකින් ලියැවුණු නවකතාව නවකතාවක් හැටියට සැලකීමට අපේ විචාරකයෝ මැළිවූහ,’ (අධිෂ්ඨාන සංඥාපනය , කේ, ජයතිලක*

විශ්ව සාහිත්‍යය

විශ්ව සාහිත්‍යය දෙස විමසීමේ දී ලෝක දේශපාලන සිදුවීම් හමුවෙහි බිහි වී ඇති නිර්මාණ විශාල ප‍්‍රමාණයකි. ඉන් බිඳක් මෙහි ලා දක්වමි. සාහිත්‍ය කරුවා විසින් තමා අත් නුදුටු රස නොවිඳි හැගුමක් කිසි විටෙක ව්‍යාජත්වයෙන් තොරව ඇතුළු කළ නොහැක. එවැනි දේ කෙතරම් සූක්ෂම ලෙස සාහිත්‍ය කෘතියකට ඇතුළු කළ ද, සහෘදයා තුළ රසයක් ජනිත කිරීමෙහි ඒවා අපොහොසත් වේ.
 
  කුමන මතවාද තිබුණි ද සිංහල නවකතාව පෝෂණය වීමට බටහිරින් ලැබුණ ආභාසය ද ලඝු කොට තැකිය නොහැක. විශ්ව සාහිත්‍ය තුළ පැවති සමාජ යථාර්ථය හෙළි කිරීමෙන් ජගත් කීර්තියට පත් ලේඛක ලේඛිකාවන් රැුසක් වෙයි.

පැවේස් සෙයාර් ( 1908 - 1950 * ඉතාලියේ පැසිස්ට්වාදි ඒකාධිපති පාලනයට විරුද්ධව ලියූ ලේඛකයෙකි. පැසිස්ට්වාදයට එරෙහිව යාමෙන් සිර ගතවූ හෙතෙම, ද පොලිටිකල් ප‍්‍රිසනර් සහ ද කොමරේඞ් යන නවකතා රචනා කරමින් තත්කාලින දේශපාලන වාතාවරණය සහ බන්ධනාගාර ජීවිතය පිළිබිඹු කළේය. බල්සාක් මිතරේ 1799-1850 ප‍්‍රංශ විප්ලවය පැවති යුගයේ ගොවීන් හා රිපබ්ලිකන්වරුන් අතර සිදුවූ ගැටුම කලාත්මකව විවරණයකරමින් ලියූ  ලෙස් චූස් 1829 සහ තත්කාලීන ප‍්‍රංශ සමාජය පිළිබිඹු කරමින් ලියූ  හ්‍යුමන් කමෙඩි 1834 කෘතියත් දේශපාලන නවකතා ලෙස ප‍්‍රකටය.
 
යුරෝපයේ කාර්මික විප්ලවය සිදුවෙමින් පැවති යුගයේ එංගලන්තයේ නාගරික කම්කරුවන්ට පැය 16 ක් පමණ වැඩ කිරීමට සිදුව තිබීමේ හේතුවෙන් දුක්ඛිත කම්කරු ජීවිත පිළිබඳව චාල්ස් ඩිකන්ස් (1812-1870* ගේ පෑනෙන් ද ටේල් ඔප් ටූ සිටීස් ( 1859* රචනා විය. තමා ජීවත්වන යුගයට වඩා වසර 75 ක පූර්ව ඉතිහාසයක් ප‍්‍රජාව ඉදිරියට ගෙන ඒමට ඩිකන්ස් ට එයින් හැකිවිය.

හිට්ලර් ගේ නාසි වාදී පාලකයින් ට දන නොනැමූ මාන් තොමස් ( 1875-1953* ලේඛකයා වෙත මරණ තර්ජන එල්ලවීමෙන් පසු ප‍්‍රකට සාහිත්‍යකරුවෙකු වූ බර්ටෝල් බ්‍රෙෂ්ට් ද සමග ජර්මනියට ගොස් පණ ෙබීරාගත්හ, ටෝනියෝ ක්රෝගර් 1903 සහ මැජික් මවුන්ටන් 1924 යන නවකතා ලිවීමෙන් සිය අත්දැකීම් ඔහුට සමාජයට දායාද කිරීමට හැකිවිය,

තින්ග්ස් පෝල් අ පාර්ට් (1958* රචනා කරමිින් යටත් විජිත යුගයේ යුරෝපයෙන් පැමිණි ප‍්‍රංශ ජාතික මිෂනාරි වරුන් අපි‍්‍රකානු ජන ජීවිතයේ වෙනස් කම් ඇති කිරීමට ගත් උත්සාහයන් සහ අප‍්‍රිකානු සමාජය කෙරෙහි එම පූජක වරුන් ගේ බල පෑම මනාව සමාජ ගත කිරීමට චිනුවා අචෙබි (1930* සමත් විය. එසේම මෙම ලේඛකයා අප‍්‍රිකානු ජනයා ගේ දැවෙන ප‍්‍රශ්ණ හා ගැටළු සාකච්ඡුාවට ලක් කරම්න් ඉන් නෝ ලෝන්ගර් ඇට් ඊසි (1960* රචනා කරමින් පාඨක ප‍්‍රසාදය දිනා ගත්හ.

අප‍්‍රිකානු ලේඛක ජේම්ස් එන්ගුගි 1938 පොලන්ත පාලනය දැඩි ලෙස විවේචනය කළේය. එලිසා කරෙස් කෝවා (1841-1910* විප්ලවකාරී අදහස් දරන ලේඛිකාවක් ලෙස ප‍්‍රචලිත වන අතර, පෝලන්තයේ වසන ලිතුෙවිනියන් ජනතාව ගේ ජන ජීවිතය පසුබිම් කර ගෙන රචනා කළ ඔන් ද බෑන්ක් ඔප් ද නීමන් (1888* කෘතිය රචනා කරන ලදි.

සාර් පාලනයට විරුද්ධවීමෙන් පියදෝර් දොස්තයෙවුස්කි ට (1821-1881* සයිබීරියාවේ සිර කඳවුරුවල අමානුෂික වද හිංසා විඳීමට සිදුවිය. එම ස්වභාවය පදනම් කර ගෙන ඔහු විසින් 1881 දී හෝස් ඔප් ඩෙඞ් රචනා කළේය.

 කම්කරු ජීවිතයේ වටිනාකම පිළිබඳවත් ශ‍්‍රම ශක්තියෙහි අසහාය බවත් මනාව නිරූපණය කළ ලේඛිකාවකි, රුසියන් ජාතික ඈන් රයින්. ඇය විසින් රචිත පවුන්ටන් හෙඞ් සහ ඇට්ලස් ෂ‍්‍රග්ඞ් යන නවකතා තුළින් වැඩ නොකරන ජනතාව වැඩ කරන ජනතාව විසින් ජීවත් කරන්නේය යන සංකල්පය කලාත්මකව ලොවට හෙළි කිරීමෙන් බහුතර ලෝක ප‍්‍රජාවක ගේ ආදරය දිනා ගැනීමට සමත් වූවාය.

ලොව සුපතළ මිනිසුන් අතර ජීවිතය තුළ තමාටම උරුම වන මාවතක් තනා ගත් විශිෂ්ඨ ලේඛකයෙකු වූ ලියෝ ටෝල්ස්ටොයි (1828* තත්කාලීන සමාජය තූළ මහත් ආන්දෝලනවලට ලක් වූ චරිතයකි. හෙතෙම දස පණත ද ඉක්මවා යන දහමක් දේශනා කළේ යැයි විචාරකයින් ගේ අවධානයට ලක් විය.

1917 රුසියාවේ රදළ සමාජයේ නැගීම සහ ම්ලේච්ඡුත්වය මෙන්ම ඔවුන්ට එරෙහිව නැගී සිටි කම්කරුවන් ඇතුළු පීඩිත ජනයා ගේ දුක්බර ජීවිතයත්, රදළයන් ගේ අලස සුඛෝපභෝගී ජීවිතයත් රුසියන් විප්ලවයට ප‍්‍රථම සිය නිර්මාණ තුළින් විවේචනයට ලක්කල ලේඛකයෙකි.

බටහිර නවකතාව යුරෝපීය සමාජය තුළ එතෙක් පැවති අද්භූත සම්ප‍්‍රදායෙන් මිදී කාර්මිකකරණය හේතුකොට ගෙන ඇතිවන සමාජ වෙනසත්, ආගමික බලපෑමෙහි සිදුවූ විචල්‍යයන් හා (ප්‍රොතෙස්තන්ත‍්‍රවාදී* ඒ තූළින් ඇතිවූ සමාජ පීඩනය ඞී. එච්. ලෝරන්ස් හා ඇල්බර්ටෝ මොරාවියා වැනි ලේඛකයන් සිය නිර්මාණ තූළින් මනාව පිළිබිඹු කළේය.

ඞී. එච්. ලෝරන්ස් ඬඬ සන්ස් ඇන්ඩි ලවර්ස්ී, ඬඬ ලේඩි චැටලීස් ලවර්ී සහ ඇල්බර්ටෝ මොරාවියා ගේ ටූ විමෙන් වැනි කෘතීන් හි යුද්ධය හා ඒ සමග එන කාර්මිකත්වයට හසුව මිරිකෙන අහිංසක මිනිස් හදවත් අනුකම්පාවේ ආලෝකය දකියි. ඔවුන් එලෙස අනුකම්පාවට භාජනය වන්නේ ඔවුන් ගේ චිත්ත සන්තානය අලූත් සමාජ ක‍්‍රමයක ගැටීම නිසා විඳින චිත්ත පීඩා හේතු කොට ගෙනය.

ඬඬඔහුට විරෝධය පෑමට හැකියාවක් නැති බවත්, මා තව දුරටත් චරිතවත් ගැහැනියක් නොවන බවත් මට හැඟිණි. කොතෙක් කල්පනා කළ ද අවසානයේ සිතන්නට ඇත්තේ යුද්ධය හා සාගින්න හමුවේ සියල්ලට ඉඩදීමට සිදුව ඇති බවයි. ඬඬ ( ටූ විමෙන් - ඇල්බටෝ මොරාවියා - පරිවර්තනය ගැහැනුන් දෙදෙනා,  අශෝක නිස්සංක- පිටු අංක 28*

බලය ලබා ගැනීමත් තව දුරටත් පවත්වාගන යාමත් වැනි කරුණු යුද්ධය උදෙසා කොතෙක් බලපාන්නේ ද යන්නත් සියල්ල දේශපාලනය මත සිදුවන ආකාරයත් ලෝකය කියවීමේ දී පසක් වෙයි. ජීවිත කැඞී බිඳී සුනු විසුණු වී යන ආකාරය මොරාවියා ලොවට පවසන්නේ මෙලෙසිණි, ඬඬගමන් කරමින් තිබෙනා කරත්තයකින් බිමට ඇද වැටුණ පෙට්ටියක් කුඩුපට්ටම් වී ගොස් එ් තුළ තිබූ සියලූ දේ මාවත පුරා සී සී කඩව විසිර ගියාක් ලෙසින් ජීවිතය කැබලිවලට කැඞී ගොස් ඇති බවක් මට දැනුණිී ( පිටු අංක 30*

ආගම හා යුද්ධයෙන් බිහිවන යාන්ත‍්‍රික සමාජ ක‍්‍රමයේ ගැටීම මොරාවියා ඬඬ ටූ විමෙන්ී කෘතියේ හොඳින් නිරූපණය කරයි. ආගම සිය ජීවිතයේ කොටසක්ම ලෙස සැලකූ යුවතියක් පල්ලිය තුළදී සොල්දාදුවන් විසින් ඇගේ මව ඉදිරියේ දුෂණය කෙරෙයි. දුෂණයට ලක්වූ ඈ දෙවියන්ට පිටුපා ජීවිතයට මුහුණ දෙයි. යුද්ධයේ බිහිසුණු බවත් අගහිඟ කමේ සන්තාපයනුත් ඇය ඇතූළු පවුලට ඉන්පසු නොවීය. ඇය සිය ජීවිතය මුදලට කැප කළාය.

මෙය යාන්ත‍්‍රික සමාජය විසින් සකස් කරන ලද චරිතයන් හි පොදු චින්තන විලාසය බවට පත්විය. ලෝරන්ස් සිය '' ලේඩි චැටලීස් ලවර්'' නවකතාව තුළින් පවසන්නේ ද යුද්ධය විසින් අවනත කරන ලද මිනිස් යුවළක් සංකේතවත් කරමින් ගැහැණිය අතරේ ඇතිවන ගැටුමකි.

ඉරාකයේ දියණිය මයාඩා නැමැති කෘතියට එහි කතුවරයා වන ජීන් සැසන් පාදක කර ගන්නේ පුවත්පත් කලාවේදිනියක් වූ ඉරාකයේ සුන්නි මුස්ලිම් කාන්තාවක ගේ ජීවන ප‍්‍රවෘත්තියයි, ඒ තුළින් ඔහු අපට ඉරාක ඉරාන යුද්ධයේත් ගල්ෆ් යුද්ධයේත් බිහිසුණු බව මෙන්ම සදාම් හුසේන් ගේ ඒකාධිපති පාලනයේ කෲරත්වය මෙන්ම බිඳ වැටුණු ආර්ථිකයක ජීවත්වුණු අඳුරු මුහුණින් යුතු මිනිසුන් ගැන ද පවසයි,

'' ඒ සතියේම රැුයක රහස් පොල්සිය ගෙදරට ආව. මහ ? හැම දෙනාම නිදාගෙන හිටියෙ. හාඩි දොර ළගට දිව්වෙ ඒ ආවෙ අයියා කියල හිතාගෙනයි, ඒත් අදත් ආවේ ඇඩෙල්ව අරගෙන ගිය රහස් පොලිසියෙ තුන් දෙනා. හාඩිී ව තල්ලූ කරල ගෙට ඇතුළු වුණ පොලිස් කාරයො සාරාටයි අම්මටයි කුස්සියට වෙලා ඉන්න කියල හාඩිව අරගෙන කාමරයට ගිහින් ,,,,’( ෘ්ඹඨ්‍යඔඍ ධත්‍ ෂඍ්ූ ඵ්ශ්ෘ්ලවැ්බ දබලපරිවර්තනය චිත‍්‍රා අයි. පෙරේරා පිටුව 231*

ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයි විසින් රචිත ප‍්‍රථම නව කතාව වන ද ගෝඩි ඔ‘් ස්මෝල් තින්ග්ස් 1997 ( සුළු දෙය ඇසුරු කළ දෙවියා* තුළින් කේරළයේ කුඩා නගරයක් වන අයමෙනම් හි ජන ජීවිතය තුළ පවතින සංකීර්ණතා මෙන්ම කුහක භාවයෙන් මඩනා ලද ක‍්‍රියාකාරකම් හා සදාචාරාත්මක මෙන්ම දේශපාලනික මතවාදත් ඇතුළු සිදුවීම් පෙන්වාදීමට සමත්වෙයි. 
‘‘ ලෝක ජනතාවනිී ඔහු මිත‍්‍ර ලීලාවෙන් කථා කළේය. ධෛර්ය සම්පන්න වන්න. සටන් කිරීමට බිය නොවන්න. දුෂ්කරතා නොතකා හරින්න. තරංගයෙන් තරංගයට ඉදිරියට යන්න. මුළු ලෝකයේම අයිතිය ජනතාව අතට පත් වෙයි. සෑම වර්ගයකටම අයත් භයංකර සත්වයන් විනාශ කළ යුතුයි. අයිතියෙන් ඔබට හිමි සියල්ලක් ඉල්ලා සිටිනු. වාර්ෂික ප‍්‍රසාද ගෙවීම්, අර්ථසාදක අරමුදල්, හදිසි අනතුරු වෙනුවෙන් රක්ෂණය, මේ කතා එක් අතකින් පිල්ලේ සහෝදරයා ප‍්‍රාදේශීය ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකුවූ විට දස ලක්ෂ ගණන් රැුස්කන ජනයා අමතා කරන්නට යන කතාවල පූර්ව අභ්‍යාසයක් වූ නිසා එ්්්්වායෙහි ස්වරයෙහිත් නැග්මෙහිත් බැස්මෙහිත් එක්තරා අපූර්වත්වයක් ගැබ්ව තිබුණි. ඔහු ගේ කට හෙඞහි පිරී පැවැත්තේ කුඩා උණුසුම් කාමරයක හා මුද්‍රණ තීන්තවල ගඳ වෙනුවට කොළ ගොයමින් සශ‍්‍රීක වෙල් යායවල් සහ නිල් අහස හරහා බැඳි රතු කොඩිය’' ( සුලූ දෙය ඇසුරු කළ දෙවියා පිටුව 116* 

හයරියන් මිනිස්සු



වෘතියෙන් ඉංජිනේරු වරයෙකු ලෙස කටයුතු කළ ගුණසිරි ජයවර්ධනයන් සිය අත්දැකීම් පාඨකයා හමුවට ගෙන එන්නේ අප කියවන බොහොමයක් නවකතාවල එන ආකාරයට නොවේ. එනම් සමාජයේ බොහෝ දුක්කම්කටොළු වලට මුහුණ පා ජීවිතය ගැට ගසා ගන්නට වෙර දරන කම්කරුවන්, ගරාජ් සේවකයන් පමණක් නොව පීඩිත භාවයන් හමුවේ සිය කැදැල්ල තුළම මියැදෙන වන සතුන් හා බැඳුණු සොබා දහමේ න්‍යාය සමග ගොඩනගන කතිකාවකිනි.





 මධ්‍යම පංතිය හා වෙළුකවා අපූරු සිත්තමක් ලෙස හයරියන් මිනිස්සු රචනා කරන කතුවරයා, එම චරිතවලට පණ පොවන්නට දරන වෑයම සහ එහි සාර්ථකත්වය සිය ප‍්‍රථම නව කථාවෙන්ම විදහා දක්වයි.

මෙම නවකතාව තුළින් සාකච්ඡුාවට භාජනය කරන ධර්මතාවයන් පිළිබඳ එතරම් සමාජ  අවධානයක් යොමු නොවුනැයි සිතූ කතු වරයා එය ඬඬසම්වෝර්ක් ටෝල්ස්’ නමින් ඉංග‍්‍රීසි භාෂාවට ද පරිවර්තනය කරනු ලබයි. එයිනුදු සෑහීමකට පත් නොවූ හෙතෙම මෙම නව කතාව සුළු වෙනස් කම් සහිතව නැවත ඬඬ එකම කාසියේ දෙපැත්ත’ නමින් සිංහලට පරිවර්තනය කරනු ලබයි. ඉන්පසුව ඞී. ආර්, විජේවර්ධන සම්මානයට පාත‍්‍රවන මෙම නව කතාව මේ වන විට විශාල පාඨක ප‍්‍රජාවක් අතරට පත්ව ඇති බව කිවයුතුය. මේ සම්බන්ධව කතුවරයා පවසන්නේ මෙවැනි අදහසකි, 

''මම හයරියන් මිනිස්සු ලිව්වාට පස්සෙ නවකතා ලිවීම මට අප‍්‍රිය වුණා. මේ තරම් කල්පනා කර, අධික මහන්සියකින් ගොනු කළ පොතට යොමු වුණු අවධානය මොනම අන්දමකින් වත් මාව තෘප්තිමත් කෙරුවෙ නැහැ. උගතුන් කිහිප දෙනෙක් එය පැසසුව බව ඇත්තයි. නමුත් ඒ අයටත් මා ඉතාම අගය කළ පොතක් හෝ සංකේත පිළිබඳව ගැඹුරු හැඟීමක් ඇතිවූ බවක් පෙනුනේ නැහැ. පොදු පාඨකයා ට මගේ ශෛලිය නුහුරු දෙයක් වෙන්න හුඟක් දුරට ඉඩ තියෙනවා. ඔවුන්ගේ හුරුව කතන්දර කියවීම. නවකතාවත් කතාවත් අතර ඇති සූක්ෂම වෙනස ගැන නියත හැඟීමක් ඔවුනට නැති නිසා එසේ වෙනවා ඇති. මගේ එකම නවකතාවක් වත් මුල මැද අග කියවා කිසිම වැටහීමක් කෙනෙකුට ලැබිය නොහැකි යැයි මං හිතනවා. එය මුල සිට අග දක්වා සම්පූර්ණයෙන්ම කියෙව්වාට පස්සේ තමයි මුළු කතාවම දිය යටින් ඇදෙන නෙළුම් පොහොට්ටුවක් වන ආකාරයට පාඨක සිත පුබුදුවනුයේ. එක දිගට කියවිය හැකි රසවත් බවක් මුල සිටම එහි ගැබ්වී ඇතැයි මං විශ්වාස කරනවා. මං හිතන ආකාරය නිවැරදි දැයි සැක දුරූ කර ගැනීමට මම එම කතාවම ඉංග‍්‍රීසියෙන් ලිව්වා. මගේ විශ්වාසය නිවැරදි බව පෙන්වමින් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර පොත ගැන දීර්ඝ විවේචනයක් ඬේලි නීව්ස් පත්තරේට ලියා තිබුණා. ඊට පස්සේ මං මේ නවකතාවේ සිංහල අනුවාදයක් එකම කාසියේ දෙපැත්ත ලෙස ලිව්වේ. එය විජේවර්ධන සාහිත්‍ය කමිටුව විසින් පැසසීම මම අගය කරනවා.’

සම් වෝර්ක් ටෝල් නමින් ලියූ මෙම නවකතාවට පාඨක අවධානය යොමුවුණි ද, විචාරයට පාත‍්‍ර නොවුණි. පවත්නා සමාජයේ විවිධ ස්තර පිළිබඳවත්, නවකතාවක ශිල්පීය ලක්ෂණ ගැනත්, කතුවරයා ගේ සුවිශේෂ භාවය පිළිබඳවත්, අදහස් ප‍්‍රකාශ කළ ප‍්‍රවීණ සාහිත්‍ය ධරයින් අතුරින් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා දැක්වූයේ මෙවැනි අදහසකි,


’READING THE LATEST ENGLISH NOVEL BY THE AUTHOR GUNASIRI JAYAWARDANA ; MY FIRST FEELING WAS THAT; HERE IS A CREATIVE ARTIST WHO HAS SO MUSH TO SAY AND EXPRESS IN HIS OWN TERMS AND EXPERIENCES HITHER TO UNSEEN BY SOME OTHERS AND READERS LIKE US. HIS IS A WORLD OF GARAGE MEN, FORMEN, MECHANICS, SERPENT LOVERS AND BREEDERS, FORESTERS IN ARID ZONES, GUN MEN CINE LOVERS WHO FREQUENT MATINEE SHOWS, DEEP SEA DIVERS, ROMANTICS OF VARYING NATURE, DRINKERS, GAMBLERS, STRIKERS AND ABOVE ALL PARENTS WHO ARE TRADITION BOUND WITH THEIR URBAN MIDDLE CLASS MORALITIES ETC. ‘’ ( BY PROF. SUNANDA MAHENDRA, SUNDAY OBCERVER  MARCH 26,2000)


සම්වෝර්ක්ටෝල් කියවපුවම මට පළමුවෙන්ම ඇතිවුණ හැගීම තමයි ගුණසිරි ජයවර්ධන නැමැති ලේඛකයා තුළ නිර්මාණශීලී රචකයෙකු සිටින බව. ඒ මන්ද කිව්වොත් අප වැනි පාඨකයන් මෙතෙක් නොදුටු අත්දැකීම් ඔහු අපට කියන බැවිණි. ඒ වගේම ඔහුට අපට කියන්නට බොහෝ දේවල් ඇති ලේඛකයෙක්. ඔහු ගොඩනගන ලෝකය තුළ පිරී සිටින්නෙ ගරාජ් කරුවන්. වැඩ පරීක්ෂකයින්. යන්ත‍්‍ර. සර්පයන් ආදී සතුන්ට දයාව දක්වන්නන්. චිත‍්‍රපට ලෝලීන්. ගැඹුරු මුහුදේ කිමිදෙන්නන්. සොබාදහමට හා එහි විවිධත්වයට ආදරය දක්වන්නන්. මත්පැන් පානය කරන්නන්. සූදුකරුවන්. වැඩ වර්ජකයින්. ඒ සියල්ලටම වඩා මධ්‍යම පන්තියේ සදාචාරාත්මක භාවයන් පිළිබඳව ඇති උනන්දුව හා සාම්ප‍්‍රදායික ගුණයෙන් යුතු සියළුම දෙමව්පියන් ගෙනි.’









බොහෝ මිනිස්සු අනෙකෙකුට ආදරය පෙන්වන්නේ ලාභ ප‍්‍රයෝජන මුල්කර ගෙනය. මිනිස්සු මිනිසුන්ගෙ ආධ්‍යාත්මයට ගෞරව කළ යුතුය. හයරියන් මිනිස්සු තුළ ජීවත්වෙන චරිත ඒ දුර්ලභ ගුණය වටහා ගෙන ඇත. ථෙරිකා සමග ඇති ආදර සබඳතාවය හා තම සහෝදරයාට අත්වන ඉරණම මනස ඉරිතලන වේදනාත්මක සමාජ සං සිද්ධියකි. මධ්‍යම පාංතික ජීවිතය පිළිබඳ විවරණයක යෙදෙන ගමන්ම පීඩිත පංතියේ සුසුම් වලින් ජීවන හුස්ම පුරවාගනී. කෘතිය සාර්ථක කර ගැනීමට ස්පර්ශ කරන සමාජ පරිසරය හා පුද්ගල ජීවිත පිළිබඳ වෙනස අප සිත් ගන්නා සුළුය. සොබාවික පරිසරයේ නිදහසේ ඉගිළ
යන කුරුල්ලෙකු ලෙස අප දකින කෑඳැත්තා පිළිබඳව කතු වරයා අපට පවසන්නේ ඊට වඩා ගැඹුරු අරුතකි. මේ හැඩකාර කුරුල්ලා ගේ චර්යාවන් විනිවිද දකින ඔහු කම්කරු පංතියේ පීඩනය අපට තේරුම් ගන්නට උපකාර කරයි. අවසානයේ තම ආදරය සංකේතවත් කරන කෑඳැති රූපය තුළින් ද ඔහු අපට පවසන්නේ මානව මනසේ යථා ස්වභාවයමය.



මෙම කෘතියෙහි එන කරුණු පිළිබඳව ගැඹුරින් විමසීමේ දී ප‍්‍රත්‍යක්ෂ වන්නේ කාර්මික කරණයෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් මානව සබඳතා කැඞී බිඳී යාමත් කම්කරුවන් අග හිග කමින් පිරුණ ජන කොටසක් වුව ද ඔවුන් අවංක මෙන්ම යුක්ති ගරුක, අයුක්තියට හිස නොනමන ගුණයෙන් හෙබි බවත්, මධ්‍යම පංතිය තූළ පිළිබිඹුවන ඇතැම් දුර්ගූණත් තුළින් ධන සම්පත් ඒකරාශී වීම නොවිය යුතු දෙයක් ලෙසටය.

ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය රාජාණ්ඩු යුගය, වැඩවසම් යුගය, ආක‍්‍රමණ කාල පරිච්ඡේද පසුකර දේශපාලන පක්ෂ ක‍්‍රමය යටතේ පාලනය වන ක‍්‍රමයක් කරා විකාශය වී ඇති බව කිවයුතුය. වර්ෂ 1505 සිට 1931 දක්වා වසර 425 ක්ම ලාංකිය සමාජය වෙනස්කම්වලට නතු විය. සර්ව ජන ඡුන්ද බලය ලැබීමෙන් පසුව ලාංකිය සමාජය තවදුරටත් වෙනස්විය. මෙලෙස විටින් විට සිදුවූ සංකෝචනය වීම් තුළින් සිදුවුන වෙනස්කම් පිළිබඳව විවිධ විද්වතුන් තම අදහස් පළ කර ඇත. වරක් මෙම සමාජ පරිවර්තනය සම්බන්ධයෙන් ඇස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා ප‍්‍රකාශ කළේ, ඬඬ ලංකාවේ පොදු ජනතාවට හොරෙන් විස්කි සහ ෂැම්පේන්වලින් ඉතිරෙන සාදවලදී ලබා ගත් නිදහසක්ී ලෙසටය. 1948 සෝල්බරි නිදහස ලැබුණාට පසුව වුව ද, වෙනසක් සිදුනොවීම එලෙස අර්ථවත් විණි. එහෙත් 1950 දශකයේ අග භාගය වන විට සමාජවාදී ප‍්‍රජාතන්ත‍්‍රීය ලක්ෂණ සමාජය තුළ ප‍්‍රකට වීම එතෙක් පැවති තත්ත්වයෙන් පරිවර්තනයකට භාජනය වූ බව ප‍්‍රකට වෙයි.

කාර්මික කරණය තුළ ධනය හිමි පන්තියක් ස්ථාපිත වීම ක‍්‍රමිකව සිදුවිය. ඊට අනුකූලව වැටුප් හා වෙනත් සමාජීය අවශ්‍යතාවන් කෙරෙහි කම්කරුවන් ගේ යොමුවීම, වෘත්තීය සංගම් බිහි වීම, උද්ඝෝෂණ, කම්කරු අරගල හමුවේ හාම්පුතුන්ට විසඳුම් සෙවිය යුතු කරුණු කාරණා සමාජය හමුවට එළැඹිණි. ජනතාව ගේ ජීවන රටාව නිෂ්පාදනය, ලාභය, අතිරික්තය ආදී කරුණු පිළිබඳව ද සමාජවාදී හා ධනවාදී දේශපාලන කඳවුරු හරහා විවිධ අර්ථකථන ඉදිරිපත් විය.

දේශපාලන නවකතාව අර්ථවත් වන්නේ කිසියම් දේශපාලන පක්ෂයක් පිළිබඳ ඇගයිමක් හෝ විවේචනය කිරීමක් තුළින් නොවන අතර පවතින සමාජ යථාර්ථය ඉදිරිපත් කිරීම තුළිණි. දේශපාලන නවකතාව පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය ඒ. වී. සුරවීර මහතා සඳහන් කරන්නේ දේශපාලන නවකතාවේ යම් ප‍්‍රචාරාත්මක අරමුණක් අන්තර්ගත විය හැකි වුවත්, එහි අරමුණ ඒ තුළ ඉස්මතු වුවහොත් නවකතාවේිී සාර්ථකත්වය බිඳ වැටෙන බවයි.

ඇල්බෙයා කැමූ, ජැක් ලන්ඩන්, පියදෝර් දොස්තයෙවුස්කි, අර්නස්ට් හෙමිංග්වේ, ඇල්බර්ටෝ මොරාවියා, එමිලිසෝලා, කැතරින් මෑන්ස්පීල්ඩි, නිකොලොයි ඔස්ත්‍රොව්ස්කි, ඇනටෝල් ප‍්‍රාන්ස්,  ඇලෙක්සැන්ඩර් ඩූමා, කූෂ්වන්ට් සිං, නිකොලොයි ගොගොල්,  අකුතගාවා  රියුනොසුකෙ, බෲනෝ ආපිට්ස්, මිගල් ද උන මූනෝ, ආදී නවකතා කරුවන් විශේෂ අත්හදා බැලීම් සිදුකළ අතර, නවකතා රීතීන් ගොඩ නැගූ ලේඛකයින් ලෙස විචාරක අවධානයට පාත‍්‍ර විය. ලාංකීය නවකතාව පිළිබඳව විමසා බැලීමේ දී අපට කියවන්නට ලැබුණ ගුණසිරි ජයවර්ධනයන් ගේ කෘතීන් තුළින් ද අනෙකුත් නවකතා සහ කෙටිකතා කරුවන් ගෙන් නොලැබෙන විධියේ ශෛලියක් සහ කටවහර මනාව හසුරවමින් අදාල චරිත සමග කියවන්නා ජීවත්කරවන ශක්තියක් ඇති බව වැටහිම මගේ මෙම ව්‍යායාමයට ද එක් හේතුවක් බව සඳහන් කරනු කැමැත්තෙමි.
 
පොදුවේ සළකා බලන කල්හි ලාංකීය නව කතාව තුළින් දේශපාලනය ප‍්‍රබලව සන්නිවේදනය නොවූ බව පෙණුනත්, යටත් විජිත යුගයේ හා තදාසන්න කාළයේත් ඉන් පසුවත් සිදු වූ සමාජ පරිවර්තනයේ සිට මේ දක්වා සමාජය පිළිබිඹු කිරීම සඳහා ලේඛකයන් ගෙන ඇති උත්්සාහය සුළුපටූ නොවන බවද සඳන් කළයුතුවෙයි.

හයරියන් මිනිස්සු, සම් වෝර්ක්ටොල්, එකම කාසියේ දෙපැත්ත, බොරදිය හා තිත්තයෝ සින්නදොරෙයි ගේ පුංචි ලෝකය ( 1992 මක්සිම් ගෝර්කි සම්මානය*, පහන මුලම අඳුරුයි ( කෙටිකථා*,  රිදී රේඛාව, ද ටූ වර්ල්ඩි ඔප් සින්න දොරෙයි ආදී වශයෙන් නිර්මාණ රැුසක් සමාජ ගතකර ඇති ගුණසිරි ජයවර්ධනයන් සම්මාන අපේක්ෂාවෙන් නොලියන ලේඛකයෙකු බව ද සඳහන් කළයුතුය.

ඔහු සමාජයේ පුද්ගලාන්තර මෙන්ම පංති අතර ඝට්ටනය මෙන්ම, විවිධ සමාජ ස්ථර පිළිබඳව ස්වාභාවික ලෝකයේ උණුසුමින් ඈත් නොවී පාඨකයා ගේ අවධානයට යොමුකළ බැවින් දේශපාලනය සහ දේශපාලන තේමාවන් පිළිබඳ උනන්දුවක් දැක්වු රචකයෙකු ලෙස ද පෙනෙන බව කිව හැක.


මේ සමාජයෙම මිනිස්සු විදිහට සළකන්න පුළුවන් කම්කරුවන්ටයි මධ්‍යම පංතියටයි විතරයි. උන් විතරයි යම්තම්වත් හැඟීම් අනුව ජීවත්වෙන්නෙ, ( බොරදිය හා තිත්තයෝ පිටුව 37*

කතන්දර කීමේ කලාව ඉතිහාසයේ ඈතට ගමන් කරන්නකි. කතා ලිවීම තුළින් නව කතාව පෙරට පැමිණ ඇති අතර ඇතැම් විචාරයන්ට අනුව කතන්දර කීම නවකතාවක් නොවන ලෙසට ද අරුත් ගන්වයි. අප සැබැවින්ම මෙතෙක් කල් කියවා ඇත්තේ කතන්දර නොවේ ද යන්න විමසා බැලිය යුතු කාරණයකි. ගුණසිරි ජයවර්ධනයන් ගේ නවකතා ශෛලිය කතන්දරයක් කීම වෙනුවට සමස්ථ චරිත එකට සම්බන්ධ කරන්නේ මකුළු දැලක ආකාරයෙන් වන අතර, චරිතයන් ජීවත්වෙමින් සිය හැසිරීම් තුළින් පාඨකයා තුළ අපූරු චිත‍්‍රයක් මවනු ලබයි. ඔහු ගේ නවකතා තුළින් සමාජයේ අවධානයට ලක් නොවූ මිනිසුන්, ස්ථාන අපේ අවධානයට ලක් කරයි. ඔහු කම්කරුවන් අතර ජීවත් වෙමින් ඔවුන් ගේ චිත්ත සන්තානයන්හි පමණක් නොව සමාජගතව මුහුණදෙන දුක පිළිබඳ විග‍්‍රහයක ද යෙදෙයි. එමෙන්ම මධ්‍යම පන්තික සිතුම් පැතුම් අනුව මිනිස් හැසිරීම්වල ස්වභාවය ද යන සියල්ල කෑඳැති න්‍යායෙහි ම්ලේච්ඡුත්වය සමග පාඨක මනසේ අපූර්ව චිත‍්‍රයක් මවනු ලබයි.

තත්කාලීන සමාජ තතු නිරූපණය කළ සිංහල නවකතාව, කෙටිකතාව නාට්‍යවැනි කලාංගයන් තරම් ඉදිරියට පැමිණ නොමැත, යුරෝපා ආසියා මෙන්ම ලතින් ඇමරිකානු නවකතාව තරමට ලෝක සිනමාව ඉදිරියට පැමිණ නොමැති සේය. වත්මන් භාරතීය සිනමාව ද වෙළෙඳපොළ උදෙසා කැපවෙන අතර, දකුණු ඉන්දීය චිත‍්‍රපට කර්මාන්තය දේශපාලන හස්තයන්ට ඇවැසි පරිදි සකස් වන වාතාවරණයකට පත්ව ඇතැයි ද මතයකි. ඇතැම් සමාජ ප‍්‍රතිපත්ති ද අපගමනයක් කරා යොමුවෙමින් පවතින අතර ලාංකීය සිනමාව මෙන්ම නවකතාව ද පසුගාමී සළකුණක් සටහන් කර ඇති බව කිවයුතුය,


සුනිල් කුමාරසිංහ අතුකෝරල


No comments:

Post a Comment