Wednesday, June 12, 2013

සිරිපා කරුණාකරමු මේ පොසොන් පෝ දා

‘මුනි සිරිපා කරුණාකරන්න’ එන්න ඓතිහාසික වාරණ රජමහ විහාරස්ථානයට


ඓතිහාසික වාරණ රජමහ විහාරස්ථානයට පිවිසෙන ස්ථානය



විහාරස්ථානයට පිවිසුනු ඔබට මැද මළුව කරා පිවිසෙන පඩි පෙලේ පැමිණෙන විට ඝණ්ඨාර කුළුන අසලට පිවිසෙද්දී වම් පසින් අභිනවයෙන් ඉදි කළ සිරිපාදස්ථානයට පිවිසෙන ඉහත ඡායාරූපයෙන් දැක්වෙන මකර තොරණ දිස්වෙනු ඇත.

සියලූම මාර්ග විස්තර මනාව සන්නිවේදනය කෙරෙන අතර සිරිපා කරුණාකර ඇති සහ නැති අයගේ නෙත් සිත් පමණක් නොව හදවත උතුරා යන අපිරිමිත කරුණාවක් නිබ`වම ජනිත කරන බව ඉ`දුරාම පැවසිය යුතුය.
ඓතිහාසික ‘භගවා’ ලෙන, ‘දිවා ගුහාව’, ‘සාම චෛත්‍යය’, ‘සීත ග`ගුල’‘සමන් දේවාලය’, ‘ලිහිණි හෙල’ පසු කර යද්දී ඔබට ගිමන් හැරීම ස`දහා ‘සාමි’ අම්බලම (ඒ ඓතිහාසික ස්ථානයන්හි අනුරූ ඔබේ සිත් නිවනු පිණිස එලෙසම නිර්මාණය කර ඇත* හමුවනු ඇත. එහිදී ඔබේ විඩාව සන්සි`දුවා ගැනීම සඳහා, වාරණ ධර්මෝදය දහම්පාසල විසින් සංවිධානය කර ඇති ‘කෝපි දන්සැල’ ඔබ වෙනුවෙන්ම විවෘතව පවතී.


(සාමි අම්බලමේ කෝපි සංග‍්‍රහය ඔබ ස`දහාමයි*
ගිමන් නිවා ගත් ඔබට ඊළ`ගට හමු වන්නේ ‘මහගිරිදඹයයි’ කුඩා ළමුන් සමඟ යන ඔබේ රැකවරණය ට ආරක්ෂාවට අවශ්‍ය නම් සංවිධායක කමිටුවේ සාමාජික මහතුන් ඔබ වෙනුවෙන් සේවය ලබා දීමට කැපවී සිටින බව ද,සතුටින් සඳහන් කරමි.






උඩ මළුවට පිවිසෙන ඔබට වලාකුළු වනාන්තර ඈතින් ඈත පෙනෙන සුවිසල් ගල් කුළු පමණක් නොවෙයි රාත‍්‍රියක නම් ‘ඓතිහාසික ශ‍්‍රීපාදස්ථානයේ විදුලි ආලෝක ධාරා සම`ග සමන් ගිර ද දැක බලා ගත හැකි ය.

දුරට පෙනෙන සාමි අම්බලමේ ජනාකීර්ණ මොහොතක් (ඉහළින්)

සිරිපා හිමය සිහිපත් කරන වාරණ වන උයන 2013.05.26 සන්ධ්‍යාවේ කැමරාවේ සටහන් වුනේ මෙලෙසයි.


උඩමළුවට ඈත ක්ෂිතිජය පෙනෙන ආකාරය සහ ඉහළට පහළට කරුණාකරන සැදැහැවත් පිරිස්

ඉහළ විහාරයේ  මළුව දෙසට පිවිසෙන සහ පහළ විහාරය දෙසට බසින සැදැහැවත් පිරිස්

මැද විහාරයේ ඓතිහාසික චෛත්‍ය රාජයාණන් වහන්සේ වන්දනා කරන බැතිමතුන් පිරිසක්
සිරිපා කරුණාකළ ඔබඅති විශාල පුණ්‍ය කර්මයකට සහභාගී වී ඇති බව ඔබට මතක් කළ යුතුමය. ඒ ඔබ ලබා ගන්නා ටිකටි පතට ගෙවන රුපියල් 50.00 ක මුදල වෙන් කෙරෙන්නේ, ධර්මෝදය දහම්පාසල් දරුවන් ගේ අධ්‍යාපන කටයුතු සහ මංගල ගිරි පිරිවෙනේ අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා ගේ බලවත් අවශ්‍යතාවක්ව පවතින අභිනවයෙන් ඉදි කෙරෙන දෙමහල් ගොඩනැගිල්ල උදෙසා බැවිණි.

සරණයි සරණයි බුද්ධං     සරණයි
සරණයි සරණයි ධම්මං     සරණයි
සරණයි සරණයි සංඝං     සරණයි
සරණයි සරණයි මේතුන්     සරණයි 

මේ පිටුපස වෙහෙස මහන්සි වූ විශාල පිරිසක් සිටින අතර නම් වශයෙන් ස`දහන් නොකළද අප හදවතින් නිතැතින්ම ඒ සැම සිහිපත් කරමු.

විශේෂ ස්තුතිය, මංගලගිරි පිරිවෙනේ පරිවේනාධිපති හා ධර්මෝදය දහම්පාසලේ විදුහල්පති අති පූජ්‍ය නක්කලගොඩ මේධානන්ද ස්වාමීන් වහන්සේට සහ, එම පිරිවෙනේ සහ දහම්පාසලේ ආචාර්ය ගරු පියනන්ද ස්වාමීන් වහන්සේට



සටහන සහ සේයා රූ

සුනිල් කුමාරසිංහ අතුකෝරල
2013.05.26
071 8142213


No comments:

Post a Comment