Tuesday, December 22, 2015

භාරතීය සංස්කෘතිය, සිංහල අලූත් අවුරුදු සංක‍්‍රාන්තිය සහ හෙළ වනිතාව 
  
” පැරණි ඉන්දීය නාගරිකයාට විනෝදය ගෙන දුන් හැම දේම නිර්මාණාත්මක හෝ බුද්ධි විෂයක නොවීය. දුප්පත් පොහොසත් කවුරුත් සහභාගිවූ උත්සව හින්දු අවුරුද්ද මුළුල්ලේම තිබිණි. කාබී තුටු පහටු වී කෙළිදෙළන් පසුවීම හා පෙරහැර පැවැත්වීමත් මේ උත්සවවල අංග විය. ආදිම කාලයේ ඉතා ජනප‍්‍රිය වූ උත්සවය වූයේ කාමදේවරජයා පි¥ වසන්ත උත්සවය යි.” (මහාචාර්ය භෂාම්* සශ‍්‍රීකත්වය හා සබැඳි උත්සව පිළිබඳව තවදුරටත් කරුණු දක්වන මහාචාර්ය භෂාම්  මහතා සඳහන් කරන්නේ, තත්ත්කාලීන සංස්කෘතියට ප‍්‍රාග් ඓතිහාසික තත්ත්වයන්ද බලපා ඇති බවය. එනම්, සෝණ සංස්කෘතිය, ඉන්දුනිම්න ශිෂ්ටාචාර විමසමින් ප‍්‍රාග් භාරතීයයන් ගේ ක‍්‍රීඩා පසුකාලීනව නව මුහුණුවරකින් සමාජ ගතව ඇති බවත්. ඉන්දු නිම්න නගරවල තිබී පැති හයක් සහිත දාදු කැට හමු වී ඇති බවත්, ඉලක්කම් සහිත පැති හතරක් ඇති ආයත චතුරශ‍්‍රාකාර දාදු කැට පසු කාලීනව පැමිණි ක‍්‍රීඩා භාණ්ඩයක් බවත්ය. එමෙන්ම දකුණු ඉන්දීය ද්‍රවිඩ ජනයාගේ ගව මිනිස් සටනද සශ‍්‍රීක භාවය අතර පැවති සබැඳියාවක් බවද හෙතෙම පවසයි. (මෙම ක‍්‍රීඩාව ස්පාඤ්ඤයෙහි මෙන් ගවයා කෝපාවිෂ්ට කර සිදු කරන්නක් නොවන බව විශේෂයෙන් සඳහන් කළ යුතුය* වසත් සමය භාරතීය නිර්මාණ කරුවන්ගේ කෞශල්‍ය මැනවින් විදහා පෑ බවට දෙස්දෙන සාක්ෂි අපමණය, මහා කවි කාලිදාසයන් වසත් සමයේ වෘක්ෂලතා සහ සත්වයින් නව ප‍්‍රබෝධයකින් ප‍්‍රාණවත් වන අයුරු, ශිව පාර්වතී පේ‍්‍රමය වසත් සමයෙහි දැල්වූ ආකාරය අපූර්වත්වයෙන් විදහා දක්වයි, 
සොඳුරු ළඳුන්ගේ නද දෙන නූපුර
රැුඳුණු පාද පහසක් නොලබා
උතු ඉති නොහැරම ළපලූවලින් පිරි
හෝපලූ තුරුපෙළ මල් පිපිලා 

ප‍්‍රවාල අංකුර පියාපතින් යුතු
මී අඹ මල් හී නිමවාලා
වසන්ත ගී වඩු එහි බිඟු රඳවයි
මල්සර නම් ලියනා ලෙසිනා   
                      (කුමාර සම්භවය* 
වසන්ත සමයේ සෞභාග්‍යයෙන් ද සෞන්දර්යෙන්ද උද්දාමයට පත් වනජීවීන් පවා පේ‍්‍රම පරවශ වන බව කවියා මෙලෙස අපට පවසයි,
නුරාගී ඇතිනිය
පියුම්රොන් සුවඳැති
සිය මුවින් ගත් දිය
පෙව්වාය ගිජිඳු හට

සුපිපුණු මල් කැන් පියයුරු සොබනා
ළාදළු ලවනා මන දඟ කරනා
ලිය ලලනා පෙළ නැමි අතු අතිනා
වැළඳ සිඹිති  තුරු පති රති මතිනා 

”ඉන්දු ආර්යයන් ඉන්දියාවට සංක‍්‍රමණය වන විට, ඔවුහු තමන් සමඟ ප‍්‍රධාන වශයෙන් සොබාදහමේ තදාත්මිකෘත ශක්තිය දෙවියන් බවට පත් ආගමක්ද ගෙනාහ එයින් ද්යෞස් වැනි කීප දෙනෙක් ඉන්දු යුරෝපීය යුගයටත් මිත‍්‍ර, වරුණ, ඉන්ද්‍ර වැන්නෝ ඉන්දු ඉරාණ යුගයටත් අයිති වෙති එසේම ඔවුහු ගිනි පිදීම සහ සෝමපිදීමත් ගෙනාවෝ ය. එ් අතර සෘග් වේදය සහ අවෙස්තාව සැසඳීමෙන් පෙන්නුම් කෙරෙන විවිධ විරිතින් ආගමික පද්‍ය රචනය කිරීමෙ කලාව පාළාබඳ දැනුමක්ද ගෙනෙනු ලැබිණ. ” (සෘග්වේදයේ සම්භවය සහ වර්ධනය*

    ”අවුරුදු සැණකෙළියේ පැරණිකම නිසා ම එහි ඓතිහාසික වටිනාකම මේ කියා අගය කොට විදහා පෑම දුෂ්කරය. එක් එක් අංශයට අයත් ලක්ෂණ දුරාතීතයේ සිට එතරම් ගැලපී පදනම් වීම නිසාම අංගෝපාංග වෙන්කොට අගය කළ නොහැක. විචිත‍්‍ර චලන චිත‍්‍ර කලාවේ එක් රූපයක් සම්පූර්ණ වී නිර්මාණ වීමට චිත‍්‍ර අංග රාශියක් පමණ එක්වී පෙනීම අවශ්‍යය. වෙන් වෙන් වශයෙන් අංශයක් බැගින් බැලීමෙන් කිසිම රූප සංඥවක් ඇසට නොපෙනේ. එමෙන්ම අවුරුදු සැණකෙළිය විවිධ අංශයන් ඒකීභූත වූ ජාතික මැණිකකි.” (ආචාර්ය නන්දදේව විජේසේකර*  
  හෙළයන් ස්වභාවික වස්තූන් මුල් කර ගත් ජීවනයක් පවත්වා ගෙන යමින් දිවි ගෙවූ ජනකායක් වන අතර, යාබද රට වූ භාරතයෙහි හින්¥ ජනයා චන්ද්‍රයා සම්පූර්ණයෙන් පෙනෙන දිනය, මෙන්ම අඳුර රජයන අමාවකත් ඉතා වැදගත් දිනයන් වශයෙන් සලකා කටයුතු කළ අතර, ලාංකිකයින් ද සිය පිළිවෙත් වලට මෙන්ම උත්සව ආදියෙහිදී ද චන්ද්‍රයා මුල් කරගත්හ. (චන්ද්‍රයා සමබන්ධව වූ මේ අවස්ථා වැදගත් සංකේත වශයෙන් පිළි ගත් බව සඳහන් කළයුතුය* මානව ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂයන්ට අනුවද, කෘෂිකාර්මික ජාතික හා ආගමික උත්සව විවිධාකාරයෙන් පවත්වා ඇති බව පවා තහවුරු කරයි. මෙහිදී චන්ද්‍රයා මෙන්ම සූර්යයා සම්බන්ධ කර ගෙන ඇති අතර ජාතික උත්සවයන්හිදී සූර්යයා මුල් කර ගත් බවත් ආගමික උත්සවයන්හිදී චන්ද්‍රයා මුල් කර ගත් බවත් පසු කාලින තොතුරු මනාව ප‍්‍රකට කරයි. හින්¥න් සූර්ය මංගලෝත්සවය සූර්යයා මේෂ රාශියට පැමිණීම සමරා සිදු කරති. එහිදී සුබ ග‍්‍රහයෙක් වන හිරුට අධිපති දේවතාවා බලවතෙකු වශයෙන් බුහුමන් ලබති. පරණ අවුරුද්ද ගෙවා නව වසරට පා තබන මෙම අවස්ථාව ගාම්භීර අවස්ථාවක් වශයෙන් ජාතික වැදගත් කමක් ඊට එක් කර ගන්නට ඔවුන් පෙළඹී ඇත. පූර්ව යුගයෙහි පැවති ස්වභාව ධර්ම වස්තු ඇදහීම සූර්ය නමස් කාරය ලෙස පෙරට එන්නට ඇති බව සිතන්නට පුළුවන. ශක රාජ, සූර්ය වංශය ආදි වශයෙන් ව්‍යවහාර වන්නේ පසු කාලීනවය. ”ජාතියක ප‍්‍රාණය රඳා පවතින්නේ එ් ජාතියේ පරම්පරාවෙන් පරම්පරාවට උරුමව පැවත එන සිරිත් විරිත් නැටුම් ගැයුම් කෙළිසෙල්ලම්. ගති පැවතුම් අන්තර්ගත රුධිර ධාරාවන් නිසාය”(ආචාර්ය නන්දදේව විජේසේකර*  හින්දු ආගම පුරාතනයේ සිටම බුදුසමය හා සමාන්තරව පැවතුන ආගමකි. අලූත් අවුරුදු චාරිත‍්‍ර වාරිත‍්‍ර හින්දු ජනයා අතර හින්දු ආගමට අනුකූලව වැඩිදියුණු විය. බෞද්ධාගම හා හින්දු ආගම ඓතිහාසිකව එකිනෙක බැඳී එන ස්වභාවය අනුව බෞද්ධයින් හා හින්දු බැතිමතුන් අතර පවත්නා අවුරුදු චාරිත‍්‍ර වල විශාල පරස්පරතා හඳුනා ගත නොහැක. හින්දු සාහිත්‍යයට අනුව ‘ඉන්ද්‍ර’ දේව පොළව වෙත සාමය හා සෞභාග්‍යය ලබාදීම තහවුරු කිරීම ලෙස නව අවුරුදු උදාව සැලකේ. අවුරුදු කුමරා සුදු පැහැ රථයක නැගී සුදු මල්වලින් සරසනු ලැබූ හත් රියන් උස ඔටුන්නක් හිස පැලඳ පොළවට වඞීයි. පළමුව ගුරුත්වාකර්ශනය බිඳ එය ක්ෂීර සාගරයෙහි ගිල්වා ගොඩට ගනු ලබන බවට ප‍්‍රවාද ගතව පවතීයි. වර්තමානයෙහි නව අවුරුදු සිරිත් විරිත් ඉටු කිරීම සාම්ප‍්‍රදායික නක්ෂත‍්‍රකරුවන් විසින් ලබා දෙන නැකැත් වේලාවන් අනුව කරනු ලබයි. එබැවින් අලූත් අවුරුදු උදාව සැමරීම ස්වදේශීය, හින්දු හා බෞද්ධ සම්ප‍්‍රදායන්වල සංකීර්ණ එකතුවක් වශයෙන් සැලකිය හැක. සිංහල නක්ෂත‍්‍රයට අනුව සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය වීමේදී නව වසර උදාවෙයි එයින් අස්වනු නෙලීමේ කාලයේ අවසානය සනිටුහන් වන අතර හිරුට ගෞරව කිරීමේ අනාදිමත් කාලයක සිට එන විශ්වාසය හා සබැඳි පුරුද්දට අනුව නව අස්වනුවලින් දෙවියන් පුදා පරිහරණය ඇරඹූ හෙළ සිරිත භාරතීය කාමෝත්සවයන්හි පෙළඹවීමක් වශයෙන් ද සංකේතවත් කරයි.   
මුලින් සඳහන් කළ පරිදි ජීවීන්ට ප‍්‍රාණය දෙන සූර්යයා, මුල්තැන්හි ලා සැලකීමේ ඉතිහාසය ඉතා ඈතට දිවයන්නකි. බුද්ධොත්පාදයට එහා දිව යන බව කිව යුතුය. චෝර පිරිත මඟින්ද එ් බව සනාථ කරයි. එ් බෝධිසත්වයින් මොණරකුව ඉපිද සිටි භවයක සූර්ය නමස් කාරය සිදු කළ පුවත තුළිනි. සිදුහත් බෝසතුන් මව්කුස පිළිසිඳගත් සමයේ සූර්ය වංශික සුෙදාවුන් රජු වප් මඟුල් උත්සව පවත්වා ඇත. රාමායනයට අනුව සංවත්සරය ගතවීමෙන් වසන්තය එළඹි කල්හි යාගයනට වුවමනා සියල්ල නිම කළ බව සටහන් වෙයි. බක් මාසයෙහි මදනෝත්සව පවත්වන බව රත්නාවලී නාට්‍යයෙහි ශ‍්‍රී හර්ෂ දේව අධිරාජයා ලියා ඇත. 
විහිදුනු පබළු පැහැබර සුරත ලපලූ
මී බී මත්ව ගුමු නද නඟන බමරු
උතුරු සිහිල් පවනේ නැළැවෙන අතු   ය
බක්මහ තුරුද මත් කරවයි නෑ සැක    ය (රත්නාවලී* 

අනංග දෙවියන් පිදීම සඳහා මදනෝත්සව පවත්වන බවත් මදු පානයෙන් ප‍්‍රීති වෙමින් උයන් කෙළි, ජල ක‍්‍රීඩා ආදියෙහි යෙදෙන ජනයා දෙස බලා උදේනි රජු ප‍්‍රීතිවන අයුරු ශ‍්‍රී හර්ෂදේව මොනවට දක්වයි. වසන්ත උත්සවයේදී අනංග දෙවියා පිදීම සිදු කරන බවද උත්සව ශ‍්‍රීය සමඟ ආගමික හා අභිචාර විධි ක‍්‍රියාත්මක වූ බවද පාලි සාහිත්‍යයේ එන වත්ස රාජ චරිතය අළලා ලියැවී ඇති රත්නාවලිය ඉඟිකරයි. මේ ශ‍්‍රී හර්ෂ දේව අධිරාජයා සමකාලීන සමාජ යථාර්ථය ඔස්සේ අපට කරන ඉඟියක් මිස හිතලූවක් නම් නොවනු ඇත. 
ක‍්‍රි.පූ. 6 වන සියවසින් එපිට 3 වන සියවස කාලය ලාංකීය සමාජයේ නිරුවත් සමය නිගන්ට පරිබ‍්‍රාජක හා ජෛන හින්දු ආදී විවිධ ආගම් හා විශ්වාස පැතිර තිබූ අවධියකි. එවායේ ස්වරූපය වෙනස් වන්නේ බුදුසමය පැමිණීමත් සමගය. බුදු සමය පැමිණීමට ප‍්‍රථම ලාංකීය සංස්කෘතිය ප‍්‍රබල ලෙස හින්දු බලපෑමට ලක්ව පැවති බව ප‍්‍රකට කරුණකි. නමුත් ඊට පෙර දේශීය ජනයා අභිචාර විධි හා උත්සව පවත්වා ඇත. භාරතීය ජනයා සශ‍්‍රීකත්වයෙහි දෙවඟන ලෙස පාර්වතී පුදනු ලැබීය. හින්දු ආගමෙහි එන ඇතැම් පුද පූජා ලාංකිකයෝ ද අනුගමනය කළහ. මහා වංශයට අනුව පණ්ඩුකාභය රජ්‍යත්වය පතා කළ සටනේ දී වළවාමුඛී ඔහුට උපකාර කළ බැවින් ”රජ උයන තුළ වාසයට සකස් කර වසරක් පාසා බිලි දුන් බව ” ඉතිහාස සටහන් විශද කරයි.     
මහින්දා ගමනයෙන් සිදුවූ සංස්කෘතික විප්ලවයත් සමඟ ලාංකීය සමාජයෙහි සෑම අංශයකින්ම වෙනසක් සිදු විය. බුදුසමය වේගයෙන් පැතිර යාමත් සමග මානව ජීවිත අභිනව මඟක ගමන් ගන්නට විය. අපේ පැරැුණ්නන් ජලාශ‍්‍රිතව ජීවිත්වෙමින් කෘෂි කාර්මික දිවි පෙවෙතක් අනුගමනය කළහ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් භාරත දේශයටත් කලින් ලක්දිව වැව් කර්මාන්තය ප‍්‍රකට විය. තත්කාලීන පාලකයා මෙන්ම රාජකීය ප‍්‍රභූන් ජල සම්පාදනය මෙන්ම ආහාර නිෂ්පාදනය යුතුකමක් වශයෙන් සලකා ක‍්‍රියා කර ඇති බව ඉතිහාසය හැදෑරීමෙන් මනාව විශද වෙයි. අල්පේච්ඡු සමාජයක සශ‍්‍රීකත්වය පිළබඳ තවත් මොනවට සාක්ෂි ඇවැසිද යන්න සනාථ කරන එක් සඳහනකි මේ,..
”සිංහලයාගේ දිනපතා ආහාරය බතයි. මේ සඳහා හේන් ගොවිතැන හා කුඹුරු ගොවිතැන වශයෙන් දෙවර්ගයක් විය. ඇල් සහල් ගොඩ ගොවිතැනින් ලැබුණේය. මඩ ගොවිතැනෙන් ලැබුණේ සාමාන්‍ය භාවිතයට ගත් සහල්ය. මීට අමතර වශයෙන් මුං, මෙනේරි කුරහන් ආදී වෙනත් ධාන්‍ය වර්ගද ප‍්‍රයෝජනයට ගෙන තිබේ. මෑ, ලීමාදී ඇට වර්ග ද ආහාරය විය. මේවා ? භෝජන විය. උදේ ආහාරය වූයේ අල බතල සමඟ කැඳ වර්ගය. දහවල් වේලේ ගත් ආහාරය ව්‍යංජන සහිත බත්ය. කුළු බඩු කීප වර්ගයක් ගෙවතුවල වවා තිබේ. ආහාරයෙන් පසු බීමට සාමාන්‍ය වතුර පාවිච්චි කරන ලදී. උක් හකුරු සහ කිතුල් හකුරු කැවුම් අතිරස ආදිය පැණි රස පිණිස ගන්නා ලදී. ගස් වැල් වල ගෙඩි පළතුරු වශයෙන් භුක්ති විඳින ලදී. අඹ හා පොල් විශේෂයෙන් ජනප‍්‍රිය විය. පශු පාලනය බොහෝ සෙයින් දියුණු කරන ලදී. කිරිවලින් සාදන ලද මී කිරි පස් ගෝ රසය සේ සලකනු ලැබීය. වැව් පොකුණු වලින් මාළුද, වනාන්තරයෙන් දඩ මස් හා මී පැණිද, නගර බද හා ගම්බද මිනිසුන් ගේ ආහාරයට ඇතුළත් විශේෂ ආහාර විය. ”  (ආචාර්ය නන්දදේව විජේසේකර*  
උත්සවය ශාර කර ගැනීමට වනිතා දෑත් සෑම අතින්ම දායක වන ආකාරය අප අධ්‍යයනයට ලක්විය යුතු වන්න් තත්කාලයේ භීෂණයට සහ අසාධාරණයට වැඩියෙන්ම ලක්වනුයේ ඇයම නිසාය. අස්වනු සරුසාරවී ගමේ හැම නිවසක්ම බත බුලතින් පිරී යත්දී එහි අගය වැඩි කරන්නට සෞන්දර්යාත්මකවද ඇය මැදිහත් වෙයි. එදා අපේ ගැමියන් එකතුවී රබන් වාදනය කළේ බක්මහ උළෙල පිළිබඳ උද්දාමයකින් මය. එය අත් රබාන හෝ විරුදු රබාන නොව විශාල ප‍්‍රමාණයේ රබානකි. එ් සම්ප‍්‍රදාය ගරු කරමින් අද ද කවර බක්මහ උළෙලක දී වුවද රබාන් වැයීම සුළුවෙන් හෝ දැකිය හැකිය. පත්තිනි දේවියගේ ක‍්‍රීඩාවක් වශයෙන් ඔන්චිල්ලා පැදීමද අවුරුදු සමය මූර්තිමත් කරන්නකි, ළමා, වැඩිහිටි භේදයකින් තොරව නිදහස්ව  සිදු කරන මේ ක‍්‍රීඩාවද හිරුගේ ගමන මූර්තිමත් කරන්නක් වශයෙන්ද අදහසකි. නිදහසේ ක‍්‍රීඩාවන්හි යෙදීමට අවසර ලැබෙන අලුත් අවුරුදු සමයේදී, තරුණ තරුණියන් ගෘහස්තව හා එළිමහනේ පමණක් නොව තම මිතුරු මිතුරියන් ගේ නිවෙස්වලට පවා යාමට මෙකළ වැඩිහිටි අවසරය ලැබීම සුවිශේෂය. 
පදිනා ලෙස තරුණන්     ඔන්චිල්ලා
අදිනා වත තදකොට      ඇඳපල්ලා
පදිනාවැල් දෙක බුරුල  නොදෙල්ලා
සොඳිනා ගී කියමින් පැද     පල් ලා

අපේ ජන සමාජයෙහි පැවත එන ජන ක‍්‍රීඩා විවිධ දේව සංකල්ප හා මුසුව රාජ්‍ය අනුග‍්‍රහයෙන් පූර්ව යුගයේ සිට පෙරට පැමිණ ඇත. එහිදී පත්තිනි දේවියගේ දායකත්වය කැපී පෙනෙන බව කිව යුතුය. වත්මන් ජන ක‍්‍රීඩා විමසීමේදී ඉතා සුළු ප‍්‍රමාණයකට සීමා වුවද එ්ය අතීතයේ සියයකට අධික වන බවට ලේඛන ගත සාක්ෂි වෙයි. කාන්තාවන් එක්ව ගායනය සහ නර්තනය උපයෝගී කර ගනිමින් ලාලිත්‍යමය ස්වරූපයෙන් ඉදිරිපත් කරන ක‍්‍රීඩා අතර, ඔළිඳ කෙළිය, එළුවන් කෙළිය, මී කැඞීම, මේවර කෙළිය,පංච දැමීම, ඔංචිලිවාරම්, ස්වර්ණමාලය, විරිදු තාල, කවි කෙළිය, ඔත්තෙ ඉරට්ටෙ ගැහීම, නෙරෙංචි කෙළිය, රබන් කෙළිය, දිය කෙළිය, බඹර කෙළිය, පනා හැංගීම ආදී වශයෙන් ක‍්‍රීඩා රැුසක් ප‍්‍රකට කරයි. 
ලක්දිව පැරණි රජ දවස ජාතික උත්සව පැවැත්වූ බව යටත්විජිත ලේඛනවල පවා සටහන්ව ඇත. මහනුවර යුගයේ වාර්ෂිකව ජාතික උත්සව සතරක් පවත්වා ඇත. ඉන් පළමුවැන්න අවුරුදු මංගල්ලේ හෙවත් අලූත් අවුරුද්ද පිළිබඳ උත්සවයයි, දෙවැන්න විෂ්ණු දෙවියන් ප‍්‍රමුඛ දෙවියන්ට ගෞරව පිණිස පැවැත්වුණු උත්සවයයි. තෙවැන්න රාජ්‍යයේ ශ‍්‍රී සමෘද්ධිය උදෙසා පවත්වන, කාර්ති මංගල්‍යය හෙවත් නැකත පිළිබඳ උත්සවයයි. සතර වැන්න අලූත් සහල් මංගල්ලේ, ශස්‍ය කපා අස්වැන්න රැුස් කර ගැනීම අවසාන කිරීමට ගෞරව වශයෙන් පවත්වන්නකි. (ජෝන් ඬේව් 1790 - 1868 * අපේ‍්‍රල් මාසයේ එළඹෙන සිංහල අලූත් අවුරුදු සංක‍්‍රාන්තිය පිළිබඳ පණිවුඩය, රජතුමා සිය නිලමේ වරුන් පිරිවරා සිංහාසනාරූඩව විරාජමානව සිටිද්දී කොඩිතුවක්කු හඬ මඟින් රට වැසියන් වෙත ප‍්‍රකාශයට පත් කරන ලදී. එකළ, අවුරුදු මංගල්‍යයේ සමහර කටයුතු ඉටු කිරීම රාජ්‍ය වෙද්‍යයන් හා දෛවඥයින් ට අනුව සිදුව ඇත. වනෞෂධ යුෂ යොදා කුඩා මුට්ටි දහසක් නාථ දේවාලයේදී පිළියෙළ කිරීම පිළිබඳ කටයුතු පරිපාලනය වෛද්‍ය අංශයට පැවරුණ අතර, මනාව වසා මුද්‍රා තබන ලද මුට්ටි මාලිගාවට සහ විහාර දේවාල වලට මහ පෙරහරින් යැවිය යුතු විය. දෛවඥයින් ගේ රාජකාරිය වූයේ අලූත් අවුරුද්ද පටන් ගන්නා දිනය හා නියම මොහොතත් ඖෂධ යුෂය භාවිතා කොට හිස් සෝදා නෑමට සුදුසු නැකත, ආහාර අනුභවයට සුදුසු නැකත, වැඩ ඇල්ලීමට සුදුසු නැකත, නෑමට සුදුසු නැකත සහ රජුට තෑගිබෝග පිරිනැමීමට සුදුසු නැකත ඇතුළත් නැකත් වට්ටෝරුවක් සකස් කිරීම බව ඉතිහාස සටහන්වල වෙයි.
පැරණි සිංහලයන්ගේ කෙළිසෙල්ලම් ගැන අධ්‍යයනයක් කළ හෙන්රි පාකර් එය අංශ තුනක් යටතේ වෙන්කොට දක්වයි. එනම් ගෘහ ක‍්‍රීඩා. එළිමහන් ක‍්‍රීඩා හා ආගමික ක‍්‍රීඩා වශයෙනි. තවද. රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවෙහි සිදු කළ දෙසුමක සටහනක සිංහලයන්ගේ කෙළිසෙල්ලම් වර්ග හතරක් වශයෙන් වෙන්කර පෙන්වා ඇත. කෙසේ වුවද අද වන විට බොහොමයක් ක‍්‍රීඩා වියැකී ගොස් ඇති බව නම් සත්‍යයකි. ටී. බී. අරංගල සූරීන්ට අනුව මෑත කාලයේ අසන්නට දකින්නට නොලැබෙන ක‍්‍රීඩා කිහිපයක් අපට පෙන්වා දී ඇත, ඇඹරුන් කෙළිය, ගල් කෙළිය, පොල්කුර කෙළිය, හත් දිවියන් කෙළිය, දෙමළ දිවියන් කෙළිය, දිවියන් කෙළිය, හේවාකම් කෙළිය, පෙරළි කොටුව, කොටි කෙළිය, පුහුල් මුතු, වලක් පුස්ස, කොටු බැන්දුම, දර මුතු, පල්ලන්කුලි, චෝරු, මනාල, චතුරංග, පාඩා කෙළිය, ආඬි කෙළිය, පාවිස්, මඟුල් පරක්කුව සහ අරසදි කෙළිය, ආදී ක‍්‍රීඩා රැුසක් සිංහල ජන ක‍්‍රීඩා අතර පැවති බව ජන කවි සහ ජන ක‍්‍රීඩා කෘතියෙන් පෙන්වා දී ඇත.  
ඇතැම් ක‍්‍රීඩාවන්හි ක‍්‍රීඩා භාණ්ඩ පවා දෙවියන්ට කැප කරමින් සිය ක‍්‍රීඩාවට ද දෙවියන් හවුල් කර ගනී. අංකෙළියට පෙර සූදානමක්, 
නොයවා වැඩියයි මල් ආසනය ට
සෙල්ලන් සිරිකත පිහිටයි අපහ ට
පේකර අංතිබ්බා ඔබෙ නාමෙ  ට
මල්පත්තිනි වඩියයි අං කෙළිය ට 
අතීතයේ සමගිය මිත‍්‍රත්වය සහ සහයෝගය වැනි තිළිණ ජයග‍්‍රහණය කර ගත් ජන සමාජයක් පැවතුණි ද, අද වන විට එය මුදල් සහ ද්‍රව්‍යමය ත්‍යාග අපේක්ෂාවෙන් සිදු කෙරෙන බව පෙනෙයි. 
සූර්ය සංක‍්‍රාන්ති මංගල්‍යය නාමයෙන් පවත්වනු ලබන සිංහල අවුරුදු සැණකෙළිය පුරාණ හා නව මංගල්‍ය ලක්ෂණ එකට එක්වී පවතින අවදියකි මේ. පවත්නා සෑම අංගයකම පාහේ ඓතිහාසික ඡුායා මාත‍්‍රයක් සටහන්ව පවතී. ඇතැම් අංග වර්තමානයෙහි ලා සලකමින් ඓතිහාසික අංග නිග‍්‍රහයට ලක් කිරීම නොකළ යුතු දෙයක්  වෙයි.  
හින්¥න් විසින් පවත්වාගෙන ගිය උත්සව හා විවිධ චාරිත‍්‍ර විධි ලාංකීය ජන සමාජයටද විවිධ අයුරින් අනුකරණය වී ඇත. ප‍්‍රකට හින්දු උත්සවයක් වන ගිරග්ග සමජ්ජයෙහි අනුකරණයක් වශයෙන් ගිරිභණ්ඩ පූජාව ගත හැකිය. මෙම අනුකරණාත්මක උත්සවය ක‍්‍රි. ව. 9 ත් 21 ත් අතර කාලයේ වූ මහාදාඨික මහානාග රජු විසින් උත්සවශ‍්‍රීයෙන් අනුරාධපුර යුගයේ පවත්වා ඇති බව ‘දීඝ නිකායෙහිත්’, ‘දම්පියා අටුවා ගැටපදයෙහි සඳහන් වෙයි. මේ කරුණු ඇසුරින් භක්තිය සහ ශ‍්‍රද්ධාව වඩාත් ගැඹුරින් ජනහදවත් තුළ රෝපණය කරවන දේව ඇදහිලි පිළිබඳ මෙරට සමාජයට භාරතීය බලපෑම පිළිබඳ විමසීමේදී ක‍්‍රි. ව. 112 සහ 134 අතර කාලයේ ගජබා රජ කේරළයේ පත්තිනි ඇදහීම ලක්දිව ගෙන එන පුවත සඳහන් කළ හැකි කරුණකි. සියලූ සත්වයින් වෙත මෛත‍්‍රී සහගතව කරුණාව හා දයාව දැක්වීමේ අගය බුදුන් වහන්සේ ලෝවැස්සන් වෙත පෙන්වා දෙද්දී තත්ත්කාලීන භාරතීය සමාජ තැත වෙනස් විය. මාතෘකා ගත කරුණට අදාළව වනිතාව ඉතා විශාල සමාජ කාර්ය භාරයක නියැලෙන අතර, ඇගේ සමාජ මෙහෙවර පිළිබඳ වටිනාකම ප‍්‍රත්‍යක්ෂ නොකෙරුණි. භාරතීය සංස්කෘතියෙහි (බුදුසමයට පෙර* ඇය ඉතා පහත් නීච තත්ත්වයට ඇද දමා තිබීම, පත්ති’නි දේවිය වැනි චරිත සමාජ ගත වීමත් සමඟ හින්දු සමාජයෙහි ද ඇයට නිසි තැන ලැබෙන්නට විය. එහිදී බුදුසමය සිදු කළ මෙහෙවර අපමණය. පත්තිනි ඇදහිල්ල ලක්දිවට පැමිණීමේ පුවත ගජබා රජුගේ කේරළ ගමනින් ප‍්‍රකට කරයි. එනම් නීල මහ යෝධයාද කැටුව කේරළයට ගොස් යුධ වැද ලංකා සිරකරුවන් ෙදාලොස් දහසක් මුදා ගෙන ආපසු එන ගමනේදී ගජබා රජු පත්තිනි සලඹ ද ගෙන එ්මේ සිද්ධිය ය. සීලප්පදිකාරම් කෘතියට අනුව ‘කෝවාලන් කුමරුගේ භාර්යාව වූ කණ්ණගී කුමරිය ‘පත්තිනි’ නමින් දේවාරූඩ කිරීමේ උත්සවයට සහභාගි වීමට කේරළ රජුගෙන් ලද සුහද ආරාධනයක් අනුව ගජබා රජු එහි ගිය බවත්, පත්තිනි දේවියගේ ඉතා ආදර්ශවත් ජීවිත පුරාවෘත්තය පිළිබඳ පැහැදුනු රජු එම ඇදහීමේ ක‍්‍රමය මෙරට ප‍්‍රචලිත කිරීමේ අදහසින් සලඹ ගෙන ආ බවත් ය. ස්ත‍්‍රිය දේවත්වයෙන් පුදනු ලැබූ දකුණු ඉන්දියානු ඇදහීමේ ක‍්‍රමය මෙරට මුල් බැස ගැනීමට එයින් ඉඩ ලැබෙන අතර එක් දෙවඟනකින් නතර නොවී සත්පත්තිනි දිව්‍යාංගනාවන් ගෙන් මෙරට ජන සමාජය පෝෂණය වීමත් පතිවෘත්තාව හා එහි බලය පිළිබඳ මෙන්ම ලක්දිව යාග සම්ප‍්‍රදාය ඇති කිරීමටත් හේතු විය. කාමය දේවත්වයට ආරෝපණය කොට භාරතීය සමාජයේ පැවැත්වූ පුද පූජාවල අනුකරණයක් සිදුවීම වෙනුවට, ආදර්ශවත් වනිතාවගේ පති භක්තිය දේවත්වයෙහි ලා පිදීමක් වශයෙන් පත්තිනි ඇදහීම මෙරට සමාජ ගත විය. ආයුරාරෝග්‍ය සම්පත්ති ලබා දෙන පංතිස් නානුමුර කාව්‍ය පොදු ජනයාට ශක්තිය ධෛර්ය වඩයි.


රන් දුන්නට දේ දුන්නට කරපු      නානුමුර
රන් සළඹට මිණිසළඹට කරපු      නානුමුර
සක්වල සැම දෙවි සිටගෙන කරපු නානුමුර
පිරිපත සැම දෝස හරින් දේව     නානුමුර

මුලින් සඳහන් කළ ප‍්‍රකට ජනක‍්‍රීඩා බොහොමයක භාර කාරිණිය වශයෙන් එ් සෑම ක‍්‍රීඩාවකම ආරම්භයේදී මෙම පත්තිනි දේවිය සිහිපත් කිරීම, පින් පෙත් දීම විශේෂ ලක්ෂණයකි. මේ උත්සව සමයෙහිදී සියලූ ප‍්‍රීති ප‍්‍රමෝදයන් සහිත වටිනාකම් සමාජ ගත කරවන මේ ජාතික ව්‍යායාමයෙහි විශාල පංගුවක් හෙළ වනිතාවටද හිමි විය යුතු බව අපි මේ මොහොතේ සිහිපත් කරමු. 
යමකුගේ වස්තුව කෙරෙහි ජයග‍්‍රාහී දාදුව ලොල් වූයේ ද, අන්‍යයෝ ඔහුගේ බිරිඳආලිංගනය කරත්, පියාත් මවත්, සහෝදරයෝත් ඔහුට ”අපි නොහඳුනමු, ණයෙන් බැඳුණු ඔහු එළවා දමවු” යි කියත් (සෘග් වේදය ංග34, 4*

               
සුනිල් කුමාරසිංහ අතුකෝරල
්එයමනදර්ක්128?ටප්සකගජදප

ආශ‍්‍රීය ග‍්‍රන්ථ 
අසිරිමත් ඉන්දියාව, භෂාම් 
එදා හෙළදිව, පරිවර්තනය, ඬේවිඞ් කරුණාරත්න
සම්භාව්‍ය සිංහල කාව්‍යයේ විකාශනය, මහාචාර්ය සුචරිත ගම්ලත්
ලංකාව ගැන වර්ණනාවක්, පරිවර්තනය, නිස්සංක පෙරේරා
සූර්ය මංගල්ලේ 2015 විශේෂාංගය,  
සෘග්වේද ගීතාවලී, නාරාවිල පැටි‍්‍රික් 

No comments:

Post a Comment