Saturday, October 4, 2014

ජනාවාසකරණය,සංස්කෘතිය හා සන්නිවේදනය කෘතිය පිටවුණා
2014.09.13
ජාතික පුස්තකාල හා ප්‍රෙල්ඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී
එදින පැමිණි සහ ශුභ පැතුම් එවන ලද සැමටම ස්තුතියි.




 ජනාවාසකරණය, සංස්කෘතිය හා සන්නිවේදනය

ජාතික පුස්තකාල හා ප්ර ලේඛන සේවා මණ්ඩල ශ්රලවණාගාරයේදී  2014ග09ග13 දා දොරට වඩින ලද    ර්‍ණජනාවාසකරණය, සංස්කෘතිය හා සන්නිවේදනය” කෘතිය සමාජ සංස්කෘතියේ අංශ ගණනාවක් පිළිබ`දව ශාස්ත‍්‍රීය, විද්‍යාත්මක මුලාශ‍්‍ර පාදක කොට ගනිමින් ලියවුණු උසස් ගණයේ කෘතියකි. 
අපේ ඉතිහාසය වියැකි යන සමාජයක ඉතිහාසය යළි ගොඩන`ගා ගැනීමට දරනු ලබන උත්සාහයක ප‍්‍රතිඵලයක් ලෙස ද මෙම කෘතිය හැඳින්විය හැකිය.
මෙම ග‍්‍රන්ථය පරිච්ජේද දහ නවයකින් සමන්විතය. එහි පළමු හා දෙවන පරිච්ජේදයන් තුළින් ලක්දිව ජනාවාස ව්‍යාප්තිය හා ජනාවාසකරණ පිළිබ`ද වැදගත් සාක්ෂි රැුසක් හෙළි කරයි.
දෙවන පරිච්ජේදයෙන් කුල ක‍්‍රමය හා සමාජ ස්ථරායනය අනුව සංවිධානය වී ඇති සමාජය වර්තමානය වන විට වෙනස් වෙමින් පවතින ආකාරය ඉතාමත් සියුම් ආකාරයෙන් ආගමික නැඹුරුවකට අනුව විස්තර කිරීම ලේඛකයා සතු ඉමහත් දක්ෂතාවයකි. 
මී ළ`ගට සිංහල භාෂාවේ සම්භාවය හා ප‍්‍රවර්ධනය පිළිබ`දව විස්තර කිරීම නුතන පරපුරේ අවබෝධයට මහත් පිටුවහලක් සපයයි.
ප‍්‍රාග් ඵෙතිහාසික යුගයේ සිට ගෝත‍්‍රික සිරිත් සම`ග ඉදිරියට පැමිණි ශ‍්‍රී ලංකාවේ වැදි ජනයා පිළිබ`දව මානව වංශ ලේඛනකරණයේ යෙදෙන ලේඛකයා ආදි වාසින් පිළිබ`ද මනා විග‍්‍රහයක් සිදු කරනු ලබයි. ඒ ස`දහා කින්නර, අහිකුණ්ඨික හා රොඩි ජන කොටස් පිළිබ`දව මනා විග‍්‍රහයක යෙදෙයි.
විවාහය, පවුල, සමාජය හා සංස්කෘතික විසරණයක යෙදෙන ලේඛකයා ඒ හා බැ`දුණු සිරිත් විරිත්, පවුල් සංස්ථාවේ ඇති වැදගත්කමත්, සමාජයේ පැවැත්මට පවුලෙන් ලැබෙන දායකත්වයත් මැනවින් විග‍්‍රහ කරයි.
 ර්‍ණපුරාතන කාන්තාවන් හා සමාජය” යන ශීර්ෂය යටතේ ලේඛකයා සමාජයට ලබා දීමට උත්සාහ කරන්නේ කාන්තාවට හිමි තත්ත්වය වෙනස් වෙමින්, වර්තමාන තත්ත්වයට පැමිණ ඇති ආකාරයත්, ඉපැරණි සාහිත්‍ය පදනම් කරගෙන විවිධ පුරාවෘත්ත ම`ගින් මනාව පැහැදිලි කරයි.
සංස්කෘතිය පිළිබ`දව වැඩි අවධානයක් යොමු කරන මෙම කෘතිය බුදු පිළිමයේ ආරම්භය හා විකාශනය මානව සංස්කෘතියෙහි ඉපැරණි ලක්ෂණ පිළිබිඹු කරන බලි පුජා හා බිලි පුජා පිළිබ`දව විග‍්‍රහ කිරීම  තුළින් මානව ආධ්‍යාත්මය පුබුදු කරන්නේ මීට වසර සිය ගණනක පෙර බව ප‍්‍රත්‍යක්ෂ කරයි. 
සන්නිවේදනය පිළිබ`දව විග‍්‍රහ කිරීමේදි ලේඛකයා ඉන්දියාවේ ආභාෂය ලැබු ශ‍්‍රී ලාංකික කලා නිර්මාණ ම`ගින් හෙළිවන සන්නිවේදනය පිළිබ`දව විග‍්‍රහ  කිරීමට සාංචි තොරණයේ හෙළිවන සන්නිවේදන ලක්ෂණ පිළිබ`දව විවරණයක යෙදීම ඉතාම අගනේය.
එමෙන්ම මානව ප‍්‍රගමනයට තුඩු දුන් බෞද්ධ චින්තනය, දේශපාලන සන්නිවේදනය වෙනුවෙන් බිහිවු දකුණු ඉන්දීය සිනමාව ආදී ලිපි ම`ගින් පෙරදිග සමාජය තුළ පැවති සිනමාව තුළින් සන්නිවේදනය පුද්ගල පෞරුෂත්වයට බලපා ඇති අන්දම විග‍්‍රහයක යෙදේ.
එමෙන්ම හැට හතර (64* වසරක සිංහල සිනමා පුරාණය ම`ගින් වාණිජවාදය සහ කලාවේ ගැටුමට මැදිව සිටින නිර්මාණකරුවාත්, දේශිය සිනමා කලාව පිළිබ`දවත් කතිකාවතක යෙදීම තුළින් ලේඛකයා සන්නිවේදනය මිනිසාගේ ජිවිතය වෙනස් කිරීමට බලපාන ආකාරය විදහා දක්වයි.
ජාතක පොතින් ආභාෂය ලැබු සිංහල සාහිත්‍යයේ ගමන් ම`ග විස්තර කරන ලේඛකයා විවිධ පැතිකඩ ඔස්සේ ලාංකික ජන ජිවිතයේ මානව විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක හා සංස්කෘතික ලක්ෂණ පිළිබ`දව විවරණයක යෙදෙයි,
මේ ආකාරයට සුනිල් කුමාරසිංහ අතුකෝරල ලේඛකයා, විසින් රචිත පුවත් පත් වලට සැපයු ලිපි එකතුවෙන් නිර්මාණය වු ජනාවාසකරණය, සංස්කෘතිය හා සන්නිවේදනය නැමති මෙම ග‍්‍රන්ථය මානව විද්‍යාව, සමාජ විද්‍යාව, ඉතිහාසය, සිංහල, දේශපාලන විද්‍යාව විද්‍යාර්ථීන්ටල ගුරුවරුන්ට දේශකවරුන්ට ශ‍්‍රී ලාංකික සමාජය පිළිබ`ද හැදැරීමේදි මහ`ගු පිටුවහලක් වනු ඇත.
අවසාන වශයෙන් කුමාරසිංහ අතුකෝරල ලේඛකයන්ගේ මේ ප‍්‍රයත්නය ඉමහත් පැසසුමට ලක් කරන අතර අශාස්ත්රීරයත්වය පිටු දැකිමටත්ල ගිලිහි ගිය කතිකාව නැවත ආරම්භ කිරීමටත් මෙම කෘතිය සපයන පිටුබලය අප්ර්මාණ වෙයිග  

ෂාමිණි අත්තනායක,
අධ්‍යක්ෂ (පර්යේෂණ හා ප‍්‍රකාශන*,
ජාතික සමාජ සංවර්ධන ආයතනය.


No comments:

Post a Comment