Monday, August 19, 2013




ඇවිල්ල, ඇවිල්ලා, ‘සිංහල  අවුරුද්ද’ ඇවිල්ලා 




අවුරුද්ද යනු ‘වෙසෙසි දවස’ යි, ‘වර’ යනු සිංහලයෙහි දවසට නමකි, ‘බර’ ම බරතු - බුරුතු වන්නාසේ ‘වර’ම ‘වරතු’ වුරුදු බවට හැරෙයි. ‘වර’ ස්වාර්ථ තද්ධිත ‘ත’ ප‍්‍රත්‍ය ගැන්මෙන් ‘වරතු’ වී පරස්වර සාම්‍යයෙන් ‘වුරුතු’ වීමෙනි. ‘වෙසෙසි’ අරුත්හි ‘අ’ උපසර්ගය ගැන්මෙන් එය අවුරුතු බවටත් ඝෝෂාදේශයෙන්  තු - දු බවටත් හැරී ගොස් ‘අවුරුදු’ බවට පත්වෙයි.  ( අරිසෙන් අහුබුදු *
 ආගම සමග ජාතිත්වය බැඳී ඇති අඛන්ඩ සබඳතාව මැනවින් ප‍්‍රකට කරන  බක් මාසය හෙවත් අපේ‍්‍රල් මාසයෙහි දී, මෙම උත්සවය අප පමණක් නොව ඇතැම් ආසියාතික ප‍්‍රජාවන්ගේ ද පිළිගැනීමට ලක්ව ඇති බව සඳහන් කළ යුතුය. රාශි ගතව සමාජ මෙහෙවරකට ප‍්‍රජාව යොමු කරන සූර්යයා හා බැඳෙන මෙම සිරිත් පිළිබඳව මහාචාර්ය තිස්ස කාරියවසම් ශූරීන් පෙන්වා දෙන්නේ,
මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය වන සූර්යයා ඇත්තටම සිදු කරන්නේ කුමක්ද, මීන යනු දෙමළෙන් මාළුවාය මේෂ යනු පුෂ්ටිමත් එළුවාය. මත්ස්‍යාගෙන් එළුවාට වන මෙම සංක‍්‍රමණය කිම. මීනය ගෙවී යන්නේ නිවසක ලිපෙහි අවසාන ගිනි දැල්ල නිවී යාමත් සමගය. අනතුරුව ලැබෙන පුණ්‍ය කාලය හෙවත් නොනගතය කාලය කිසිදු වැඩක පලක නොයෙදෙන ලිපි ගිනි නොමලවන, කිසිදු ගනු දෙනුවක් නොකරන සමය යි. මෙහි වැරදි අර්ථකථනයක් දැන් ව්‍යවහාරයේ පවතීයි. එනම් නැකතක් නැති අවස්ථාව නොනගතය නම් වන බවයි. මෙය ජ්‍යොතිෂය ගැන අවබෝධයක් නොමැතිව කරන මිත්‍යා ප‍්‍රකාශයකි. නැකත් නැතැයි කියන කතාව අර්ථ විරහිතය. මෙම පුණ්‍ය කාලය මහජනයා ගත කරන්නේ, පන්සල් යමින් වෙහෙර විහාර වඳිමින් බණ අසමින් සංඝයා වහන්සේට නමස්කාර කරමින් ආගමික වතාවත්වල යෙදෙමිනි. නැවත සූර්යයා මේෂ රාශියට සම්ප‍්‍රාප්ත වීමත් සමගම ලිප ගිනි දල්වා වැඩ අල්ලා ගනු දෙනු කිරීම් කරති. ලිප ගිනි මෙලවීම වන්නේ, නිවා තිබුණ ලිපෙහිම හෝ අළුතින් තනා ගත් ලිපක හෝ විය හැකිය. එහෙත් මෙහි විශේෂත්වය නම් අළුත් වස්ත‍්‍රාභරණයෙන් සැරසීමයි. එ් එ් වර්ෂයෙහි ඇඳිය යුතු වර්ෂවල වර්ණය ද නියම කර ඇත. මෙම කාලය තුළ කෙරෙන තවත් දේ අතර, ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීමත්, සඳ බැලීමත්, නානු ගා නෑමත් වෙයි.” මෙම සංසිද්ධි සමගින් මිනිසා නව පරිච්ෙඡ්දයක් අරඹන ආකාරයත් මනාව ප‍්‍රකට වන බව කිව යුතුය.         

 සිරිත් විරිත් පිළිබඳව සමාජ අවධානය ලක්ව ඇති යුගයක් මෙතරම් ඉතිහාසයේ දී අපට හමු නොවන තරම්ය. වර්තමානයේ, සිරිත් විරිත් පිළිබඳ කරන සාකච්ඡුාවක දී අපේ ඓතිහාසික තත්ත්වයන් පිළිබඳව අපට කිසිසේත් අමතක කළ නොහැක. ශ‍්‍රී ලංකාව ජනාවාස වීමේ ඓතිහාසික කාරණාවන් විමසන පුරා හා මානව විද්‍යාඥයින් ගේ පර්යේෂණයන් අනුවත්, වංශ කථා සහ පුරාවෘත අනුවත් අපේ රටට යාබද රට වන, භාරතීය සංස්කෘතියේ ආභාෂය ලැබුණ බව සත්‍ය කරුණකි. තත් යුගයේ පැවති භාරතීය වෛදික සංස්කෘතිය, අපේ ආදි වැසියන් ගේ සිරිත් විරිත් සහ බෞද්ධ සිරිත් විරිත් සමග පසු කාලයේ එන ද‍්‍රවිඩ සංස්කෘතියේ බලපෑමත්, පෘතුගීසි, ලන්දේසි හා ඉංග‍්‍රීසීන් ආදී ජනාගමනයේ බලපෑමත් අපේ සංස්කෘතිය කෙරෙහි යම් යම් වෙනස් කම් වගේම නව එකතු කිරිම් හා බැහැර කිරීම් වලට බලපා ඇති බව කිවයුතුය.
සෑම වසරකම එළඹෙන දුරුතු, බක්, වෙසක්, පොසොන්, උඳුවප් වැනි සිංහල මාස සමග සිංහල බෞදධ ජනයා ගේ විශේෂ වූ බැඳීම් ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. එයින් මාතෘකා ගත කරුණට අනුව බක් මාසය එළඹෙත් දී, පරිසරය සොබාදහම මගින් ඔපවත් කරමින් කොවුල් නදින් දෙසවන් හා එ් ප’වුඩය සමීප කරන්නට සමත් වෙයි.
සෑම නිවෙසක්ම හා හාත්පස පරිසරයන් ශුද්ධ පවිත‍්‍ර කර නව වසර පිළිගැනීමට සූදානම් වීම ලක් වාසී බෞද්ධ හා හින්දු ජනයා ගේ සිරිතය. මේ කාලසීමාව වනවිට අස්වනු ගෙට ගන්නා ගොවියාට ද මද විවේක කාලයකි. හිරු ද තම රශ්මි ධාරා ලක් පොළොවට සිරස්ව මුදා හරිමින් උණුසුම ද සැපයීමට අමතක නොකරයි.
ශුභ මුහුර්තීන් හා ජීවන ක‍්‍රියාවන් සම්බන්ධ කරන වෙනත් උත්සවයක් නැති තරම් වූ සිංහල අලූත් අවුරුද්ද හින්දු සිරිත් විරිත් සමග ද සබඳ තා පවත්වමින් ලක්වාසීන් ගේ ජන ජීවිතයට නව අරුතක් සම්පාදනය කිරීමට සමත්ව ඇති බව අමතක කළ නොහැක.
නව සඳ බැලීමෙන් පටන් ගෙන, ස්නානය, වැඩ අත් හැරීම, ගිනි මෙළවීම, කෑම පිසීම, ආහාර අනුභවය, වැඩ ඇල්ලීම, ගනු දෙනු කිරීම, හිස තෙල් ගෑම, නව වසරේ රැුකියාව සඳහා පිටත්වීම ආදී විශේෂ කාරණාවලින් අප දැනුවත් කරන්නේ පාරම්පරික සිරිත් රැුසක පරමාදර්ශ සමගය.
මේ වාසනාව උදා කරන මොහොතේ විහාරවල ඝණ්ඨා නාදය පැතිර යද්දී අලූත් ඇඳුමින් සැරසී ජ්‍යොතිශඥයින් පෙන්වා දී ඇති පරිදි ශුභ වර්ණයෙන් සැරසී අනිකුත් කර්තව්‍යයන්හි යෙදෙමින් අලූත් අවුරුද්ද සතුටින් භාරගත් බව පසක් කරනු ලබයි.
සිංහල අවුරුද්ද මුල් කර ගනිමින් ක‍්‍රීඩා අංග රාශියක් ඉපිද ඇත. එනම් කට්ටි පැනීම, ඉරි පැනීම, චක්ගුඩු පැනීම, එල්ලේ ගැසීම, කඹ ඇදීම, පොරපොල් කෙළිය, අං කෙළිය, මේවර කෙළිය, ඔළිඳ කෙළිය, ඔංචිලි සෙල්ලම ආදී වශයෙන් වූ අතර වර්තමානයේ මේවා ගැමි සමාජයෙන් බැහැර වීමෙන් සමාජ එ්කාබද්ධතාවය කැඞී බිඳී ඇති ගොස් ඇති බව ද සඳහන් කළ යුතුය.
හින්දු චරිත‍්‍ර විධි අධ්‍යයනයට ලක් කළ ඇතැම් විද්වත්හු එය සිංහල සිරිත් හෙවත් චාරිත‍්‍ර හා සළකා බැලිමේ දී පරස්පර තාවයකින් යුතු බවට කරුණු හෙළි කළෝය. සිංහල සමාජයේ කෘෂිකාර්මික ජන ජීවිතය හා බැඳුන සිරිත් හා ආගමික චර්යාවන් සමාජයක ඉදිරි ගමනට දායකත්වයක් ලබා දෙන පරමාදර්ශ රැුසක් ඉන් සමාජ ගතවන බව එ් වෙනසයි.
මෙලෙස පෙරට ආ සිංහල අවුරුද්ද යටත් විජිත පාලන සමයෙන් පසු සිංහල දෙමළ කරනු ලැබූ බවට කරුණු දැක් වුව ද, කුමන සමාජයක වුව ද, වාර්ගිකත්වයකින් තොරව ජීවත් වෙන සමූහය සමසේ ප‍්‍රීති ප‍්‍රමෝදය විඳින්නට තරම් එකමුතු වන්නේ නම් එ් සමාජයට දියුණු වන්නට මෙන්ම දිගු ගමනක් යා හැකි බව ද, සත්‍යයකි.
සුනිල් කුමාරසිංහ අතුකෝරල

No comments:

Post a Comment