Wednesday, June 3, 2015

’‘සිනහව අතරින්’’චිත‍්‍රපටය මනසට සම්භාහනයක්.














ප‍්‍රංශ ජාතික රිචඞ් සහ කුමාරිගේ කුටුම්භයට තුන් වැන්නෙකු ලෙස ප‍්‍රවිශ්ට වන විමල් වික‍්‍රමසිංහ, යන චරිත ත‍්‍රිත්වය වටා ගෙතී ඇති මෙම වෘත්තාන්තය තුළින්, දුක, වේදනාව, සතුට, ප‍්‍රහර්ශය, සෞන්ධර්ය, ආදී හැඟීම්, වටිනාකම් හා අත්හැරීම පේ‍්‍රක්ෂක මනසේ ගැඹුරින් ජනිත කරවමින් පශ්චාත්කාලීන ලිබරල් සංස්කෘතිය පිළිබඳ සමාජ චිත‍්‍රයක් ද, නිරූපණය කරයි.

විවාහ දිවියෙන් අපේක්ෂිත මාතෘත්වය නොලැබීමේ ගැටලූව මුල් කර ගෙන කුමාරි සිය ප‍්‍රංශ ජාතික සැමියා (රිචඞ්* සමග ගැටීම ඇරඹෙනුයේ දිගින් දිගටම සිදුවන බලාපොරොත්තු කඩවීම නිසා ය. විවාහ දිවියේ ප‍්‍රහර්ශය අත්විඳීමේ අවස්ථාව ගිලිහීම හා ඇගේ පති දම සිඳී බිඳී යාමට අවස්ථාව ඇති කරයි. ඒ සම්බන්ධයෙන් විමල් ගේ මැදිහත්වීම සාධාරණීය කරන්නට දරන ප‍්‍රයත්නය ද, සුළුපටු නැත. මන්ද ගැහැණියක වශයෙන් ඇගේ මානුෂීය ස්වභාවය හා උවමනාව ද, පිළිබිඹු කිරීම මතුපිටින් පමණක් නොව චරිතයේ ආධ්‍යාත්මය තුළින් ද පෙන්නුම් කිරීමට බලවත් උත්සාහයක් ගනී. මෙහි දී රිඩඞ් තම සුරූපී බිරිඳ ගේ අසම්මත බැඳීමට ලොකු විරෝධයක් පෙන්නුම් නොකිරීම තාත්විකත්වය ගිලිහී යාමක් ලෙස හැෙඟයි. එහෙත් මේ තුන්කොන් පේ‍්‍රමයේ එක් ඵළයක් වශයෙන් විමල්ට දාව බිහිවන දරුවා මිය ගිය බව විමල් වෙත දැන්වීම තුළින් රිචඞ්ට තම පෞරුෂය නගා ගැන්මට අවස්ථාවක් උදා වෙයි. මෙම වෘත්තාන්තය නිමා කරමින් පේ‍්‍රක්ෂකයා දාර්ශනික තලයකට මනසින් ගෙනයාමට දරන ප‍්‍රයත්නය අනෙක් ඵළය වෙයි.

චිත්ත වේග සංකල්පයේ දී ආසව, අනුසය, පපඤ්ච යන පෙළඹවීමේ මූලයන්වලට අනුව ආසවයන් හේතුකොට ගෙන පුද්ගල සන්තානයෙහි කාංසාව, නොසන්සුන් කම, නොරුස්සන බව ආදී චිත්තවේග පහළවන ආකාරය (ෑපදඑසදබ* කුමාරිගේ මෙන්ම විමල් ගේ චරිත නිරූපනයන් තුළින් මනාව විශද වෙයි.  

සිංහල සිනමාව තුළ බහුලව සාකච‘ඡුාකර ඇති තුන්කොන් පේ‍්‍රමය මෙහි ප‍්‍රකට කළ ද සිනමා කරුවා වෙනස් මානයන් ඔස්සේ පේ‍්‍රක්ෂක හමුවට සිය දෙවන ප‍්‍රයත්නය සමග පැමිණ ඇත. සමකාලීන සමාජීය සිදුවීම්වලට අනුව බුදු සමය සහ භික්ෂුව පිළිබඳ පවත්නා සමාජීය කතිකාවට පිලිතුරක් සපයමින් වෘත්තාන්තය තුළ ආගමික සුජාත භාවය ඖචිත්‍යය ට අනුව සංවේදී ව හා  ගැඹුරුතර විග‍්‍රහයකට බඳුන්කර ඇත. සාහිත්‍යකෘතියකින් ලබන ආශ්වාදය තුළින් සණත් ගුණතිලකයන් මෙහි තිර පිට පත ලියා ඇති අතර, මෙහි එන ප‍්‍රධාන චරිත තුන පේ‍්‍රක්ෂක මනස් තුළ සමීපරූප සිනමා රීතිය ඔස්සේ නිදන් ගත කරවීමට කැමරාව ගමන්කරවන රිද්මය මෙම චිත‍්‍රපටයේ සුවිශේෂී තත්ත්වයකි. යෞවන යෞවනියන්ගේ සොඳුරු පෙම් පුවත් සිනමාත්මකව බහුලව බිහිවන ලාංකීය සමාජය තුළ මැදිවියේ චරිත ත‍්‍රිත්වයක් ඔස්සේ පේ‍්‍රක්ෂක ආධ්‍යාත්මයට ධනාත්මකව යමක් එකතු කිරීමට ව්ඤ්ඤාන ධාරා රීතිය ඔස්සේ අනෙකා සැබැවින් දකින්නට පොළඹවන උත්සාහය ද පැසසුමට ලක් කළ යුතු ය.

සංස්කෘති දෙකක් මුසු වෘත්තාන්තයක් මෙන් දිස්වුව ද, ප‍්‍රංශ සමාජය පිළිබඳ ඉස්මතු කිරීමක් මෙහි දී, නොකෙරෙයි. ආසියානු දර්ශනයේ ගැඹුර සාකච්ඡුාවට නතු කරන ආකාරය මෙන්ම, අනුවේදනීය වෘත්තාන්තයක් ලෙස සිනමා පටය කැපීපෙනෙන බව නිරෝෂා විරාජනී ගේ සංගීතය සමග ඓන්ද්‍රීයව බැඳෙන රූප මාලාව ඉහත කී ගුණ සමුදාය පේ‍්‍රක්ෂක මනසට දනවන්නට සමත් වී ඇත.

විමල් වික‍්‍රමසිංහ විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙකු වශයෙන් නාගරික සංස්කෘතියට අනුගත ව විසුව ද, ගැමිසංස්කෘතිය, නිදහස් අධ්‍යාපනය, ආගම, නීතිය, සදාචාර සහ කුලාචාරයන් ගෙන් හික්මීම ලද අයෙකු වශයෙන් මෙන් ම, කුමාරිගේ චරිතයෙන් ද පෙන්නුම් කරන්නේ  නාගරික සංස්කෘතිය ඇය පසුව භාර ගත් බව ය. නූතන සමාජය බොහෝවිට අත්විඳින ධන බලය පෙන්වමින් කපටි කෛරාටික ආරක්ෂක මුවාවෙන්, මුලා කර අනෙකාගේ කුටුම්භයට ඇතුළුවී. බලහත් කාරයෙන් සිය ආධිපත්‍යය පතුරුවා ගන්නා නරි වෙනුවට කුමාරි විඳින අනුපමේය චිත්ත පීඩාව සමග අහඹු ලෙස ඈට හමු වන, විමල් ගේ අනුකම්පාවට ලක්වීම, කිතුලක් යට කිරි වීදුරුවක් පානය කළත් වපර ඇසින් දකින සමාජය දෝෂ විරහිත කරුණක් ලෙස නොසලකනු ඇත. එහෙත් විමල් සසුන් ගත වීම අගති විරහිත සදය අනුකම්පාව දිනා ගැනීමට හේතු වෙයි. මා දන්නා එක් තරුණියක් පේ‍්‍රමය ගැන කලකරීමකට පත්ව පැවිදි වී සිටියදී සිය පෙම්වතා එම අසපුවට ගොස් ප‍්‍රධාන මෙහෙණිය මුණ ගැසී කරුණු පහදා දීමෙන් එතැනින් මුදවා ගෙනවිත් පසුව විවාහ ගිවිස ගන්නා ලදී. සමස්ථය විමසුමට ලක් කිරීමේදී මෙම අත්විඳීම් සමකාලීන සමාජය තුළ පවත්නා මානව ජිවිත වල සැබෑ අද්දැකීම් සමුච්ඡුයක් වශයෙන් හªනා ගත හැකි වෙයි.

ජීවිතයේ සැබෑව නිරූපණය කරන්නට වෙහෙසෙන සාහිත්‍ය ධාරා අතර සිනමාවට හිමිවන්නේ, අද්විතීය තැනකි. කුමාරි සිය ස්ත‍්‍රි වර්ගයා වෙනුවෙන් හඬයි, වැලපෙයි,  සිනහසෙයි, කෝප ගනී, නින්දා විඳී, සැබැවින්ම මේ අත්විඳීම් මානව ජීවිතයේ ස්වභාවික උනුසුමින් ඈත්වී නොමැති ධර්මතා නොවේද. එහෙත් ඇය සිය අනන්‍යතාව ගොඩනගා ගැනීමෙ දීී සිනමාකරුවා ඇගේ අතීතය වසන් කිරීමත්, රිචඞ් සිය සුරූපී බිරිඳ පිළිබඳව පෙන්වන දෘෂ්ටිමය ස්වභාවයත්, දරුවෙකු පිළිසිඳි බවපැවසිමෙන් විමල් තුළ සිදුවන ව්‍යාකූල බව ත්. පේ‍්‍රක්ෂක මනසට ගැඹුරින් දන්වන්නට සමත්ව නොමැති වීම අසාර්ථක ලක්ෂන බව හැෙඟයි. එහෙත් ඇය තම චරිත නිරූපනය තුළින් පේ‍්‍රක්ෂකය මනස තුළ භාවමය කම්පනයක් ඇති කිරීමට ගන්නා උත්සාහයන් සාර්ථකත්වයක් පෙන්නුම් කරයි.

තුන්කොන්පේ‍්‍රමය, ඇසුරින් සාහිත්‍ය හා කලා නිර්මාණ බිහිකිරීම විවිධ සාහිත්‍ය ශානරයන් ඔස්සේ ගම හා නගරය ඇසුරු  කර ගෙන නිපදවී මේ කලාව දුරාතීතයට ගමන්කරන්නකි. කල්පිත නාගරික සංස්කෘතියක් දෘෂ්‍ය කරන ‘සිනහවඅතරින්’’ චිත‍්‍රපටය තුළ ප‍්‍රංශජාතික සැමියා සමග විවාහ ගිවිස සිටින කුමාරි සිය සංස්කෘතික අනන්‍යතාව රැුක ගැනීමට දරන තැත සමග ගැටීමෙන් ඇතිවන හිදැසට පිවිසෙන විමල් යන චරිත ත‍්‍රිත්වය විමසීමෙන් එක්තරා ආකාරයකට ව්‍යාජ ජීවිත ආඛ්‍යාන මය රූප මාලාවක් සමීප රූප සිනමා රීතිය ඔස්සේ සිනමාකරුවා පේ‍්‍රක්ෂකයිනට අපූර්වත්වටයන් ග‍්‍රහණය කරවයි.

නාගරික අසංතෘප්ත ජීවිතවල ජිවන ආඛ්‍යානයන් ඔස්සේ මෙහිදී (සිනමාකරුවා* ප‍්‍රකාශකරන්නේ කුමක් ද, මැදිවියේ සුරූපියකගේ පිරිපුන් ස්ත‍්‍රී ශරීරය අධිසුඛෝපභෝගී පිරිමි ෆැන්ටසිය මගින් ශාංගාරකරණය කරවන අතර, නාගරික මිනිසුන්ගේ සමාජ ආර්ථික ජීවිතයේ නිස්සාර බව පමණක් නොව ආසියානු දර්ශනයේ ගැඹුරු මනෝභාවයන්  මගින් මනස ශික්ෂිත කරවන්නට දරන තැතක් ද, සමගය.

පේ‍්‍රමය පිළිබඳ කියවෙන වෘත්තාන්තයක් වශයෙන් පෙන්නුම් කළත්, පශ්චාත් ලිබරල්වාදී සමාජ ජීවිතයේ නිදහස හා මානසික සුවය උදෙසා පන්සල් ඇසුරු කර ගත් ජීවිත තුළින්, පවත්නා සමාජ ගත හිදැස ආගමික නිෂ්ඨාවන් තුළින් පිරවෙන්නට හැරීම තුළින් තත්ත්කාලීන ජනප‍්‍රිය සංස්කෘතිය දෘෂ්ටි ගත කරන අතර, ඉහළ සුඛෝපභෝගී ජීවන ප‍්‍රවෘත්තිය තුළ දුෂ්කර මෙන්ම අඩු ලිංගික සබඳතාව ගමෙන් නගරයට සම්ප‍්‍රාප්ත කුටුම්භ යන්හි සුපුෂ්පිත ජීවිත, නාගරිකසමාජය තුළ මොනවට විදහා දක්වයි ද, එහෙත් මේ  කාරණය අපහමුවේ ගැඹුරු විවේචනයට ලක් වුවද, වෘත්තාන්තය තුළ එම සබඳ තා ගොඩනගන්නට ලොකු වෙහෙසක් නොගැනීම ඇගේ ස්ත‍්‍රී සාරය තුළ අපට හමුනොවන අනෙක වෙයි.

කුමාරි සිය ලිංගික තෘප්තිය ලබන එකම තැනැත්තා වික‍්‍රමසිංහය. ඇගේ වේදනාකාරී යටි සිත වසා ගන්නේ කෙළිලොල් උඩු සිතිනි. වික‍්‍රමසිංහගේ මෙන්ම කුමාරිගේ අශ්ලීල වේදනාකාරී සතුට ප‍්‍රක්ෂේපණය කරන තුන්කොන් පේ‍්‍රමය තත්ත්කාලීන සමාජය තුළ ප‍්‍රතිපාදිත භෞතික පදනම සමාජ ප‍්‍රගතිය කෙරෙහි කොතරම් ප‍්‍රති විරෝධී ආකාරයකට බලපානු ලබයි ද, චිත‍්‍රපටියෙහි ශූන්‍යත්වය පමණක් නොව කුටුම්භ ගත දිවිය සුඛදායී කරවන්නට කළ හැකි කැප කිරීම් හා ප‍්‍රතිගාමී දේශපාලන න්‍යාය පත‍්‍ර වලින් හැකිලූන සමාජ සත්‍යය පිටට නැවුන මිනිසුන් නොව ඇතුලට නැවුන මිනිසුන් බිහිකරන සුළු සමාජ යථාර්ථයක් ඥානනය කරවන බව ද, මෙහි ලා සඳහන් කළයුතු ය.

පාරිශුද්ධ සංස්කෘතියේ මූලයන් සොයා ආපසු යාමේදී හමුවන්නේ ගම ය. රිචඞ් ආකර්ශනය කරන දේවල් මෙන්ම කුමාරි රැුකගන්නට වෙහෙසෙන් නේත්, විමල් අවසානයේ (ආධ්‍යාත්මික ජීවිතයකට* නැඹුරු කරවන්නේ ත්. මේ සංස්කෘතික යථාර්ථය විසින් ම නොවේ ද යන්න ගැඹුරින් විමසිය යුතුව ඇත. ඔවුන් සිදු කර ඇත්තේ ආපසු යාම නොව පවත්නා ජාලමය අවුල තුළ ගැටලූවලට විසඳුම් සෙවීම ය.

සුනිල් කුමාරසිංහ අතුකෝරල
්එයමනදර්ක්128?ටප්සකගජදප

Thursday, May 14, 2015

’‘සිනහව අතරින්’’චිත‍්‍රපටය මනසට සම්භාහනයක්.













ප‍්‍රංශ ජාතික රිචඞ් සහ කුමාරිගේ කුටුම්භයට තුන් වැන්නෙකු ලෙස ප‍්‍රවිශ්ට වන විමල් වික‍්‍රමසිංහ, යන චරිත ත‍්‍රිත්වය වටා ගෙතී ඇති මෙම වෘත්තාන්තය තුළින්, දුක, වේදනාව, සතුට, ප‍්‍රහර්ශය, සෞන්ධර්ය, ආදී හැඟීම්, වටිනාකම් හා අත්හැරීම පේ‍්‍රක්ෂක මනසේ ගැඹුරින් ජනිත කරවමින් පශ්චාත්කාලීන ලිබරල් සංස්කෘතිය පිළිබඳ සමාජ චිත‍්‍රයක් ද, නිරූපණය කරයි.

විවාහ දිවියෙන් අපේක්ෂිත මාතෘත්වය නොලැබීමේ ගැටලූව මුල් කර ගෙන කුමාරි සිය ප‍්‍රංශ ජාතික සැමියා (රිචඞ්* සමග ගැටීම ඇරඹෙනුයේ දිගින් දිගටම සිදුවන බලාපොරොත්තු කඩවීම නිසා ය. විවාහ දිවියේ ප‍්‍රහර්ශය අත්විඳීමේ අවස්ථාව ගිලිහීම හා ඇගේ පති දම සිඳී බිඳී යාමට අවස්ථාව ඇති කරයි. ඒ සම්බන්ධයෙන් විමල් ගේ මැදිහත්වීම සාධාරණීය කරන්නට දරන ප‍්‍රයත්නය ද, සුළුපටු නැත. මන්ද ගැහැණියක වශයෙන් ඇගේ මානුෂීය ස්වභාවය හා උවමනාව ද, පිළිබිඹු කිරීම මතුපිටින් පමණක් නොව චරිතයේ ආධ්‍යාත්මය තුළින් ද පෙන්නුම් කිරීමට බලවත් උත්සාහයක් ගනී. මෙහි දී රිඩඞ් තම සුරූපී බිරිඳ ගේ අසම්මත බැඳීමට ලොකු විරෝධයක් පෙන්නුම් නොකිරීම තාත්විකත්වය ගිලිහී යාමක් ලෙස හැෙඟයි. එහෙත් මේ තුන්කොන් පේ‍්‍රමයේ එක් ඵළයක් වශයෙන් විමල්ට දාව බිහිවන දරුවා මිය ගිය බව විමල් වෙත දැන්වීම තුළින් රිචඞ්ට තම පෞරුෂය නගා ගැන්මට අවස්ථාවක් උදා වෙයි. මෙම වෘත්තාන්තය නිමා කරමින් පේ‍්‍රක්ෂකයා දාර්ශනික තලයකට මනසින් ගෙනයාමට දරන ප‍්‍රයත්නය අනෙක් ඵළය වෙයි.

චිත්ත වේග සංකල්පයේ දී ආසව, අනුසය, පපඤ්ච යන පෙළඹවීමේ මූලයන්වලට අනුව ආසවයන් හේතුකොට ගෙන පුද්ගල සන්තානයෙහි කාංසාව, නොසන්සුන් කම, නොරුස්සන බව ආදී චිත්තවේග පහළවන ආකාරය (ෑපදඑසදබ* කුමාරිගේ මෙන්ම විමල් ගේ චරිත නිරූපනයන් තුළින් මනාව විශද වෙයි.  

සිංහල සිනමාව තුළ බහුලව සාකච‘ඡුාකර ඇති තුන්කොන් පේ‍්‍රමය මෙහි ප‍්‍රකට කළ ද සිනමා කරුවා වෙනස් මානයන් ඔස්සේ පේ‍්‍රක්ෂක හමුවට සිය දෙවන ප‍්‍රයත්නය සමග පැමිණ ඇත. සමකාලීන සමාජීය සිදුවීම්වලට අනුව බුදු සමය සහ භික්ෂුව පිළිබඳ පවත්නා සමාජීය කතිකාවට පිලිතුරක් සපයමින් වෘත්තාන්තය තුළ ආගමික සුජාත භාවය ඖචිත්‍යය ට අනුව සංවේදී ව හා  ගැඹුරුතර විග‍්‍රහයකට බඳුන්කර ඇත. සාහිත්‍යකෘතියකින් ලබන ආශ්වාදය තුළින් සණත් ගුණතිලකයන් මෙහි තිර පිට පත ලියා ඇති අතර, මෙහි එන ප‍්‍රධාන චරිත තුන පේ‍්‍රක්ෂක මනස් තුළ සමීපරූප සිනමා රීතිය ඔස්සේ නිදන් ගත කරවීමට කැමරාව ගමන්කරවන රිද්මය මෙම චිත‍්‍රපටයේ සුවිශේෂී තත්ත්වයකි. යෞවන යෞවනියන්ගේ සොඳුරු පෙම් පුවත් සිනමාත්මකව බහුලව බිහිවන ලාංකීය සමාජය තුළ මැදිවියේ චරිත ත‍්‍රිත්වයක් ඔස්සේ පේ‍්‍රක්ෂක ආධ්‍යාත්මයට ධනාත්මකව යමක් එකතු කිරීමට ව්ඤ්ඤාන ධාරා රීතිය ඔස්සේ අනෙකා සැබැවින් දකින්නට පොළඹවන උත්සාහය ද පැසසුමට ලක් කළ යුතු ය.

සංස්කෘති දෙකක් මුසු වෘත්තාන්තයක් මෙන් දිස්වුව ද, ප‍්‍රංශ සමාජය පිළිබඳ ඉස්මතු කිරීමක් මෙහි දී, නොකෙරෙයි. ආසියානු දර්ශනයේ ගැඹුර සාකච්ඡුාවට නතු කරන ආකාරය මෙන්ම, අනුවේදනීය වෘත්තාන්තයක් ලෙස සිනමා පටය කැපීපෙනෙන බව නිරෝෂා විරාජනී ගේ සංගීතය සමග ඓන්ද්‍රීයව බැඳෙන රූප මාලාව ඉහත කී ගුණ සමුදාය පේ‍්‍රක්ෂක මනසට දනවන්නට සමත් වී ඇත.

විමල් වික‍්‍රමසිංහ විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙකු වශයෙන් නාගරික සංස්කෘතියට අනුගත ව විසුව ද, ගැමිසංස්කෘතිය, නිදහස් අධ්‍යාපනය, ආගම, නීතිය, සදාචාර සහ කුලාචාරයන් ගෙන් හික්මීම ලද අයෙකු වශයෙන් මෙන් ම, කුමාරිගේ චරිතයෙන් ද පෙන්නුම් කරන්නේ  නාගරික සංස්කෘතිය ඇය පසුව භාර ගත් බව ය. නූතන සමාජය බොහෝවිට අත්විඳින ධන බලය පෙන්වමින් කපටි කෛරාටික ආරක්ෂක මුවාවෙන්, මුලා කර අනෙකාගේ කුටුම්භයට ඇතුළුවී. බලහත් කාරයෙන් සිය ආධිපත්‍යය පතුරුවා ගන්නා නරි වෙනුවට කුමාරි විඳින අනුපමේය චිත්ත පීඩාව සමග අහඹු ලෙස ඈට හමු වන, විමල් ගේ අනුකම්පාවට ලක්වීම, කිතුලක් යට කිරි වීදුරුවක් පානය කළත් වපර ඇසින් දකින සමාජය දෝෂ විරහිත කරුණක් ලෙස නොසලකනු ඇත. එහෙත් විමල් සසුන් ගත වීම අගති විරහිත සදය අනුකම්පාව දිනා ගැනීමට හේතු වෙයි. මා දන්නා එක් තරුණියක් පේ‍්‍රමය ගැන කලකරීමකට පත්ව පැවිදි වී සිටියදී සිය පෙම්වතා එම අසපුවට ගොස් ප‍්‍රධාන මෙහෙණිය මුණ ගැසී කරුණු පහදා දීමෙන් එතැනින් මුදවා ගෙනවිත් පසුව විවාහ ගිවිස ගන්නා ලදී. සමස්ථය විමසුමට ලක් කිරීමේදී මෙම අත්විඳීම් සමකාලීන සමාජය තුළ පවත්නා මානව ජිවිත වල සැබෑ අද්දැකීම් සමුච්ඡුයක් වශයෙන් හªනා ගත හැකි වෙයි.
 
ජීවිතයේ සැබෑව නිරූපණය කරන්නට වෙහෙසෙන සාහිත්‍ය ධාරා අතර සිනමාවට හිමිවන්නේ, අද්විතීය තැනකි. කුමාරි සිය ස්ත‍්‍රි වර්ගයා වෙනුවෙන් හඬයි, වැලපෙයි,  සිනහසෙයි, කෝප ගනී, නින්දා විඳී, සැබැවින්ම මේ අත්විඳීම් මානව ජීවිතයේ ස්වභාවික උනුසුමින් ඈත්වී නොමැති ධර්මතා නොවේද. එහෙත් ඇය සිය අනන්‍යතාව ගොඩනගා ගැනීමෙ දීී සිනමාකරුවා ඇගේ අතීතය වසන් කිරීමත්, රිචඞ් සිය සුරූපී බිරිඳ පිළිබඳව පෙන්වන දෘෂ්ටිමය ස්වභාවයත්, දරුවෙකු පිළිසිඳි බවපැවසිමෙන් විමල් තුළ සිදුවන ව්‍යාකූල බව ත්. පේ‍්‍රක්ෂක මනසට ගැඹුරින් දන්වන්නට සමත්ව නොමැති වීම අසාර්ථක ලක්ෂන බව හැෙඟයි. එහෙත් ඇය තම චරිත නිරූපනය තුළින් පේ‍්‍රක්ෂකය මනස තුළ භාවමය කම්පනයක් ඇති කිරීමට ගන්නා උත්සාහයන් සාර්ථකත්වයක් පෙන්නුම් කරයි.

තුන්කොන්පේ‍්‍රමය, ඇසුරින් සාහිත්‍ය හා කලා නිර්මාණ බිහිකිරීම විවිධ සාහිත්‍ය ශානරයන් ඔස්සේ ගම හා නගරය ඇසුරු  කර ගෙන නිපදවී මේ කලාව දුරාතීතයට ගමන්කරන්නකි. කල්පිත නාගරික සංස්කෘතියක් දෘෂ්‍ය කරන ‘සිනහවඅතරින්’’ චිත‍්‍රපටය තුළ ප‍්‍රංශජාතික සැමියා සමග විවාහ ගිවිස සිටින කුමාරි සිය සංස්කෘතික අනන්‍යතාව රැුක ගැනීමට දරන තැත සමග ගැටීමෙන් ඇතිවන හිදැසට පිවිසෙන විමල් යන චරිත ත‍්‍රිත්වය විමසීමෙන් එක්තරා ආකාරයකට ව්‍යාජ ජීවිත ආඛ්‍යාන මය රූප මාලාවක් සමීප රූප සිනමා රීතිය ඔස්සේ සිනමාකරුවා පේ‍්‍රක්ෂකයිනට අපූර්වත්වටයන් ග‍්‍රහණය කරවයි.

නාගරික අසංතෘප්ත ජීවිතවල ජිවන ආඛ්‍යානයන් ඔස්සේ මෙහිදී (සිනමාකරුවා* ප‍්‍රකාශකරන්නේ කුමක් ද, මැදිවියේ සුරූපියකගේ පිරිපුන් ස්ත‍්‍රී ශරීරය අධිසුඛෝපභෝගී පිරිමි ෆැන්ටසිය මගින් ශාංගාරකරණය කරවන අතර, නාගරික මිනිසුන්ගේ සමාජ ආර්ථික ජීවිතයේ නිස්සාර බව පමණක් නොව ආසියානු දර්ශනයේ ගැඹුරු මනෝභාවයන්  මගින් මනස ශික්ෂිත කරවන්නට දරන තැතක් ද, සමගය.

පේ‍්‍රමය පිළිබඳ කියවෙන වෘත්තාන්තයක් වශයෙන් පෙන්නුම් කළත්, පශ්චාත් ලිබරල්වාදී සමාජ ජීවිතයේ නිදහස හා මානසික සුවය උදෙසා පන්සල් ඇසුරු කර ගත් ජීවිත තුළින්, පවත්නා සමාජ ගත හිදැස ආගමික නිෂ්ඨාවන් තුළින් පිරවෙන්නට හැරීම තුළින් තත්ත්කාලීන ජනප‍්‍රිය සංස්කෘතිය දෘෂ්ටි ගත කරන අතර, ඉහළ සුඛෝපභෝගී ජීවන ප‍්‍රවෘත්තිය තුළ දුෂ්කර මෙන්ම අඩු ලිංගික සබඳතාව ගමෙන් නගරයට සම්ප‍්‍රාප්ත කුටුම්භ යන්හි සුපුෂ්පිත ජීවිත, නාගරිකසමාජය තුළ මොනවට විදහා දක්වයි ද, එහෙත් මේ  කාරණය අපහමුවේ ගැඹුරු විවේචනයට ලක් වුවද, වෘත්තාන්තය තුළ එම සබඳ තා ගොඩනගන්නට ලොකු වෙහෙසක් නොගැනීම ඇගේ ස්ත‍්‍රී සාරය තුළ අපට හමුනොවන අනෙක වෙයි.

කුමාරි සිය ලිංගික තෘප්තිය ලබන එකම තැනැත්තා වික‍්‍රමසිංහය. ඇගේ වේදනාකාරී යටි සිත වසා ගන්නේ කෙළිලොල් උඩු සිතිනි. වික‍්‍රමසිංහගේ මෙන්ම කුමාරිගේ අශ්ලීල වේදනාකාරී සතුට ප‍්‍රක්ෂේපණය කරන තුන්කොන් පේ‍්‍රමය තත්ත්කාලීන සමාජය තුළ ප‍්‍රතිපාදිත භෞතික පදනම සමාජ ප‍්‍රගතිය කෙරෙහි කොතරම් ප‍්‍රති විරෝධී ආකාරයකට බලපානු ලබයි ද, චිත‍්‍රපටියෙහි ශූන්‍යත්වය පමණක් නොව කුටුම්භ ගත දිවිය සුඛදායී කරවන්නට කළ හැකි කැප කිරීම් හා ප‍්‍රතිගාමී දේශපාලන න්‍යාය පත‍්‍ර වලින් හැකිලූන සමාජ සත්‍යය පිටට නැවුන මිනිසුන් නොව ඇතුලට නැවුන මිනිසුන් බිහිකරන සුළු සමාජ යථාර්ථයක් ඥානනය කරවන බව ද, මෙහි ලා සඳහන් කළයුතු ය.

පාරිශුද්ධ සංස්කෘතියේ මූලයන් සොයා ආපසු යාමේදී හමුවන්නේ ගම ය. රිචඞ් ආකර්ශනය කරන දේවල් මෙන්ම කුමාරි රැුකගන්නට වෙහෙසෙන් නේත්, විමල් අවසානයේ (ආධ්‍යාත්මික ජීවිතයකට* නැඹුරු කරවන්නේ ත්. මේ සංස්කෘතික යථාර්ථය විසින් ම නොවේ ද යන්න ගැඹුරින් විමසිය යුතුව ඇත. ඔවුන් සිදු කර ඇත්තේ ආපසු යාම නොව පවත්නා ජාලමය අවුල තුළ ගැටලූවලට විසඳුම් සෙවීම ය.

සුනිල් කුමාරසිංහ අතුකෝරල
්එයමනදර්ක්128?ටප්සකගජදප





 මානව විද්‍යාව (2*

ආරය,  පරිසරය, පරිණාමය හා මිනිසා ශිෂ්ටාචාරගතවීම.

(මානව විද්‍යාව 01 කොටස සදහා, බදාදා දිවයින අතිරේකය බලන්න)
                          


     ජීවීන්, තුරුලතා වැනි සජීවී වස්තූන් ගේ පැවැත්ම පිළිබඳ ජීව විද්‍යාත්මකව ගවේෂණය කිරීම ප‍්‍රවේණිය නැත්නම් ආරය වටහා ගැනීමයි. දුරාතීතය පිරික්ෂිමෙන් ආරය, පරිසරය, සහජාත්මකබව වැනි කාරණා වවිමසුමට ලක් කිරීමේ ප‍්‍රවණතාව පිළිබඳ උනන්දුවක් දැක්වීමේ ඉතිහාසය අද ඊයේ සිදුවීමකට ලඝු කළ නොහැක. බැබිලෝනියාවෙන් සොයා ගත් පුවරුවක පරම්පරා පහක් පුරා විහිද ගිය තුරඟ පරපුරක සටහන් පර්යේෂකයන් පෙන්වා දුන්නේ, ක‍්‍රි. පූ. 4000 ක් පමණ ඉතිහාසයකට උරුම කම් කියන බවයි. එමෙන්ම රට ඉඳි වගාව මුහුන් කළ අන්දම පිළිබඳ දැක්වෙන වාර්තා පුවරුවක් අධ්‍යයනය කිරිමෙන් ද, වසර 6000 ටත් එපිට යුගයක වෘක්ෂ ලතාවන්හි ප‍්‍රජනනය පිළිබඳ අධ්‍යයනය කළ බවට සාක්ෂි ඉදිරිපත් කෙරෙයි. මෙම සිද්ධාන්ත ඔස්සේ චීන දේශිකයෝ වී වගාව කෙරෙහි තම භාවිතයන් දියුණු කර ගත් බවත් ඉතිහාස සටහන් විශද කරයි. ප‍්‍රවේණි විද්‍යාව පිළිබඳ වරින් වර සමාජ ගතව ඇති මති මතාන්තර පිළිබඳ මදක් විමසුවහොත්, ක‍්‍රි. පූ. 500 දී පමණ පයිතගරස් ප‍්‍රකාශ කළේ, ස්ත‍්‍රී පුරුෂ සම්භෝගයේ දී පුරුෂයාගේ මොළය, ස්නායු සහ අනිකුත් අවයව වලින් පිටවන කිසියම් වායුවක් මගින් ස්ත‍්‍රී ගර්භාෂයේ කලලයක් හට ගන්නා බවයි. ඉන් වසර 200 ට පමණ පසු ‘ඇරිස්ටෝටල්’ප‍්‍රකාශ කළේ, පුරුෂ රුධිරයෙන් නිර්මල ශුක‍්‍ර නිපදවන බවත් එමඟින් කලලයට ජීවය ලැබෙන බවත් ස්ත‍්‍රී අර්තානුව අපවිත‍්‍ර නිසා කළලය සැකසීමට ඉන් අමුද්‍රව්‍ය පමණක් සැපයෙන බවයි. ‘විලියම් හාඩි’ ට අනුව යකඩයක් කාන්දම් කැබැල්ලක් සමග ගැටීමෙන් එහි ද, කාන්දම් බලයක් ඇතිවන්නාක් මෙන් සම්භෝගය තුළින් ගර්භාෂය තුළ කලලයක් ඇතිවීමට කාන්දම් වැනි බලයක් ලැබෙන බවයි. අන්වීක්ෂයක් තුළින් විවිධ සතුන්ගේ ශුක‍්‍ර තරළ පරීක්ෂා කළ ඇනතනී ලියුවෙන්හෝක් ප‍්‍රකාශ කළේ කලලයට ජීවය සපයා දෙන්නේ පුරුෂයා බවයි. ලන්දේශි ජාතික ‘‘රෙග් නියර් ද ග‍්‍රාෆ්’’ සඳහන් කළේ ‘ආරයේ බලපෑම මවගෙන් ලැබෙන බවය.’ මොරේව් ද මෝව් පවියස් ප‍්‍රකාශ කළේ, සම්භෝගයේදී එක්වන සියුම් කොටස්වලින් කලලයේ අංග සැකසෙන බවයි. සෑම ශෛලයක්ම පටකයක්ම අනෙකුත් සෑම අවයවයක්ම ප‍්‍රවේණ්‍යානු උපදවන බවත්, රුධිර ධාවනය මගින් ඒවා සිරුර පුරා යැවෙන බවත් ඒ මඟින් ආරයේ ගුණ ලැබෙන බවත් පරිණාම වාදයේ පියා වශයෙන් සැලකෙන ‘චාල්ස් ඩාවින් ’ ප‍්‍රකාශ කළේය.  ඕස්ටි‍්‍රයානු ජාතික ‘ග්‍රෙගර් මෙන්ඩල් ’ නම් පූජක වරයෙකු අටවසරක් තිස්සේ  පර්යේෂණ පවත්වමින් නූතන ජීව විද්‍යාත්මක අදහස් ඉදිරිපත් කර ඇත. ‘‘මවගේ ඩිම්භ කෝෂයෙන් එන ඩිම්භයකුත් පියාගේ ශුක‍්‍රාණුවකුත් එක්ව සකස් වෙන යුක්තානුවකින් කවරෙකු ගේ වුවද ජීවය හට ගන්නා අතර මුළු ලොවම ජීවත්වන ජනයා ඇති වීමට යුක්තානු මුල් වූ බවත්, එම යුක්තානු අප දිය පානය කරන කුඩා වීදුරු දුසිමකට දැමිය හැකි තරම් කුඩා බවත් ය.’’ ආරයේ ගුණ පිහිටියේ මෙම එක් එක් යුක්තානුව තුළ අඩංගු ‘ක්‍රෝමසෝම’ (යුගල 23, ස්ත‍්‍රී ංං පුරුෂ ංහනමින් මෙන් 22ං 22 හ වශයෙන්ද පිහිටීම තුළින් ජන්මියා ගේ ලිංඟ බේදය පිළිබඳ වටහා ගැනේ* නම් වර්ණ දේහ වලයි. ප‍්‍රථමයෙන් ඒක ශෛලවන යුක්තානුවක් ද්විගුණ වී දෙක, හතර, අට, දහසය වී කෝටි ප‍්‍රමාණයක් වී සම්පූර්ණ සිරුරක් වැඬේ. මේ හැම ශෛලයකම න්‍යෂ්ටියක් ඇත. වෙන්ව යන සැම ශෛලයකම මූලික න්‍යෂ්ටියේ කොටසක්ද වෙයි. පිළිසිඳ ගැනීමේදී ඇතිවන මූලික න්‍යෂ්ටියේ ලක්ෂණ සිරුරේ ඇති කෝටි ප‍්‍රකෝටි ශෛලවලද ඇත. ආරයේ ගුණාංග පුද්ගලයාගේ මුළුමහත් පෞරුෂයේම පවතින්නේ මේ අයුරිනි. (කේ.ඩබ්.ඒ. ජයවර්ධන, 1972* 
ආරය හා පරිසර (්‍යැරසාසඑහ ්බා ෑබඩසරදබපැබඑ* අධ්‍යයනයන් මඟින් ප‍්‍රවේණි විද්‍යාව :ටැබැඑසජි* ඔස්සේ සම්ප‍්‍රදායාත්මකව ජීවය හෙවත් ජාන හඳුනා ගැනීමේ විද්‍යාත්මක ගවේෂණයන් තුළින් මව්පිය ගති ලක්ෂණ දරුවන්ට උරුමවන බව ප‍්‍රත්‍යක්ෂකර ඇති කරුණකි. ‘‘ ප‍්‍රවේණි විද්‍යාව පිළිබඳ සම්ප‍්‍රදායන් දෙකක් තිබෙනවා. ‘‘මෙන්ඩල් සහ මෝර්ගන් ’’ විසින් ඉදිර්පත් කළ සම්‍යක් ව්‍යවහාරික සම්ප‍්‍රදාය සහ ලයිසෙන්කෝ නමින් එය ඉදිරිපත් කළ සම්ප‍්‍රදාය වශයෙන්, මෙන්ඩලියාන් සම්ප‍්‍රදාය අනුව, ජාන හඳුනා ගන්නා අතර ජීවියකු තුළ පවත්නා ප‍්‍රවේණිය පිළිබඳ ප‍්‍රපංච ප‍්‍රවේණිගත ජාන සම්පේ‍්‍රෂණයේ මූල ස්වභාවය, දෙමාපියන්ගේ ගති ලක්ෂණ දරුවන්ට උරුම කරන බවත් පිළිගන්නවා ෙසෙල න්‍යෂ්ටියේ වර්ණදේහ තුළ නියමිත පිළිවෙළකට සැකසී ඇති ජාන ප‍්‍රවේණි ලක්ෂණ සම්පේ‍්‍රෂණයේදී නිශ්චිත ක‍්‍රමයක් අනුගමනය කරනවා. ජෛව රසායන විද්‍යාව සහ අණුක ජීව විද්‍යාවේ නූතන පර්යේෂණ මගින් මෙය සනාථ කොට තිබෙනවා. අණුක ජීව විද්‍යාව මගින් පෙන්වා ඇති ආකාරයට ඞී. එන්. ඒ. අණුවක සංකීර්ණ ආකෘතිය පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා.’’ (දයිසෙකු ඉකෙදා - 1928* මේ සම්බන්ධව තව දුරටත් කරුණු දක්වන ‘දයිසෙකු ඉකෙදා’ පවසන්නේ, ‘‘කිසියම් දේශපාලන මතවාදයකට අනුව විද්‍යාව විකෘති කරනු ලැබුවහොත් එයට සාමාන්‍ය ආකාරයට වර්ධනය විය නොහැක’’ යනුවෙනි. ‘‘රුසියානු විද්‍යාඥයන් කියා සිටින්නේ සජීවී වස්තුවල පරිවර්තීය රටාවේ කොටසක් ලෙස ආරය පිළිගතයුතු බවයි. ආරය පිළිබඳ සංසිද්ධියේ පරිසර සම්බන්ධතාව පිළිබඳ දෘෂ්ටිකෝණයෙන් බලන විට ලයිසෙන්කෝගේ එළඹුම කෙරෙහි සෑහෙන අවධානයක් යොමුවිය යුතුය’’ මාක්ස්වාදයට අනුව ජානවල පැවැත්ම නොසලකා හැරීම විවේචනයට ලක්කරන දයිසෙකු ඉකෙදා මහතා ‘ලයිසෙන්කෝ’ හෙළා දැකීම විවේචනයට ලක් කරයි. ‘‘ස්ටාලින්ගේ මරණයෙන් පසුව ප‍්‍රව්ඩා පුවත්පත මගින් ලයිසෙන්කෝ හෙළා දැක්කා, ඔහුගේ සිද්ධාන්ත සම්‍යක් ව්‍යවහාරික සිද්ධාන්ත ජීව විද්‍යාවේ වර්ධන මාර්ගයට බාධාවක් හැටියට සලකනු ලැබුවා’’ යනුවෙනි. 

මේ සම්බන්ධයෙන්, කරුණු විමසන ලද ජාත්‍යන්තර විද්වතෙකු වූ මහාචාර්ය ආර්නෝල්ඞ් ටොයින්බී මහතා (1889 - 1975* සඳහන් කරන්නේ, ආරය හා පරිසරය යන දෙක බෙදීම යථාර්ථයක් වශයෙන් නොකළ හැකි හෙයින් ඔවුන්ගේ සීමාවන් තුළ එය තේරුම් ගැනීම ඔවුන්ට ප‍්‍රශ්නයක් වි ඇති බවයි, ස්වභාව ධර්මය විස්තර කිරීමට ගන්නා  ඕනෑම උත්සාහයක දී ජාන සහ පරිසරය සැලකිල්ලට ගත යුතුයි. එය අඩු තරමින් විකාසයේ හා නිර්මාණයේ ක‍්‍රියා පිළිවෙත යන සංකල්ප දෙක අතර කුමන සමීපතාවක් ඇතත් වෙනස්වීමේ යථාර්ථය පැහැදිලි කිරීමට එය අවශ්‍ය වෙනවා. හැම සත්ව විශේෂයකම නිදර්ශකය මියයනවා එහෙත් ස්ථාවරවූ පුනර් නිෂ්පාදන යාන්ත‍්‍රණය හේතු කොට ගෙන ජාන වර්ග මගින් අනුයායී සත්ත්ව විශේෂවල ඇති වීම සිදු කරන නමුත් නිදර්ශක සත්ව විශේෂ වඳ වී යනවා. මෙම පෘථිවිය ආරම්භයත් සමග ඇති වූ සත්ත්ව විශේෂවලින් බොහොමයක් ම වඳ වී ගොසින්, ඉතිරි වී ඇති සත්ත්ව විශේෂ සත්තකින්ම සුළුතරයක්. එසේ වෙතත් කිසියම් සත්ව විශේෂයක නිදර්ශක ජීවීන් ඔවුන් ජීවත්ව සිටි ස්වල්ප කාලයක් තුළ විශ්වීය වශයෙන් එතරම් වැදගත් නැතත් සත්‍ය වශයෙන් ම ඔවුන් සමස්ත විශ්වය සමග සහජීවනයෙන් ජීවත් වුණා යනුවෙනි.
පරිසරය යනුවෙන් අධ්‍යයනය කරන්නේ, පිළිසිඳ ගැනීමෙන් පසු මව් කුස හා ඉන් පසුව පුද්ගලයා කෙරෙහි බලපාන සෑම සාධකයක්ම ය. සහජ බලපෑම් මානවයා කෙරෙහි බල නොපාන අතර පරිසරය තෝරා ගැනීමෙන් එය තෝරා ගත හැකිය. මේ මඟින් ප‍්‍රජාව කෙරෙහි සදාචාර වගකීම් පිළිබඳ හැඟිම් උපදින බවත් තම හැසිරීම්වලට තමා වග කිව යුතු වන්නේ මේ නිසාත් වන බව ප‍්‍රත්‍යක්ෂ කරයි.             
  භෞතික වාදය මෙන්ම විඤ්ඤාණවාදය ඔස්සේ ද  ලොව විවිධ දාර්ශනික  මතවාදයන්ට අනුව පරිණාමය පිළිබඳව මිනිස් මනසට අවබෝධ කරගන්නට දැරු තැත යථාර්ථයට සමීපය. ආගමික හරයන් මෙන්ම දේශපාලන හා සමාජමය විෂය ක්ෂේත‍්‍ර විසින් ඒ සම්බන්ධව ගොනු කර ඇති හා කරනු ලබන විවිධ මත අදහස් හා මිත්‍යාවන් හි ස්වභාවය අවබෝධ කර ලීමට සමත් වෙයි.
පරිණාමය පිළිබඳව පර්යේෂණයන්හි දී, මානවකල්ප වානරයින් හා පහත් වඳුරන් පරික්ෂණවලට භාජනය කරමින් මානව විද්‍යාඥයින් ඔවුන්ගේ උසස් ස්නායු ක‍්‍රියාකාරිත්වය පිළිබඳ කරුණු අධ්‍යයනය කළහ. ප‍්‍රිමාටයින් අනිකුත් ක්ෂීරපායි සතුන් හා මිනිසා සමග සංසන්දනය කළ ‘පාව්ලව්’ සඳහන් කළේ, වඳුරන්ට අත් දෙකක් පමණක් නොව ‘අත් හතරක්ම ඇති බවයි’ එම හේතුව නිසා තමා අවට ඇති වස්තූන් සමග සංකීර්ණ සම්බන්ධකම් ඇති කර ගත හැකි ය. උගේ මොලයේ බාහිකවල ඇති ඉතා උසස් ලෙස වර්ධනයවූ විශ්ලේෂක සංස්ලේෂක ක‍්‍රියාදාමයන්  විශේෂ වූවක් බවයි. වඳුරාගේ මස්තිස්ක අර්ධ ගෝළය වෙනත් සතුන්ට වඩා එයට අනුරූපී ලෙස වර්ධනය වී අති අතර චාලක ක‍්‍රියාවල විවිධත්වය අනුව වර්ධනය වී ඇත. මිනිසාට අත්වල විවිධ ක‍්‍රියාකාරිත්වයට අමතරව භාෂණ ක‍්‍රියාකාරිත්වයේ සංකීර්ණ පද්ධතියක් ද වෙයි.  
‘‘මිනිසා ගේ සම්භවය හා පරිණාමය පිළිබඳව නිවැරදි වූ ද, විද්‍යානුකූල වූ ද, න්‍යායක් ඉදිරිපත් කරන ලද්දේ, චාර්ල්ස් ඩාවින් ය. කෘතිම වරණ මූලධර්මය උපයෝගී කර ගනිමින් මිනිසාගේ බලපෑම යටතේ සතුන් හා පැලෑටි වර්ග වෙනස් කළ හැකි යයි ඔහු කීය. ප‍්‍රකෘතියෙන් සත්ව හා පැලෑටි විශේෂ පරිවර්තනය වන බවත් එය නොබිඳෙන සේ පරිණාමය හා ආවේනිය සමග බැඳී ඇති බවත් පෙන්වා දෙමින් ‘‘ස්වාභාවික වරණය’’ඉදිරිපත් කිරීම ඔහුගේ ශ්‍රේෂ්ට තම සේවය විය.’’ (ඒ. ලගමුව*

මානව විද්‍යාව (3*

පරිණාම වාදය සහ චාල්ස් ඩාවින් -

1836 දී බීගල් නැමැති නෞකාවෙන් ලොව වටා යමින් කරුණු අධ්‍යයන කළ චාල්ස් ඩාවින් ඓතිහාසික වශයෙන් වැදගත් මෙහෙවරක් කැපවීමකින් ඉටු කළ කීර්තිමත් මානව විද්‍යාඥයෙකි. සිය අධ්‍යයනවලදී ගැලබාස් ¥පත් ඇතුලූ විවිධ ස්ථාන හා ¥පත්වල  වසර 20 ක් පමණ කාලයක්  සිදු කළ පර්යේෂණයන් හි ප‍්‍රතිඵලයක් වශයෙන් සිය    ‘‘ ධබ එයැ ධරසටසබ ධෙ  ීචැජසැි” කෘතිය සම්පාදනය කරමින් ‘‘ස්වභාවික වරණයෙන් සත්ත්ව පරිණාමය සිදු වන බව හෙවත් විවිධ සත්ව  කොට්ඨාසයන් ඒ ඒ පරිසරවලට හැඩ ගැසෙමින් සාර්ථකව දිවි ගෙවන ආකාරයත් විග‍්‍රහ කරමින් පරිණාමවාදය ලොවට දායාද කළේය.
පොළොව මත ඇවිද ගිය ක්ෂීරපායි ගනයේ සත්ව කොට්ඨාසයක් රුක්වැසි ජීවිතයකට අනුවර්තනය වී අදින් වසර මිලියන 65 කට අධික කාලයක භූ විද්‍යාත්මක වශයෙන් ආරම්භක අවධියේ (සිනොසොයික අවධියේ ක්‍ැබ‘දසජ ෑර ්* මුලින්ම සඳහන් කළ පරිදි, ප‍්‍රිමාටා (ලෙමූර්* ගෝත‍්‍රය බිහිවී ඇති බව නිරීක්ෂණය කරයි. මුල්ම ප‍්‍රිමාටාවන් වූයේ පාරිසරික අනුවර්තයන්ට මුහුණදී රුක් වැසි දිවියක් ගත කළ ක්ෂීරපායි සත්ව විශේෂයක් බවත් මෙලෙස ප‍්‍රකට වූ ප‍්‍රිමාටාවන් අතුරින් එක් සත්වයෙකුගෙන් වඳුරන්ගේ පූර්වජයා බිහි ව ඇති බවත්, වසර මිලියන 28 ක් වනතුරු වඳුරු ගහනය ඉතා විශාලව පැතිර ගිය බවත්, මහාද්වීපික ප්ලාවිත කල්පිතය හෙවත් ලොව රටවල් හි පිහිටීම වෙනස් වීම අනුව මෙම සත්ව ගහනය ද වෙන් වී වෙනස්වීමකට භාජනය වී ඇති ආකාරයත් විශ්වාස කෙරෙයි. (අප‍්‍රිකානු සහ ඇමරිකානු මහාද්වීප වෙන්වීම* කල් ගත වීමත් අනුව ශාරීරික ලක්ෂණ අතින් වෙනස් වඳුරු ගහන සකස්වීමෙන් මෙම මහාද්වීප දෙකෙහි වඳුරන් නව ලොව හා පැරණි ලොව වඳුරන් වශයෙන් මානව විද්‍යාවේදී අධ්‍යයනය කරයි. මොවුන් උසස් ප‍්‍රිමාටාවන් වශයෙන් ප‍්‍රකට වූ අතර, මෙහි දිගුවක් වශයෙන් පැරණි ලොව වඳුරන් ගෙන් හොමිනොයිඞ් නමින් හ\ුන්වන උපරිකුලයේ පූර්වජයින් හෙවත් වානරයින් බිහිව ඇත. 
(පැරණි ලෝකයේ බටහිර අප‍්‍රිකාවේ සිට ගිනිකොණ දිග ආසියාව දක්වා වානරයන්ගේ ව්‍යාප්තිය සිදු වූ අතර නූතන අප‍්‍රිකානු චිම්පන්සියා සහ ගොරිල්ලාත් ආසියානු ගිබන් සහ ඔරං ඔටං යන සත්ව කොට්ඨාස මෙම වර්ධනයේ නෂ්ටාවශේෂ වශයෙන් සත්ව විද්‍යාඥයින් පෙන්වා දෙති.* (ඔයැ භ්නැා ්චැග ෘැිපදබා පදරරසි*  
වඳුරන්ට වඩා වෙනස් කම් පෙන්වන වානරයින් වලිගයක් රහිතව අර්ධ සෘජු ලෙස අතුවල එල්ලී යමින් ගසින් ගසට මාරුවී ගමන් කරයි. වඳුරන්ට සාපේක්ෂව විශාල මොළයකින් සමන්විත වානරයින් අයත් හොමිනොයිඞ් කුලයට චිම්පන්සි, ගොරිල්ලා, ගිබන් සහ ඔරං උටන්, අදින් වසර මිලියන 35 කට පෙර මිහිමත ඇවිද ගිය අපේ පූර්වජයින් වශයෙන් පුරා හා ජීවවිද්‍යාඥයින්, හා මානව විද්‍යාඥයින්ගේ පර්යේෂණ තුළින් තහවුරු කර සිටී.  
ප‍්‍රිමාටාවරුන් ගෙන් ප‍්‍රභවය වූ (කපාල ධාරිතාව 380 - 500* මානව මොළයේ වර්ධනය නිසා අදින්වසර මිලියන හතරකට 04 පමණ පෙර මිනිස් පරිණාමයේ මූලික අවස්ථාව ඇති වූ බව විද්‍යාත්මක විද්‍යාත්මකව පිළි ගත් මතයයි. 
මිනිසාගේ සම්භවය පිළිබඳ විමසීමේ දී, ඔස්ට්‍රොලෝපිතකස් නැමැති ප‍්‍රිමාටාවරුන්ගෙන් අදින්වසර මිලියන හතරකට 04 පමණ පෙර හෝමෝ සාපියන්ගේ මුල්ම අවධිය පෙන්නුම් කරයි. (ඔස්ට්‍රොලෝපිතකස්, ඔස්ට්‍රොලෝපිතකස් ඇපෙරන්සිස්, ඔස්ට්‍රොලෝපිතකස් රොබට්සස්, වශයෙන් පෙරට ගමන් කර හෝමෝ හැබිලිස් නිර්මාණය වන්නේ අදින් වසර මිලියන 2.4 ට පමණ පෙර යුගයක දී වන අතර ශිලා ආයුධ නිපදවමින් සංස්කෘතියක් ආරම්භ කිරීමට මුල පුරන ලදී. අනතුරුව මිනිස් පරිණාමය පිළිබඳ සුවිශේෂි අවස්ථා ප‍්‍රකට කරමින් හෝමෝ ඉරෙක්ටස් මානවයා දෙපයින් සිටගෙන ඇවිද ගිය අතර ගින්දර සොයාගැනීමත්, ඇසිලියානු අත් පොරව සම්පාදනය කර ගැනීමත් මගින් සංස්කෘතිකමය වශයෙන් නව පියවරක් පෙරට තැබීය. (ප‍්‍රංශයේ ශාන්ත ඇශ‍්‍රැල් ප‍්‍රදේශයෙන් සොයාගත් ගලින් නිමකළ අත් පොරවක හැඩය ගත් ආයුධය, මන්නයක ආකාර ගත් පැතලි තලය, ගල් පතුරු ්ජයමකස්බ ඔදදක ඔර්ාසඑසදබ වශයෙන් නම් කර ඇත.* 
මෙලෙස තාක්ෂණය හා කලාවන් ප‍්‍රකට කරමින් භාෂාවක් සහ අක්ෂර නිර්මාණය කර ගැනීමත් ක‍්‍රමික වර්ධනයක සිදුවීම් පෙළක් ලෙස විද්‍යාත්මකව විවරණය කෙරෙයි.  හෝමෝ ඉරෙක්ටස්ට පසුව එනම් අදින් වසර ලක්ෂයකට පමණ ඉහත දී හෝමෝ සාපියන් නියැන්ඩතාල් හා වසර 40000 දී පටන් හෝමෝ සාපියන් සාපියන් (්‍යදපද ී්චසැබි ී්චසැබි* හෙවත් නූතන මානවයාගේ වර්ධනීය අවස්ථාව ප‍්‍රකට කර ඇත. නියැන්ඩතාල් වර්ග කීපයකට අයත් මිනිසුන් පැරණි ලෝකය පුරා ජීවත්වූ බවට ආසියාවේ අස්ථි නශ්ටාවශේෂවලින් පෙනේ. අග්නිදිග ආසියාවේ මිනිසාගේ පරිණාමය විස්තර කිරීමට ජාවා දිවයිනින් හමුවු නෂ්ටාවශේෂ වැදගත්ය. 1922 දී  ඕලන්ද ජාතින භූ විද්‍යාඥ ටෙන් හාර් පිතකොන්ත්‍රෝපස් සොයාගත් ස්ථානය වන ටි‍්‍රනිල්වලට කිලෝ මීටර් 30 ක් ඈතින් පිහිටි සෝලෝ ගං ඉවුර කැණීමෙන් මුවන්ගේ ඌරන්ගේ හිපපොටේමස් සතුන් ගේ කිඹුලන්ගේ ඇටකටු බොහොමයක්ම සොයා ගන්නා ලදී.  සත්ව ලෝකයේ සාමාජිකයින් ක‍්‍රමානුකූලව වර්ගීකරණය කරමින් ීහිඑැප් භ්එමර්ැ කෘතිය රචනා කළ ලින්නේයස් නැමැති ස්වාභාවික විද්‍යාඥයා (1736 - 1758*  හෝමෝ සේපියන් නමින් නූතන මානවයාට නම් තැබීය. භාෂාවන් හැසිරවීම පමණක් නොව අක්ෂර සංකේතද නිපදවා ගැනීම විශේෂයෙන් සඳහන් කළ හැකිය. 
ප‍්‍රථමයෙන්ම හෝමෝ ඉරෙක්ටස් සහ නියැන්ඩතාලයන් රූපයෙන් රූපය තේරුම් ගැනීමත් අනතුරුව නියැන්ඩතාල් සහ හෝමෝ සාපියන් රූපයෙන් අදහස තේරුම් ගත් අතර මානව පරිණාමයේදී සිදුවූ සුවිශේෂී අක්ෂර නිෂ්පාදනයේ ඉදිරි පියවර රූපයේ අදහස ඉක්මවා අක්ෂර සංකේත නිෂ්පාදනය වීම බව ප‍්‍රාග්ලේඛන සංස්කෘතිය විමසමින් ප‍්‍රාමාණික බුද්ධිමතුන් ඒ බව මනාව ප‍්‍රකට කර ඇත. ඩෙනිෂ් බෙෂරෝට් නැමැති විද්වතාට අනුව, සූමේරියන් ශිෂ්ටාචාරයේ කැණීම් තුළින් මතු කර ගත් මැටි පුවරු සලාක වශයෙන් ඔහු හැඳින්වූ බවත්, එය මානවයා ගේ පෞද්ගලිකත්වය වර්ධනය වීමේ අදහස පෙන්නුම් කරන්නක් ලෙසත්ය. (ප්ලයිස්ටොසීන යුගයෙන් පසු නියෝලිතිකය ආරම්භවීමත් සමග මානවයා ස්ථාවර ජනාවාස ක‍්‍රමයට හුරු විය - ක‍්‍රි. පූ. 1200 පමණ නිවර්තන කලාපයේ සෞම්‍ය දේශගුණය එළැඹීම* එක්තැන්වූ මිනිසා අතිරික්ත ඉපැයුමත් සමග සලාක සංකේත ලිවීමත් ක‍්‍රමයෙන් අක්ෂර භාවිතයට පැමිණි බවත් පර්යේෂකයින් පෙන්වා දෙති. 
අතීත සත්ව හා මානව වර්ගයා පිළිබඳ තොරතුරු සෙවීමට පුරා හා මානව විද්‍යාඥයින් සත්ව විද්‍යාඥයින්, උද්භිද විද්‍යාඥයින්, රසායන විද්‍යාඥයින්, න්‍යෂ්ටික විද්‍යාඥයින්, භූගෝල විද්‍යාඥයින්, පාංශු විද්‍යාඥයින්, ප‍්‍රවේණිවිද්‍යාඥයින්, පරිසර විද්‍යාඥයින්, පරාග විද්‍යාඥයින් විසින් භූමියෙන් ලැබෙන කෞතුකයන් , පොසිල, පරාග, හා වෙනත් විවිධ වස්තූන්, භූ විද්‍යාව අනුව පාශාණ වැනි දේ සකස්කර ගත් ආයුධ, පරාග විද්‍යාවට අනුව සත්ව හා මානව අපද්‍රව්‍ය, වායුගෝලීය හෝ වෙනත් ග‍්‍රහ වස්තුවලින් ලබා ගන්නාලද ඛනිජ ශාඛ සම්පත්, පස් ආදිය උපයෝගී කර ගනිමින් නිරන්තරව පර්යේෂණ කටයුතු සිදු කිරීම, මිනිසාගේ නොනිමි පරිණාමය සොයා යන වෙහෙසකර ගමනක් නොවේද.    
ප‍්‍රිමාටා විශේෂයක් අතුරින් එක් පූර්වජයෙකු ගෙන් ආරම්භ වූ මානව පරිණාමය අදින් වසර මිලියන 06 කට පමණ පූර්වයේහිදී ඇරඹුණ බව ප‍්‍රකට වන අතර දෙපයින් ඇවිද යාම ගින්දර භාවිතයත් සමග ආහාර ගන්නා ආකාරයෙහි වෙනස් වීම (අමු ආහාර වෙනුවට සකස් කර ගැනීම* මෘදුවූ ආහාර ඉක්මණින් දිරවීමද නිසා පැවති විශාල දත්වල මෙන්ම අතුනු බහන් සඳහා දිගු කාලයක් අවශ්‍ය නොවීමත් නිසා සහ තත්කාලීන මිනිසා ගින්දර පාලනයක් සහිතව භාවිතා කිරීම නිසා බිහිසුණු සතුන් ගෙන් ආරක්ෂාව ලැබීමත් හේතුවෙන් ශක්තිය උපයෝගී කර ගෙන මොළය වර්ධනය වීමට ඉඩ හසර පාදක කර ගැනීමත් පොෂ්‍යදායී ආහාරයක් වශයෙන් මාංශ භක්ෂණයත් හෝමෝ ඉරෙක්ටස් පරිණාමයට බලපාන්නට ඇති බව නිරීක්ෂණය කරයි. (හෝමෝ ඉරෙක්ටස් මෙන්ම නියැන්ඩතාලයන් ද මාංශ අනුභවයට රුසියන් සේම දඩයමට ද, දක්ෂ බව තහවුරු කරති. ඉරෙක්ටස් සතුන් හඹා ගොස් යමකින් දමා ගැසීමේ දක්ෂතාවය පැවතීම, දඩයම් කිරීමට දක්ෂ වීම පුළුල් දෙවුර මෙන්ම බාහු වල පිහිටීමත් විය හැකිය* ඉරෙක්ටස් මානව සාධකයන්ට අනුව ‘ජෝර්ජියා භූමියෙන් හමු වූ පාෂාණ පරීක්ෂා කිරීමෙන් දුර සිට සතෙකු මරා ගැනීම ඔවුනට හැකි වන්නට ඇතැයි පෙන්වා දෙයි. මේ සම්බන්ධව උපකල්පනයක යෙදෙන කැලිෆෝනියානු සරසවියේ ‘ක‍්‍රිස්ටෝපර් බොහොම්’ කල්පනා කරන්නේ, සිරුරෙන් තරමක් දුර්වල වුවද, තත් යුගයේ ජීවත්වූ මානවයින්ට දමා ගැසීමේ සහජ දක්ෂාවක් පවතින්නට ඇති බවය. 
මානව විද්‍යාව (4*


පරිණාමීය ලක්ෂණ තහවුරු කරන පොසිල සාධක:- 

පොසිල වාර්තාවලට අනුව හැම මානව විශේෂයක්ම සාමාන්‍යයෙන් වසර මිලියනයක් ගතවීමට පෙර මිහිපිටින් සමුගෙන අති අතර යුරෝපීය ප‍්‍රාග් නූතන හෝමො නියැන්ඩතාල් අදින් වසර 40,000 දක්වා මිහිමත ජීවත්වී ඇත. හෝමො සේපියන් සේපියන් මානව විශේෂය වශයෙන් වත්මන් මානවයා තවම ගත කර ඇත්තේ වසර 20,000 ක් පමණ කාලයකි. නූතන මිනිසාගේ ව්‍යාප්තිය අතරතුර එනම් අදින් වසර 60,000 ත් 40,000 ත් අතර කාලයේ හෝමො නියැන්ඩතාල් සීඝ‍්‍ර වඳ වීමකට ලක්ව ඇත. දැනටමත් සංඛ්‍යාවෙන් බිලියන 6.5 ක් ඉක්මවා ඇති වත්මන් මානව පරපුර මින් පෙර කිසිදු සමූහයකට වඩා වැඩි වෙන බවත් පෙන්වා දෙන විද්වතුන් 2013 පමණක් අපේ ජන ගහණය මිලියන 80 කින් වැඩි වූ බවත් මේ දෑවැන්ත වැඩිවීම පාලනය කර ගත නොහැකි වීම මානව පැවැත්මට මහත් තර්ජනයක් වන බවත් අධ්‍යයන වාර්තා ප‍්‍රකට කරයි.  
ටැන්සානියාවේ ඔල්ඩුවායි ගෝජ්වලින් සොයාගත් මානව හිස් කබල් පරික්ෂා කරන ලූවිස් ලිකී මානව විද්‍යාඥයා (නැගෙනහිර අප‍්‍රිකාවෙහි ඔල්ඩුවායි සහ තුර්කානා විලෙන් * 
‘ලූවිස් ලිකී’ මානව විද්‍යාඥයා, සිය අත්දැකීම් හකුලමින් සඳහන් කරන්නේ, ආදි මානව විශේෂ කිහිපයක්ම එකම කාලයේ විසූ බවත් විෂයානු බද්ධ වත්මන් දැනුම මුළුමනින්ම පාහේ ගොඩ නැගී ඇත්තේ, පොසිල ද්‍රව්‍ය මත බවත් ය. ඒ, සම්බන්ධයෙන් අප‍්‍රිකාවට අයත් කෙන්යාවේ තුර්කානා විල අසබඩින් සොයාගත් පොසිල අධ්‍යයනය කරමින් එය අදින් වසර මිලියන දෙකකට පමණ පෙර ජීවත් වූ හෝමෝ ‘ඉරෙක්ටස්’ මානවයාගේ බව තහවුරු කර සිටී. මේ අනුව එකම කාලයේ ආදි මානව මුතුන්මිත්තන් කිහිප දෙනෙකුම (මානව විශේෂ* විසූ බව ප‍්‍රකට කරයි. ටුර්කානා දරුවා නමින් ප‍්‍රකට ඇට සැකිල්ලේ හිමිකාරයා ගැන අදහස් දක්වන (මොහුගේ දියණියවන* ‘ලිකී’ මානව විද්‍යඥවරිය සඳහන් කරන්නේ, ‘‘ මගේ දෙමව්පියන් කෙන්යාවේ ටුර්කානා විල අසල ආදි මානවයින්ගේ පොසිල සොයන අවධියේ ඔවුන් සමගමයි මා ඇති දැඩි වුණේ. මට වයස අවුරුදු 12 ක් වෙන කොට මගේ දෙමව්පියන්ට හොමෝ ඉරෙක්ටස්වර්ගයේ ළමයෙකුගේ සම්පූර්ණ ඇට සැකිල්ලක් පාදා ගැනීමට හැකිවුණා, ලොව පුරා මානව විද්‍යාඥයින් අමන්දානන්දයට පත් කළ ‘ටුර්කානා දරුවා’ නමින් හැඳින්වුණු ඒ ඇට සැකිල්ලේ හිමිකාරයා වුණේ මගේ වයසේම සිටි හෝමෝ ඉරෙක්ටස් වර්ගයේ ළමයෙක් යනුවෙනි.‘‘  එම මානවයා යම් අනතුරකට ලක්ව ඇති බව ඔහුගේ කොඳු ඇටයකට අනුව නිරීක්ෂණය වන බවත් කිසියම් ආකාරයක වැටීමක් පිළිබිඹු කරන බවත් ඉන් ගොඩවීමට නොහැකිව මියැදෙන්නට ඇති බවත් පර්යේෂණ මගින් තහවුරු කර ඇත. ‘‘ මගේ පියා පැවසූ ආකාරයට අප වනාහි සත්ව විශේෂයක් වශයෙන් අපේ පැවැත්මට අහිතකර දේවල් සවිඥානිකව තෝරා ගන්නා එකම සත්ව වර්ගයයි. ’’ (ලූවිස් ලිකී* 
පරාග විද්‍යාව ඇසුරින් පරිණාමය සොයා යාම

පරාගයෙන් පුරාවිද්‍යාත්මකව අතීතය විමසීම නුතන තාක්ෂණික ක‍්‍රම අධ්‍යයනයෙහි සුවිශේෂී කඩඉමකි. පොළොවයට වූ අවසාධිත තත්ත්වයන් තුළ පරාගයේ පිටත ආවරණය වී නිර්මාණය වී ඇති ස්පොරොපොලිනීන් නම් ප‍්‍රතිරෝධී කාබනික සුරක්ෂිතවීමේ ප‍්‍රවණතාව නිසා සල්ෆියුරික්, හයිඩ්‍රොෆ්ලොරික් ආදී සාන්ද්‍ර ආම්ලික තත්වයකදී වුවද විනාශ නොවීමේ අවකාශ පවතින බව විද්‍යාත්මක සොයා ගැනීමයි.
පොළොව අභ්‍යන්තරය, ගැඹුරු මුහුදු හා ජල පතුල්, හෙල්, ප‍්‍රපාත, විල්, මඩ වගුරු, අවසාධිත පාෂාණ. පොසිල තත්ත්වවලින් ලබා ගන්නා පරාග අධ්‍යයන මගින් මිනිසා සහ පරිසරය සම්බන්ධව මෙතෙක් අනාවරණය නොවූ තොරතුරු විනිවිදීමේ සඛ්‍යතාව පවතින අතර භූගර්භ තත්ත්ව තුළ ඇති ක්ෂුද්‍ර පුරාවිද්‍යාත්මක ද්‍රව්‍යයන්හි සුවිශේෂී සුරක්ෂිත බව නිසා පුරාවිද්‍යාත්මක වශයෙන් ඇකඩමික් භූගර්භ ලේඛනාගාර වශයෙන් නාමකරණයට ලක්ව අත. මේ අනුව පරාග රූප විද්‍යාව හෙවත් පොලන් මෝර්පර්ලොජි විෂය තුළින් වෘක්ෂලතාවල ඉතිහාසය. දේශගුණික ඉතිහාසය, භූවිෂමතාවය, කෘෂිකර්මයේ ආරම්භය, සතුන් හා ශාක හීලෑ කිරීම, මිනිසා භාවිතා කළ තාක්ෂණයන්, මිනිසාගේ යැපීම් ක‍්‍රම, ආහාර භාවිතාව වෙනස්වීම, අභිචාරක‍්‍රම, ශිෂ්ටාචාර ගොඩනැගීම ආදිය සම්බන්ධව තියුණු තොරතුරු යථාර්ථමය කර ගැනීමට විද්‍යාඥයින් සමත්ව ඇත. පර්යේෂකයින් හා විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. මානව හා සමාජ විද්‍යාත්මක නැඹුරුවකින් අතීත මානව ක‍්‍රියාකාරකම්, චර්යා රටාවන් හා චින්තනයන් සම්බන්ධව නිවරදි තොරතුරු ලබා ගත හැකි බවයි. පාරිසරික පුරා විද්‍යා විෂය සහ පෞරාණික පාරිසරික විද්‍යා විෂය ධාරා තුළින් මිනිසාගේ බිහිවීමේ සිට පුරා වසර මිලියන දෙකක තරම් කාලයක් සහ මිනිසා බිහිවීමට පෙර පාරිසරික හා දේශගුණික තත්ත්වයන් පිළිබඳ සිදු කරන හෙළිදරව් කිරීම තුළින් ලොව පවතින මාතෝප පරාග විද්‍යාව, වායව පරාග විද්‍යාව වශයෙන් විමසන විද්වතුන් සත්ත්ව වසුරුවල අන්තර්ගත පරාග විමසීමෙන් සත්ව භෝජන රටාවන්ගේ විවිධත්වය හෙළි කර ගන්නා අතර ප‍්‍රංශයේ නියැන්ඩතාල් මානවයාගේ මළ ද්‍රව්‍ය පරාග අධ්‍යයනයේදී වසර පනස්දහසේ සිට හැත්තැදහස අතර පාරිසරික තත්ත්ව හෙළි පෙහෙළි වූ අතර ඇමරිකාවේ මැක්සාස්හි කැණීමක් තුළින් හමුවූ සත්ව මළ පරාග තුළින් ක‍්‍රි. පූ. 1300 - ක‍්‍රි.ව. 800 කාලයේ වෘක්ෂලතා හා සම්බන්ධ අපූර්ව තොරතුරු හෙළි කර ගැනීමට විද්‍යාඥයින් සමත්ව ඇත. වායව පරාග විද්‍යාව තුළින් වායුගෝලයේ පාවෙන දහස් සංඛ්‍යාත පරාග සහ බීජානු පිළිබඳ අධ්‍යයනය කරයි. බැක්ටීරියා, වෛරස ඇල්ගී බීජානු, ලයිකන, ප්‍රොටොසෝවා. පාසි බීජානු, මීවන බීජානු,  පරාග කණිකා, කෘමීන්ගේ බිත්තර ආදිය පදනම්ව පරිසරයේ උස්ණත්වය, තෙතමනය, සුළඟ, ආර්ද්‍රතාවය, පිළිබඳ අධ්‍යයනය කරයි. එමෙන්ම වෛද්‍ය විද්‍යාව, අපරාධ විද්‍යාව, පරපෝෂිත වේදය, කෘෂිකර්ම විද්‍යාව, වන විද්‍යාව ආදි විෂයන් සඳහාද භාවිතාවන බව නිරීක්ෂණය කරයි. ලක්දිව ඉහළ කඳුකර ප‍්‍රදේශ අධයයන වාර්තා ප‍්‍රකට කරන්නේ, වසර විසිපන්දහසක පමණ දේශගුණික ඉතිහාසයක් විමර්ශනයට භාජනය වන බවයි. හෝර්ටන් තැන්න ආශ‍්‍රිත වෘක්ෂලතාවල ඉතිහාසය, මේ ප‍්‍රදේශය වාස භූමි කර ගෙන විසූ මානවයා සම්බන්ධ තොරතුරු මෙන්ම මෙයින් වසර 25000 සිට 18500 ක කාලය කාන්තාර දේශගුණික තත්ත්වයන් මෙරට පැවති බවත් එය වසර 17500 ක සිට ඉදිරියට යහපත් තත්ත්වයක් දක්වා වෙනස්වී ඇති බවත් හෝර්ටන් තැන්න පර්යේෂණ කරගෙන මීටර් 06 ගැඹුරට කැණීම් කර ලබා ගන්නා පස් සාම්පල් රැුසක් ඔස්සේ හමුවී ඇති පොසිල පරාග අධ්‍යයන වාර්තා විද්‍යාත්මකව ප‍්‍රකට කර ඇත. මෙම පොසිල පරාග පර්යේෂණවල ගෞරවය ක්ෂුද්‍ර පුරාවිද්‍යාව ප‍්‍රථමයෙන්ම මෙරට පුරාවිදු පර්යේෂණ සඳහා භාවිතා කළ කැලණි සරසවියේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ  පාරිසරික පුරා විද්‍යා පර්යේෂණ සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන ආචාර්ය ටී. ආර්. පේ‍්‍රමතිලක ශූරීන් වෙත ය. 

කෘෂිකර්මය සම්බන්ධයෙන් ආර්යාවතරණයට පෙරාතුව වසර දෙදහස්පන්සියය ඉක්මවා ඉන්දියින මූලයෙන් ඔබ්බට ගොස් ලාංකීය කෘෂි ඉතිහාසය වසර 13000 ක් ඈතට ගමන් කරන බව හෝර්ටන්තැන්න ආශි‍්‍රිතව කළ පර්යේෂණ තුළින් ආචාර්ය පේ‍්‍රමතිලක මහතා පෙන්වා දෙයි. කෘෂිකර්මයට උචිත පාරිසරික හා දේශගුණික යෝග්‍යතා සහිත ස්වරූප අධ්‍යයනය කරන පර්යේෂකයින් පවසන්නේ එම තත්්ත්වය මුල්වරට ඇතිවන්නේ, ආසියාව ප‍්‍රමුඛ නැගෙනහිර කලාපයේ බවයි. මධ්‍ය ආසියාවේ චීනයේ යැංෂිකියැං, බටහිර ආසියාවේ, යුප‍්‍රටීස් ටයිග‍්‍රීස්, අග්නිදිග ආසියාවේ, පැපුවා නිව්ගිනියා. දකුණු ආසියාවේ උතුරු ඉන්දියා ගංගා නිම්න ප‍්‍රදේශය සහ ලංකාවේ හෝර්ටන් තැනිතලාවයි. 
මුළුමහත් පෘථිවිය වසර 1500 ක පමණ කාලයක් හදිසි සීතල වියළි (යන්ගර්ඩයස්* දේශගුණික ස්වභාවයක් පැවති බව පුරාවිද්‍යාත්මකව තහවුරු කර ඇත. එමෙන්ම ශතවර්ෂ තුනක් ක්ෂණිකව උනුසුම්ව පැවති අතර ප‍්‍රාග් මූලාරම්භ කෘෂිකර්මයට (ඉන්සිපියන්ට් ඇග‍්‍රිකල්චර්* මානවයා යොමු වීමට මෙම දේශගුණික තත්ත්ව ඉවහල්වී ඇත. නව ශිලා යුගයේ පුනරුද සමය ලෙස හැඳින්වෙන මෙම කාල පරාසය ග‍්‍රාමීය සංස්කෘතියක් කරා මානවයා නැඹුරුවූ මූලික අවස්ථාව වශයෙන් හා ප‍්‍රාග් මූලික කෘෂිකර්මයේ මුල්ම සාධක ඊශ‍්‍රායලය, පලස්තීනය, සිරියාව, ඉරානය (ලෙවාන් කලාපය * යන ප‍්‍රදේශ සමග ශ‍්‍රී ලංකාවේ හෝර්ටන් තැන්න සමගාමී වන බව ක්ෂුද්‍රපුරාවිද්‍යාව අධ්‍යයනය කරයි. (දිවයින බදාදා අතිරේකය 2014.10.15* 
කිසිදු පුරාවිද්‍යාතමක සොයා ගැනීමක් මත ඓතිහාසික පුද්ගලයින්හෝ ඓතිහාසික සිද්ධි සමපාත කිරීම න්‍යාය විරෝධී බව පවසමින් විග‍්‍රහයක් කරන මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසන්නේ, අතීත සමාජවලට අයත් ද්‍රව්‍යාත්මක සමුච්ච විග‍්‍රහ කිරීමෙන් අඛණ්ඩතාව (ජදබඑසබමසඑසැි* යන සංකල්පය (ද්‍රව්‍යමය වස්තූන්වල පවතින ශෛලීය නිරූපණය මගින් හෝ තාක්ෂණික ඉදිරිපත්කිරීම මගින් ප‍්‍රකාශවන ගුණය* සහ විපර්යාසය :ජය්බටැ* (පුරාවිද්‍යඥයා විග‍්‍රහාත්මක තලයේ දී ගනුදෙනු කරන්නේ, ද්‍රව්‍යාත්මක අවශේෂ සමග වන බැවින් ග‍්‍රහණය කර ගත හැක්කේ මෙම ලක්ෂණ පමණක් බවය* කාලය මැනගැනීමේ ක‍්‍රම වේදය අනුව එකී අඛණ්ඩතා සහ විපර්යාසයන් කාලමානයක පිහිටුවා ගැනීමට සමත් වෙනවා. මෙහිදී ඉතිහාසය ගොඩනැංවීමට පුරාවිද්‍යාඥයා දායක වන්නේ, ඉතිහාසය තුළ පැවති ගම්‍යතා හඳුනාගෙන ඒවා විස්තර කිරීමෙන් එය සිදු කළ යුතු බවයි. (මහාචාර්ය රාජ් සෝමදේව* 

මානව විද්‍යාව (5*

මිනිසාගේ ශිෂ්ටාචාර ගත ලක්ෂණ :-

 ලතින් භාෂාවෙන් ක්‍සඩසිඝ ක්‍සඩසකසිැඝ යන වචනය ඉංග‍්‍රීසි භාෂාවෙන් ක්‍සඩසකස‘්එසදබ යනුවෙනුත් ක්‍සඩසකස‘ යන ග‍්‍රීක වචනයෙන්  ක්‍සඩසකස‘්එසදබ යන (ඉංග‍්‍රීසි භාෂාවට 18 වන ශතවර්ෂයේ සංක‍්‍රමණය වී ඇති* වචනය ව්‍යවහාරයට පැමිණ ඇතැයි ද, ක්‍සඑස‘ැබ යන වචනයෙන් ජන පදිකයා හෙවත් නාගරිකයා හනුවෙන් අරුත් ගැන්වෙන අතර ක්‍සඩසකසිැ යන වචනයෙන්ද එම අරුතම නිරූපනයකරයි. ක්‍සඩසකසඑ යන වචනය, නාගරිකයින්ගේ දේශපාලනික හා සාමාජික හැසිරීම් ස්වභාවය යන්න අරුත් ගන්වන අතර ක්‍සඩසකස‘ැ යන වචනයෙන් ශිෂ්ටාචාරය (සිංහල* පැමිණි බව අදහස් වෙයි. ක්‍සඩසකස‘්එසදබ යන වචනයෙන්  වනගත බවින් ඉවත්වීම, හොඳ සිරිත්, විරිත්, නීති, රීති විද්‍යාව හා කලාව පිළිබඳ හික්මීම යන අරුත් විග‍්‍රහ කෙරෙයි. 
ගින්දර සොයා ගැනීම, භාෂාව හා අක්ෂර සොයා ගැනීම (ලේඛන කලාව සොයා ගනු ලැබුවේ, ක‍්‍රි.පූ. 5000 ට ආසන්න යුගයේ දී* මිනිසාට පරිසරය ජය ගැනීමට ප‍්‍රබල දායකත්වයක් සැපයුණි. මානව සමාජය විවිධ අංග සංවර්ධනය වීම ක‍්‍රමයෙන් සිදු විය. ශිෂ්ටාචාරයේ වර්ධනයසඳහා පරිසරයෙන් සිදු වූ ප‍්‍රබල බලපෑම, සොබාදහම කෙරෙහි මිනිසා තුළ පැවති ආකල්ප මෙන්ම ශිෂ්ටාචාර පහළවීමෙන් (නුතන ශිෂ්ටාචාරයේ ප‍්‍රභවය ක‍්‍රි.පූ. 5000 පමණ සිදු වූ බව පැවසෙයි* පසු පරිසරයේ වෙනස් වීම් සමාජ වර්ධනය කෙරෙහි සිදු වූ බලපෑම මාතෘකා ගත කරුණ විමසීමට ප‍්‍රයොජනවත් වෙනු ඇත.  
ක‍්‍රි.පූ. 30000 සිට 10000 දක්වා කාළය පැලියෝලොතික් නොහොත් පුරාණ පාෂාණ යුගයයි. මෙම කාල පරිච්ෙඡ්දය ප‍්‍රාග් ඓතිහාසික යුගය මෙන් සතර ගුණයක් දිගු වෙයි. ‘‘මරසිලියානෝ’’ (1879* විසින් ස්පාඤ්ඤයේ උතුරු වෙරළබඩ තීරයෙහි ඇක්සිලානා ඩෙල්මාර්හි ඇල්තිමීරා ගුහාවෙන් සොයාගත් අශ්ව, ගව, සිතුවම් ලොව ඉපැරණිම චිත‍්‍ර වශයෙන්, 1902 දී ඇබ් ප‍්‍රියුසිල් පුරාවිද්‍යාඥයා විසින් මෙම ගුහාව කැණීමෙන් සොයා ලත් සත්ව පොසිල එම සතුන්ගේ විය හැකි බවට අනුමාන කරන ලදී. ඉන්පසුව 1940 දි ප‍්‍රංශයෙන් හමුවන විශාල ගෝනෙකුගේ සිතුවමක් සහිත ලෙන පරික්ෂාවට ලක්කිරීමේදී එහි අශ්වයින්, පිහිනන මුව රංචුවක්, හිපපොටේමස් වර්ගයට හා කඟවේනෙකුගේ රූපයක් සමග මිනිස් රූ හමුවීම පර්යේෂකයින්ගේ උද්යෝගය වැඩි කරන්නට හේතු වූවා පමණක් නොව, එහි සත්ව රූ මෙන් නොව දුර්වල මිනිස් රූප පිළිබඳව ද අවධානය යොමු විය. රේඩියෝ කාබන් පරීක්ෂණ අනුව මෙම ලෙන් සිතුවම් ක‍්‍රි. පූ. 30000 ටත් 20000 ටත් අතර කාලයක් තුළ වරින් වර අඳින ලද ඒවා බව පළ කෙරුණි. මෙම චිත‍්‍රවල ප‍්‍රමාණය නිවැරදි බවටත් වඳ වී ගිය ආදි කාලීන සතුන්ගේ කාය විච්ෙඡ්දන විද්‍යා සටහන්වලට සත්ව විද්‍යාඥයින්ගේ පෙළඹවීම ඇතිවූයේ මෙම පූර්වාදර්ශයන් ගේ හේතු වෙන් බවට අදහස් ප‍්‍රකට විය. මේ සම්බන්ධ පර්යේෂණවලට අනුව තත්කාලීන පැලියොතික් යුගයේ සිත්තරුන් ආලේපන සකසාගෙන ඇත්තේ සත්ව මාංශ, යපස් ආදිය භාවිතා කරමින් බව ය. ප‍්‍රංශයේ නිරිත දිග ප‍්‍රදේශයේ ‘ලිමියු ඉල්කින්’’ ලෙන්වලින් සොයාගත් චිත‍්‍ර ගල්පුවරු පරීක්ෂාකළ පුරා විද්‍යාඥයින් පවසා සිටියේ  එම භූමිය සිතුවම් කර්මාන්තය පිළිබඳ ඔවුන්ගේ පුහුණු මධ්‍යස්ථානයක් වශයෙන් තත් යුගයේ පැවත ඇති බව ය. ක‍්‍රි. පූ. 10000 දී පමණ අයිස් යුගය අවසාන වී ග්ලැසියර දියවී යාමත් සමග පුරාණ පාෂාණ යුගයේ අවසානය එළැඹීමෙන් උනුසුම වැඩිවීමත් සමග ආදි මානවයින් ගල්ලෙන්වලින් බැහැරට ගොස් දැවයෙන් තනා ගත් නිවාසවලට පිවිස ජලාශ‍්‍රිත පරිසරයකට හුරුවීමත් සමග කෘෂිකාර්මික නව යුගයක ආරම්භ්‍යක් සටහන් කරමින් වනසතුන් හීලෑ කොට පාලනය කිරීමත් දඩයම් යුගය වෙනස්වීමකට ලක්වීමත් නිසා ලොව එතෙක් පැවති ගල් ලෙන් පුරා වසර 12000 ට අධික කාලයක් අප‍්‍රකටව සැඟව ඇති බව අධ්‍යයන කෙරෙයි. 

 ‘‘විද්‍යාත්මක හා කාර්මික දැනීමත් ඒ අනුව ස්වභාවික තත්ත්වයන් පාලනය කිරීමේ බලයත් ශිෂ්ටාචාරය වශයෙන් අරුත් ගැන්වෙයි’’ ‘ඇල්ප‍්‍රඞ් වේබර්’, මිනිසා දඩයම් යුගයෙන් ඉවත්ව සංක‍්‍රමණය අතහැර ස්ථිර වාසස්ථාන බිහි කර ගැනීමත්, කණ්ඩායම් වශයෙන් හෙවත් ‘‘සමාජ කොටස්’’ වශයෙන් ජීවත් වීමත් සමගම ශිෂ්ටාචාර බිහි වූ බව, ග‍්‍රීක, රෝම, මොහෙන්දජාරෝ, හරප්පා ශිෂ්ටාචාර උදාහරණ වශයෙන් දක්වමින් මානව විද්‍යාඥයින් කරුණු දක්වති. මිනිසා ගැන හැදෑරීමේ විද්‍යානුකූල පදනම ‘අන්ද්‍රෙයස් වේසාලියස් සහ විලියම් හාවි යන විද්වතුන් ගේ පර්යේෂනයන් ගෙන් පසුව ඇරඹුණි. අපගේ යාබද රට වූ ඉන්දියාවේ ගෝත‍්‍රික සමාජ පිළිබඳ අධ්‍යයනය කළ ඞී. ඞී. කෝසම්බි පෙන්වා දුන්නේ, ‘අර්ධද්වීපික ඉන්දියාවේ ගෝත‍්‍රික සමාජ, ඉන්දියාවේ ජීවමාන ප‍්‍රාග් ඉතිහාසය බව ය. අෂූර්වරුන්ගේ සමාජ අධ්‍යයනය කළ වේරියර් එල්වේ පෙන්වා දුන්නේ, ඔවුන්ගේ සංචාරක දිවිය පෞරාණික මානව සිරිතක් වශයෙන් නිරීක්ෂණය වන බව ය.    
අදින් වසර පන්ලක්ෂයකට පෙර සිට එන මුල්ම මිනිසුන් ආහාර සපයා ගෙන ඇත්තේ, අනෙකුත් සතුන් මෙන් වනාන්තර ආශ‍්‍රයෙනි. ඒ සඳහා පළතුරු, පළ වර්ග වැනි ආහාරයට සුදුසු දේ එකතු කර ගන්නට ඇත. කාළයාගේ ඇවෑමෙන් සතුන් දඩයම් කර ගැනීමට ද ඔවුහු පුරුදු වන්නට ඇති බව පිළිගැනේ. ඒ සඳහා තද පාෂාණ මෙවලම් තනා ගන ඇති බව පුරා හා මානව විද්‍යාඥයින්ගේ නිරීක්ෂණයට හසුව ඇත. මේ අනුව වන මුල් පලාපලවලින් මෙන්ම සත්ව දඩයමින් ආහාර සොයා ගැනීමේ ජීවන ක‍්‍රමය මානව ඉතිහාසයේ දීර්ඝ කාළයක් තුළ පැවති බව නිරීක්ෂණය වෙනු ඇත. දඩයම් සොයා යාමේදී පෙරළා සතුන්ට බිලිවීමද සිදුවන්නට ඇත. දඩයම් සොයා ගිය මිනිසා ජයග‍්‍රහණ මෙන්ම පරාජයන් අත්විඳීම ද නව බිම් සොයා යාම ද ජීවන ක‍්‍රියාවලිය තුළ සුදුව ඇති බව පුරා හා මානව විද්‍යාඥයින් ගේ පර්යේෂණ තුළින් ප‍්‍රකට කර ඇත.    
කාලයත් සමග මෙම තැන තැන ගොස් ආහාර සොයා ගැනීමේ ක‍්‍රියාවලිය සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති අතර ස්ථිර වාස භූමි වෙනුවට ගල්ගුහා වැනි ස්වාභාවික ස්ථානවල ආරක්ෂාව ලබා තාවකාලික ජීවිත ගත කරන්නට ඇත. සතුන් ලූහු බැඳ ගොස් මරාගෙන ආහාර සකස් කර ගත් මිනිසා කල්යාමේදී ආහාර පිණිස සතුන් ඇති කොට ඒ මගින් ආහාර පිළියෙළ කර ගැනීම වඩා පහසු ක‍්‍රමයක් බව සිතන්නට ඇත. ඒ අනුව අතීත මිනිසා එළු, බැටළු, ගව ආදී සතුන් හීලෑ කොට තම පාලනයට නතු කර ගෙන ඇති බව ප‍්‍රත්‍යක්ෂය. පිරිමි පක්ෂය දඩයම කරා යොමු වීම ද, ආහාර පිණිස අල මුල් පළතුරු සොයා ගිය කාන්තාවන් ද පසු කාලයේ තමා ජීවත්වන පරිසරය අවට ඒවා වගා කරන්නට ද පෙළඹෙන්නට ඇත. මේ අනුව පූර්වජයින් ක‍්‍රමයෙන් ගෘහාස්ශ‍්‍රිත ජීවිතයට පෙළඹෙන්නට ඇති බව විශ්වාස කළ හැකිය. 

ප්ලයිස්ටොසීන අවධිය වන විට අවි ආයුධ හා උපකරණ භාවිතයට මිනිසා පුරුදු විය. භූමි හා කැලෑවලට ගැලපෙන අවි නිපදවා ගත් අප‍්‍රිකානු මානවයා මුල්ම යුගයේ ප‍්‍රාථමික ගණයේ අවි නිපදවා ගත්තත් පසුව තියුණු ලෙස සකස් කර ගත් අවි වලින් සිය අවශ්‍යතා ඉටු කර ගත් බව පුරා   විද්‍යාත්මක සාධක තහවුරු කරයි. මේ අනුව මෙවලම් භාවිතය හා නිපදවීම සභ්‍යත්වය පරිණාමය වීමේ දී මූලික විය. 

සතුන් හීලෑ කොට ඇති කිරීම මගින් මස් කිරි වැනි දේ පරිභෝජනයට පුරුදු වූ මොවුන් කාලීනව ගැටුම්වලට ද මුහුණ දිමට සිදුව ඇති අතර ආහාර ජලය වැනි සම්පත් හිග වීමත් ලෙඩ රෝගවලට ගොදුරු වීමත් ආදි කරුණු නිසා විවිධ ගැටලූවලට පිළිතුරු සෙවීම නිරායාසයෙන්ම ඔවුනට සිදු වන්නට ඇත. සතුන් සමඟ තැන තැන යන අවස්ථාවේ ස්ථිරවාසස්ථාන පිළිබඳ අදහසක් ප‍්‍රකට නොකළ ඔවුන් ශීතල, උනුසුම පතා හෝ මැසිමදුරු උවදුරින් වැළකීමට ශරීරාවරණය පිළිබඳ උනන්දුව හේතුවෙන් කෙළ අතු, ගස් පට්ටා, සත්ව හම් වැනි දේ භාවිතාවට හුරු පුරුදු වන්නට ඇත. ඉන්පසුව නවාතැන් පිළියෙළ කර ගනු වස් සංචාරක එෙඬ්ර ජීවිතය අවසන් කර සත්ව පාලනය සිදු කරමින් ආහාරයට සුදුසු ධාන්‍ය වර්ග, අල වර්ග හා පළතුරු වර්ග ආදිය වගා කර ගැනීමටත් මස් හා කිරි ලබා ගැනීමටත් සතුන් ඇති කරගැනීමටත් පෙළඹෙන්නට ඇත.
කෘෂිකර්මාන්තය උදෙසා භෝග වර්ග කෙරෙහි කළ බලපෑම හේතුවෙන් ගංගා නිම්නයන්හි සරු බිම් සොයා ඇවිද ගිය අපේ පූර්වජයා ස්ථිර වාසස්ථාන ගොඩ නගා ගත් බව මානව හා පුරාවිද්‍යාත්මක නිරීක්ෂණ තහවුරු කරයි. ඒ  අදින් වසර දස දහසක තරම් කාළයකට ප‍්‍රථම, මෙය සිදුව ඇති බවය. මුලින්ම හඳුනා ගෙන ඇති තිරිඟු, ඉරිඟු, බාර්ලි වි වැනි ධාන්‍ය වර්ග වගා කිරීමේ දී කාලගුණ විපර්යාසයන්ට මුහුණ දීම වීම වැනි කාරණා නිසා අතිරික්තය සුරක්ෂිත කර ගැනීමට ද පෙළඹෙන්නට ඇත. අතිරික්තය ගබඩා කර ගෙන බුක්ති විඳි සමය ඔවුන්ගේ විවේක බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීමේ අවස්ථාව එළැඹීම තුළින් තම ජීවන කාර්යයන් පහසුවෙන් කර ගැනීම පිළිබඳ කල්පනා කරන්නට ඇත. ඔවුහු අස්වනු කැපීමට දෑකැත්ත, සීසෑමට නගුල, එහා මෙහා ගෙන යාමට රෝදය සහිත කරත්තය නිර්මාණය කර ගත්හ. ධාන්‍ය ඇඹරීමට, ඇඹරුම් ගලත්, සුරක්ෂිත කර ගැනීමට ධාන්‍ය බිස්සත් වාසය කිරීමට කටු මැටි බිත්ති සහිත ගෙවලූත් සරල ගෘහ උපකරණත් ස්ථිර නිවාස ක‍්‍රමය යනාදියත් ඔවුන් අත්පත් කර ගත් ජයග‍්‍රහණ බව නිසැකය. මෙලෙස ගංගාධාරයන්හි ස්ථිරව පදිංචි වීමත් කෘෂි කර්මය මගින් අහර සපයා ගැනීමත්, පාලන සංවිධානයන් ගොඩනගා ගැනීමත්, ඒ තුළ ක‍්‍රියාත්මක වීමත්, නීති රීති පද්ධතියකට අවනත වීමත්, ආරක්ෂාව සඳහා සංවිධාන ගොඩ නගා ගැනීමත්, අදහස් ප‍්‍රකාශ කිරීම සඳහා භාෂාවක් සහ ලේඛන ක‍්‍රමයක් භාවිතයත්, ආගමික විශ්වාස පිළිගැනීම හා අභ්‍යන්තර මෙන්ම බාහිර සබඳතා පවත්වා ගෙන යමින් සාමූහිකත්වයක් ප‍්‍රකට කිරිම ආදී කර්තව්‍යයන් රාශියක් සමග පුර්වජයින් ශිෂ්ටාචාර ගතවූ බව සඳහන් කළ හැකිය. 

මෙවැනි ලක්ෂණ සහිත ශිෂ්ටාචාර ලොව මුලින්ම ආරම්භ වුනැයි සැලකෙන ප‍්‍රධාන ගංගා නිම්න 04 ක් පුරා හා මානව විද්‍යාඥයින් සමග ඉතිහාසඥයින් ගේ ගැඹුරු අවධානයකට ලක්ව ඇත. එනම් මෙසපොතේමියානු හෙවත්, වර්තමාන මැද පෙරදිග පිහිටි යුප‍්‍රටීස් ටයිග‍්‍රීස් ගංගා නිම්නය, චීනයේ හොවැංහෝ ගංගා නිම්නය, මිසරය හෙවත් ඊජිප්තුවේ නයිල් ගංගා නිම්නය හා ඉන්දියාවේ සින්ධු ගංගා නිම්නය යන කලාපයන් ය. මානව ශිෂ්ටාචාරයේ මුල්ම අවදිය සොයා ගිය පුරා හා මානව විද්‍යාඥයින් ගංගා නිම්න ආශ‍්‍රිතව ඇරඹි මෙම ශිෂ්ටාචාර අදින් වසර 5000 කට (පන්දහසකට* පෙරාතුව පටන් ගන්නට ඇතැයි පර්යේෂණ මගින් තහවුරු කර ඇත. 
ඔවුන්ගේ චරියාවන් මෙන්ම පරිහරණයන් පිළිබඳ විමසීමේදී ඒ ඒ ශිෂ්ටාචාර අතර හුවමාරු වෙමින් නවීකරණයට ලක්ව, නූතන පරම්පරාව කෙරෙහි අනුගතවන්නට ඇති බව පිළිගැනීමට පාත‍්‍රවන අතර, කාලයේ වැලි තලාවන් ගෙන් වැසී ගිය පූර්ව යුගයේ කෞතුකයන් ප‍්‍රාමාණික වියතුන් ගේ අප‍්‍රතිහත ධෛර්යය නිසා මෙම ශිෂ්ටාචාරවල පැවති දේශපාලන, ආගමික. ආර්ථික හා සංස්කෘතික තොරතුරු මතු කර ගැනීමට හැකිවී ඇති බව පෙනෙයි. 
මෙසපොතේමියානු ශිෂ්ටාචාරය බිහිවී ඇත්තේ යුප‍්‍රටීස් ටයිග‍්‍රීස් ගංගාධාරයේ මධ්‍යම හා පහළ කොටස් ආශ‍්‍රිතවය. මෙසපොතේමියා (ග‍්‍රීක භාෂාව අනුව, මෙසෝ + පොතෙමස් * යනුවෙන් හෙවත් ‘‘ගංගා මැද’’ යන අරුත දනවයි. (ක‍්‍රි. පූ. 4000 ක පමණ කාලයකට උරුම කම් කියන සිරියාවේ ටෙල් බැක් ප‍්‍රදේශයෙන් ලැබෙන මැටි පුවරු, ලොව පැරණිම අක්ෂර වශයෙන් හඳුනා ගෙන ඇත*
එකම මානව සමූහයක් සිය ජයග‍්‍රහණ අත් පත් කර ගනිමින් සිදු කළ මේ ගමන් ඇරඹුම පසුව භූගෝලීයමය සමාජාර්ථික කරුණු හේතුවෙන් කෘෂි හා පශු වශයෙන් දෙකොටසකට බෙදී ව්‍යාප්ත වන්නට ඇති බව ඇතැම් වියතුන් ගේ අදහස විය.  ක‍්‍රි. පූ. 12000 දී පමණ සිදුවන්නට ඇතැයි විශ්වාස කරන මානව සංවර්ධනයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් වශයෙන් සැළකෙන කෘෂිකාර්මික ජන ව්‍යාප්තියත් පශු පාලනය සමග ඇතිවන ජන ව්‍යාප්තියත් අතර වෙනස පැහැදිලි කරන ආචාර්ය කේ. එච්. එම්. සුමතිපාල ශූරීන් (1978 විද්වත් කථිකාව* සඳහන් කළේ, පැලෑටි හා සතුන් හීලෑ කිරීම සිදුවන්නට පටන්  ගත්තේ,  ක‍්‍රි. පූ. 12000 දී පමණ බවත්, මධ්‍යධරණී මුහුදේ නැගෙනහිර භාගය මානව සංවර්ධනයේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර නැගෙනහිර භාගයට දකුණින් හා අග්නිදිගින් පිහිටි මිසරය සහ බැබිලෝනියාව මුලින්ම කෘෂිකර්මයට නැඹුරු වන්නට බලපාන්නට ඇති බව හා උතුරින් හා වයඹ දිගින් පිහිටි ග‍්‍රීසිය හා ජර්මනිය පශුපාලනය ඇති වූ ප‍්‍රදේශ වශයෙනුත් ප‍්‍රකට කරන බවය. මේ බෙදීම පිළිබඳව ව්‍යක්තව කරුණු සාකච්ඡුා කරන ආචාර්ය සුමතිපාල ශූරීන් මෙම වෙන් කිරීම සුර හා අසුර යන නාම කරණයට හේතු වූ බවට කරුණු දක්වයි. මෙය සර - අසර විය යුතු බවත් සුර අසුර වූයේ ශබ්ද කිරීමේ පහසුව නිසා හෝ නැතහොත් වැරදි අවබෝධය නිසා හෝ වන්නට ඇති බවය. සර = ඇවිදීම =හැසිරීම =එෙඬ්ර යන අරුත් දෙන බවත් පාදය = සර = දෙපයින් කෙරෙන කාර්යය, අත = කර = දෑතින් කෙරෙන කාර්යයි. බොහෝ වැඩ කටයුතු ඇති පුද්ගලයා කාර්ය බහුල අයෙකි. බොහෝ ගමන් බිමන් ඇති පුද්ගලයා සාර්ය බහුල අයෙකි. සාර්ය = හාර්ය = ආර්ය වශයෙන් පෙරළෙන්නට හැකි බව හෙතෙම පවසයි. (සුරා =සර =සාර්ය = ආර්ය ගණය -පශු පාලනයේ යැපුණ බවත් අසුර = අසර - කෘෂිකර්මයෙන් යැපුණ බවත්, සැමිටික් = හැමිටික් =ගැමිටික් - යුදෙව් අදේව් කෘෂිකාර්මිකයි. සමිටික් =සමිතික, කැටිව, ගොඬේ වාසය කරන අරුත් සපයන බවත් සුර අසුර දෙවර්ගය මිනිස් වර්ග දෙකක් නොවන බවත් රැුකියා දෙවර්ගයක යෙදුණු එකම මිනිස් වර්ගය හැඳින්වූ නම් දෙකක් බවත් හෙතෙම සඳහන් කර ඇත. 

මුල්ම මානවයා අප‍්‍රිකා භූමියෙන් බිහිවී ලොව පුරා විසිර ගිය අතර තත් යුගයේ සිටම (ස්ථිර වාසස්ථාන පිහිටුවා ගැනිම සිදු කළත් පසු කාලීනව ද* විසිර ජීවත් වූ බවට ඇති සාධක අපමණය. මේ සඳහා බලපාන ලද විවිධ හේතූන් වෙයි. යාබද රට වූ ඉන්දියාවට ඈත අතීතයෙහි පැමිණි පැරණිම මනුෂ්‍ය වර්ගයා වශයෙන් ‘නිග‍්‍රිටෝවරු’ සඳහන් කෙරෙයි. අනතුරුව ‘ඔස්ත‍්‍රලොයිඞ් වර්ගයාත්, ඉන්පසු බටහිර දේශාන්තරයෙන් මධ්‍යධරණී වර්ගයාත් පූර්ව යුගයේ නැගෙනහිර මුහුදු තීරයෙන් එහා කොදෙව්වල විසූ මොන්ගල් වරුද, මැලනීසියන්වරුද, පොලිනීසියන් වරුද, ඉන්දියාවට සංක‍්‍රමණය වූ බව අනුමාන කෙරෙන අතර අවසන් වශයෙන් එහි පැමිණියේ ආර්යයන් වෙයි.  
තුරාණ යනු අනාර්ය යන අර්ථයයි. සිමිටික් සහ ආර්ය භාෂාවලට අයිති නැති අවශේෂ සියලූ භාෂාවලට තුරාණ යන නාමය දී තිබෙතත් ඒ භාෂා එකම මූලයකින් උපදින්නට ඇතැයි නොසැලකිය යුතුයි. මොන්ගෝලීය ද්‍රවිඩ ආදී එකිනෙකට වෙනස් වූ භාෂා බොහෝ ගණනක් ඊට අයිති වේ. මාගධි මූල භාෂාවක් වශයෙන් කිසිකෙනෙක් නොසලකති (ඍැඩගඔයැදාදරු ටග ඡුැරු ර ්1945* මේ පිළිබඳව විවිධ අදහස් හා මතවාද ඉදිරිපත්ව ඇති අතර ආර්යයන් යනු මිනිස් වර්ගයක් නොවන බවත් සුර අසුර යන දෙකොට්ඨාසය සම්බන්ධයෙන්ද පරස්පර අදහස් ඉදිරිපත්ව ඇති බව නිරික්ෂණය වන බව ද පැවසිය යුතුය. කෘෂිකර්මය පදනම් කර ගත් ජන කායක් හැඳින්වීමට ආර්ය නාමය පට බැඳි බවටද අදහස් ඉදිරිපත්ව ඇති බව ප‍්‍රකටය. 

‘‘ආර්ය යන්න උත්තමාර්ථයෙහි වැටේ. පර්සියා දේශයට ඉරාණ (ඓරන්* යන නාමය දෙන ලද්දේ ඒ ආර්යයන්ගේ මුල් වාස භූමිය වූ හෙයිනි. ඔවුහු කෘෂිකර්මයෙහි නියුක්තවූ හෙයින් ආර්ය යන නාමය ලදහයි කිසිකෙනෙක් සලකති. ලතින් භාෂාවෙහි ‘‘අරාරෙ’’යනු සීසෑමයි.’’( ඍැඩගඔයැදාදරු ටග ඡුැරු ර ්1945*     
ඓතිහාසික තත්ත්වයන් විමසීමේ දී කෘෂිකර්මය සහ පශු පාලනය පදනම් කර ගත් මානව පිරිස් ඔවුන් ගේ චර්යාවන් සහ සංස්කෘතීන් අනුව පැහැදිලි වෙනස් කම් ප‍්‍රකට කළ බව මනාව පැහැදිලි වෙයි. ආචාර්ය සුමතිපාල ශූරීන් පවසන පරිදි කෘෂි පාලනය මධ්‍යගත ක‍්‍රමයකිනුත් පශුපාලනය විමධ්‍ය ගත ආකාරයකිනුත් සමාජ ගතව ඇති අතර කෘෂි සමාජය ඒකාකාරී ජිවන රටාවකට හුරු පුරුදුවූ භාවාත්මකව කටයුතු කළ ගස් පට්ටා ඇඳි ආහාරය අතින් කාර්බෝහයිඞ්රෙඞ් ප‍්‍රධාන තැනක් ගත් සාමූහිකව කටයුතු කළ කණ්ඩායමක් වශයෙනුත් පශු සමාජය තුළ සතුන් සමග හුදකලා වූ මිනිසා භූගෝලීය වශයෙන් හා සෞන්දර්යාත්මකව ද පරිසරය පිළිබඳ මනා අවබෝධයක් ලැබ ගී ගැයීම වැනි දේ හුරු පුරුදු වූ ප්‍රෝටීන් සහිත ආහාර අනුභව කළ සත්ව හම් ඇඳුම් වශයෙන් භාවිතා කළ නිර්මාණ අගය කිරීම මෙන්ම සතුන් ආහාර ගන්නා කාලය තුළ ලැබුණ විවේක කාලය බුද්ධිමය විවේකයකට ඉඩ හසර පෑදීම අභියෝගවලට මුහුණ දීමට හැකියාවක් ලැබීම මෙන්ම අද්දැකීම් බහුල ජීවන ප‍්‍රවෘතියකට ඔවුන් උරුම කම් ලැබීය. නූතන ලෝකය දෙස විමසා බැලීමෙන්ද තාක්ෂණය අතින් නිපුණත්වයක් ලබන කලාපීය රටවල් සහ කෘෂි නිෂ්පාදන අතින් දියුණුවක් පෙන්වන රටවල් හි ඓතිහාසික සටහන් සහ කෞතුකයන් තුළින් ද විශද වනුයේ යථෝකථ වෙනස් කම් අනුව තාක්ෂණය අතින් වඩා දියුණුවක් පශු සමාජය පසු කාලීනව ප‍්‍රකට කළ අතර කෘෂි සමාජය සාමූහිකව සහ භාවාත්මකව නිදහස් චින්තනය වෙනුවට කිසියම් රාමුගත ඒකාකාරී ජීවන ක‍්‍රමයකට හුරුව පෙරට ආ බවයි. ලාංකිය භූ විෂමතා ලක්ෂණ මෙන්ම ශිෂ්ටාචාරය හා කාන්තාව මැයෙන් පැවති විද්වත් සාකච්ඡුාවකදී මහාචාර්ය වාඩියා මහතා පෙන්වා දුන්නේ මධ්‍ය කඳුකරයේ පවතින ඇතැම් සීඝ‍්‍ර බෑවුම් ඇතිවන්නට හේතුවක් වශයෙන් තියුණු ආයුධ සකස් කර ගැනීම සඳහා තද පාශාන අවශ්‍යවු බැවින් තත්කාලීන මානවයින් ඒ සඳහා සිදු කර ඇති කැණීම්වල ප‍්‍රතිඵලයක් විය හැකි බවයි. (ශෛලමය ආයුධ එතරම් තද දේවල් (ගස් වැනි* කැපීමට, ඉරා ගැනීමට ප‍්‍රමාණවත් නොවූ හෙයින් මැණික් ආදී පාශාන ඒ සඳහා භාවිත කළ බව අනුමාන කරයි* ආහාර වශයෙන් දඩයම් කර ගත් සතුන්ගේ හම්වලින් ඇඳුම් සකස් කර ගත් බවට වාර්තා වී ඇති තොරතුරු අතර, රුසියාවේ හිම ප‍්‍රදේශවලින් සොයා ගත් හිම කබායත් පා ආවරණ මෙවලම් පරික්ෂාවට භාජනය කළ පුරා හා මානව විද්‍යාඥයින් සඳහන් කළේ ඒවා අදින් වසර 70000 ටත් 40000 ත් අතර කාල පරාසයක දී ‘නියැන්ඩතාල් මානවයාට අයත් ඇඳුම් කට්ටලයක් බවයි. අධික ශීතලෙන් යුතු කාල වකවානුවල දී ප‍්‍රථමයෙන් ම මානවයන් ඇඳුම් ඇඳීමට පටන් ගත් බව පැහැදිලි (මාලිංග අමර සිංහ* වන අතර ප‍්‍රාග් යුගය දක්වා ඈතට ඇඳුම් භාවිතය ගමන් කරන බව ද, අධ්‍යයනයන් තුළින් පැහැදිලිය. 

‘‘ අවට රටවල් සමඟ ලංකාව ඒකාබද්ධව පැවති කාලයක දී වර්ග කීපයකට අයිති මිනිසුන් පයින් ගමන් කොට මෙහි පැමිණෙන්නට ඇති බව සිතීමට යම්තමින් කරුණු තිබේ. පෙර කාලවල දී නිතරම පාහේ ඉන්දියාව ඔස්සේ හෝ ඉන්දියාව හරහා හෝ මිනිස් වර්ගයා මෙහි පැමිණෙන්ට ඇතත් ඊට පසු අවදියක ලංකාවට නැගෙනහිරින් පවා යම් යම් මිනිස් කොටස් දකුණු ප‍්‍රදේශය පසුකොට පැමිණි බව සිතන්නට ඇත. මලය ප‍්‍රදේශයෙහි දක්නට ලැබෙන පාෂාණ ආයුධයන්ට සමාන ආයුධ දකුණු ලංකාවේ ගිනිකොන දෙස පිහිටි මිනිහාගල්කන්ද නැමැති ප‍්‍රදේශයෙන් පෙනෙන්ට තිබේ. මැලනීසියන් හා පොලිනීසියන් වර්ගයා ලක්දිවට පැමිණි බවට ස්ථිර සාක්ෂි නැතත් ඔවුන්ට අයිති සංස්කෘතික ලක්ෂණ යම්තමින්වත් මෙහි දකින්නට තිබෙන බව සඳහන් කළයුතුයි. එනම් උඩරට තට්ටු ගොවිතැන, පොල්ගස, කොල්ලෑව සහිත ඔරුව හා උරහිස සහිත නියන් තලය යි. අප‍්‍රිකා දේශයෙන් ද ආදිම යුගයන්හි මිනිස් වර්ගයා ඉන්දියාවට නොපැමිණියේ යැයි කිව නොහැක. ඇතැම් පාෂාණ ආයුධවලට සමාන පැරණි ගල් ආයුධ අප‍්‍රිකාවේත් ලංකාවේත් පෙනෙන්ට ඇත. ලක්දිව ඈත මිනිසුන් ගැන නියම තත්ත්වය පහදා ගන්නට නම් ඉන්දියාවේ වාසය කළ ආදි මිනිසුන් ගැන ප‍්‍රථමයෙන් සිතා බැලිය යුතුයි. ගොඩින් හෝ මුහුදින් යමෙක් මෙහි පැමිණියා නම් ඔවුන් එන්නට ඇත්තේ දකුණු ඉන්දියාව හරහායි. මේ ගැන සිතන්නට දැන් නම් බොහෝමයක් කරුණු ඉන්දියාවෙන් සොයාගෙන තිබේ. පුරාණ පාෂාණ යුගයට අයත් මනුෂ්‍ය වාසස්ථාන කීපයක් සොයා ගෙන ඇතත් ඒ සමයෙහි විසූ මිනිසුන් ගේ හිස් කබල්, ඇට සැකිලි හෝ ඇට කටු මෙතෙක් ලැබී නැත. එමෙන්ම මධ්‍යම පාෂාණ යුගයට හෝ අව පාෂාණ යුගයට හෝ, අර්ධ පාෂාණ යුගයට හෝ අයත් මිනිසුන්ගේ ඇට සැකිල්ලක් සොයා ගන්නට පවා මෙතෙක් භාග්‍ය ලැබී නොමැත. වාසනාවකට මෙන් ක‍්‍රි. ව. ට පෙර 3000 ට පමණ ආර්ය වර්ගයාට පෙර කාලයෙහි ඉන්දු ගංගා භූමියෙහි විසූ මිනිසුන්ගේ ඇට සැකිලි කීපයක් මොහැන්ජෝදාරෝ හා හරප්පා තගරවල නෂ්ටාවශේෂ අතර තිබී හමුවී තිබේ. ඒවා පරීක්ෂා කිරීමෙන් ඉහත සඳහන් පාෂාණ යුගවල ජීවත්වුණු මනුෂ්‍ය වර්ගයාගෙන් පැවත එන්නන් එකල විසූ බවට ප‍්‍රමාණවත් සාක්ෂ්‍ය ලැබ ඇත. මේ සාක්ෂි සමඟ ම දැනට ඉන්දීය වනාන්තරයන්හි වසන තවමත් නොදියුණු තත්ත්වයක ජීවිතයක් ගත කරන මිනිස් වර්ගයා විභාග කොට බලන කල මොවුන් වනාහි පෙර සිට පැවත එන මිනිසුන්ගේ ජීවමාන රූප හා සමාන කම් ඇති අය බව සිතන්නට කරුණු තිබේ. ’’ (ආචාර්ය නන්දදේව විජේසේකර, 1987*  

ප‍්‍රත්‍යක්ෂ කළ කරුණු අනුව, පරිසරය ජීවයේ සම්භවයට කොතෙක් වැදගත් වීද යන්නත්, පරිසරය යනුවෙන් විග‍්‍රහ කෙරෙන වපසරියෙහි පෘථුල භාවයත්, පොසිල විද්‍යාව සමග මානව පරිණාමය පිළිබඳව ප‍්‍රත්‍යක්ෂ කරන දැනුම හා අවබෝධයත්, මිනිසා අඛණ්ඩව පරිණාමයට මුහුණ දෙන සත්වයෙකු ලෙසත් ප‍්‍රත්‍යක්ෂ කරන අතර, වර්තමානයේ, මනුෂ්‍ය සංහතිය විසින්ම විනාසය තුමූ වෙත ළඟා කර ගන්නා වෙනත් සත්ව කොට්ඨාසයක් මනුෂ්‍යයා තරම් නොවන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවනු ඇතැයි විශ්වාස කරමි.

(පිංතූරය සහ සටහන)    

සුනිල් කුමාරසිංහ අතුකෝරල

athukorala128@gmail.com

ආශ‍්‍රීය කෘති සහ ලේඛන -

  මානව විද්‍යා මූලධර්ම - ශ‍්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය     
                                           සේපාල සමරසේකර මහතා 

  භාෂා අධ්‍යයනයෙහි නව ප‍්‍රවණතා - කොළඹ විශ්ව විද්‍යාලය 2012 
  පරිණාමයේ සිහිවටන - මහාචාර්ය ලක්ෂවන් වෛද්‍යසේකර
  සිංහල භාෂාව - තියඩෝර් ජී පෙරේරා පියනම
  ආචාර්ය කේ.එම්.එච්. සුමතිපාල මහතා විසින් 1978 කොළඹ දිපවත්වන ලද දේශණයක වාර්තා සටහන
  1980 - ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ, ලද රූපණ වැඩ සටහන් මාලාව
  මානව විද්‍යා හා සමාජ විද්‍යා ප‍්‍රවේශය - මහාචාර්ය බී.ඒ.ටෙනිසන්පෙරේරා
  නිර්මාණවාදය සහ ජීවයේ සම්භවය
  බුද්ධාගම හා ජාති ප‍්‍රශ්නය 
  මිනිසා සහ පාරිසරික චක‍්‍ර න්‍යාය
  චාල්ස්ඩාවින් – පරිණාමවාදය දායාද කළ අපූරු චරිතය
  දිවයින බදාදා අතිරේක
  ඉරිදා රාවය පුවත්පත
  නිරුවත් වානරයා, ඩෙස්මන්ඞ් මොරිස්
        පරිවර්තනය සරු දිවියකට සම්භාෂණයක්, මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු        
        පල්ලියගුරු
  මිනිසාගේ සම්භවය, මහාචාර්ය එම්. නෙස්තූර්හ් 
  ප‍්‍රායෝගික ක්ෂේත‍්‍ර පුරා විද්‍යාව, ඒ. ලගමුව
  රසවාහිනි, 1972 – මාර්තු අපේ‍්‍රල් 9 කලාපය
  විශ්වකෝශය 11 කාණ්ඩය
  වෛද්‍ය මානව විද්‍යාව – ආචාර්ය ජයන්ත පිනිකහන
  මානව ගමන – නීල් සිරිවීර 
  පැරණි ලක්දිව වස්ත‍්‍රාභරණ, මාලිංග අමරසිංහ 2007
  බින්තැන්නේ වැද්දෝ, සඳරුවන් ලොකුහේවා





Thursday, October 23, 2014


බටදොඹ ලෙන

ශ්‍රී ලංකාවේ ප්රා ග් ඓතිහාසික මානව ජීවිත විමසන පුරා හා මානව විද්යාටඥයින්ට ලංකාවේ එලිමහන් හා ලෙන් වාසස්ථානවලින් ලැබී ඇති සාධක එයල අදින් වසර 1ල25ල000 ක් පමණ දුරාතීතයකට අපව කැඳවනු ඇතග ඓතිහාසික ස්ථාන පිළිබඳ විමසීමේ දී ඉන් වැඩිම ප්ර්මාණයක් සබරගමු පළාතට අයත්ව ඇති බවත් එයිනුත් සබරගමුව ගල් ලෙන්වලට සුවිශේෂී බවක් ලැබෙන බවත් පුරාහා මානව විද්යා්ඥයින් මේ වන විට තහවුරු කර ඇතග
මිනිස් අවයව පොසිලල ශිලා අවි ආයුධල සත්ව ඇටකටුවලින් තැනූ උපකරනල සිප්පි කටු මාලල මෙම ලෙන් කැණීම්වලින් සොයාගෙන ඇති අතර පුරා හා මානව විද්යා  පර්යේෂණවලට අනුව නූතන මිනිසා ලක්දිව විවිධ ප්රෙඇද්ශවල අදින් වසර 38 දහසක පමණ කාලයක සිට ජීවත්වන බව තහවුරැ කර ඇතග :ආචාර්ය සේපාල සමරසිංහල මානව විද්යාල අංශයල ජයවර්ධනපුර සරසවිය*
ශ්රිය ලංකාවේ ප්රාහග් ඓතිහාසික මිනිසා ලොව පුරා විසූ අනිකුත් මානවයින් සමග අවම වශයෙන් අදින් වසර 250000 කට පෙර සිට අඛණ්ඩව වසර 5000 ක පමණ කාලයක් වර්ධනය වි ඇති බවට නිරික්ෂණයට ලක්ව ඇතග බලන්ගොඩ මානවයාගේ පරිණාම අවදිය ක්රිඇගපූග125000 පමණ කාලයේ සිට ක්රිදගපූග700 පමණ දක්වා සිදුව ඇතැයි අනුරාධපුර සල්ගස්වත්ත කැණීමෙන් සනාථවන කරන මහාචාර්ය එස්ගයූදැරණියගල මහතා වර්තමාන වැදි ජනයා බලන්ගොඩ මානවයාගෙන් පැවත එන ජන කොටසක් වශයෙන් අදහස් දක්වයිග
බලන්ගොඩ මානවයා සම්බන්ධයෙන් හඳුන්වන්නට මූලික පදනම වන්නේල 1940 වර්ෂයේ ඇරඹි රත්නපුර මැණික් පතළයකින් ලැබෙන සත්ව අවශේෂ පරීක්ෂා කිරීමේ හා විශ්ලේෂණය කිරීමේ ප්රපතිඵලයක් වශයෙන් හා බෙල්ලන්බැඳිපැලැස්ස මානව හිස්කබල හමුවීමත් සමගයග ඉන්පසු 1956ල 1957ල 1958ල 1960ල 1963 :1986 පාහියන්ගලල හිස්කබල් 03 නූතන මිනිසා* දකුණේ බූන්දල පතිරාජවෙලල කිතුල්ගල බෙලිලෙනල කෑගල්ල දොරවක ලෙනල :නූතන මිනිසාගේ පොසිල සාධක* වලවේ නිම්නයේ බෙල්ලන්බැඳි පැලැස්ස මේ ස්ථානවල සිදු කරන ලද කැණීම් වලින් නූතන මිනිසා අදින වසර 29000 සිට 11000 දක්වා කාලයක් මරිණාමීය වශයෙන් වාසය කර ඇතග මොවුන්ගේ මුල්ම හා වැඩිපුරම සාධක තහවුරු කරන්නේල සබරගමුව ආශ්රෙකයණිග වර්ෂවල  බෙල්ලන්බැඳිපැලැස්සල රාවණාඇල්ලල බඹරගලග උඩුපියන්ගල්ගේල සමග බටදොඹලෙන ආදි ස්ථානවල ගවේෂණයන්හි ප්රසතිඵලයක් වශයෙන් අති පැරණි පාෂාණ භූත මානවයා බලන්ගොඩ මානවයා ලෙස ප්රපකට වියග
මානව පරිණාමයේ එන හෝමෝ හැබිලිස්ට පසුව ප්රකකට වු හෝමෝ ඉරෙක්ටස්ට නැකම් කියන බලන්ගොඩ මානවයා චීනයෙන් ප්ර කට වූ පිකිං:ගින්දර සොයාගත් මානවයා*ල ජාවා දූපත්වලින් ලද පොසිල අනුව ජාවා හි ඔරසපසක සහ ී්බටසර්බ යන ප්රවදේශවලින් ලැබුණ ජාවා මිනිසා  මෙන්ම නියැන්ඩතාල් :වසර දශ ලක්ෂයේ සිට වසර 35000 දක්වා කාළය තුළ ජීවමානව සිටි*ල කොමෑණියන්ල අප්රිරකන්ල ආදී මානව වර්ග සමග බලන්ගොඩ මානවයාද මානව පරිණාම මාවතේ ස්ථානගත වෙමින් ලෝක ඉතිහාසයේ මානව නාමාවලියට එක්ව සිටීග එහි ගෞරවය හිමිවනුයේ මහාචාර්ය පීගඊගපීගදැරණියගල සූරීන්ට බව මෙහිලා සඳහන් කළ යුතුයග
බලන්ගොඩ මානවයා නමින් එම මානවයා හැඳින් වෙන්නේ: එම කලාපයේ බොහෝ කැණීම්වලින් එක සමාන ක්රිමයාකාරකම් සහිත මානව කණ්ඩායම් සිටි බව ප්ර ත්යුක්ෂවිම නිසා ී්චසැබි ඊ්ක්බටදා්ැබිසි*ල එම කලාපයේ බොහෝ කැණීම්වලින් එක සමාන ක්රි යාකාරකම් සහිත මානව කණ්ඩායම් සිටි බවට ප්ර ත්‍යක්ෂ කරන සාධක නිසා බව කිවයුතුයග
බලන්ගොඩ මානවයාගේ ශරීර ලක්ෂණ වාර්තා කරන මහාචාර්ය පීගඊගපීග දැරණියගල සූරීන් උස අඩි 05 අඟල් 10ල ඉදිරියට නෙරා ඇති පටු නළල් තලයල ඝන දිගටි හිස් කබලල ඉදිරියට නෙරා ඇති විශාල දත්ල නාසයත් උඩු ඇන්දත් අතර ඇති උඩු රැවුල වැවෙන ප්රරදේශයේ ඇති පුළුල් පරතරයල මුක්කන් :ඇතුළට එබුන* නාසය යන ලක්ෂණ පෙන්වා දී ඇතග
,බලන්ගොඩ මානවයා ලුණු ගැන දැනීමක් ඇතිවල මුහුදේ ජලය සමග සෘජු සම්බන්ධතාවයක් තිබුණු බවත් අපට කියන්න පුළුවන්,  :පුරා විද්යාව දෙපාර්තමේන්තුවේ කැණීම් පිලිබඳ අධ්යකක්ෂ ආචාර්ය නිමල් පෙරේරා*
ඒ අතරින් අලුතින්ම හමු වූ බලන්ගොඩ මානවයාගේ සම්පූර්ණ ඇටසැකිල්ල වසර දොළොස් දහසකට වඩා පැරණි බව ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසයිග ඇටසැකිල්ල හැරුණු විට බලන්ගොඩ මානවයා විසින් භාවිතා කරන ලද ගල් ආයුධල ඔහු කෑමට ගත් සතුන්ගේ ශේෂ සහ ගස් බෙල්ලන් සහ දිය වැනි ඔහු හුවමාරු කරගත් භාණ්ඩද මෙම කැනීමේදී හමු වී ඇතග :ආචාර්ය නිමල් පෙරේරා* ,ඇත්ත වශයෙන්ම මේ බලන්ගොඩ මානවයා ලුණු ගැන දැනීමක් ඇතිවල මුහුදේ ජලය සමග සෘජු සම්බන්ධතාවයක් තිබුණු බවත් අපට කියන්න පුළුවන්ග මුහුදු බෙලි කටුත් හම්බ වෙලා තියෙනවාග ඒ මුහුදු බෙලිකටු අතරේ තියෙනනවා ලුණු බෙල්ලන් කියන කුඩා බෙල්ලන්ගේ කටුත්, ඔහු වැඩිදුරටත් සඳහන් කරයිග

සුනිල්කුමාරසිංහ අතුකෝරල
්එයමනදර්ක්128?ටප්සකගජදප
ප්රිඑමාටා ගෝත්රදය හා මානවයාගේ විකාශනය

මානව පරිණාම මාවතේ මුල්ම ප්රිඩමාටාවන් ගෙන් වසර මිලියන 65 – 54 කාලයකදී සිදුවන පරිණාමයෙන් නූතන වඳුරන් සහ පැරණිලොව වඳුරන් :මහාද්වීප වෙන්වයාම නිසා* පැරණිලොව වඳුරාගෙන් මුල්ම වානර පූර්වජයා බිහිවිමත් ඉන්පසුව මයෝසීන වාරනයාගෙන් මෙලෙස පූර්වජයන් වශයෙන් දිගටම සිදුවන පරිණාම ක්රිපයාවලිය තුළින් ශිවපිතකස්ල රාමපිතකස්ල හොමිනින් පූර්වජයා ආචිපිතකස් භූමිවානරයාල ඔස්ට්රොසලොපිතකස් :සමකාලින සිපැන්ත්රෝකපස්:හැඩිදැඩි* පැරැන්ත්රෝීපස්* ගෙන් ලුසී මානවයාත්ල ඇපරෙන්සීස්ල ඇප්රිෝකානීස් වශයෙන් පරිණාමයවී හෝමෝහැබිලිස් :මුල්ම මානවයා* පරිණාමය වී ඇතග ප්ලයිස්ටොසීන යුගයේ එනම් අදින් වසර මිලියන 1ග8 – 0ග011 කාලයේ නියැන්ඩතාලයන් මුළුමණින්ම වඳවී ප්රානග් නූතන හෝමෝසේපියන්ල හෝමෝසේපියන්ල සේපියන් සේපියන් පරිණාමය වී මිනිසා බිහිවියග මේ වකවානුව තුළ පෙරට ගමන්කළ සත්ව කොට්ඨාස ද අපට අමතක කළ නොහැකග ප්රියමාටා අවදියේ සිට උණහපුළුවාල ලොරිස්ල ටාසියන් මෙන්ම වඳුරු ගහන යුගයේ සිට කපුචින්ලහූවඳුරාල බැබුන්ල ලැන්ගර් මුල්ම වානර පුර්වජයාගේ සිට ගිබන්ල ගොරිල්ලාල චිම්පන්සිල ඔරං උටං:ඔලිගොසීන යුගය වසර මිලියන 34 – 24 *නූතන මානවයා මෙම සත්ව කොට්ඨාස සමග මිහිමත දිවි ගෙවතිග

ආශ්රී්ය කෘතිථ-
x මානව විද්යා  මූලධර්ම - ආචාර්යල සේපාල සමරසේකර්‍
x මිනිසා සත්වයෙකිල කතිකාචාරිණීල කුලතිලක සමන්ති
x මානව අතීතයල 2001ල කතිකාචාරිණීල කුලතිලක සමන්ති
x මානව අතීතයල 2004ල කතිකාචාරිණීල කුලතිලක සමන්ති
x මානව සංහතියේ වරිගල 1999ල නෙස්තූර්
x මනුෂ්යං පරිණාමය පිළිබඳ අදහස් විකාශනයල වෛද්යෙකස්කර ලක්ෂ්මන්ල2002
x පරිණාමයට අයත් මෙවලම් හා කෘතකල මහාචාර්ය නන්දසේන රත්නපාල
x මිනිසාගේ සම්භවයල නෙස්තූර්
x ලෙනින්ගේ තෝරාගත් කෘති වෙළුම 01ල ප්රනගති ප්රකකාශන






































Friday, October 10, 2014

ජනාවාසකරණය,සංස්කෘතිය සහ සන්නිවේදනය කෘතිය 2014.09.13 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී දොරට වඩින ලදී



Saturday, October 4, 2014

මහනුවර නගරයේ සිට ගලහ දක්වා දිවෙන හන්තාන
කඳු වැටිය

.











සංස්කරණය කළේ :- සුනිල් කුමාරසිංහ අතුකෝරල
මහනුවර නගරයේ සිට ගලහ දක්වා දිවෙන
හන්තාන කඳු වැටිය
ශ්‍රි ලංකාවේ මධ්‍යම කඳුකරයේ මහනුවර නගරයට ආසන්නයේ පිහිටා අති හන්තාන කඳුවැටිය ශ්‍රි ලංකාවේ සුන්දරම කඳුවැටියකි. මහවෑලි ගඟේ අතු ගංගා නිම්න වලින් වෙන්වීඈති මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 1240 දක්ව විහිදි ඈත. මෙය මහවෑලි ගඟේ ජල පෝෂක ප්‍රදේශයකි. කඳුවැටිය හරහා ගලා බසින ගැරඬි ඔය, මහ ඔය,ගොල්ල ඔය, දොඩම් ඔය, කුඩා ඔය වැනි අතු ගංගා රෑසකට ජලය ලබා දේ. මෙම කඳුවැටියට ඈතුලු වීම සදහා මර්ග හතරක් ඈත.
·         ශ්‍රි ලංකාගුවන් විදුලි සංස්ථා විකාශනාගාරයට පිවිසෙන මාර්ගය
·         උඩවලව හන්තාන් තේ වත්ත හරහා වෑටී ඈති මාර්ගය
·         මහකන්ද සරසවිගම හරහා වැටී ඇති මාර්ගය
·         පේරාදෙනිය හරහා වෑටී ඈති ගලහ -දෙල්තොට මාර්ගයයේ දෙල්තොට නගරයෙන්ද ඈතුලුවිය හෑක

හන්තාන කඳුවැටිය මධ්‍ය කඳුකරයේ අතර මැදි තෙත් කලාපයට අයත්ය,මිලි මීටර් 2000 ක්‌ පමණවන වාර්ෂික වර්ෂා පතනය වසර පුරා.නිරිත දිගාහා ඊසාන දිග මෝසම් මගින් පෝෂණය ලබයි. ඒ නිසා සෙල්සියස්‌ අංශක 23 ත් 25 අතර උෂ්ණත්වයක් ඇත.

සුන්දර කඳුවැටියක්‌ ලෙස දිස්‌වන හන්තාන කඳුවැටිය මහනුවර නගරයේ සිට ගලහ නගරය දක්‌වා දිවෙන පරිසර පද්ධතියයි.

මුහුදු මට්‌ටමේ සිට මීටර් 1240 ක්‌ පමණ උපරිම උසකින් පිහිටි මෙම කඳුවැටිය එකිනෙකට වෙන්වී ඇත්තේ මහවැලි ගඟේ අතු ගංගා නිම්න වලිනි.

සුන්දර ශ්‍රී ලංකාවේ රමණීය කඳුවැටි අතර අතීතයේදීත්, පරිසර විනාශයකට ගොදුරුවූවත් වර්තමානයේදීත් සුන්දර කඳුවැටියක්‌ ලෙස දිස්‌වන හන්තාන කඳුවැටිය මහනුවර නගරයේ සිට ගලහ නගරය දක්‌වා දිවෙන පරිසර පද්ධතියයි.

මෙම පරිසර පද්ධති ගඟවට පාතහේවාහැට, උඩපලාත සහ දෙල්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස වලට අයත්වෙයි. මහවැලි ගඟේ ඉතාමත් වැදගත් ජලපෝෂක ප්‍රදේශයලෙ කඳුවැටියේ  බටහිර බෑවුම් ක්‍රියාකරයි.

මුහුදු මට්‌ටමේ සිට මීටර් 1240 ක්‌ පමණ උපරිම උසකින් පිහිටි මෙම කඳුවැටිය එකිනෙකට වෙන්වී ඇත්තේ මහවැලි ගඟේ අතු ගංගා නිම්න වලිනි.

මහවැලි ගඟේ ජලපෝෂක ප්‍රදේශයක්‌ බැවින් මෙම කඳුවැටිය මුල්කර මහඔය, ගැරඬිඔය, දොඩම් ගොල්ල ඔය, කුඩා ඔය වැනි අතුගංගා හා ඇළමාර්ග රැසක්‌ ගලාබසී.

බ්‍රිතාන්‍ය පාලන සමයට පෙර රමණීය වන ගහණයක්‌ව පැවැති හන්තාන කඳුවැටිය බ්‍රිතාන්‍ය පාලන සමයේදී තේ, කෝපි, රබර් වැනි බෝග වගා සඳහා වනාන්තර හෙළි කිරීම් නිසා නැවත ගොඩනැගිය නොහැකි පරිසර හානියකට ලක්‌විය. ඉන්පසු කාලවලදී මෙම වගාබිම් වලින් බොහොමයක්‌ අතහැර දැමීම හේතුවෙන් නැවත ගොඩනැඟිය නොහැකි පරිසර හානියකට ලක්‌වූවා පමණක්‌ නොව මුඩුබිම් බවට හැරුණු ප්‍රදේශද අදත් දක්‌නට ලැබේ.

එහෙත් දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ සිත්ගත් පරිසර පද්ධතියක්‌ වන හන්තාන කඳු වැටිය තරණය කළ හැකි ප්‍රධාන මාර්ග 4 කි.

මහනුවරට පිවිසෙන්නෙකුට උඩවෙල ප්‍රදේශයේ හන්තාන් තේ වත්ත මැදින් හන්තාන කඳු තරණය කළ හැකිය. ඒ හැරුණුකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලය මැදින් විහිදී ඇති පැරණි ගුවන් විදුලි මධ්‍යස්‌ථාන මාර්ගය ඔස්‌සේද හන්තාන කන්ද තරණය කළ හැකිය.

මහකන්ද සරසවිගම ප්‍රදේශය හරහා වැටී ඇති පාර ඔස්‌සේත් දෙල්තොට ප්‍රදේශය ඔස්‌සේත් හන්තාන වැටිය තරණය කළ හැකිය.

දේශගුණය

මධ්‍ය කඳුකරයේ අතර මැදි තෙත් කලාපයට අයත්වන හන්තාන කඳුවැටියේ වාර්ෂික වර්ෂා පතනය මිලි මීටර් 2000 ක්‌ පමණ වෙයි. ඊසාන දිග හා නිරිත දිග මෝසම් මගින් වසරේ වැඩි කලක්‌ වර්ෂාව ලැබෙයි. එබැවින් පරිසර උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 23 ත් 25 අතර පරාසයක වෙනස්‌කමක්‌ දක්‌නට ලැබෙයි. වසරේ ජනවාරි සිට මාර්තු අතර කාලය වියළි දේශගුණික තත්ත්වයක්‌ පවතින අතර කඳු මුඳුන් නිතරම මීදුමෙන් වැසී තිබීම සුවිශේෂී ලක්‍ෂණයකි.

ශාක ගහණය

හන්තාන කඳුවැටියේ පහළ ප්‍රදේශයෙන් හෙක්‌ටයාර 432 ක්පමණ, වර්ෂ 1939 දී එවකට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය එනම් අද පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පවරාගත් අතර. ඉතිරි බිම් ප්‍රමාණය. වර්ෂ 1952 දී මැයි, මාර, ඇල්බීසියා සහ ඉයුක්‌ලිපිටස්‌ වැනි දේශීය නොවන ශාක සිටුවීම සඳහා යොදාගෙන ඇත. වර්ෂ 1980 දී පමණ පයිනස්‌ වැනි විදෙAශීය ශාක වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව කඳුවැටියේ ඉහළ සීමාව දක්‌වා වගාකර ඇත. අද මෙම වතු වගා තැනින් තැන දක්‌නට ලැබේ.

කඳුවැටියේ ඉහළ සීමාවේ පතන තෘණ භූමි වලින් ආවරණය වී ඇති අතර සැබෑ ස්‌වාධීන වනාන්තර තැනින් තැන දක්‌නට ලැබේ. පැඟිරිමානා (Cymbopogon
nardus),
ඉලුක්‌ (Imperata cylindrica), පිණිබරු (Themada tremula)ල ගිනිතණ (Panicum maximum) වැනි තෘණ වර්ග වලින් පහත්බිම් ආවරණය වී තිබේ. ස්‌වාභාවික වනාන්තර කට්‌ටිවල නුග, දඹ බදුල්ල, වනසපු, කළු ඔබරුවැල්, හවරිනුග, දිවිකඳුරු, දේතුලු, කටබොඩ කටු ඉඹුල්, ගල්ගොරක, මකුළු බිතුර, නෙල්ලි, දවුල් කුරුඳු, මදටිය, වතුරාජ, වල නැඳුන්, කළුමදූව, හල්බෙඩිය, කටකළු බෝවිටියා, මහා බෝවිටියා, ගම්මාලු, කොස්‌, බොද, බැදිදෙල්, එළනුග, මාවේවැල් වැනි ශාක විශේෂ 200 ක්‌ මෙසේ හන්තාන කඳුකර පරිසරයේ දක්‌නට ලැබේ. මේ හැරුණුකොට වගා කළ තේ සහ අතහැර දමන ලද ඉඩම්වල තේ පඳුරු තැනින් තැන දක්‌නට ලැබේ.

මෙම ශාක විශේෂ වියන් ස්‌ථරය, උප වියන් ස්‌ථරය සහ බිම් ස්‌ථරය ඔස්‌සේ පැතිරී ඇත. පාරිසරික වශයෙන් ගැටලු රැසක්‌ ඇති කරන ආක්‍රමණික ශාක විශේෂ වන යෝධ නිදිකුම්බා, ගල්ගොරක සහ හවරිනුග මෙන්ම ගිනිකණ වැනි ශාක විශේෂ මෙම පරිසර පද්ධතිය තුළ ව්‍යාප්ත වී ඇත. ඩවැඩියා විශේෂ රැසක්‌ හමුවන හන්තාන කඳුවැටියේ පර්නාංග ශාක විශේෂ රාශියක්‌ ද දක්‌නට ලැබේ. මේ සියලුම ශාක විශේෂ පිළිබඳව විමසීමේදී මෙම ශාක විශේෂ 200 අතුරින් ශාක විශේෂ 17 ක්‌ පමණ ශ්‍රී ලංකාවට ආවේනික වන අතර ශාක විශේෂ 6 ක්‌ තර්ජනයට ලක්‌වී ඇත.

සත්ත්ව විවිධත්වය

බැලූ බැල්මට සතුන්ට විවිධත්වයක්‌ දක්‌නට නොලැබුණත් වටිනා සත්ත්ව විවිධත්වයකට හිමිකම් කියන හන්තාන කඳුවැටියේ පක්‍ෂීන් විශේෂ 120 කින් පමණ වර්තා වෙයි. මෙම පක්‍ෂි විශේෂ අතර හිස කළු කොන්ඩයා, පුංචි දෙමළිච්චා, නීල කොබෙයියා, හිස දුඹුරු දෙමළිච්චා, හිස දුඹුරු කෑරලා, පොදු දෙමළිච්චා, වතු පොල්කිච්චා, සැළලිහිණියා, ලබු ගිරවා, කඳුකර මයිලගොයා, සර්ප රාජාලියා, අටුවැහි කිහිණියා වැනි පක්‍ෂි විශේෂ අයත්වෙයි. ශ්‍රී ලංකා වලි කුකුලා, හිස දුඹුරු දෙමළිච්චා, රත් මුහුණත් කොට්‌ටෝරුවා, ශ්‍රී ලංකා සැළලිහිණියා වැනි පක්‍ෂි විශේෂ ශ්‍රී ලංකාවට ආවේනික වෙයි.

හඳුන් දිවියා, හාවා, මී මින්නා, මුගටියා, හෝතුඩුවා. වල්ඌරා, තරියා, ඉත්තෑවා, ලේනා, රිලවා වැනි ක්‍ෂීරපායි සත්ත්ව විශේෂ කීපයක්‌ පමණක්‌ දක්‌නට ලැබේ. සමනල් විශේෂ 95 ක්‌ පමණ හන්තාන කඳුවැටියෙන් වාර්තාවන අතර එයින් මහ කුරුළු පැපිලිය (Common Bird Wing or Ceylon Bird Wing),
 
හිල්කැලෑ කොලයා ((Blue Oke Leaf)) යන විශේෂ ආවේනික වන අතර නිල් පැපිලියා (Blue Bottle)ල ඉරිතැඹිලි කොටිනියා, පඳුරු බොරුළුවා (Jawny Coster), පොදු අලංකාරිකයා, රතු පඳුරු නීලයා (Red Pierrot), මොනර අලංකාරිකයා (Peacock Pansy)ල පොදු රෝස පැපිලියා (Common Rose))ල කළු පැපිලියා (Common Morman) යන ආවේනික නොවන සමනල් විශේෂ ගණනාවක්‌ හන්තාන කඳු පරිසරයෙන් හමුවෙයි. උරග විශේෂ ගැන විමසීමේදී පිඹුරා, පොළොං විශේෂ, ගැරඬියා වැනි සර්ප විශේෂ තේවතු ආශ්‍රිතව හමුවන අවස්‌ථාද ඇත.

පරිසර හානිය

දිගු කලක සිට හන්තාන කඳුවැටිය, සිදුවන විවිධ පරිසර හානිකර ක්‍රියා හේතුවෙන් කිව නොහැකි පරිසර හානියකට ලක්‌වූ ප්‍රදේශයක්‌ බවට පත්වී ඇත. වසරේ පෙබරවාරි, මාර්තු යන කාල සීමාවල දී සිදුවන ගිනි ගැනීම්, එනම් වියළි කාලය පැමිණීමත් සමග අවට පදිංචිකරුවන් විසින් වල් ඌරන් හා හාවුන් දඩයම් කිරීමේ අරමුණින් සිදුකරනු ලබන කැලෑ ගිනි තැබීම්, අනෙකුත් සත්ත්ව විශේෂ වලටත් පොදුවේ භූ ශාක විශේෂ වලටත් සිදුකරන හානිය අසීමිත වෙයි. මේ හේතුවෙන් පයිනස්‌ වගාවේ ව්‍යාප්තිය වේගවත් වීම තවත් පරිසර හානියක්‌ වී ඇත. ගිනි ගැනීමෙන් පසුව ඉතාමත් සරුවට වැවෙන ගිනි කුණ සහ මානා මෙම කඳුකරය පහත් බිම් බවට පත්කර ඇත.

පාංශු ඛාදනය තවත් පරිසර හානියකි. පෞද්ගලික ඉඩම් හිමියන්ගේ ඉඩම්වල සිදුකරන සංවර්ධන කටයුතුත් ස්‌වාධීන වනාන්තරය එළි කිරීමෙන් මෙම පාංශු ඛාදනයට හේතුවකි. විශේෂයෙන් පෞද්ගලික ඉඩම් ජලමාර්ග අවහිර කර සිදුකරන ඉදිකිරීම් හා විවිධ අපද්‍රව්‍ය ඇළ මාර්ග වලට දැමීම ද ප්‍රබල පරිසර ගැටලු රැසක්‌ ඇතිකිරීමට සමත්වී තිබේ. මෙවන් තත්ත්ව හමුවේ හන්තාන කඳුවැටියේ මහනුවර නගරය ආශ්‍රිත හීරුස්‌සගල ප්‍රදේශය නාය යැමේ අවදානමකට ලක්‌වූ ප්‍රදේශයක්‌ ලෙසට හඳුනාගෙන ඇත. මෙහි ඉඩම් බොහොමයක්‌ ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිසමට අයත් වන අතර මෙවැනි දැඩි බෑවුම් ප්‍රදේශ වෙයි. මෙම දැඩි බෑවුම් ප්‍රදේශවල පෞද්ගලික ඉඩම් හිමියන්ට බෙදා දීම හේතුවෙන් පසු සිදුකල සිදුකෙරෙන අක්‍රමවත් ඉදිකිරීම් පාංශු ඛාදනයටත් හා නාය යැමටත් අවදානම් තත්ත්වයක්‌ උදාකර ඇත.

හන්තාන කඳුකරයේ වත්මන් තත්ත්වය සොයා මෙම ලියුම්කරු විසින් කරන ලද සංචාරයේදී මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍ය පලාත බාර අධ්‍යක්‍ෂ තිලක්‌ කිරිඇල්ල මහතා අදහස්‌ දැක්‌වූයේ මේ අයුරුණි.

හන්තාන කියන්නේ මහනුවර වටා තිබෙන ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක්‌. නිතරම මීදුමෙන් වැහිල තිබෙන සුන්දර පරිසර පද්ධතියක්‌. මීදුම ශාක අතුවල ගැටිල හටගන්නා කුඩා ජල බිංදු නිසා ඇතිවන දිය සීරාව තමයි ඇළ මාර්ග ඔස්‌සේ පහළට ගලා බසින්නේ. මේ ජලය තවත් පැත්තකින් කඳුවැටියේ පසට උරාගෙන ස්‌පන්ජියක්‌  ලෙස ජලය රඳවාගෙන ටිකෙන් ටික මුදා හැරීමක්‌ සිදුකරන නිසා භූගත ජල මට්‌ටම ස්‌ථාවර මට්‌ටමක තබා ගැනීමට හේතුවී තිබෙනවා.

පරිසර අධිකාරිය හැටියට අපි මේ කරන්න හදන්නේ මෙම වැඩිපිළිවෙළ සවිමත් කිරීමට නීතිමය ආවරණයක්‌ ලබා දීමටයි. දැනට වසර පහක පමණ කාලයක සිට හන්තාන ආරක්‍ෂා කිරීමේ වැඩකටයුතු රාශියක්‌ සිදුකළා. මෙහිද විවිධ ප්‍රශ්න ඇතිවුණා. හන්තාන කඳුවැටිය සංරක්‍ෂණය කළ යුතුයි කියන අය එදත් සිටියා. අදත් ඉන්නව. ඒ වගේම මහනුවර නගරයට ආසන්නයේ පිහිටන නිසා සංවර්ධනය කළ යුතුයි කියන අයත් ඉන්නවා. එදත් හිටියා. මේ දෙක අතර තිබෙන අරගලයට තමයි නීති සම්පාදනය කළ යුත්තේ.

1980
අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 24 ඇ සහ 24 ඈ යන වගන්ති වලට අනුව හන්තාන පරිසරය ආරක්‍ෂක ප්‍රදේශයක්‌ ලෙසට නම් කලා. මෙහිදී තිවයුතු දෙයක්‌ තමයි වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වගේ සම්පූර්ණ ආරක්‍ෂාවක්‌ සිදු කරන්නේ නෑ. මෙහිදී සිදු කරන්නේ භූමියේ අයිතිය, පෞද්ගලික අයටත් අනෙකුත් ආයතන වලටත් තිබෙන අන්දමට ලබාදීමක්‌ පමණයි. එහෙත් ඒ ඒ කලාපවල ස්‌වාභාවික තත්ත්ව වලට සිදුවන හානිය අවම කිරීමේ ක්‍රමවේද ක්‍රියාත්මක කරනවා. අනවශ්‍ය ක්‍රියාකාරකම් තහනම් කර තිබෙනවා.

අපේ උත්සාහය තමයි ස්‌වාභාවික වටිනාකම් වගේම අවට ජීවත්වන මිනිසුන්ගේ වානිජමය වටිනාකම් ලබාදී සංවර්ධනය කිරීම. මෙහිදී අපි මිනිසුන්ව ඒ ඒ සංවර්ධන කටයුතු සඳහා යොමු කිරීමක්‌ සිදුකරනවා.

හන්තාන කඳුවැටිය සංවර්ධනය කරන්නේ කවර ක්‍රමවේදයකටද යන්නත් එහි ස්‌වභාවය කුමක්‌ද යන්නත් පිළිබඳව කිරිඇල්ල මහතා පැහැදිලි කළේ මේ අයුරිනි.

මේ කඳුවැටිය කලාප තුනකට අනුවයි සංවර්ධනය හා සංරක්‍ෂණය කරන්නේ. කඳුවැටියේ මුහුණු ඒ කියන්නේ අඩි 3000 න් ඉහළ සීමාව සම්පූර්ණයෙන්ම වතු ආවරණයක්‌ බවට පත්කරන්න සැළසුම් කර තිබෙනවා. ඉන් පහළ කොටස ඒ කියන්නේ අඩි 2500 ක්‌ 3000 ක්‌ අතර සීමාව හෙවත් මිනිසුන් වෙසෙන සීමාව. මේ සීමාවේ වෙසෙන මිනිසුන්ගේ ජීවන අවශ්‍යතා මුදුන් පත්කරවා ගන්න ඉඩ හැර තිබෙනවා.

එහෙත් මෙහි සිදුකරන සංවර්ධන වැඩ අපේ කමිටුව තීරණය අනුවයි සිදුකරන්නේ. මෙයින් අදහස්‌ කරන්නේ කන්ද මුදුනේ සංරක්‍ෂණ කලාපයක්‌ ව්‍යාප්ත කරන්නයි. මෙහි අපි කරන්නේ පනතින් මෙන්ම කළමනාකරණ සැළැස්‌මකට අනුවයි. මෙහිදී අපි ඉතාමත් බුද්ධිමත් විය යුතුයි. මහනුවර නගරය ඉඩ මදිවෙනකොට මිනිසුන් කන්ද මුදුණ ආක්‍රමණය කිරීමට උත්සාහ කරනවා.

මේනිසා මීටර් 2500 ක්‌ 3000 ක්‌ අතර සිතුවම ඉතාමත් නිවැරදි කළමනාකරණයක්‌ අවශ්‍ය වෙනවා. අපේ ප්‍රධාන කාර්යයක්‌ තමයි මේ අර්බුදය නිවැරදිව මිනිසුන්ට අවබෝධ කරල දීම. සංවර්ධනය ප්‍රජාවන්ගේ හැසිරීම මත සිදුවන දෙයක්‌. සංවර්ධන කටයුතු හැකි තරම් පරිසර හිතකාමි විය යුතුයි. ඒ වගේම සංරක්‍ෂණ ක්‍රියාවලියට පිටිවහලක්‌ විය යුතුයි.

ශ්‍රී ලංකාවේ ජනතාව පරිසර සංරක්‍ෂණයට බොහොම හිතවත් අය. අපිට මේක බුදු දහමෙන් ලැබුණු දෙයක්‌. අපි විදෙස්‌ රටවල සංවාරය කරනකොට දකින්නට ලැබෙන දෙයක්‌ තමයි. දැඩි නීති වතුවල මිනිසුන්ව සංරක්‍ෂණයට කොටුකරල තිබීම. අපේ රටේ එදත් එහෙම නෑ අදත් එහෙම නෑ. අපට වැරදුනේ අපේ දේ අතහැරල සුද්දාගේ නීතිය ගෙඩිපිටින් පරිසරයට ඈ¹ ගැනීම.

ඉහළ හන්තාන ප්‍රදේශය හා වතු වගා ඇතුළත් ප්‍රදේශ සංරක්‍ෂණ කලාපයක්‌ ලෙස නම් කර එය විධිමත් රාජ්‍ය ආයතනයකට පැවරීම කළ යුතුවෙයි. අඩි 2000 කට වඩා ඉහළ බිම් ප්‍රදේශවල ජනාවාස ව්‍යාප්තිය නැවැත්විය යුතුයි. ඉඩම් කට්‌ටි කරන්නේ නම් හා ගොඩනැඟිලි ඉදිකරන්නේ නම් ඒවා විධිමත් ක්‍රියා පටිපාටියකට අනුව නිවැරැදි තාක්‍ෂණ ක්‍රමවේද වලට අනුව සිදුවිය යුතුයි. පෞද්ගලික හා රක්‍ෂිත ඉඩම්වල පාංශු සංරක්‍ෂණ ක්‍රමවේද යොදවා පයිනස්‌ වැනි දේශීය නොවන ශාක ක්‍රමයෙන් ඉවත්කර ප්‍රදේශයට ගැලපෙන දේශීය ශාක රෝපණය කිරීම. ජල මූලාශ්‍ර සංරක්‍ෂණය හා ඇළ මාර්ග අවහිර වීම වැළැක්‌වීම. වාර්ෂිකව සිදුකරන ගිනිතැබීම් වැළැක්‌වීමට පියවර ගැනීම හා ගිනි තැබීම් වැළැක්‌වීමට ගිනි බාධක හෙවත් ගිනි පටි (Fසරු ඊeකඑ) යොදා ප්‍රජාව දැනුවත් කිරීම. මේ ක්‍රම හැරුණු කොට තවත් ප්‍රධාන කරුණු දෙකක්‌ පිළිබඳව වැඩි අවදානයක්‌ යොමු කළ යුතුවෙයි. එයින් පළමු කරුණ හන්තාන ප්‍රදේශයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස සියල්ල එක්‌කර ඒකාබද්ධ සංරක්‍ෂණ ව්‍යාපාරයක්‌ ක්‍රියාත්මක කළ යුතු අතර දෙවැන්න දෙස්‌ විදෙස්‌ සංචාරකයන් සඳහා විධිමත් වැඩ පිළිවෙළක්‌ සකස්‌ කිරීම වෙයි.

මෙම සංරක්‍ෂණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය අංශය ප්‍රදේශයේ ජනතාවගේ පූර්ණ සහාය ලබාගැනීමට ක්‍රමවේද සකස්‌ කළ යුතු අතර, ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධාන වල සහායද විධිමත්ම ලබා ගැනීම සාර්ථක සංවර්ධනයකට සංරක්‍ෂණයකට හේතුවක්‌ වෙයි. කෙසේ වෙතත් හන්තාන යනු ලක්‌ වැසියන්ට සොබාදහමින් ලැබුණු දායාදයක්‌ වැනිය. එය රැකගැනීම අප කාගෙනත් යුතුකමක්‌ වෙයි.

(විශේෂ ස්‌තුතිය මධ්‍යම පරිසර අධිකාරියට)



හන්තාන නම ගැන ප්‍රවාදයක්
සෙංකඩගලපුර නොහොත් මහනුවර පුරවරය ගැන කතාකරනවිට හන්තාන කඳුවැටිය පිළිබඳ කථා නොකරම බැරිතරමට හන්තාන කඳුපන්තිය මහනුවර නගරයට සමීපය.
හන්තාන කන්දට ඒ නම ලැබීමේ පසුබිමේ ඇත්තේ අපූරු කථාපුවතකි. ශ්‍රී‍්‍ර වික්‍රම රාජසිංහ සමයේ වැඩිහිටි මහ නාහිමිනමක් වූ වැලිවිට අසරණ සරණ සරණංකර හිමියෝ අවුරුදු 16දී පැවිදි වුවත් අවුරුදු 50 වනතුරු උපසම්පදා ලැබීමට නොහැකි වූයේ පරසතුරු උවදුරු හේතුකොටගෙනය.
සරණංකර හිමියන්ට පරසතුරන්ගෙන් විදීමට විවිධ ස්ථානවල සැඟවී සිටීමට සිදුවූ අතර, ඒ සැඟවුණ ස්ථාන පිළිබඳ වෙනම ලිවිය යුතු කාරණයකි.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සමයේ දෙවැනි වතාවට උපසම්පදා කර්මය සඳහා බුරුම රටෙන් (වත්මන් මියන්මාර්) භික්‍ෂූන්වහන්සෙ සයනමක් වැඩම කළ අතර එම පිරිසේ නායක හිමියන් හැඳින්වූයේ සන්තාන, සන්තානා, සංතුර් යන නම්වලින්ය.
මල්වතු විහාරවාසී භික්‍ෂූන්වහන්සේට උපසම්පදාව ප්‍රදානය කළ භික්‍ෂු පිරිසේ නායක සන්තානා හිමි මධ්‍යම කඳුකරයේ පරිසරය භාවනායෝගිව සිටීම කදිම ස්ථානයක් යැයි සනිටුහන් කොට ගෙන රජුගේ අවසරය ලබා මහනුවර ආසන්නයේ ඇති කඳු මුදුනකට වැඩම කර ඇත. කන්දේ ගල්ලෙන් ගනනාවක් භාවිත කළ ඒ හිමියෝ උරාගල නමින් හඳුන්වන ඉහළ කඳු මුදුනේ ගල් ගුහාවක සිටියදී මාර්ගඵල ලැබීමෙන් පසු පහළ ගම්මානවල ගම්වැසියා සන්තානා හිමි වැදීමට පිදීමට කඳු මුදුනට තරණය කළේය.
සන්තාන හිමි වදින්න යනවා කියමින් වන්දනාවට ගිය බැතිමතුන්ගේ, ව්‍යවහාරය අනුව මේ කඳුමුදුන සන්තානා කන්ද නමින් නම්වී පසුව හන්තාන කන්ද විය.
මාර්ගඵල ලැබූ රහත්වූ සන්තානා හිමියෝ සෘර්දි බලයෙන් සිය මව්රටට වැඩම කළේ කලුරිය කිරීමට බව වත්මන් මුඛ පරම්පරාගත කථාවල සඳහන් ය.
සන්තානා හිමියන්ට පසුව වැලිවිට සරණංකර සඟරාජ හිමියන්ද මේ ගල් ගුහාවල වැඩවාසය කොට ඇති අතර, මේ කඳුපන්තියේ ගල් ගුහාවල නිට්ටැවන් නමින් හැදින්වූ මනුෂයන්ට සමාන කුරු මිනිසුන් ජීවත්ව සිටි බවද මුඛ පරම්පරාගත කථාවල ඇත. (1960 දශකයේ එම මනුෂ්‍ය කොටස් දෑසින් දැක්ක පුද්ගලයන් මෑතකදී මියගිය බව දැනගැනීමට ලැබිණ)
කන්දේ පහළ කොටසේ ගල්ගුහාවක් සාමාන්‍ය මට්ටමට ප්‍රතිසංස්කරණය කොට අර්ධයක් ගල් ලෙනක අර්ධයක් නවීකරණය කළ ආවාසයක වර්තමානයේ හිමිනමක් ඉතා දුෂ්කරව වුවත් භාවනා යෝගිව වැඩවසයි.
අත්තනගල්ලේ උප්පත්තිය ලැබූ කොන්ගස්දෙනියේ සද්ධාසිරි හිමියෝ දැනට පහළ උඩුවල, හන්තාන හතරකණුව, පහේකණුව, ගම්මානවල ද්‍රවිඩ හා සිංහල ජනතාවගේ ඇප උපස්ථාන ලබමින් ඔවුන්ට ධර්මය දේශනා කරමින් වැඩවාසය කරති.
ඉතාම දුෂ්කර ගමන් මාර්ගයකින් පසුව මේ සිද්ධස්ථානයට ළඟාවිය හැකි අතර, අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිදුන්ගේ ශාඛාවක් රෝපණය කොට ඇත. ඉහළ කඳුමුදුනේ සන්තාන හිමි වැඩසිටි ගල්ලෙනේ ටිකකලක් භාවනායෝගිව සිටි බව කියන සද්ධාසිර හිමියෝ දුඹුරුපාට පුල්ලි සහිත දිවිදෙනක් තමන් වහන්සේ භාවනා කරන ගල් ලෙන අභියස සිටීමට පුරුදුවී සිටි අතර, එම දිවි දෙන පහළ ගම්මානවල වහු පැටවුන්, සුනඛයන් මරා කැලයට ඇදගෙන ගියත්, තමන් වහන්සේට කරදරයක් නොකළ බව කීහ.
විහාරස්ථානයේ බෝධියට බෝධිපූජා පැවැත්වීමට පැමිණෙන විශාල පිරිසක් මේ විහාරස්ථානයේ ඇති අනුහස් පිළිබඳව දිනමිණට සිය අත්දැකීම් විස්තර කළහ.
උපතින් කථාකිරීමට නොහැකිව සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු මේ බෝධියට භාරහාරවීමෙන් අනතුරුව කථා කිරීමට හැකිවී ඇත. ඇවිදීමට නොහැකි අය, බටහිර
වෛද්‍යවරුන්ට සුවකිරීමට නොහැකි යයි ප්‍රකාශ කළ විවිධ රෝග පීඩා ඉතා විශ්මජනක ලෙස සුවපත් වූ බව උඩුවෙල උඩගම ඩබ්. ඥානවතී මහත්මියත්, ඇගේ දියණියක වන උඩුවෙල බෞද්ධ විද්‍යාලයේ අධ්‍යාපන ලබන ඩබ්. ඩී. එරන්දිකා සිසුවියත් දිනමිණ හා පැවසුවාය.
සන්තානා හිමියන් හා වැලිවිට සරණංකර හිමියන් වැඩ සිටි උරාගල ඉහළ ගල්ගුහාවලට යන මාර්ගය හා පහළ කොටසට පැමිණීමට ඇති මාර්ගය සකස්කර ගැනීමට බුද්ධ සාසන ඇමැතිවරයාගේ අවධානය යොමුකරදෙන ලෙස ඉල්ලා සිටින ඒ හිමියෝ දැනට හන්තාන තේ වත්තට අයත් කොටසක පිහිටි සිද්ධස්ථාන භූමිය විහාරස්ථානයට නිත්‍යානුකූලව ලබාදෙන ලෙසද ඉල්ලා සිටියහ.
ඉතා අනුහස් ඇති බෝධින් වහන්සේ තමන් සිටින මේ ඉපැරැණි වටිනා සිද්ධස්ථානය බෞද්ධ අබෞද්ධ ජනතාවගේ වන්දනාමානයට සුදුසු ලෙස වැඩිදියුණු කරගැනීම සද්ධාසිරි හිමියන්ගේ ප්‍රධාන අරමුණයි.
ශාන්ති කර්ම කවිවල හන්තාන සඳහන් වන්නේ එලෙසිනි. මුහුදු මට්ටමේ සිට අඩි 1400 ක මට්ටමේ සිට ඉහළ නඟින මෙම කඳුවැටියේ ඉහළම මුදුන අඩි 3720 උසින් යුක්ත ය. මේ ඉහළ උන්නතාංශය නිසා කඳු මුදුන් ආශි‍්‍රතව ඉතා සිසිල් දේශගුණයක් දැකගත හැකි ය.
මහනුවරට යන ඔබ නගරයට එපිටින් හරිත ප්‍රාකාරයක් සේ දිස් වන හන්තාන කඳුවැටිය නොයෙක් වර දකින්නට ඇති බව නිසැක ය. මහනුවර සුන්දරත්වය ඔපවත් කරනා මෙම කඳුවැටිය ඔබට ඉතා පහසුවෙන් ළඟා විය හැකි ඉසව්වකි. පේරාදෙණිය ගලහ පාර ඔස්සේ ගොස් විශ්වවිද්‍යාලය අසලින් මෙන් ම මහනුවර රෝහල අසලින් ඇති උඩවෙල 4 කණුව දක්වා දිවෙන මාර්ගයෙන් ද හන්තාන අඩවියට පිවිසිය හැකි ය.
උඩවෙල මාර්ගයේ යන්නේ නම් උඩවෙල හෝ 4 කණුව බස් රථයෙන් ගොස් හන්තාන වතුයාය අසලින් බැස කන්ද තරණය කළ හැකිය. එමෙන්ම හන්තාන කන්දේ උඩවෙල මාර්ගයේ යන විට හමු වන තේ කෞතුකාගාරයක් ද ඔබට අපූරු අත්දැකීමක් ලබාගත හැකි ස්ථානයකි.
උඩරට රාජධානි යුගයේ දී නගරයේ ආරක්ෂාව සඳහා හරිත පවුරක් සේ මෙම කඳුවැටිය උපකාරී වී ඇත. රාජධානි සමයේ දී මෙය ආරක්ෂිත වනයක් ලෙස සැලකුණු බව ජෝන් ඩේව් සඳහන් කරයි. එකල ජනතාවට අවසර ලැබී ඇත්තේ මින් දර සහ වේවැල් ආදිය ගෙනයාමට පමණි. වනය හෙළි කිරීම සහ ජනාවාස ඉදිකිරීම් තහනම් කොට තිබුණි. මේ නිසා එකල මෙම වනය වන සතුන්ගෙන් ගහණ ඝන වනයක් වූවාට සැකයක් නැත.
1815 දී ඉංගී‍්‍රසින්ට උඩරට යටත් වූ පසුව නගරය අවට මෙම වනබිම්වල විනාශය ආරම්භ විය. පළමුව කෝපි සහ පසුව තේ වගාව සඳහාත් ගොඩනැගිලි සහ යුද කඳවුරු ඉදිකිරීමටත් හන්තාන කන්ද එළි කෙරිණි. එකල ආරම්භ වූ තේ වතු අදටත් මෙහි බොහෝ දුරට පැතිර තිබේ. තවත් සමහරක් ප්‍රදේශ කෝපි සහ තේ වගාවෙන් පසුව මුඩුබිම් බවට පත්ව ඇති අයුරු ඔබට දැකගත හැකි ය.
මෙම කඳුවැටියේ උපත ලබනා ඇළ මාර්ග කිහිපයක්ම මහවැලි නදියට එක්වේ. එහෙත් අද ඒවායේ දැකගත හැක්කේ අඩු ජල ප්‍රමාණයකි. හල් ඔය ඇල්ලේවල ඇළ ඇළගොල්ල ඇළ මැද ඇළට එක්වී ගන්නෝරුව අසලින් මහවැලියට එක්වේ. බෝවල ප්‍රදේශය හරහා ගලා එන ඌරාවල ඇළ හා සියඹලන්ගෙකුඹුර ඇළ ද මැද ඇළට එක් වී මහවැලිය පෝෂණය කරයි. මහඔය ගැරඬි ඔය යන ජල ධාරා ද මෙයින් උපත ලබා මහවැලියට එක් වන ජල ධාරා කිහිපයකි.
හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම්
ඒ ගීත රචකයකු හන්තාන දුටු අන්දමයි.
හන්තාන, පෙම්වතුන්ගේ පාරාදීසයක්. පේරාදෙණිය සරසවි සිසුහු හන්තාන තරණයට දැඩි ඇල්මක් දක්වති. අප කැලණිය සරසවියේ ඉගෙන ගන්නා අවදියේ දී මේ වෙත වාර්ෂික චාරිකාවක් පැමිණියා මතක ය.
1946 දී එහි ඉදිකිරීම් ආරම්භ වූයේ හන්තාන වතුයායේ පහළ බෑවුමේ ය. හන්තානෙන් ඉඩම් අක්කර 1080 ක් පේරාදෙණිය සරසවියට අයත් ය. කඳු මුදුන අවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අක්කර 500 ක පයිනස් වගාවක් තිබේ. ඉංගී‍්‍රසින් එකල මේ ප්‍රදේශ හඳුන්වා ඇත්තේ මට්න් බට්න් (මත්තන පතන) යනුවෙනි.
අපි මෝටර් බයිසිකලයකින් උඩවෙල මාර්ගයේ ඉදිරියට ගමන් කරමින් සිටියෙමු. තේ වතු අතරින් මාර්ගය කඳු බෑවුම තරණය කරයි. වම් පසින් දිස් වූයේ තේ වත්තක් මැද පිහිටි තේ කෞතුකාගාරයයි. තේ කම්හලක් කෞතුකාගාරය බවට පත් කර ඇති ඉන් අප රටේ තේ වගාව පිළිබඳ තොරතුරු රැසක් ලබාගත හැකි ය.
කිලෝ මීටර හතරක් පමණ ගමන් කළ අපි මෝටර් බයිසිකලය මාර්ගය අද්දර නවතා පා ගමනින් කන්ද තරණය කරන්නට වූයෙමු. තේ වගාවන් අවට පැතිර තිබේ. මහනුවර සානුව පහළින් දිස් වේ. එයට ඔබ්බෙන් දුම්බර කඳුවැටිය සහ හුන්නස්ගිරිය නීල වර්ණයෙන් අවකාශය සරසයි. සර්ප උකුස්සකු අහසේ සරන්නේ ගොදුරකට ඉව අල්ලමිනි. ඌ එක්වරම පහතට ආවේ ගොදුරක් දුටු නිසා විය හැකි ය. සැබෑවකි. ඌ යළිත් ඉහළ නැංඟේ කටුස්සකු ද හොටෙන් ගෙන බව බයිනෝකියුලරයෙන් අපට දැකගත හැකි විය.
මාර්ගය අවට පයිනස් වන වගා සහ තැන තැන ඇති වන වදුලු දැකගත හැකි ය. විශාල පෙදෙසක පැතිර ඇත්තේ මානා සහ ඉලුක් තණ තලාවකි. ඉඳහිට මහ ගසක් හමුවන්නේ අතීත වනය පිළිබඳව ඉඟියක් කරමිනි. ඉහළින් කඳු මුදුනේ පිහිටා ඇත්තේ රූපවාහිනී විකාශන කුලුනයි. ඒ දක්වා අඩි පාරක් දිව යයි.
අද තේ වගාවක් නැතත් ඉංගී‍්‍රසි පාලන සමයේ තේ දලු කඳු මුදුනේ සිට පහළට ප්‍රවාහනය කිරීමට තැනූ කම්බි මාර්ග තවමත් ඉතිරිව පවතී. හවරිනුග, වෙරලු, ගැඩුඹ, කිතුල්, කැන්ද, දැං හිඟුරු, ඇල්බීසියා, ඇඹුල් පේර වැනි ශාක අවට දැක ගැනීමට ලැබේ. බිනර සහ උඩවැඩියා විශේෂ ද මෙහි සුළු වශයෙන් පැතිර තිබේ.
කොළ දිවියා - මීමින්නා - වල් ඌරා - නරියා - හාවා - රිළවා - දඬුලේනා මෙන්ම කොටියා ද හන්තානෙන් වාර්තා වේ. මහනුවර අවට වනගතව කොටි කිහිපදෙනකු සිටින බවට වාර්තා වී ඇති අතර උන් හන්තානේ සහ ඊට යාබද දුනුමඩලාව රක්ෂිතයේ දිවි ගෙවන බව සැලකේ.
ගවයෝ කිහිප දෙනෙක් කඳු බෑවුමක තණ කති. ඈතින් උන් බලාගන්නා ගොපලු දරුවා ගල් පව්වක් මත ඇන තියාගෙන සිටී. හන්තානේ පරිසරයට ප්‍රධාන ගැටලුවකි, වියළි සමයේ දී තණබිම් ගිනි තැබීම. අවට ප්‍රදේශවාසීහු තම ගව සහ එළු රංචුවලට අවශ්‍ය ලා තණ ලබා ගැනීමට වනය ගිනි තබති.
ගමන තරමක් දුෂ්කර ය. ඒ බෑවුම දැඩි වන නිසා ය. කඳු මුදුනේ පිහිටා ඇත්තේ රූපවාහිනී ඇන්ටෙනා කුලුනයි. ඒ වෙත දිවෙන අඩි පාර ඔස්සේ අපි ඉදිරියට ගමන් කළෙමු. රූපවාහිනි විකාශනාගාරයේ සේවක තරුණයෙක් ජල කෑන් එකක් රැගෙන පහළට එයි.
ඔහු අප හා සිනාසුණි. ජලය රැගෙන යාමට පැමිණි බව ඔහුගෙන් පැවසුණි. කඳු මුදුනට පිවිසෙන විට වේගවත් සුළඟ හමා යන්නේ අප ඉවතට වීසි කරන්නට තරම් බලවත් ආකාරයකිනි.
හාත්පස භූ විෂමතාව කඳු මුදුනට රමණීය අයුරින් දර්ශනය වේ. පේරාදෙණිය ප්‍රදේශය හරහා හරිත රුක් පෙළ අතරින් මහවැලි නදිය මතුව පෙනේ. අරණායක ප්‍රදේශයේ දොළොස්බාගේ කඳු ඇතුළු සබරගමු කඳුකරය ද මෙහි සිට අපූරුවට දැක බලාගත හැකි ය.
හන්තාන පුරාණ විහාරය
හන්තාන කන්දේ සුන්දරත්වය විඳි අප ඊළඟට ගමන් කළේ මහනුවර පිහිටි විහාරස්ථාන අතරින් ඉහළම උසකින් පිහිටා ඇති හන්තාන විහාරය වෙත ය. උඩුවෙල මාර්ගයේ යන්නේ නම් මහනුවර නගරයේ සිට විහාරයට දුර කි මී 10 ක් පමණ වේ.
කඳු වටකර ගත් තැනි බිමක පිහිටා ඇති හන්තාන විහාර භූමියට පිවිසෙන ඔබට මුලින් ම දැක ගැනීමට ලැබෙන්නේ් දාගැබ සහ විහාර මන්දිරයයි. ඒ අසලම පැරණි සංඝාරාම ගොඩනැගිල්ල ද පිහිටා තිබේ. වනවදුලින් ගහණ සහ කඳුවලින් වටවූ නිතර සුළං හමන මෙම වටපිටාව බවුන් වැඩීමට කදිම භූමියකි.
මෙම විහාරය මුලින්ම කරවා ඇත්තේ්ද ආරණ්‍යයක් වශයෙනි. එය හන්තාන ආරණ්‍යය නමින් හැඳින්විණි. වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් විවේකීව වැඩ සිටීමට පි‍්‍රය කළ ස්ථානයක් වශයෙන් මෙම ආරණ්‍ය සඳහන් වේ. මෙය මුලින්ම කරවා පූජා කර ඇත්තේ කහවත්තේ වනරතන හිමියන් බව පැවසේ.
1778 වර්ෂයේ ඇසළ පෝදා සරණංකර හිමියන් දන් වළඳා හන්තාන ආරණ්‍යය වෙත ගමන් කර වස් කාලය ගතකිරීමේ අදහසින් වැඩිය ද උන් වහන්සේට අසනීප ස්වභාවයක් ඇති විය. යළිත් ලැගුම් ගෙට වඩින අතර අපවත් වූහ.
සංඝරාජ හිමියන්ගෙන් පසු හන්තාන ආරණ්‍යයේ කුටි ගරා වැටී එය ජරාවාස වී යන්නට ඇති බව පෙනේ. ගරා වැටුණු ආරණ්‍යය යළිත් කටුකොහොල් හරවා විහාරස්ථානයක් බවට පත් කර ගල්බොඩ අදිකාරම විසින් සංඝාරාමයක් කරවා ඉඩමලුගොඩ ධම්මාරාම අනුනායක හිමියන්ට පූජා කළ බව පැවසේ. මෙහි විහාර මන්දිරයේ පසුකාලීන ඉදිකිරීමකි.
සංඝාවාසය මහනුවර යුගයට අයත් ගොඩනැගිල්ලකි. එය මැද මිදුලක් වටා දිවෙන කුටිවලින් සමන්විත ය. කවුළු තබා ඇත්තේ බිත්තියේ ඉහළ මට්ටමිනි. ඇතුළත පිහිටි දැව උළුවහු චන්ද්‍රවංකය සහිත ය.
මෙම ගොඩනැගිල්ල ද දිරාපත්වීම නිසා පසුකාලීන ප්‍රතිසංස්කරණවලට ලක්ව තිබෙන බව පෙනේ. දුෂ්කර ස්ථානයක පිහිටීම නිසා මහනුවරට පැමිණෙන වැඩි දෙනෙක් මෙම පුදබිම වෙත නොපැමිණෙති. එහෙත් එය දැකබලාගෙන සිත් පහන් කරගත යුතු ස්ථානයකි.

හන්තාන දෙසින් එන  මුදු සිත සුළං රැළි
හන්තාන දෙසින් එන
මුදු සිත සුළං රැළි
ඔබ තාම හොඳින්
හඳුනනවානම් මේ පහන ඔබේ
සුරතින් දැල්වූ
මම බොහොම ප්‍රෙව්ශම් කර ගන්නම්
සංසාර පුරුද්දටදෝ මන්දා

ගංගාව ශෝකයෙන් වැළපෙනවා
මංතාම මහාවැලි ගං ඉවුරේ
වැලිපාර දිගේ හවසට යනවා
තනිවි අද මා මේ වැව රවුමේ
දළදා පෙරහැර සිරි නරඹනවා

මහ සෙනඟ අතර ඔබ කොතැනකහෝ
එහි ඉඳිනු ඇතැයි නිකමට සිතිලා
මහ සෙනඟ අතර ඔබ කොතැනකහෝ
එහි ඉඳිනු ඇතැයි නිකමට සිතිලා..........
ගංගාව ශෝකයෙන් වැළපෙනවා
මංතාම මහාවැලි ගං ඉවුරේ
වැලිපාර දිගේ හවසට යනවා
තනිවි අද මා මේ වැව රවුමේ
දළදා පෙරහැර සිරි නරඹනවා





















සටහන්