Thursday, December 17, 2015


මිමුරේ ගමට අපි ගියා
සොබා දහමේ විශිෂ්ටත්වය විදහාපාන හැටි දැකගන්න
ශිතල මිදුම් සළු යටින් අතරින් යන විට හරිම සුන්දරයි ඔයාලත් ගිහිල්ලම බලන්න ඕන ඒක
2015.12.12














මිමුරේ ගමේදි අපට ආගන්තුක සත්කාරය, දිවා ආහාර සපයපු දයාබර නිවැසියන්, දරැසුරතල් සමග
















මීමුරේ සංචාරය 2015.12.12

කදිමයි, දුෂ්කරයි, කටුකයි

වරක් හෝ යායුතු ගමක්
හුන්නස්ගිරිය නගරයෙන් වමට හැරී නකල්ස් කදු පංතිය හරහා කි.මි.40 ක් වගේ දුරක් යායුතුයි ගමනට තෝරා ගන්නා වාහනය සහ රියදුරු ගැන සැලකිලිමත් වියයුතුයි

පාර පටුයි දුෂ්කරයි තැන තැන මේ දවස්වල පාර කොන්ක්‍රීට් කරනවා ඒ ගැනත් හොයල බලල යනවනම් යන්න

ගම්වැසියන් කිහිපදෙනෙකුගේ හමුවක් , සරල කෘෂිකාර්මික ජිවිත, ලොකු බරක් හිතේ නැහැ වගේ පෙනේනෙ
වැටවල් නැහැ, අපරාධ නැහැ සාමුහිකව ජීවිත ගත කරන ගමක් අතීතය සිංහල රාජ්‍ය අවදිය දක්වා දිවෙන ජනාවාසයක්